සති කිහිපයක නිහැඬියාවකින් පස්සේ තවත් අලුත් මලයාලම් ෆිලුමක් අපේ බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා.මේක Action Thriller ප්‍රභේද ඔස්සේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.මේක ටිකක් වෙනස් ෆිලුමක්.රැඩිකල් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මේකේ තියෙන්නේ මීට අවුරුදු 40කට විතර කලින් ඉන්දියාවේ…
සති කිහිපයක නිහැඬියාවකින් පස්සේ තවත් අලුත් මලයාලම් ෆිලුමක් අපේ බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා.මේක Action Thriller ප්‍රභේද ඔස්සේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.මේක ටිකක් වෙනස් ෆිලුමක්.රැඩිකල් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මේකේ තියෙන්නේ මීට අවුරුදු 40කට විතර කලින් ඉන්දියාවේ සිද්දවුන සිද්දියක් ගැන.ඒ කියන්නේ පරණ පසුබිමක් තමයි ෆිලුමේ තියෙන්නේ.ඒ නිසා ඒ වගේ චිත්‍රපටි බලන්න කැමති අය මේක අරගෙන බලන්න කියලා මුලින්ම කියනවා!
ෆිලුමේ තියෙන්නේ මහාරාජා කියන කොලීජියේ සිද්දවෙන කතාවක් ගැන.මේකේ තියෙන ශිෂ්‍ය සංගමය හුඟ කාලයක් තිස්සේ පාලනය වෙලා තියෙන්නේ KSQ කියන පක්ෂයට පක්ෂපාතී අය විසින්.ඔවුන්ගේ පාලනය ඒ තරම් හොඳ පාලනයක් නෙවෙයි.තමන්ගේ බලය පෙන්නලා,මැරකම් වලින් තමයි ඔවුන් පාලනය ගෙනියන්නේ.ඔවුන්ට විරුද්ධ වෙන හැමෝටම තමන්ගේ මැර බලය යොදවන්න මොවුන් කටයුතු කරනවා.ඒ වගේම කොලීජිය නියෝජනය කරමින් තරඟ වලට පෙනී හිටින්න ලැබෙන්නේ මේ පක්ෂයට පක්ෂපාතී අයට විතරයි.ඉතින් මේ ඒකාධිපති පාලනයට විරුද්ධව SFY කියලා සමාජවාදී පක්ෂයක් හදලා,තමන්ගේ බලය කොලීජියේ පිහිටුවන්න තරුණයෝ කිහිප දෙනෙක් කටයුතු කරනවා.ඒ අයගෙන් ප්‍රධාන වෙන්නේ සුභාෂ්,පෝල් කියන දෙන්නා.මේ අය තමන්ගේ ජීවිතත් පරදුවට තියලා යුක්තිය වෙනුවෙන් සටන් කරනවා.ඒ අය තමන්ගේ බලය මේ කොලීජියේ පිහිටුවන්නේ කොහොමද කියලා තමයි ෆිලුමේ තියෙන්නේ.
ටික දවසකින් පස්සේ ආපු පලවෙනි මලයාලම් ෆිලුම හින්දා මේකේ සබ කරන්න දෙපාරක් නොහිතාම භාරගත්තා.මේකේ තියෙන්නේ ටිකක් වෙනස් කතාවක්.ඒ හින්දා හැම දෙනාම මේකට කැමති වෙයිද කියලා නම් සැකයි.කලින් කිව්වා වගේ මේ වගේ ෆිලුමක් බලන්න කැමති අය මේක බාගෙන බලන්න කියලා ආයෙත් මතක් කරනවා.ලිපිය අවසන් කරන්න කලින් තවත් දෙයක් කියන්න ඕනේ.උපසිරැසි ඉල්ලීම් කිහිපයක්ම පහුගිය දවස් ටිකේ ආවා.ඉඩක් ලැබෙන විදියට ඒවගෙන් පුළුවන් ඒවා කරන්න උත්සාහ කරනවා.මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි,හොඳ උපසිරැසියක් නිර්මාණය වෙන්න නම් අදාල ෆිලුම ගැන උපසිරැසිය නිර්මාණය කරන උපසිරැසිකරුවාගේ පොඩි හරි කැමැත්තක් තියෙන්න ඕනේ.එහෙම නැත්නම් ෆිලුමේ උපසිරැසියට සාධාරණයක් වෙයි කියලා හිතන්න අමාරුයි.මේ දේවලුත් එක්ක ලැබෙන ඉල්ලීම් වලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරනවා.
ඉතින්,තවත් සුන්දර මලයාලම් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Oru Mexican Aparatha (2017) Malayalam DVDRip x264 700MB ESubs
Oru Mexican Aparatha (2017) Malayalam DVDRip x264 500MB ESubs
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,237 downloadsDownload Oru-Mexican-Aparatha-2017.zip146 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
14 comments
Kantha_DLA
mahesh babu
Thank's for sub bro......
Prithviraj sukumaran ge Anarkali , 7th day movie walata sub dennako
Jaya wewa!!!!nuwan viraj
Sab ekata bohoma sthuthi. femail fight club / allycats movis walata sab denta puluwanda
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Kulanjana Maduranga
niayamai…malayalam filumak nm athrin na...balanawama thama...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kumara
බොහෝම ස්තූතියි උපසිරැසියට...... අපි වෙනුවෙන් දිගටම උපසිරසි ලබාදෙන්න කාල වේලාව ලැබේවා....
Niram Suresh
මලයාලම් ෆිල්ම් එකක් නැතුව වේලි වේලි හිටියේ ...
SPD
උඹ නම් මාර පොරක් මචන්. මේ ෆිලුමට නම් සිංහල සබක් ඒවි කියලා හිතුවෙම නෑ. මට මතක විදියට මේකේ ලයින් 2500කට ආසන්න ගානක් තිබුන. ඒ නිසා සබ කරනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්නේ. ඒ නිසා ඉංග්‍රීසි සබත් එක්කම බලලා දැම්මා. ගොඩක් ඉන්දියන් college films ඉතින් fantasy ලෝකයක්නේ. ඒ අතින් ගත්තාම මේක පට්ටම ෆිලුමක්. බොහොම ස්තුතියි සහෝ සබට. ජයවේවා..!
Induwara Disaanayake
patta film eka mcn. thanx a lot.
Chalana
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hemal
Mewane Films
Supiri saho
Digatama mewage ewata sub denna
jaya wewaසුදේශ් මදුසංක
බොහොම ස්තුතියි සබ් එකට.
අනේ පුළුවන්නම් 1971: Beyond Borders(2017) කියන ෆිලුමට සිංහල උපසිරසියක් දෙන්නකෝ.
බුදුසරණයි...!Tharu
අම්මොහ් තැන්ක්ස් බන්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.