trueහ්ම්..හ්ම්…මොනවද කියන්නේ කියලා කල්පනා කලේ..හරි…මේක තමයි මං බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන 4 වෙනි උපසිරැසිය..ඒත් නිළ වශයෙන් අඩවියේ පළ වෙන පළමු උපසිරැසිය තමයි මේ ‘True memories of an international assassin’ එහෙමත් නැත්තම් තෙරෙන සිංහලෙන් කිව්වොත් ‘ජාත්යන්තර ඝාතකයෙකුගේ සෑබෑ මතක සටහන්’..කියන ෆිලුමට කර…
trueහ්ම්..හ්ම්…මොනවද කියන්නේ කියලා කල්පනා කලේ..හරි…මේක තමයි මං බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන 4 වෙනි උපසිරැසිය..ඒත් නිළ වශයෙන් අඩවියේ පළ වෙන පළමු උපසිරැසිය තමයි මේ ‘True memories of an international assassin’ එහෙමත් නැත්තම් තෙරෙන සිංහලෙන් කිව්වොත් ‘ජාත්යන්තර ඝාතකයෙකුගේ සෑබෑ මතක සටහන්’..කියන ෆිලුමට කරන සබ…ඒ හින්දා තමයි අඩවියේ ඉන්න කාටවත් මගේ නම ඒ තරම්ම හුරු නැත්තෙ.මම නම් මේකට නම දැම්මේ ‘හිත හොද මිනිමරුවා’ කියලා.ෆිල්ම් එක බලලා ඔයාලාම තීරණය කරන්න ඒක ගැලපෙනවද නැද්ද කියලා.
හැමදේටම කලින් මට මගේ ස්තූති කතාව කරලා ඉන්න වෙනවා.මොකද අද මන් මෙතන් ඉන්නේ එයලා හින්දයි.හැමෝටම කලින් මං ස්තූති කරලා ඉන්න ඕනේ බයිස්කෝප් එකේ ඇඩ්මින් මඩුල්ලට මට මේ අවස්ථාව ලබා දුන්නාට.ඒ වගේම තැන්ක්ස් කරලා ඉන්න ඕනේ මේ අපේ බ්ලැක් පැන්තර් හෙවත් අපේ ‘සමන් ප්‍රසාද්’ සහෝට .මොකද මං යවන මැසෙජ් වලට රෑ 1ට 3ට උනත් රිප්ලයි කරනවා.ඒකෙන්ම පේනවා ඇතිනේ එයාලා කොච්චර අඩවිය වෙනුවෙන් මහන්සි වෙනවද කියලා.එතකොට මට මේ ෆිල්ම් එක හොයලා දුන්න අයියටත්..’කාලේ කන්න එපා බන්..අනේ උබේ මහ ලොකු සමාජ මෙහෙවර’ කිය කිය මාව තවත් ධෛරයමත් කරපු මගේ යාලුවන්ටත්..එකි මෙකි නොකි හැමෝටම ස්තූති කරනවා.
කලින් කිව්වා වගේම මං මේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන 4 වෙනි උපසිරැසියයි.එතකොට මට තව සබ් 9ක් කරන්න තියෙනවා. මං හිතුවටවත් වඩා කාලය ඉක්මනට ගෙවිලා ගිහින්.ඉතුරුවාත් ඉකමනින්ම කරන්න පුලුවන් වේවා කියලා මං ප්රාර්ථනා කරනවා.( ෂුවර් නෑ ඉතින් )මේ මොනවද මේකා කියන්නේ කියලා ඔයාලා හිතනවා ඇති.බලමු තව කල්ප කාලාන්තරයකින් ඒවා අඩවියේ පළ වේවී.ඇත්තෙන්ම අද මේ විදියට ඉටු වෙන්නේ මගේ හිතේ තිබුණු ලොකූ හීනයක්.තව නම් කියන්න කතා බොහෝමයයි.ඒත් ඒවා ඕනේ නෑ…හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකෝ.
කතාවට නම දිලා තියෙන්නෙ..True Memories Of An International Assassin කියලයි.උඩ ඉතින් ලොකුවට බැනර් එක දාලා නැතුව ඇතැයි. මේක ලෝක සිනමා ප්රේක්ශක රසාස්වාදය වෙනුවෙන් නිකුත් කෙරුනේ 2016 නොවැම්බර් 11 වෙනිදයි.මේකේ ප්රධාන චරිතය එහෙමත් නැත්තම් පුංචි බබාගේ 🙂 චරිතෙට පණ පොවන්නේ Kevin James.ෆිල්ම් එක Action,Comedy විදියට වර්ග කරන්න පුලුවන්.ඇමරිකානු චිත්රපටියක් වුනාට ගොඩක් කොටස් රූප ගත කරලා තියෙන්නෙ වෙනිසියුලාවෙයි.IMDB අගය 6.9ක 7ක වගේ අගයක් අරං තියෙනවා.Box Office වාර්ථා බිද හෙලපු ෆිලුමක්..ඇස්තමේන්තු කරපු අගය විදියට ප්රකාශයට පත් කරලා තියෙන්නේ $40,000,000 ක මුදලක්.අධ්යක්ෂනය කරලා තියෙන්නෙ Jeff Waldlow.මේක ටිකක් අනික් සිනමාපට වලට වඩා හාත් පසින්ම වෙනස් කතාවක්.අන්න ඒක නිසයි මං මේකට සබ කරන්න හිතුවෙත්.අපි කතාව පැත්තට හැරෙමුකෝ.
