Watch Trailer

Buried (2010) Sinhala Subtitles | ඔබව පණපිටින් වල දැම්මොත්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා, මේකටත් මම අන්තිමට දීපු Taxi Driver එකේ වගේම බයිස්කොප් එකේ ලිපියක් විතරයි තිබුනෙ.ඉතින් මම කැමතිම විදියෙ Survival(නොමැරී සිටීම) කාණ්ඩයට අයත් වෙන ෆිල්ම් එකක් නිසා උපසිරසි නිර්මාණය කරන්න ඕන කියලා හිතුවා.මෙච්චර කාලයක් මේකට කවුරුවත් උපසිරසි නොකර…

 

ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා, මේකටත් මම අන්තිමට දීපු Taxi Driver එකේ වගේම බයිස්කොප් එකේ ලිපියක් විතරයි තිබුනෙ.ඉතින් මම කැමතිම විදියෙ Survival(නොමැරී සිටීම) කාණ්ඩයට අයත් වෙන ෆිල්ම් එකක් නිසා උපසිරසි නිර්මාණය කරන්න ඕන කියලා හිතුවා.මෙච්චර කාලයක් මේකට කවුරුවත් උපසිරසි නොකරපු එක තමයි පුදුමෙ.

IMDB දර්ශකයේ 7.0ක සුපිරි අගයක් ලැබිලා තියෙන මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ අපි කවුරුත්ම දන්න Deadpool ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපෑ Ryan Reynolds.ඉතින් නලුවා ගැන මම අමුතුවෙන් මොකුත් කියන්න ඕන නැහැනෙ. මේ ෆිල්ම් එක සම්මාන 16කින් පිදුම් ලබලා තියෙනවා.මම වගේ අලුත් පරණ බේදයකින් තොරව සුපිරි ෆිල්ම් හොය හොය බලන අයට ෆිල්ම් එක රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

ෆිල්ම් එක ගැනනම් වචනයක්වත් මම කියන්න ඕන නැහැ,2011 දී “උදා” සහෝ ෆිල්ම් එක ගැන නියම ලිපියක් ලියලා තියෙනවා, මටත් මේක බලන්න හිතුනෙ ඒ ලිපිය කියෙව්වට පස්සෙ තමයි,ඔයාලත් ඒ ලිපිය කියවලා බලන්න.එහෙනම් ෆිල්ම් එක රසවිදිනවා වගේම කමේන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.  

 In To The Badland ටීවි සීරීස් එකේ තව එක එපියයි එන්න තියෙන්නෙ, ඒකෙන් පස්සෙ  තවත් මේ විදියෙ ගුණාත්මක සිනමා නිර්මාණයකට උපසිරසි අරගෙන මේ පැත්තට එන්නම්. ජය!!

උදා සොහොයුරා කලින් පල කරන ලද ලිපිය

මිනිස්සු මැරුණහම වළදාන්නෙ මිනී පෙට්ටියක දාලා. ඇතැම්විට පණපිටින් මිනිසුන් වළදාපු අවස්ථාත් ඉතිහාසයේ වාර්තාවෙනවා, හැබැයි ඒ අත්වැ‍රැදීම් වෙලා. සමහරවිට සර්ප දෂඨනයකින් සිහිමූර්ඡා වුණු අයෙක්, හදවත් ආබාධයන්ට ලක්වෙලා මූර්ඡාවුණු අයෙක් මේ විදිහට පණපිටින් වළදැමුණා. සමහරු මේ දුර්දාන්ත මරණයෙන් ගැළවීගන්නට තරම් වාසනාව ලැබුවේ, නිසි මොහොතේදී නැවතත් පියවි සිහි ලබපු නිසා. හැබැයි හැමෝටම ඒ වාසනාව හිමි නැහැ.

මමනං මුල්ම වතාවට පණපිටින් මිනිසෙකු වළදැමීමක් ගැන කියෙව්වේ රේ බ්‍රැඩ්බරි කියන කතාරචකයාගෙ කතාවකින්, ඒකත් චන්දන මෙන්ඩිස් මහතාගෙ පරිවර්තනයක්; “මතකද කෑ ගහන ගෑණි”: ඒකෙ තියෙන්නේ පණ පිටින් වළදාපු ගැහැණියක් පොළව යට වැළැලී හිඳිමින් ගී ගයනු ඇසී ඇගේ දිවි බේරාගැනීමට මගපෑදෙන සිද්ධියක්. හැබැයි මේක එහෙම නෙමෙයි. ත්‍රස්තවාදීන්ට අමානුෂිකත්වයේ සීමාවන් පවා බිඳහෙළමින් යා හැකි දුර කෙතරම්දැයි මොනවට කියාපාන කතාන්තරයක් මේ. කොන්රෝයි ඉරාකයේ ට්‍රක්-රථ රියැදුරෙක් ලෙස ජීවිකාවෙහි නිරතවන ඇමෙරිකානු ජාතිකයෙක්. දිනක් ඔහු අවදි වෙනවා. හැබැයි හීනෙකින්වත් නොහිතපු තැනක. මිනීපෙට්ටියක; පොළව යට. ඔහු ඇතුළු අනෙකුත් සගයන් භාණ්ඩ ප්‍රවාහනයක නිරත වෙමින් සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙලා අනෙකුත් සියලුම සගයන් ඉන් මියගිය බව ඔහුට මතකයි. හැබැයි ඉන් එහාට කිසිවක් ඔහු දන්නේ නෑ. දන්නේ තමා කොහේ හෝ තැනක පණපිටින් වළදමා ඇති බව පමණයි.

ඔහු පණ බේරා ගැනීමට නොදරන තැතක් නැහැ. ‘911’ විතරක් නෙවෙයි ‘FBI’ එකට පවා ඇමතුම් දෙමින් තමන් වැටී ඇති තත්ත්වය ගැන කියමින් උදව් ඉල්ලා සිටිනවා. ඔහුට මේ උදව් ලැබෙයිද? දිවිගළවා ගැනීමට හැකි වෙයිද? කාලය ඔහුට හරස්වෙයිද?

මේ සියලුම ප්‍රශ්න වලට උත්තර මේ සිනමාවේ අඩංගුයි. මේවාට විසඳුම් ඕනෑනම් මේක බලන්න වෙනවා. දෙපසට දෝළනය වෙමින් බොහොම කුතුහලාත්මකව නැරඹිය හැකි බවත් මෙවන් තත්ත්වයකට මුහුණ දෙන මිනිසෙකුගේ අසරණභාවය හොඳින් හුවා දැක්වීමට සමත් සිනමාවක් බවත් කිවයුතුමයි. ඕගොල්ලන්ට මතකද දන්නේ නෑ වතාවක් මම එක්තරා විශේෂත්වයකින් යුතු චිත්‍රපටයක් ඕගොල්ලන්ට දුන්නා, ‘Exam’ නමින්. මේ චිත්‍රපටයේත් එම විශේෂත්වයම අඩංගුවෙනවා, ඒනම් එකම එක පසුතලයක් පමණක් පදනම් කරගනිමින් මේ කතාව දිවයාම. එහෙනම් තවත් වරක් ඒ භාවිතය රසවිඳලා, ඉන් ඔබ විඳි රසය ගැනත් සඳහනක් කරන්න අමතක කරන්න එපා.

 

Buried (2010) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

Buried.2010.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

9,994 downloadsDownload Buried-2010.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

උදාර රාජපක්ෂ

Subtitles

9,994 downloadsDownload Subtitles39 KB

83 comments

  1. ns

    Adath Sinhala sub Nadda

  2. Alaya

    thank you wewaa royili bro..ada mama 2nd xD
    Onna baawaa

  3. භාග්‍ය

    ela ela thanks

  4. සුදු මහත්තයා

    එල එල. බාලම බලමු

  5. chamila

    balamu....

  6. Geeth Vindula

    Ela Mama meka Balala Thiyenawa Supiri :D

  7. chanaka

    adath holmanda polkola....

    math pettiyak athulata wela inna ona
    me loke innawata wediya eka hodaoi

  8. Dhana

    ELa ela

  9. Viraj

    Thank you!!!

  10. sUranga

    Mulu film akatma akama aka naluwai mobile phone
    aki witha ramai mobile phone aken katha karna aka thamai mulu film ake ma thiyenne.
    bana kattiya small size file aka banna
    aparade watina kalaya.

  11. Sameera

    නියමයි. මම බලල තිෙයනවා. අන්තිම ෙවනකම්ම කුතුහලය තිෙයන ෆිල්ම් ඒකක්.

  12. Anuruddha

    Thanks machan........

  13. kasun

    maru film ekak meka....anthima wenakan hithaganna ba...

  14. විකියා

    downloading........thnx uda

  15. විකියා

    අන්තිමට මෑන් බේරෙනවද?....මැරෙනවද?... :)

  16. Jayan Chamal

    ela ela ppattai thanks machan

  17. rokaa

    oye .... ada mama 1st

  18. blackcorde

    onna banawa balamu awrudu walata passe bana palaweni eka

  19. RaNdika

    mama meka beluva..mata nam hitenne vedak neti film ekak kiyala,kisi gathiyak nee :/ :/
    sorry venna onee mehema qwata

  20. Anonymous

    sub files ekkama me video files dvd format ekata convert karanne kohomada? machine eke balanna kammeli

  21. susantha

    thnx.......

  22. Ramraj

    balamu

  23. රාම්

    තාම බානවා.මේක නම් ආසා හිතෙන කතාවක් වගේ.

  24. aaa

    thanks

  25. Hemal

    මාත මෙක කලින් බලලා තියෙනව.අලුත් තේමාවකින් කරපු කතාවක්.මෙක බලද්දි තෙරුනා,මිනිස්සුන්ට චිත්‍රපටි හදන්න එක එක විදිහෙ අදහස් පහලවෙනවා කියලා.:D

    මට පෙන විදිහට මෙක වෙන්න ඇති අඩුම වියදමින් කරපු චිත්‍රපටිය.එක නලුවයි.:P

  26. chamila

    :(

  27. AL1717

    Mama Balapu Fims Walin Ma Holman Movie Ekak Meka

    Minihek Thamange Jeeveethe Reka Ganna Anthima Mohotha Wenakan Kocchara Loku Geme Ekak Denawasa kiyala me movie Eken Bala ganna puluwan.

    Thanks Machan Me kata
    Me Movie Eka OUt una Dawas Walama Bala Beluwa

    Jaya Wewaaaa

  28. 2D

    apoo meka banna epa.....

  29. uda

    දවස් ගාණකින් මේ පැත්තේ ආවේ. එන්න බැරි වුණාට සමාව!
    කමෙන්ට් කරන හැමෝටම ස්තුතියි ගොඩක්ම.

  30. Sha

    Patta machan :) Thankzzzzzzzzzz
    Onna damma List 1ta :D

  31. Nilanka

    Thanks macho film ekata.......

  32. Udaya සාලින්ද

    mama me film eke kalin beluwa... maxxa... duka hitenwa...

  33. දනුක බෙන්තරවිතාන

    සමාවෙන්න ඕනේ කලිං මේකට comment කරන්න බෑරි වුනු එක හෑන. මම හිතුවා මේක බලලම comment කරනවා කියලා. බලපු හොදම film එකක්. හරිම දුක හිතෙනවා. පුදුම දක්ශ director කෙනෙක් ,, වගේම නලුවෙක්. ඉතාමත් වෑඩියෙන් වියදම් කරලා වෑඩකට නෑති film හදනවට වඩා අඩු වියදමකින් මේ වගේ සුපිරි film එකක් හදපු එක ගෑන අපි පුදුම වෙන්න ඕනේ. අන්තිම මොහොත වෙනකම්ම film එක සිත් වලට හොදටම වදිනවා. කොච්චර රෑ බෑලුවත් නිදිමත නම් හෑදෙන්නේ නෑ. baiscope එකෙන් මෙච්චර කාලෙකට ආපු සුපිරිම film එක. බය නෑතුව වගකීමෙන් කියනවා මේ සුපිරි සිනමා පටිය බාගෙන රසවිදින්න කියලා. බාන්න ගන්න උත්සහය නම් කොහෙත්ම අපතෙ යන්නෙ නෑ. තවත් මේ වගෙ සුපිරි ලිපි baiscope එකට ඉදිරිපත් කරන්න කියලා මම සහෝගෙන් ඉල්ලා සිටිනවා. චිත්‍රපටියට බොහෝම ස්තූතියි!

  34. දනුක බෙන්තරවිතාන

    comments දාන අපිට මේ වගේ ප්‍රකාශ කරන එක හරිද?

  35. vishva yapa

    mat one bane dama,,,,oyalat dagana....

  36. Dilshan

    Tnx

  37. Suren n. Semage

    Pasuwa baami. :-)
    Thankx Saho.

  38. Uraj Deemantha

    බලමු බලමු :)

  39. narmi

    thank u වේවා

  40. Chamil

    Honda biscope 1k wage.......... Balama balamu

  41. lakshan

    maru film aka .......................

  42. DDDW

    මරේ මරු.සමහර සීන් වලදී නැකිට්ටේනවා.ඒතරම්ම කික් එකක් තියෙන්නේ.

  43. Shashi Fernando

    hapoo,

  44. indika

    සහොදරයා බොහොම ස්තුතියි .. එත් බයිස්කොප් සින්හලෙන් කියන හින්දා සින්හල සබ් එක්කම නේද දෙන්න ඔනේ. කරුනාකරලා සින්හල සබ් සමගින්ම දෙන්න...

  45. LUCAS

    මේකේ සින්හල උපසිරස නෑ නෙද?. කලින් ලිපියක් පලවෙල තියන නිසා කවුරුත් මේකට සින්හල උපසිරස දාන්න උනන්දු වෙන් නෑ කියල හිතුන. මේක නියම චිත්‍රපටියක්. පුලුවන්නම් මේකට උපසිරස දෙන්න. ඒ උපසිරස දුන්නාම එයගේ නමින් ලිපියක් දැම්මනම් හරි.
    ස්තුතියි...

  46. Praja

    suba nathiwa wadak na ban

  47. kawesha dissanayaka

    makata sinhala sub plz

  48. Niram Suresh

    මචං උබේ චිත්‍රපට තෝරාගැනීමේ අන්කොමන් රටාව නියමයි. දිගටම ඒ රිතියම පිළිපදින්න. ජය වේවා ...

  49. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    මේ type එකේ ෆිලුමක්නම් අතහරින්නේ නෑ..අනිවා බැලිල්ලක් තමයි!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  50. Randika

    බොහෝම ස්තූතියි සහෝ.. මම බලපු පට්ටම ෆල්ම් එකක් හා මේකට අඩුව තිබුනු සිංහල සබ් නිර්මානය කරපු ඔබට මගේ හදපිරි ස්තූතිය

Load more comments