හෙලේනා! ඇය තමයි අපේ මේ විද්‍යා ප්‍රබන්ධයේ කතා නායිකාව වෙන්නේ.මැය ජීවත්වෙන්නේ(ඇය හිතන විදියට) පෘථිවියෙන් එපිට තියෙන ‘සුරපුර’ නමින් හඳුන්වන තැනකට යන අභ්‍යවකාශ යානයක.ඇය මේ යානයේ තනියම තමයි ඉන්නේ.ඇයගේ දෙමවුපියනුත් ඇය එක්ක ගමනාන්තයට යනකල්ම එකතුවෙන්න නියමිතව තිබුනත් පසුව ඒ දේ වෙනස් වුනා.දැන් එයා තනියම යා…

හෙලේනා! ඇය තමයි අපේ මේ විද්‍යා ප්‍රබන්ධයේ කතා නායිකාව වෙන්නේ.මැය ජීවත්වෙන්නේ(ඇය හිතන විදියට) පෘථිවියෙන් එපිට තියෙන ‘සුරපුර’ නමින් හඳුන්වන තැනකට යන අභ්‍යවකාශ යානයක.ඇය මේ යානයේ තනියම තමයි ඉන්නේ.ඇයගේ දෙමවුපියනුත් ඇය එක්ක ගමනාන්තයට යනකල්ම එකතුවෙන්න නියමිතව තිබුනත් පසුව ඒ දේ වෙනස් වුනා.දැන් එයා තනියම යානයට වෙලා ගමනාන්තය ළඟා වෙනකල් ඉන්නවා.ඇයගේ තනියට මිනිස්සු කවුරුවත් නැති වුනත් ඇයට හැමදේකටම සහය වන කෘතිම බුද්ධියක් නම් ඉන්නවා.මේ කෘතිම බුද්ධිය තමයි හැමදාම හෙලේනා ව ඇහැරවන්නේ.ඉන්පස්සේ එයා ඒ කිව්වේ කෘතිම බුද්ධිය හෙලේනාට මතක් කරනවා,එයා මේ ගමනේ කීවෙනි දවසද පසුකරන්නේ කියන එක.ඒ වගේම හෙලේනාගේ ජෛව ක්‍රියා පරික්ෂා කිරීමත් එයා සිද්දකරනවා.
ඔය විදියට එකම පටිපාටියකට දේවල් සිද්දවෙද්දී එක දවසක් මේ යානයට අමුත්තෙක් එනවා.ඇත්තටම මෙහෙම කෙනෙක් එන බව හෙලේනා කලින් දැනගෙන හිටියා.හැබැයි ඒ හරියටම කවුද කියලා එයා දැනගෙන හිටියේ නෑ .මෙයා එන්නේ යානයේ යම් දෝෂයක් හරිගස්සවන්න.හෙලේනා පසුව දැනගන්න විදියට මෙයාගේ නම ඇලෙක්ස්.එයාගේ නම විතරක් නෙවෙයි,හෙලේනා ගොඩක් දේවල් පස්සේ මෙයාගෙන් දැනගන්නවා.එයාට දැනගන්න ලැබෙනවා තමන් මේ තරම් කාලයක් විශ්වාස කරපු, ‘ඇය හිතපු’ ගොඩක් දේවල් බොරු කියලා.එයින් එකක් තමයි ඇය අභ්‍යවකාශ යානයක ඉන්නවා කියන එක.ඇත්තටම ඇය ඉන්නේ සමාකෘතියක.ඒ කිව්වේ අභ්‍යවකාශ ගමන් යන්න කලින් ගමන අත්හදා බලන්න ගමන යද්දී ඇතිවෙන තත්ත්වයන්ම දීලා පර්යේෂණයන් සඳහා හදාගන්න කුටීරයක්.මේ දේ වගේම තවත් ගොඩක් දේවල් හෙලේනා ඇලෙක්ස්ගෙන් දැනගන්නවා.ඇත්තටම හෙලේනා ඉන්න මේ සමාකෘතිය මොකක්ද? ඇයව මේ විදියට රවටලා තියෙන්නේ කවුද? ඒ මොකක් වෙනුවෙන් ද? එතකොට හෙලේනාගේ දෙමවුපියෝ ඉන්නේ කොහෙද? කලින් කිව්ව විදියට හෙලේනා ඇලෙක්ස්ගෙන් දැනගන්නේ මොනවද? ඇලෙක්ස් මේ දේවලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇලෙක්ස්-හෙලේනා දෙන්නගේ සම්බන්ධය ඉස්සරහට මොනවගේ දෙයක් වෙයි ද? මේ කියන දේවල් ඔස්සේ තමයි ෆිලුමේ ඉදිරිය පෙලගැහෙන්නේ.
ඔන්න මම මේ පාර තෝරගත්තේ ස්පාඤ්ඤ විද්‍යා ප්‍රබන්ධයක්.මේක අයිතිවෙන්නේ Drama, Romance, Sci-Fi කියන ගණයන් ට. වාර්තා වල විදියට මේක යුරෝ මිලියන 4ක වියදමක් දරලා හදපු චිත්‍රපටියක්.ඒ වගේම මේක Santa Barbara International Film Festival සහ Brussels International Festival of Fantasy Film (BIFFF) කියන මේ වසරේ පවත්වපු සම්මාන රාත්‍රී න් වලට නිර්දේශ වෙලත් තියෙනවා.විද්‍යා ප්‍රබන්ධයකට උපසිරැසි කරන්න ඕනේ කියලා හිතාගෙන හිටියත් වෙන් කරගන්න පුළුවන් වුන ඉංග්‍රීසි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියත් මගේ හිතට ඒ හැටි ඇල්ලුව නැති නිසා ඒක කරන අදහස අත ඇරියා.ඒ අතර තමයි මේ ෆිලුම දැක්කේ.ස්පාඤ්ඤ ෆිලුම් වලට ඇල්මක් දක්වන අයටත්,විද්‍යා ප්‍රබන්ධ බලන අයටත්,භාෂාව මොකක් වුනත් ඕනෙම හොඳ උසස් තත්ත්වයේ ෆිලුමක් බලන අයටත් මේ ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා! ඒ වගේම අවසාන වශයෙන් මතක් කරනවා උපසිරැසිය ගැන ඔයාලගේ ප්‍රතිචාරය ත් ගොඩක් වටිනවා කියන එක.
එහෙමනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
5,507 downloadsDownload Orbita-9-2017.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
21 comments
sumed
Soori
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට....
කිව්වත් වගේ භාෂාව මොකක් වුනත්, විද්‍යා ප්‍රබන්ධ කැටගරියට මාත් කැමතියි....
ඔහොම යං...ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Nirodhauthpala
Thx for sub digatama demu obata jaya bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..
Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
බොහොම ස්තුතියි ..........
.............
නියමයි.................අනුරාධ
උපසිරස නැ 404 වැටෙනවා
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
elama saho thanks
jaan
tnx bro
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!සිසිල ප්‍රසාද්
බොහොම ස්තුතියි, සහෝ.
ජය!Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!දමිත්
ස්තුතියි තරිඳු රසාංග සහෝ සබට.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru deshan
thank bro
Tharanga
Thanx saho
smsp senanayake
Thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!