Watch Trailer

Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සමාව දීම දේව ගතියක් [සිංහල උපසිරැසි සමඟ]

කතාවෙ ප්‍රධාන චරිතය එහෙමත් නැත්තං කතානායකයා වෙන්නෙ කුමාර් කියලා තරුණයෙක්. පටන්ගැන්මෙදිම කුමාර් එක්තරා ලිපිනයක් හොයාගෙන එනවා. කුමාර්ට ඒ ලිපිනයට යන විදිහ කියන්නෙ එක පොලිස් නිළධාරියෙක්, කොහොමහරි පහුවදා උදේ පොලිසියට ගිහින් ඒ පොලිස් නිළධාරියටම පිහියක් දීල තමන් මිනීමැරුමක් කරා කියලා කුමාර් පොලිසියට භාරවෙ…

කතාවෙ ප්‍රධාන චරිතය එහෙමත් නැත්තං කතානායකයා වෙන්නෙ කුමාර් කියලා තරුණයෙක්. පටන්ගැන්මෙදිම කුමාර් එක්තරා ලිපිනයක් හොයාගෙන එනවා. කුමාර්ට ඒ ලිපිනයට යන විදිහ කියන්නෙ එක පොලිස් නිළධාරියෙක්, කොහොමහරි පහුවදා උදේ පොලිසියට ගිහින් ඒ පොලිස් නිළධාරියටම පිහියක් දීල තමන් මිනීමැරුමක් කරා කියලා කුමාර් පොලිසියට භාරවෙනවා. කුමාර් ජීවත්වෙන්නෙ මැඩ්‍රාස් වල මුඩුක්කු ගෙදරක, එයාගෙ රස්සාව නගර සභාවෙ කුණු එකතු කරන එක..හැම තරුණයෙක්ම වගේ කුමාර්ගෙත් ආසාව කසාදයක් බැඳල ලස්සන පවුල් ජීවිතයක් ගත කරන එක. ඒත් යම් යම් හේතු නිසා බලන්න යන කිසිම මනමාලියෙක් හරියන්නෙ නැතුව කුමාර්ගෙ කසාදෙ පරක්කු වෙලා තියෙනවා. හැබැයි එක දවසක් මේ විදිහට බලන්න යන පූන්ගොඩි කියන ගෑණු ළමයාට කුමාර් කැමති වෙනවා, පූන්ගොඩිත් කුමාර්ට කැමති වෙනවා..හැබැයි කුමාර්ගෙ රස්සාව ගැන පූන්ගොඩිට බොරු කියල තමයි කසාදෙ කරවන්නේ. ඊට පස්සෙ ඉතින් කුමාරුයි පූන්ගොඩියි සතුටින් ජීවත් වෙනවා.

හැබැයි ඉතින් එහෙම ඉන්නෙ ටික කාලයයි..ඊට පස්සෙ තමයි කුමාර් මිනීමැරුමක් හින්දා පොලිසියට භාරවෙන්නෙ. ඒකට හේතුවෙච්ච කතාව ඔයාලා චිත්‍රපටිය බලලම දැනගන්න, එහෙම නැතිව ඔක්කොම මෙහෙම කිව්වොත් බලන එකෙනුත් ඇති වැඩක් නැතිවෙනවානේ. ඒ නිසා අරගෙනම බලන එක හොඳයි..

මේක 2018 වසරේ මැයි මාසෙ නිකුත් වුන Drama කාණ්ඩයට වැටෙන ටිකක් දුක හිතෙන කතාවක් තියෙන දමිළ චිත්‍රපටියක්. Dinesh, Manisha Yadav, Yogi Babu කියන නළු නිළියො තමයි ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙන්නෙ. වැඩි කතාබහට ලක්වෙච්ච චිත්‍රපටියක් නොවුණත් IMDB මීටරේ 6.4 ක අගයක් ගන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Kaali Rangasamy කියන අධ්‍යක්ෂකවරයා. අඩුපාඩු ඇත්නම්, ඒවා ඉතින් එච්චර ගණන් ගන්න එපා.

නැවත හමුවෙමු ජයවේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

3,411 downloadsDownload Oru-Kuppai-Kathai-2018.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

ධනුෂ්ක ආරියරත්න

Subtitles

3,411 downloadsDownload Subtitles42 KB

22 comments

  1. kavinuweerakkody

    බොහොම ස්තූතියි!!

  2. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahoooo sub ekata...

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. maikee

    thakoyou bro sub ekata.

  5. Lalani Maduwanthi

    Godaaak thanks,,,,god bless you

  6. snak

    thanks sub ekata jayawewa

  7. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  8. Shehan putha

    thanks bro

  9. prasakr

    thank you

  10. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  11. Hemantha De Silva

    ස්තුතියි ධනුෂ්ත.....

  12. Ranasinghe_charuni

    ස්තූතියි ධනුෂ්ක

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. D.Chamara

    bohoma sthuthi sahooo

  15. mega silva

    thanks...........///

  16. Lalani Maduwanthi

    Hadawatha kampanayata path una,,,,tx

  17. maikee

    ස්තුතියි bro සබ් එකට

  18. Tharaka Nuwan Dilhara

    ස්තුතියි සහෝ උපසිරැසියට
    දිගටම උපසිරැසි අරන් එමු
    බලන්න ඉන්න ගොඩට දාගන්නවා
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා
    ජයෙන් ජය!!!!

  19. gayanmagee

    thanks

  20. N_R

    Thanks.

  21. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා..
    කවුරු හරි ගේනකල් ඉඳලා බලන්නෝන.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  22. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!