මේකයි කතාව..අපේ ප්රධාන චරිතෙ අපි එයාට කියමු ‘සැමුවෙල්’ කියලා.මෙයා ඇත්තටම කිව්වොත් ‘ඔන්ලයි පොත්’ (PDF) රචකයෙක්.මෙයා ක්රියාදාම සිදුවීම් ගැන ප්රබන්ධ කතා ලියනවා.ඒත් මෙයා දුර දිග නොබලා ලෝකයේ හිටිය ඇත්ත මිනීමරුවෙක්ව අලලා මෙයාගේ තමන්ගේ කතා රචනා කරනවා.එත් මෙයාගේ පොත් ප්රකාශකයා ඒ කියන්නේ පොත ඉන්ටර්නෙට් එකට දාන publisher මේ කතාවට නම දානවා ජාත්යන්ථර ඝාතකයෙකුගෙ ඇත්ත මතක සටහන් කියලා.මේ නිසා හැමොම මේක ඇත්තම කතාවක් කියලා හිතාගෙන මේක මිලදී ගන්නවා.මෙන්න මේ අතරේ තමයි වෙනිසියුලාවෙ ගරිල්ලා සංවිධානයක් මොහුව පැහැර ගන්නේ . ඔවුන් හිතන්නේ මේ ලේඛකයා තමයි අර පොතේ කියවෙන ඝාතකයා කියලා.ඉතින් මේ සංවිධානය මෙයාව ගෙනියන්නේ ලෝකයේ භයානකම නගරය වෙන වෙනිසියුලාවේ තියෙන ‘කැරකස්’ කියන නගරයටයි.ඒ නගරයේ ඉන්න ප්රධාන නායකයෝ තුන්දෙනෙක් ඉන්නවා.
1 රටේ ජනාධිපති
2 රුසියාව සමග මත්ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරිකයෙක්
3 ඉහත දෙගොල්ලන්ටම විරුද්ධ ගරිල්ලා සංවිධානයේ නායකයා
ඉතින් ගරිල්ලා සංවිධානය මේ ලේඛකයාට බල කරනවා රටේ අසාධාරණ පාලනයක් ගෙනියන ජනාධිපතිව මරන්න කියලා.ඔහු එතනින් පැනලා ගිහින් පොලිසියට ඔක්කොම විස්තරේ කියනවා..මුලු රටේම පොලිස් පාලනය තියෙන්නෙ ජනාධිපතිගේ යටතේ නෙමෙයි අර ව්යාපාරිකයා යටතේ.ඉතින් ඔහු මේ ලේඛ්කයාට කියනවා ගරිල්ලා සංවිධානයේ ලොක්කාව මරන්න කියලා.ඔහුට මේ අතර මගදි තමන්ගේ උදව්වට DEA එකේ (මත් ද්රව්ය නිවාරණ අධිකාරිය)වැඩ කරන කෙල්ලෙක්ව හමු වෙනවා..එයා තමයි මෙයාගේ උදව්වට හෙවනැල්ල වගේ ඉන්නෙ.අන්තිමේට රටේ ජනාධිපති මෙයාව ගෙන්නලා කියනවා අර ව්යාපාරිකයාව මරන්න කියලා.කොයි තරම් අලකලංචියකටද මෙයා මුහුණ දෙන්නෙ කියලා ඔයාලාට තේරෙනවා ඇතිනේ..ඉතින් කතාවේ මොකක්ද ඇත්තටම වෙන්නෙ කියලා ඔයාලාම බලලා තීරණය කරන්න.සබ් එකේ නම් ලොකු ලොකු අඩු පාඩු තියෙනවා.තවම නවකයෙක්නේ…අනිවාරෙන්ම ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.
මම ගිහින් එන්නම්.සුභ දවසක්!!
Due to copyright issues, we do not provide any torrent links.
True.memoirs.of.an.international.assassin.2016..nf.webrip.x264
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,990 downloadsDownload True-Memoirs-of-an-International-Assassin-2016.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Maleesha-pathirana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මලීෂ පතිරණ
Subtitles
23 comments
devinda
lion heart
thanks machan sub ekata
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!චින්තක
එල එල කොල්ලෝ ඔය ගැම්මෙන් ම තව එකකට සබ දෙමු ... මේකේ ටොර්රෙන්ට් ලින්ක් එකත් දෙනවදෝ ....
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Udara Damith B/K
උපසිරැසියට බොහෝම ස්තුතියි...........
asitha
ela bro batta
Udara Damith B/K
මේකෙන් ඔයා නම ගහන්ඩ එකෙන් ගන්ඩ පුළුවන් RARBG
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sammika
sub eka yatin yanawa. eth udin English words watenawana page eka purama eka hada ganna kohomada plz kiyanna. Thanks
එල්.සී. දමැල්
අඩවියට පිළිගන්නව...
තවත් උපසිරසකින් හමුවෙමු!Dulanga
Thanks
Dasitha147
bohoma sthuthie saho obla siyalu denama me karana sewaya wenuwen. jaya
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
චරිත්
ස්තුතියි උපසිරැසියට.. ගූගල් ට්‍රාන්ස්ලේට් පාවිච්චි කරන්න එපා සහෝදරය.. ඒකේ තාම ගොඩක් වැරදි තියනව.
Sandheep
Thanx saho...
pavithra
sub aul ane......................................................
Waruna Pubudusinghe
Tnx bro
Tharindu Athukorala
තැන්ක්ස් බ්‍රෝ
Tharindu Athukorala
තැන්ක්ස්
අසිත
elama saho thanks
chinthaka.max4
thankx machan
Rukshan37
Ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mn 1st.....Ty malli....Gdk Pin.wish u all the best....