සුභ දවසක් වේවා හැමෝටම. මේ වෙද්දී අපේ ජිවිත අඩාල කරමින් ඔබ මම පීඩා විඳින මේ වසංගත තත්වය මගේ රටින් ඉක්මනින් තුරන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන අතරම, ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන සෑම ක්ෂේත්‍රයකම විරුවන්ට මේ ව්‍යසනයෙන් අපේ රට ගොඩ ගන්න අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා කියලා මුලින්ම මං ප්‍රාර්ථනා කරනවා. ම…

සුභ දවසක් වේවා හැමෝටම. මේ වෙද්දී අපේ ජිවිත අඩාල කරමින් ඔබ මම පීඩා විඳින මේ වසංගත තත්වය මගේ රටින් ඉක්මනින් තුරන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන අතරම, ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන සෑම ක්ෂේත්‍රයකම විරුවන්ට මේ ව්‍යසනයෙන් අපේ රට ගොඩ ගන්න අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා කියලා මුලින්ම මං ප්‍රාර්ථනා කරනවා.
මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Oru Kuparshida Payyan (2018) මලයාලම් සිනමා නිර්මාණයට. පැය 2 මිනිත්තු 25 පුරාවට දිවෙන මෙම නිර්මාණය Drama/Thriller කාණ්ඩ යටතේ වර්ග උන 7.1/10 ඉහල IMDb අගයක් සහ 89% ක ගූගල් පරිශීලක අගයක් ලබා ගන්න මෙම නිර්මාණය සමත් වෙලා තියෙනවා. 2019 නොවැම්බර් 09 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ සිනමා නිර්මාණය Madhupal ගේ අධ්‍යක්ෂණයක්. නවකතා රචකයෙක් වෙන Jeevan Job Thomas ගේ තිර රචනා කරන ලද මේ නිර්මාණයේ Ouseppachan ගේ අතින් සංගීතවත් උන ලස්සන ගීත 04 ක් අඩංගු වෙනවා.
Tovino Thomas – අජයන් ලෙස
Nimisha Sajayan – නීතිඥ හැනා එලිසබෙත් ලෙස
Anu Sithara – ජල්ජා ලෙස
Siddique – භාරතන් ලෙස
Dileesh Pothan – ආචාර්ය සුරේෂ් බාබු ලෙස
Saranya Ponvannan – චෙම්බග අම්මල් ලෙස
Shwetha Menon – ඩොක්ටර් රේණුකා සුබ්‍රමනියම් ලෙස
Alencier Ley Lopez – භාෂ්කරන් ලෙස
Nedumudi Venu – නීතිඥ සන්තෝෂ් නාරායනන් ලෙස
Sreelakshmi – ශිලා ලෙස
Maala Parvathi – අජයන්ගේ පුංචි අම්මා ලෙස
Sujith Shankar – CI සයිමන් ජෝර්ජ් ලෙස
Siby Thomas as – CI ප්‍රවීන් කුමාර් ලෙස
Balu Varghese – ජිනේෂ් ලෙස
Sridevika – නීතිඥ අනුරාධා ශ්‍රිධර් ලෙස
G. Suresh Kumar විනිසුරු ජයදේවන් ලෙස
ඇතුළු නළු නිලියන් බොහෝ පිරිසක් මේ නිර්මාණය වෙනුවෙන් දායක වෙලා තියෙනවා. මේ සිනමා නිර්මාණයේ නීතිඥ හැනා එලිසබෙත් ලෙස රංගනයෙන් දායක උන Nimisha Sajayan, මේ සිනමා නිර්මාණය වෙනුවෙන් 49 වන Kerala State Film Awards හිදී Best Actress සම්මානයෙන් පිදුම් ලැබුවා.
කතාව ගැන පොඩ්ඩක් කියනව නම් අජයන් (Tovino Thomas) කියන්නේ කාත්කවුරුත් නැති අහිංසක, බයාදු කමෙන් ජිවත් වෙන කොල්ලෙක්. රස්සාවක් විදියට කරන්නේ හොටලේක අත් උදව් දෙන එක. අජයන් වැඩ කරන හෝටලේට ඉඩ්ලි හදන්නේ චෙම්බකාම්මල් (Saranya Ponvannan), ඒවා දිනපතා හෝටලේට අරන් එන්නේ අජයන්. ඒ හින්ද චෙම්බකම්මල් එක්ක අජයන්ගේ ලොකු හිතවත්කමක් තියෙනවා. අජයන් ඇයව දකින්නේ තමන්ගේ අම්ම තරම් ආදරේ පිරුන කෙනෙක් විදිය. ඒත් එක දවසක් නොසිතු විදියට කවුරු හරි කෙනෙක් චෙම්බකම්මල්ව කපල කොටලා ඝාතනය කරනවා. ප්‍රාදේශීය පොලිසියෙන් මිනිමරුවව හොයන්න උත්සහ කරත් ඒ උත්සාහය නිෂ්ඵල වීම හින්ද ඒක අපරාධ අංශයට භාර කරනවා. අවසානෙදි අපරාධ අංශයෙන් විමර්ශනය කරලා අජයන්ව මිනීමැරුමට සැකපිට අත්අඩංගුවට ගන්නවා. මේ බයාදු කමෙන් ජිවත් වෙන අජයන් ඇත්තටම මිනී මැරුවද? නැත්නම් ඇත්තටම කවුද ඒක කරේ? වැඩි විස්තර කිව්වොත් බලන එකේ තේරුමක් නෑනේ. ඒ හින්ද ඒක බලලම දැන ගන්න.
මේ දවස් ටිකේ නිවාඩු පාඩුවේ ඉන්න ගමන් මේ නිර්මාණයත් රස විඳින්න කියලා ඔයාල හැමෝටම මං අරාධනා කරනවා.
Stay Home – Stay Safe

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
8,759 downloadsDownload Oru-Kuprasidha-Payyan-2018.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
18 comments
kolitha4
gihan perera
ස්තුතියි සහොදරී වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා.....
Hemantha De Silva
ස්තුතියි රේණුකා...
කල්ගිය මගඇරුණු මලයාමක්...
ස්තුතියි - නිරෝගී වේවා..,!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ..
ජය වේවා.!Prabodha20
Sthuthi obata
Bandara
Thanks Renu Sister
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ... !!
renuka subashini thanks sinhala sube ekata jayawewa..
Navoda
Thanks sis sub ekata. Me naluwagema Maradona (2018) film ekatath sub dennako..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
මයුර
ඊයේ තමා බලන්න හම්බවුණේ.
ෆිලුම් එක නම් සුපර්බ්.
සිංහල සබ් එක නොතිබුණා නම් මෙහෙම එකක් තියෙනවද දන්නෙත් නෑ. තාම නොබලපු අය අනිවා බලන්න.
සබ් එකත් සුපිරිම නංගි.
ජය පතනවා තව තවත් මලයාලම් ගේන්න.ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Kumara De Silva
Thanks dear
sisira munasinghe
thanks soyuriya oyata. digatama sub denna bs
යුරාන් ධනුක (දනුවා)
Thank you Sis
Gihan
Thanks For Subtitles....Good Luck
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx sis...