මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Kursk (2018) අවාසනාවට සත්‍ය කතාවක්….. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවි…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Kursk (2018) අවාසනාවට සත්‍ය කතාවක්….. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ ජපාන සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 7.3ක් rotten Tomatoes වර්ගීකරනයේ 74%ක් එක්කම ලෝකෙ වටේම සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 9ක් සහ තවත් නිර්දේශවීම් 4ක් ලබාගත්තු සුපිරිම ජපාන ෆිල්ම් එකක්. කෙටියෙම්ම කිව්වොත් මිනිත්තු 144ක් පුරාවට ඉහලට ගත්තු හුස්ම ආපහු පහලට දාන්න අමතක කරවන විශිෂ්ටතම සිනමා සිත්තමක්. මේ ෆිල්ම් එකේ සබ් එක කරන්න පටන් ගත්තේ හරියටම මීට අවුරුද්දකට විතර කලිනුයි ඒත් එක්තරා හේතුවක් නිසා මේ සබ් එක හදන එක මගින් නතර කරල දැම්මා. ඒත් මේ වගේ විශිෂ්ට සිනමා නිර්මාණයකට එහෙම කරන එක අසාධාරණ නිසා ලැබුන අවුරුදු නිවාඩුවෙදි කොහොම හරි මේකෙ වැඩත් ඉවර කලා. මේ විශිෂ්ට සිනමා සිත්තමේ කතාව කියන එක හරිම අමාරු වැඩක්. වාසනාවන්තයෝ නරඹත්වා කියලා තමයි කියන්න වෙන්නෙ.

ඔබත් මාත් යුද්ධ කතා තියෙන සිනමා සිත්තම් ඕනෙ තරම් නරඹලා ඇති. ඒ හැම එකකම හිටියෙ වීරයෝ. ඒත් මේක තවත් එක සුපිරි වීරයෙකුගේ කතාවක් නං නෙමෙයි. ඔව්… රාජකීය ජපාන නාවික හමුදාවෙ ප්ලැටූන් සාජන්ට් මියාබේ කියුසුසුට හැමෝම කිව්වේ බයගුල්ලා කියලයි. ජපාන රාජකීය නාවික ගුවන් ප්‍රහාරක බලඇණියේ හිටපු ලැජ්ජාව කියලයි. ඒත් කිසිම විවාදයක් නැතුවම ප්ලැටූන් සාජන්ට් මියාබේ කියුසුසු කියන්නේ නාවික ගුවන් ප්‍රහාරක ඒකකයේ හිටපු අති දක්ශතම ප්‍රහාරක යානා නියමුවා. වෙන කිසිම නියමුවෙකුට ප්ලැටූන් සාජන්ට් තුමාගෙ ඒ හැකියාවට ලන් වෙන්නවත් පුලුවන් කමක් තිබුනෙ නෑ… ඔව්…. මරාගෙන මැරෙන කමිකාසේ ප්‍රහාරකයෙක් විදියට මරාගෙන මැරෙන මෙහෙයුමකින් සතුරන් විනාශ කරගෙන රට වෙනුවෙන් දිවිපුදපු තමුන්ගෙ සීයා ගැන හොයන්න ගියාම ප්ලැටූන් සාජන්ට් මියාබේ කියුසුසු ගැන එයාගෙ මුනුපුරාට හැමෝම කිව්වෙ ඔය කතාවමයි. ඒක වෙන්න පුලුවන් දෙයක්ද….? මරාගෙන මැරෙන කමිකාසේ ප්‍රහාරකයෙක් විදියට රට වෙනුවෙන් දිවි පුදපු ප්ලැටූන් සාජන්ට් මියාබේ කියුසුසු බයගුල්ලෙක් වෙන්නෙ කොහොමද…? ඒ තීරණය ඔබටම බාරයි…. මිනිත්තු 144ක් පුරාවටම ඔබට ඉහලට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන, ඔබේ දෑස් කදුලින් තෙත් කරවන අති විශිෂ්ටතම ජපාන සිනමා සිත්තමක් රසවිඳින්නයි මේ ආරාධනය.

” ආදරයේ අවසන් ගීතය ගායනා කරමින්….
මගේ හදවතේ ආලෝකය නිවී යාවි….
මම මට ඇති එකම ජීවිතය පූජා කරන්නෙමි….
සුබ ගමන් මා මිතුරානෙනි….
ඉතින් මම අවසන් නින්දට වැටෙන්නෙමි….
නිල් අහස් කුස දරා ගත නොහැකි ශෝකයෙන් වැලපේවි….
තුරු අතරින් වැටෙන හිරු රැස් හදවත රිදවාවි….
ගිම්හානය උදා වූ කලෙක අද වැනි දිනෙක….
සුළග සිවුරුහන් නගමින් හමා යන විට….
මගේ දෑසේ නැගෙන කදුලු බිඳු මම සගවා ගන්නෙමි….
සිනහවක් මුවේ රන්දා ගනිමින් මම ඔබෙන් සමුගන්නෙමි….
නැවත කවදා කොතැනකදී හෝ ඔබව නැවත මුණගැහෙන්නට පොරොන්දු වන්නෙමි….
තවත් කුමකට මා බලා බලා හිදින්නෙමිද….
ආත්මය පමනක් ආපසු එවමින් මම නික්ම යන්නෙමි….
අදුරේ රගදෙන කණාමැදිරියන්ගෙන් පාර අසාගෙන….
කෙලෙසකින් හෝ මම ඔබ සොයාන එන්නෙමි….
කවදා හෝ යලි ඉපදුනු විටෙක….
මම ආයෙම වතාවක් ඔබ හා ආදරයෙන් බැදෙන්නෙමි….
මා හට ලැබුන ජීවිතය ගිනි දලු වලින් දැවී අලු වී යන විට….
මගේ දෑසේ නැගෙන කදුලු බිඳු මම සගවා ගන්නෙමි….
සිනහවක් මුවේ රන්දා ගනිමින් මම ඔබෙන් සමුගන්නෙමි….
කවදා හෝ අපගේ සිහින සැබෑ වන ලෝකයක් වෙනුවෙන්….
මම දෙවියන් යදින්නෙමි…. “

