ඔන්න එහෙනම් මම සිව් වැනි උපසිරසත් අරගෙන ආවා. මේ කතාව දේශපාලකයෙක් විසින් මෙහෙයවන පුද්ගලික විද්‍යාලයකින් තමාටත් අනිත් පුද්ගලයන්ටත් සිදුවන අසාධාරනයට එරෙහිව සටන් වදින ශිෂ්‍යයෙකු වටා ගෙතුන හොද කතාවක්. 2017 වර්ෂයේ ජූලි මස 14 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද Drama, Romance යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම I…

ඔන්න එහෙනම් මම සිව් වැනි උපසිරසත් අරගෙන ආවා. මේ කතාව දේශපාලකයෙක් විසින් මෙහෙයවන පුද්ගලික විද්‍යාලයකින් තමාටත් අනිත් පුද්ගලයන්ටත් සිදුවන අසාධාරනයට එරෙහිව සටන් වදින ශිෂ්‍යයෙකු වටා ගෙතුන හොද කතාවක්. 2017 වර්ෂයේ ජූලි මස 14 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද Drama, Romance යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 6.0 ක අගයකින් සමන්විත වෙනවා.”ජීවා “ගෙ චරිතය “අශ්වින් ” නිරූපනය කරයි.ඔහු විසින් මෑත කාලයේ රගපෑ සිනමා කිහිපයක් නම් Mankatha (2011), Biriyani (2013), Megha (2014), Zero (2015), Chennai 600028 II (2016). “ස්වාතී “ගෙ “ස්වාති රෙඩ්ඩි” නිරූපනය කරන අතර ඇය රග පෑ සිනමා කිහිපයක් නම් Kanimozhi (2010), Mirapakaay (2011), Kandireega (2011), Poraali (2011), Amen (2013), Swamy Ra Ra (2013), Vadacurry (2014), Karthikeya (2014), Yatchan (2015), Tripura (2015)
කතාව දෙසට හැරෙමු ,සාමකමි පවුලක්,තාත්තා පාසැල් ගුරුවරයෙක් ජීවා අධ්‍යාපනය අවසන් කර රැකියාවක් අපේක්ෂාවෙන් යහලුවන් සමග කාලය ගත කරමින් සිටී.දිනක් යහලුවන් සමග සම්මුඛ පරීක්ෂණයක් සදහා යහලුවන් සමග යමින් සිටියදි ඔවුන්ගේ යතුරු පැදිය කාර් එකක හැප්පෙනවා.වාහනයෙන් බැස ගත් තරුණයා ජීවාට නරක ලෙස බැන වදිනවා.පසුව ජීවා ඔහුට පහර දෙනවා.නමුත් ඔහු පසුව දකිනවා එම පුද්ගලයාගෙ බිරිද එය දකින බව.ජීවා ඔහුගෙන් සමාව ඉල්ලා පිටත්ව යනවා.දිනක් ජිවාගේ තාත්තා හමුවීමට පැමිණෙන ඔහුගේ යහලුවෙක් ඉඩමක ආරවුලක් ගැන කතා කරනවා.පසුව ජිවාගේ තාත්තත් ඔහුගේ යහලුවත් නීතිඥවරයෙකු හමුවීමට පැමිණනවා.එතනට පැමිණෙන දේශපාලකයා නීතිඥවරයාටද ඔවුන්ටද තර්ජනය කරනවා.
ටික දිනකට පසු තාත්තාගේ ඉල්ලීම පරිදි ජීවා කොලේජ් එකට පැමිණ අධ්‍යාපන සහතිකයක් අරගන්නවා.ඒත් පසුව ඔහු දකිනවා ඉහලම රෑන්ක් එකක් ගත්ත තමාගේ සහතිකයේ හැසිරීම නරකයි කියා සදහන් කරල තියෙනවා.ඒ පිලිබද විමසීමට විදුහල්පතිවරයා හමුවට යන අවස්ථාවේ ඔහු දැනගන්නවා ඒකට හේතුව තමා පාරෙදි පහර දුන් පුද්ගලයා එම විද්‍යාලය අයිති දේශපාලකයාගේ පුතා බව.මෙතනදී ගැටුමක් ඇතිවෙනවා.මේ ගැටුමත් එක්ක ආරම්භ වන ප්‍රශ්න වලින් ජය ගන්නෙ දේශපාලකයාද ? නැතිනම් ජිවා ඇතුලු යහලුවන් පිරිසද ?
කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.
8,289 downloadsDownload Thiri-2017.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
17 comments
Kantha_DLA
dil
godak pin saho..
Naveen Lakshan NL
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!Kaushan_P_Herath
සබට තෑන්ක්ස් මචන්.ටැමිල් නම් මිස් කරන් බෑනේ
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Sohan Jayasooriya
මේක අපේ රා.. ලොක්කට පෙන්නුව නම් හොදා..හෙහ්.. එල එලම සහෝ ස්තූතියි සබ් එකට අද කාලෙට ගැලපෙන කතාවක්.. දිගටම සබ් දෙන්න
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharuka priyadarshana
Thanks saho sub ekata....
D.Chamara
bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
Devinda
Ty Malli...Gdk Pin....
කවී ❣️
තෑන්ක්ස් සහෝ එලම...
Udaya Fernando
Thanks Dhananjaya
malith
Ela ela
dimuthu lakmal
Elama.thanks
Advertisement

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිළ චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.