Watch Trailer

Oru Kidayin Karunai Manu (2017) Sinhala Subtitles | එළු නාම්බෙකුගේ කාරුණික පෙත්සම [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම පසුගිය 21 වෙනිදා සිදුවු මිලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා වාසි හා විදේශීය ජාතික සියළු දෙනා හට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එවැනි ඉරනමකට යලිත් ලක්මව ලක්නොවේවායි ප්‍රාර්ථනා කරන ගමන් තවත් උපසිරසියක් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන…

මුලින්ම පසුගිය 21 වෙනිදා සිදුවු මිලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා වාසි හා විදේශීය ජාතික සියළු දෙනා හට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එවැනි ඉරනමකට යලිත් ලක්මව ලක්නොවේවායි ප්‍රාර්ථනා කරන ගමන් තවත් උපසිරසියක් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකට.

සම්මත සිනමා ප්‍රමිති රටාවට වෙනස් ආකාරයෙන් දිගහැරෙන Oru Kidayin Karunaai Manu (OKKM) ඉතාමත්ම ලස්සන කථාවක්. මිනිසුන්ගේ ප්‍රශ්ණ වලට අහක ඉන්න සතෙක් පලිද..? නැත්තම් ඒ ප්‍රශ්ණ වලට හේතුව අහක ඉන්න සතෙක්ද..? ඒ වගේ බලනකොට මිනිසුන්ගේ ප්‍රශ්න වලට එළුවෙක් කොහොම ප්‍රථිචාර දක්වයිද කියලා හිතන්නද පුළුවන්ද..?ඕවගේ ප්‍රශ්ණ රාශියක් එක්ක ගෙතී යන ලස්සනම ලස්සනම කථාවක් තමයි අද ඔයාල වෙනුවෙන් දෙන්න යන්නේ..

මෙහි අධ්යක්ෂවරයා කිසිදු සමාජයේ කිසිදු පාර්ශවයක් නොගෙන සමාජ ගැටලුවක් ගැන කතා කිරීමට හෝ චිත්රපටය හරහා පණිවිඩයක් ලබාදීමට උත්සාහ කර නැත. යම්කිසි තත්වයකට මිනිසුන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඒක සංකීර්ණ තත්වයක් වූ විට එයට සාමාජිකයින් කිහිපදෙනෙකු ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න හා ජනතාවගේ ජීවිතයෙන් ආදරයෙන් පෙන්වීමට සිය උපරිම උත්සාහය දරා ඇත.? මෙම කරුණු OKKM චිත්‍රපටෙයේ පදනම වේ.

කාණ්ඩය : Drama
අධ්‍යක්ෂණය : Suresh Sangaiah
රංගන ශිල්පීන් : Vidharth , Raveena Ravi
කථාව රචනය : Suresh Sangaiah
ධාවන කාලය : 116 minutes
තිරගත කල දිනය : 2 June 2017
සංගීතය : R. Raghuram
IMDB අගය : 7.7/10

මරණයට ගෙන යන එළුවෙක් හා ඒ අවාසනාවට වූ ගම්වැසියන් පිරිසක් වටා මුලුමනින් ම කථාව ගෙතී ඇත. කථාව ගැන පොඩි හැදින්වීමක් කරොත්, රාමමූරතී හා සීතා දෙදෙනා අළුත් මනාලයා හා මනමාලිය වන අතර, රාපමූරති හට කසාදයක් කරදීමට පෙර ඒ සදහා ඔහුගේ ආච්චි විසින් භාරයක් වී ඇති අතර, එය ඔප්පු කිරීමට ඔවුන් ඇතුළුව ගම් වැසියන් සියළු දෙනා අල්ලපු ගමෙහි ඇති කෝවිල වෙත යෑමට අදහස් කරයි. අළුත් මනමාල යුවල ඇතුළුව ගම් වැසියන් සියළු දෙනා ලොරි රථයකින් භාරය ඔප්පු කිරීමට උදෑසනම ගමින් පිටත් වී යයි. භාරය වී ඇත්තේ විවාහය සිදු වෙනතුරු එළුනාම්බෙක් හදා භාරය ඉටු වූ පසු එම එළු නාම්බව කෝවිලේදී බිලි දීමයි.ඉතින් මේ අය මේ එළුවාද සමගින් කෝවිල වෙත යන්නේ එළුවා බිලිදුන් පසු එළු මස් බත් කෑමේ ආශාවද සමගිනි.

