ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසීන් සියලු දෙනාම. ඔන්න එහෙනම් මගේ දෙවැනි සිංහල උපසිරැසියත් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. මගේ පළවෙනි සිංහල උපසිරැසිය I’LL TAKE YOUR DEAD (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසියට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒකට හැමෝටම ගොඩක් ස්තූතියි. ඒක නිසා ඔන්න එහෙනම් මගේ…

ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසීන් සියලු දෙනාම. ඔන්න එහෙනම් මගේ දෙවැනි සිංහල උපසිරැසියත් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. මගේ පළවෙනි සිංහල උපසිරැසිය I’LL TAKE YOUR DEAD (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසියට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒකට හැමෝටම ගොඩක් ස්තූතියි. ඒක නිසා ඔන්න එහෙනම් මගේ දෙවැනි සිංහල උපසිරැසියත් බයිස්කෝප් අඩවියට තිළිණ කරන්නයි මේ සූදානම.
එහෙනම් යාළුවනේ අපි දැන් අපි චිත්‍රපටය ගැන කතා කරමු. මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙන්නේ 2018 නොවැම්බර් මාසයේ 9 වැනිදා. චිත්‍රපටය විනාඩි 104 ධාවන කාලයකින් යුක්ත වෙනවා. චිත්‍රපටයේ IMDb අගය 5.8 ලෙස සඳහන් වෙනවා. මෙම චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ හා කොමඩි ,ආදර ගණයට තමයි අයත් වෙන්නේ. $266,490 Box office අගයක් මෙම චිත්‍රපටය ලබා ගෙන තියෙනවා. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Andrew Bowler විසින්. මෙම චිත්‍රපටියේ ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වන්නේ අපි කවුරැත් ආදරය කරන Game Of Thrones රෑපවාහිනී කතා මාලාවේ සන්සා ස්ටාර්ක්(Sansa Stark) චරිතයට පන පොවන සොෆියා ටර්නර් (Sophie Turner). ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් දායක වෙන්නේ Asa Butterfield. සෙසු චරිත විදියට Skyler Gisondo, Will Peltz, Aubrey Reynolds රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය Academy of Science Fiction, Fantasy & Horror Films, USA (2019) චිත්‍රපට උලළේදී හොඳම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ලෙස නිර්දේශ වෙලා තියෙනවා.
එහෙනම් අපි චිත්‍රපටියේ කතාව පැත්තට හැරෙමු. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ස්ටිල්මන් උසස් අධ්‍යාපනය හදාරන දක්ෂ ගිෂ්‍යයෙක්. එයාට එවන් කියලා හොඳම යාළුවෙකුත් ඉන්නවා. අහම්බෙන් වගේ ස්ටිල්මන් ඩෙබී කියලා ගැහැණු ළමයෙකුට ආදරය කරන්න පටන් ගන්නවා. කාලයක් මේ දෙන්නා ආදරය කරනවා. ඒත් මේ ආදර සම්බන්ධතාවය ඩෙබීගේ අකමැත්ත මත නවත්තන්න වෙනවා. ඒත් ස්ටිල්මන් සම්බන්ධය නවත්තන්න කැමති වෙන්නේ නෑ. එයා විවිධ ක්‍රම වලින් ඩෙබීගෙන් කැමැත්ත අහනවා. ඒ කොහොම ඇහුවත් ඩෙබීගේ උත්තරේ වෙන්නේ අපි මේ සම්බන්ධය නවත්වමු කියන එක. අන්තිමට ස්ටිල්මන් තේරැම් ගන්නවා මේක තමන් අතීතයේ කරපු වැරදි නිසා සිදුවුන දෙයක් කියලා. මේ නිසා ස්ටිල්මන් කාල යන්ත්‍රයක් නිර්මාණය කරනවා. ස්ටිල්මන්ට කාල යන්ත්‍රයේ සිද්ධාන්තය ඔළුවට එන්නේ අමුතු විදියකට. ඔයාලට ඒක චිත්‍රපටය බැලුවම දැනගන්න පුළුවන් වේවි. ඩෙබීව කැමති කර ගන්න ඕන නිසා ස්ටිල්මන් කාලය හරහා අතීතයට යනවා. මේ ගමනට එයාගේ හොඳම යාළුවත් එකතු වෙනවා.මේ දෙන්නා අතීතයට ගිහින් තවත් වැඩේ අනා ගනියිද නැත්නම් වැරදි හදාගෙන ඩෙබීගේ ආදරේ ලබා ගනීද? ඔයාලට ඒක දැන ගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
ඔන්න එහෙනම් මට පුළුවන් හැටියට විස්තරකුත් ලිව්වා. මතක ඇතුව සබ් එකේ හොඳ නරක කියලා කමෙන්ට් එකකුත් දාලම යන්න. හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි.
එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ගැළපේ.
6,239 downloadsDownload Time.Freak_.2018.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාවන් ගීතාංජන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-05-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාවන් ගීතාංජන
Subtitles
33 comments
Kancha Induwara
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!දිල්ශාන් සචින්ත
එල ඈ..
Rukshan37
Ela
rockz2020
සුබ දවසක් සහෝ ✌ දෙවන උපසිරැසිය වෙනුවෙන් සුබ පතනවා! ❤
කතාවනම් රසවත් එකක් වගේ, බලන්න ඕන උපසිරැසිය වෙනුවෙන් වූ මහන්සිය වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ,
තව තවත් හොඳමදේ කිරීමට ජය! ✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌rockz2020
කව්රු හරි පුළුවන්නම් Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005) එකටත් සබ් දෙන්නකෝ✌
Chicken Run ඇනිමේෂන් එකට පස්සේ ආව හොඳ stop-motion එකක්.
තව ඒකෙ short movie කිහිපයකුත් තියෙනවා
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
A Grand Day Out (1989)
The Wrong Trousers (1993)
A Close Shave (1995)
Wallace & Gromit's Cracking Contraptions (2002)
A Matter of Loaf and Death (2008)
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!rockz2020
කව්රු හරි පුළුවන්නම් Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005) එකටත් සබ් දෙන්නකෝ✌
Chicken Run ඇනිමේෂන් එකට පස්සේ ආව හොඳ stop-motion එකක්.
තව ඒකෙ short movie කිහිපයකුත් තියෙනවා
»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»»
A Grand Day Out (1989)
The Wrong Trousers (1993)
A Close Shave (1995)
Wallace & Gromit's Cracking Contraptions (2002)
A Matter of Loaf and Death (2008)Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
arawindasunimal
thanks sub ekata (mawan geethanjana) jayawewa............
SL Sachi
Supiri film ekak wenda oone aiyye.. film eka baana gaman thamiy oyage short artical eka withrak kiyawala me comment eka denne.
Malaka prasad
Thanq brother sub ekata. Jaya wewa baiscope
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති korean films walatath sub denna
gihan perera
මේක නම් පට්ට....මේ කාල යන්ත්‍රය අපිට ත් තිබ්බා නම් පට්ට....ස්තුතියි මචෝ උපසිරැසි දුන්නට.....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා......
Dewadithya
Thanks for Sub!
wajira
Thanks for sub
AsithaDilruwan
time travel nam patta
ela saho thanksAVENGER
thanks for sub bro
Jayasanka
ගොඩක් ස්තුතියි සබට මචෝ.
nrjayasinghe
Thanks Malli
tisal_akesh
thanks bro sub ekata
sudesh32
Thanks mcn
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ
Prabhasoft
thanks aaaa....
Pramukmili
Thanxx bro............
MAALnath
Thanks .................good luck ................
Dushmantha Ranasinghe
Thanks sub ekt
Kanchaka
Thanks bro
Dilankm
Thanks for sub bro.
someonewholovesbaiscopelk
Grate work Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඕක පට්ට බන්.සිංහල සබ් එක්ක ආපහු පාරක් බලන්න ඕනෙ