මේ සිනමා සිත්තම ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි විදියේ එකක් නිසා. ඒ නිසා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක රසවිඳින්න.

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. ඒ වගේම සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

ඔබට ජය….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,301 downloadsDownload The-Eternal-Zero-2013.zip107 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

3,301 downloadsDownload Subtitles107 KB

36 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
    ජය වේවා.!

  2. කවිනු වීරක්කොඩි

    Thnkq!

  3. pvkushantha

    Great work. Thanks a lot.

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. malithmadhushan45

    උපසිරසට තුති සහෝ ජපන් එකක් නම් බලනවා අනිවා

  6. podda

    thanks!!!1

  7. Asanke

    Thanks for sub

  8. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  9. sanjeewakbg

    thanks bro..

  10. Chanu mikhail

    Thanks bro,
    Jaya.....!!!

  11. Tharaka

    THANKS.............

  12. gysandamal

    thank you very much ayye !!!!

  13. nish47

    thanks mchn

  14. Hasitha Madush

    හසිත සහෝ මාත් හසිත මධුෂාන් ම තමයි..සබ් එකට thanks මචං

    1. හසිත මධුෂාන්

      කවද හරි ලෝකෙ වෙනස් කරන නමක් තමයි ඈ...
      " හසිත මධුෂාන් "

  15. Ruk96

    Godak sthuthi machan mewage sathya kathama dennna

  16. AsithaDilruwan

    ela saho thanks

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
    හසිතගේ උපසිරැසි ගුණාත්මක අතින් බොහොම ඉහලයි.
    The Baader Meinhof Complex (2008) , Max Manus: Man of War (2008) දෙකෙන් ඒ බව හොඳටම දැක්කා.
    ජයෙන් ජය.

    1. හසිත මධුෂාන්

      The Baader meinhof complex සබ් එක හදන්න මාස ගානක් සෑහෙන්නම මහන්සි උනා සහෝ.

  18. හසිත මධුෂාන්

    සබ් එක බාගෙන හොරෙන්ම මාරු නොවී සබ් එක හදන්න උන මහන්සිය වෙනුවෙන් එක වචනෙකින් හරි ස්තූතියි කියලා යන්න තරම් කෘතවේදී උන හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි....!

  19. Udaya Saman

    හසිත අයියේ ඔයාගේ උපසිරසි ඒව අනිවා බලනවා.මොකද ඔයා දෙන ඒව පට්ටම ඒව නිසා..මේකත් ගත්ත ඔන්න..උපසිරසියට ස්තූති කරන්නවත් වෙලාවක් සමහර වෙලාවටනම්. ඒකටනම් සමාවෙන්න.ඒත් හැමදාම ඔයාගේ උපසිරසි එක්ක ඉන්න කොල්ලෙක් හොදද..නියමයි..ඔබට ජය..

  20. Shadow125

    A very nice movie . commented after watch it & tnx for the sub.. :)

    1. sugandha

      පට්ටම ෆිලුමක්.....

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  23. Anushka Sanjuna

    thank u mchan

  24. Lakshan.menuka

    thanks mccn

    1. Hiranhiru

      ගොඩක් ස්තුතියි උපසිරැසියට...
      ක්ර්ක්ස් පිලුමට උපසිරැසි දුන්නු එක නම් තවමත් වටිනවා මට. කාලයක් බලන් හිටිය පිලුමක් කවුරුවත් සබ් දෙනකම්..
      මේකත් සුපිරියක් කියලා හිතෙනවා.
      ජයවේවා...!
      තෙරුවන් සරණයි....!

  25. eranda weerasinghe

    supiriyak. jayawewa

  26. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  27. Ish

    Thank you

  28. RuwanLakshan93

    බොහොම ස්තූතියි සහෝ....

  29. Chulender kasun

    Thanks

  30. kites

    thank you!

  31. avishka360

    Thanks

  32. නිමේෂ් කාවින්ද

    දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් නිර්මාණය වුණු චිත්‍රපට ගැන හොයන්න google එකේ කරක් ගහද්දියි මට මේ ෆිලුම හම්බවුණේ . Ratings ප්‍රශස්ථ මට්ටමක තියෙන නිසා බාගත්තා . චිත්‍රපටය වගේමයි ඔයාගේ උපසිරැසිය ත් . වචනයේ පරිසමාප්තියෙන්ම සුවිශිෂ්ට යි . ඇතැම් ජපන් වචන සදහා කෙටි පැහැදිලි කිරීම් යොදපු එක ගොඩක් හොදයි . ඉදිරියටත් බයිස්කෝප් පවුල සමග රැදිලා උපසිරැසි නිර්මාණය කරන්න . මම හදවතින්ම ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා !!!!