ඒ සදහා ඔවුන්ගේ ගමෙහි හොදම කෝකියාවද රැගෙන යයි. කොහෙමෙින් හරි එළු මස් කන්න හිතාගෙන භාරය ඔප්පු කරන්නට යන සියළු දෙනාටම සිදු වන්නේ නොසිතූ විරූ ඉරණමකට මුහුණ පාන්නයි..ගමේ මිනිසුන්ගේ එකමුතුකම, විපතක් වූ විට එයට මුහුණ දෙන අයුරු මින් ඉදිරියට මනා අයුරින් දැකගත හැක..අවසානයේ එළුවෙකු නිසා මේ ගමටත් සිදුවන කරදරය නරඔන්න ඔයාලට ආරාධනා කරන ගමන් තවත් උපසිරසියකින් හමු වෙන ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි..

විශේෂයෙන් ස්තූතියිවන්ත වෙනව මාහට සහය ලබාදුන් උචිත අරෝෂන් සොයුරාටත්……

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.

2,200 downloadsDownload Oru-Kidayin-Karunai-Manu-2017.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

2,200 downloadsDownload Subtitles66 KB

18 comments

  1. Ammamage

    Maru

  2. malithmadhushan45

    adee saman ayiye maru ahh

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Sadunew

    Elama machan. Thank you bn Sub ekata.

  5. Samadi

    සබ් එක ගැලපෙන් නෑ නේ....

  6. nish47

    thanks saho

  7. isuru srinath sjs

    Thanks මචන්,

  8. Pathmila_kushantha94

    මොනවද බන් සබ් එක ගැලපෙන්නේ නෑනේ දීලා තියන කොපියට. කරන වැඩෙනුත් වැඩක් නෑ එහෙම වෙනකොට!

  9. wajira

    Thanks for sub

  10. Priyantha Dayakeerthi

    සමන් කුමාර සොයුර,
    ඔබේ වෙහෙසින් නිමවූ සිංහල උපසිරසියට ස්තුතියි!

  11. Udaya Saman

    මා උපසිරසිය ලබාදුන්නේ oru-kidayin-karunai-manu-2017 - HDRip පිටපත සදහා, ඒත් ඒක Proper HDRip රිප් එක තමයි ඩවුන්ලෝඩ් එකේ දාල තියෙන්නේ..සමාවෙන්න, ඒක හදල දේවි..

    1. akila999

      glapen nane bn.. eka hdanna ba pissu natanawa

  12. ඔෂද ධනංජය

    thanx sahoo

  13. කවිනු වීරක්කොඩි

    හැමෝගෙන්ම වහන් වුණු මේ වගේ මැණික් කැට හැමතැනම තියෙනවා.. ඒවා හොයාගන්න එක තමා අමාරු!! ජය වේවා.. ටිකක් පරණ වුණාට මොකෝ?! මේ වගේ චිත්‍රපටිවලටම උපසිරැසි දෙන්න සමන් අයියේ..! ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු. දැන්ම බලන්න හදන්නේ..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  16. බොබී

    මේවට සබ්දෙන්න කවුරුහරි නොහිටියොත්, අපි හැමදාම සයිෆයි, ඇක්ෂන්, හොරර්, රොමෑන්ටික් ලෝකෙක කොටුවෙනවා. අළුත් විදියට කතාවකට සබ් දුන්නට තුති, සහෝ.

  17. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    වෙනස්ම එකක් වගේ...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!