Oppees Chollan Varatte (2022) Sinhala Subtitles හලෝ හලෝ මේක මම කරන පලවෙනි සබ් එක.. ඉතින් මුලින්ම මං කරන්න තෝරගත්තේ ලස්සනම ලස්සන මලයාලම් කෙටි චිත්‍රපටයක්. මේ Short ෆිල්ම් එකේ නම තමයි “Oppees Chollan Varatte”. Colour Padam කියන සුපිරිම මලයාලම් කෙටි චිත්‍රපටය නිශ්පාදනය කරපු Blockbuster Films තමයි මේ…
Oppees Chollan Varatte (2022) Sinhala Subtitles
හලෝ හලෝ මේක මම කරන පලවෙනි සබ් එක.. ඉතින් මුලින්ම මං කරන්න තෝරගත්තේ ලස්සනම ලස්සන මලයාලම් කෙටි චිත්‍රපටයක්.
මේ Short ෆිල්ම් එකේ නම තමයි “Oppees Chollan Varatte”. Colour Padam කියන සුපිරිම මලයාලම් කෙටි චිත්‍රපටය නිශ්පාදනය කරපු Blockbuster Films තමයි මේ Short ෆිල්ම් එකත් නිශ්පාදනය කරන්නේ. මේ Short ෆිල්ම් එක YouTube වල හුඟක් කට්ටිය බලපු මලයාලම් Short ෆිල්ම් වලින් උඩින්ම තියෙන එකක්. මේක මේ වෙනකොට YouTube වල මිලියන 2.4ක් බලලා තියෙනවා.. එතකොට මේ Short ෆිල්ම් එකේ හුඟක් වීඩියෝ කෑලි WhatsApp ස්ටේටස් විදිහට ෂෙයාර් වෙලා තියෙනවා.
මේ Short ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා Rekha 2023 මලයාලම් චිත්‍රපටයේ ඉන්න Unni Lalu. ඊට අමතරව Deepa Thomas, Zhinz Shan, Jordi Poonjar වගේ ප්‍රවීන නලු නිලියන් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. එතකොට මේ ලස්සන Short ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය සහ කතාව ලියලා තියෙන්නේ Sooraj K R. කෙටි චිත්‍රපටයක් උනත් නලු නිලියන් නම් මේකට උපරිමයටත් වඩා සාධාරණයක් කරලා තියෙනවා. දෙයියන්ගේ රටේ ලස්සනම ලස්සන වටපිටාවක මේ චිත්‍රපටය රූගත කරල තියෙන නිසා නියම මලයාලම් ෆිල්ම් එකක ලස්සන මේ Short ෆිල්ම් එකේ නොඅඩුව තියෙනවා.
හරි එහෙනම් යමුද කතාව පැත්තට.. ඇන්ටෝ කියන්නේ රස්සාවක් හොයාගන්න බැරුව ලතවෙවී ඉන්න දුප්පත් තරුණයෙක්. ඉතිං අන්තිමට කොහොම හරි යාලුවෙක්ගෙ මාර්ගයෙන් මෙයා යනවා පොඩි රස්සාවක් කරන්න. රස්සාව තමයි ඇදට වැටිලා ඔත්පල වෙලා ඉන්න වයසක මනුස්සයෙක්ව බලාගන්න එක. ඔය අතරේ ඇන්ටෝට හම්බවෙනවා ඇලිස්. කවුද බොලේ මේ ඇලිස්….? ඇලිස් කියන්නෙ කවුද කියලා දැනගන්න මේ ලස්සන Short ෆිල්ම් එක බලන්නම වෙනවා.
මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. කාලයක් තිස්සේ ගොඩක් ආසාවෙන් හිටියේ උපසිරැසි නිර්මාණකරණයට බහින්න. ඉතිං ඹයලා හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන විනාඩි 37 බලන්න කියලා. තවත් මලයාලම් උපසිරැසියකින්ම හමුබවෙමු.
එහෙනම් හැමෝටම ජයවේවා !!
Oppees Chollan Varatte (2022) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
Oppees Chollan Varatte | Short Film | 4K | Unni Lalu | Deepa Thomas | Sooraj KR
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා පමණක් අදාළ වේ.
2,722 downloadsDownload Oppees-Chollan-Varatte-2022-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Oppees Chollan Varatte (2022) Sinhala SubtitlesSubtitles by
දේශික ජයන්ත
Subtitles
- #Oppees Chollan Varatte
- #Oppees Chollan Varatte (2022)
- #Oppees Chollan Varatte (2022) Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දේශික ජයන්ත
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Kantha_DLA
එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් දේශික සහෝ.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
ජය! ✌Buddhika Lakmal
පළමුවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ...
ඔන්න එහෙනං ගත්තා...
..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..තවත් මලයාලම් උපසිරැසි කරුවෙක්.සන්තෝෂයි
මගේ උණුසුම් සුභ පැතුම්. ලබන වසරේ සේරම
මලයාලම් චිත්‍රපට සිංහලයට ගනිමු.
BANDULA KTharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි දේශික සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!