ආයුබෝවන් යාලුවනේ කාර්යය බහුල අවස්ථාවක් කොරෝනා වසංගතය නිසා ලැබුණ නිවාඩුවෙන් ඔයගොල්ලෝ වෙනුවෙන් තවත් දමිළ චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන එන්න තීරණය කළා. 2020 පෙබරවාරි මාස 28 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Drama ගණයට අයත් පැය 2 කුත් විනාඩි 27ක් පුරා දිවෙන සමාජයේ තවත් අසාධාරණ පැතිකඩක් වෙනුවෙන් පෙනී සිටිමින්…

ආයුබෝවන් යාලුවනේ කාර්යය බහුල අවස්ථාවක් කොරෝනා වසංගතය නිසා ලැබුණ නිවාඩුවෙන් ඔයගොල්ලෝ වෙනුවෙන් තවත් දමිළ චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන එන්න තීරණය කළා. 2020 පෙබරවාරි මාස 28 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Drama ගණයට අයත් පැය 2 කුත් විනාඩි 27ක් පුරා දිවෙන සමාජයේ තවත් අසාධාරණ පැතිකඩක් වෙනුවෙන් පෙනී සිටිමින් එයට එරෙහිව සටන් කරන කීප දෙනෙක් ගැන කියැවෙන චිත්‍රපටයක්. Richard Rishi මෙහි ප්‍රධාන චරිතයෙන් දායක වෙනවා. අවුරුදු 3 කට පසුව Karunas ද මෙහි චරිත නිරූපනය කරනවා.
කතාව දෙසට ටිකක් හැරුණාම ප්‍රභාකරන් කියන්නෙ විලිපුරම් ගමේ සටන් මාස්ටර් කෙනෙක් විදියට ඉන්න ඔහුගේ බිරිද ද්‍රව්පති ගමේ හැමදේටම ඉදිරිපත්වෙන ගමේ මොන අසාධාරණය වුණත් එයට එරෙහිව කතා කරන කෙනෙක්. ද්‍රව්පතිගේ බාප්පා ගමේ පංචායතනයේ ප්‍රධානියෙක් විදියට කටයුතු කරනවා. නගරයෙන් ආපු නීතිඥවරුන් දෙපලක් ගමේ මුරුගේශන් නැමැත්තෙක්ගෙන් ඉඩමක් බද්දට ගෙන බිම හාරා වතුර බෝතල් කරන ව්‍යාපාරයක් කරගෙන යනවා. මෙය ආරංචි වුන ද්‍රව්පති හා බාප්පා පංචායතනට මුරුගේශන් කැදවලා ප්‍රශ්න කරනවා.
මෙතනට පැණෙන නීතිඥවරුන් දෙපල එම වතුර බෝතල් කරල විකුණන ව්‍යාපාරය කරන්න අවශ්‍ය කරන ලියකියවිලි තිබෙන බව පෙන්නුවත් ද්‍රව්පතිගේ බාප්පා ඔවුන්ට ගමේ නීතියට යටත් වෙන්න බැරිනම් දුටු තැන පහර දෙන බවටත් තර්ජනය කරමින් ගමෙන් පන්නා ගන්නවා. මෙයට උරන වන නීතිඥවරුන් දෙදෙනා ද්‍රව්පතිගේ බාප්පාගෙන් පළිගන්න තීරණය කරනවා. ඔවුන් බාප්පගෙ දුව මගින් ඔහුගෙන් පළිගන්න හිතාගෙන දුවට ව්‍යාජ ආදරයක් කරල එයාව විවාහ කරගන්න තරුණයෙක්ව යොදවනවා. පසුව නීතිඥවරුන් දෙදෙනා ව්‍යාජ විවාහ ලියාපදිංචි සහතිකයක් සාදා ද්‍රව්පතිගේ බාප්පාට පෙන්නලා ඔහුට සියදිවි හානිකරගන්න තැනට කටයුතු සිද්ද කරනවා. එතනින් නවතින්නෙ නැති නීතිඥ වරුන් දෙදෙනා ද්‍රව්පතිටත් ප්‍රභාකර්ටත් තර්ජනය කර ගමේ බීම සමාගමකට ඉඩමක් ලියාදෙන්න කියල ඉල්ලනවා. මෙයට එකග නොවුන නිසා ප්‍රභාකර් වෙනතකට යොමු කරලා ද්‍රව්පතිවත් ලක්ෂ්මීවත් ඝාතනය කරනවා. මේ ඝාතන වලට වැරදිකරු ලෙස ප්‍රභාකර් හිරේට නියම වෙනවා. මාස 6 කට පසු ඇප පිට එළියට පැමිණෙන ප්‍රභාකර් මේ තුන් ඝාතනයේ සැක කරුවන් හොයාගෙන යන්න පටන් ගන්නවා. ඒ අතරම තවත් පැතිකඩක් ප්‍රභාකර් හොයාගන්නවා. අපි ඒකත් චිත්‍රපටය බලලම හොයාගමු.
තෙරුවන් සරණයි !
කොරානා වලින් මුළු ලෝකයම සුවපත් වෙත්වා !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
5,693 downloadsDownload Draupathi-2020.zip101 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
11 comments
Achi
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Udaya Saman
නියමයි මචං.එලම.බොහොම තුති උපසිරසියට ....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!isuru srinath sjs
බොහොම ස්තුතියි මචං..
malithmadhushan45
බොහොම ස්තුතියි අයියේ සබ ඒකට
Anonymous
macho fillm eka ganna link ekak ewapanko
Kolitha4
Thanx bro ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මිලින්ද ප්‍රියලාල්
♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි♻️
◼️◼️◼️ඔෂදධ ධනංජය◼️◼️◼️ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Advertisement
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට