Watch Trailer

Oru Nalla Naal Paarthu Soldren (2018) Sinhala Subtitles | හොඳ දවසක් බලලා කියන්නම්! [සිංහල උපසිරසි සමඟ]

යමසිංහපුරම් කියන්නේ හොරකම අවංකව කරලා ජීවත් වෙන මිනිසුන් පිරිසක් ඉන්න කුඩා ගම්මානයක්. මේ ගමේ ප්‍ර‍ධාන චාරිත්‍ර‍ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වයස 17 ට වැඩි හැමෝම හැමදාම පොලිසියේ අත්සනක් දාන්න ඕනේ. අනිත් එක තමයි සොරකමට යාමට කලින් බිරිඳගේ තැල්ල අරන් තමුන්ගේ කරේ දාගන්න ඕනේ. ඉතින් සුපුරුදු පරිදි මෙවර හො…

යමසිංහපුරම් කියන්නේ හොරකම අවංකව කරලා ජීවත් වෙන මිනිසුන් පිරිසක් ඉන්න කුඩා ගම්මානයක්. මේ ගමේ ප්‍ර‍ධාන චාරිත්‍ර‍ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වයස 17 ට වැඩි හැමෝම හැමදාම පොලිසියේ අත්සනක් දාන්න ඕනේ. අනිත් එක තමයි සොරකමට යාමට කලින් බිරිඳගේ තැල්ල අරන් තමුන්ගේ කරේ දාගන්න ඕනේ. ඉතින් සුපුරුදු පරිදි මෙවර හොරකමේ යන්නේ කවුද කියලා තෝරන්න යම දෙවියන් ගාව දේව කන්නලවුවක් කරනවා. ඒ අනුව මෙවර සාධාරණ විදියට හොරකමේ යන්න යම දෙවියන්ගේ ආශිර්වාදයෙන් තේරීපත්වෙන්නේ යෙමන් (විජය් සේදුපති) සමඟ පුරුෂෝත්තමා සහ නරසිම්මා යන දෙපළ. චාරිත්‍රානුකූලව නරසිම්මා සහ පුරුෂෝත්තමා තම බිරින්දෑවරුන්ගේ තැලි අරන් බෙල්ලේ දමා ගන්නවා. නමුත් සේදුපති බෙල්ලේ දාගන්නේ පිළිමයක තිබුණු තැල්ලක්. දැන් අපට ප්‍ර‍ශ්ණ දෙකක් මතු වෙනවා. පිට ගමකට හොරකමේ ගිහාම හැමදාම පොලිසියට ඇවිත් අත්සන් කරන්නේ කොහොමද? අනිත් එක සේදුපති ඇයි පිළිමෙක තිබ්බු තැල්ලක් අරන් බෙල්ලේ දාගත්තේ? මේ ප්‍ර‍ශ්ණ දෙකට පිළිතුර එක්තරා රහසක්. ඒ රහස තමයි….

ඔරු නල්ල නාල් පාත්තු සොල්රේන්. ඒ කිවුවේ හොඳ දවසක් බලලා කියන්නම් කියන එක.

ඉතින් යාළුවනේ ඔන්න සුපුරුදු පරිදි සේදුපතිගේ අළුත්ම කොමඩියට සුපිරි උපසිරසියක් අරන් මම ඔබ හමුවට ආවා. මුලින්ම සමාවෙන්න ඕන සතියක් පරක්කු වුණාට. කාර්ය බහුල වුණු නිසාම නෙවෙයි..මේක රිලීස් වුණ විත්තියක් මම දැන ගත්තේ දවස් හයක් ගියාට පස්සේ. මේක මහ අඤ්ඤකොරොස් කතාවක්. මහම මහ පිස්සු ආතල් එකක් කිවුවොත් නිවැරදියි. වික්‍ර‍ම් වේදා හිතේ තියාගෙන මේ ෆිලුම බලන්න ගිය කට්ටිය සේදුපතිට බලු බැනුම් බැන බැන ආවාලු. කාට කොහොම වුණත් මට නම් මේ ෆිලුම හිතට ඇල්ලුවා. ඉතින් ඒ නිසා බයිස්කෝප් එකට කතා කරලා උපසිරසිය වෙන්කර ගත්තා. කතාව තව පොඩ්ඩක් විස්තර කරන්නම්.

මෙහෙම හොරකමේ යන යෙමන් ඇතුළු තුන්කට්ටුවට මහ අරුම පුදුම ගෑල්ලමයෙක් හමුවෙනවා. වැඩේ කියන්නේ යෙමන් මේ කෙල්ලට ආදරේ කරන්න පටන් ගන්නවා. ඒ මදිවට ඒ කෙල්ල තමුන්ගේ බිරිඳ යැයි පවසමින් යෙමන් පිස්සු නටන්න පටන් ගන්නවා. අවසානේ හොරකම පැත්තක දාලා තුන් දෙනාම මේ කෙල්ල පස්සේ යන්න පටන් ගන්නවා. ඔය අතරේ මේ කෙල්ල වෙනත් කොල්ලෙක්ට (ගෞතම් කාර්තික්) ආදරේ කරන්න පටන් ගන්නවා. ගෞතම් කොල්ලත් මේ කෙල්ලට ලයින් එක දාගෙන කොහොමහරි ආදරේ ප්‍ර‍කාශ කරන්න කියලා ලෑස්තිවෙද්දිම…යෙමන් ඇතුළු කණ්ඩායම මැද්දට පැනලා ඒකිව පැහැරගෙන මහ කැලේ තියෙන යමසිංහපුරේට ඇන්න යනවා. මල ජංජාලයයි ! ඊට පස්සේ වෙච්චි අලකලංචිය මොකද්ද කියලා ඔයාලම බලන්නකෝ. හැබැයි දෙයක් කියන්නම්. ඔයාලා හිතන දේට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි ඊළඟට සිද්ධ වෙන්න යන්නේ.

පී ආරුමුගකුමාර් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍ර‍පටයේ සේදුපති එක්ක ගෞතම් කාර්තික්, ගයාත්‍රී, නිහාරිකා යන නළු නිළියන් ප්‍ර‍ධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. සේදුපතිගේ පෙර ෆිලුම් මෙන් අතිශය ජනප්‍රිය නොවුණත් තරමක සාර්ථකත්වයක් ලබා ගැනීමට මේ ෆිලුමට හැකිවී තිබෙනවා. සංගීතමය අතින් හෝ නාට්‍යමය අතින් හෝ පසුබිම් අතින් එතරම් ඉහළ මට්ටමක නොතිබුණත් සමස්ත වශයෙන් ප්‍රේක්ෂකයාට හොඳ රසාස්වාදයක් ලබාදීමට මේ ෆිලුම සමත් වෙනවා. කෙසේ වෙතත් විජය් සේදුපතිගේ තවත් නොදුටු වේෂ නිරූපණයක් අපට මෙහි දැකගැනීමට හැකියි. ඉතින්..මා ඔබට අනිවාර්ය කරන්නේ නැහැ. කැමැති අය ෆිලුම අරගෙන බලන්න !

තවත් උපසිරසියකින් හමුවෙන තුරු ජයවේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

7,301 downloadsDownload Oru-Nalla-Naal-Paarthu-Soldren-2018.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

7,301 downloadsDownload Subtitles75 KB

40 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. virajdanushka

    ela

  3. mihidumheshan123

    telugu film wala sub denna nadda dn biscope aken aluth awa avilla poddak blnna thanks sub

  4. RK

    superb broooooo..........

  5. kasun chathura

    bro..sub eka superb..athidhi teligu film eke sub eka dennako..plz..

  6. Sameera nuwan

    Tnq bro

  7. Pushpa Kumara

    thanks sub ekata

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. acthilake

    Thank you ඉන්ද්‍රජිත් උදය කුමාර

  10. Kaushan Herath

    සින්දු වලටත් සබ් කරානම් තමයි සුපිරි බ්‍රෝ.එනිවේ සබට තෑන්ක්ස්

  11. RDGamage96

    Mahanubhavudu , Pandaga Chesko , Vunnadhi Okate zindagi , Mannar vagaiyara , Majnu (Telugu) , Brahma.com , Oxygen (Telugu) me Film vltath Sinhala Sub Dennako...

  12. dusmantha

    සුපිරි බ්‍රෝ

  13. dananjas

    download karanna link 1k denna plz...

  14. Nishshanka Ruwan

    ස්තුතියි :)

  15. oshanda

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  16. supun bro

    thanx bro

    1. Avisrimal9139

      Download link plz

  17. dumi

    THANXX bro Sub Ekata!!!! Thirutu payale 2 ekatath kauru hari sub eka daanakooo pls!!!!!

  18. Avisrimal9139

    Download karanna torrent link aka diyanko

  19. Amila Roshan

    Thanks wewa sub ekata

  20. irantha

    Thanzz

  21. chamara198911

    Ela....

  22. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  23. S.s_preyantha

    Niyamai bro digatama sub krnn

  24. Lahi Ru

    පුලුවන් නම් සින්දු වලටත් සබ දෙන්න. සුපිරි සබ. ජය

  25. vertex89

    සබ් එකට තැන්ක්ස් බ්‍රෝ.කිසි අඩුපාඩුවක් නැතිව එලටම කරලා තිබුන

    ෆිලුම : සුපිරි ගොන් කතාවක්.සේතුපති ඉන්න නිසා ඔහේ බැලුවා.

  26. Kaushika123

    Kohmda sub 1 search krnne.account 1th hduwa..eth sub download krnna bnee

    1. laksi123456789

      Wena browser ekakin download karala balanna.

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. rangika Kariyawasam

    බෝම ස්තුතීයි සහෝ.ජය හෝ තව ඔිනා...

  29. Gandhaka Indrajith

    Thanks for the subtitles

  30. D.Chamara

    bohoma sthuthi sahooo

  31. Anuja wickramasingha

    thanks for hte sub

  32. N_R

    Thanks

  33. funybux

    thanks bro

  34. Lasantharathnasirirox

    Godak thuthi sahoo....!!!

  35. sublove

    sthuthi me film ekata sub genawata saho

  36. IsuruF

    Thanzzz bro

  37. Amilperera

    Thnks bro sub akata

  38. NuwanK

    Thank u Bro.....