ඉතින් සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! සෑහෙන දවසකින් තමයි උපසිරැසියක් අරගෙන ආවෙ, පුංචි වෙනසකටත් එක්ක දෙමළ ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුන, ඔයාල බලපු ධනුෂ්ගෙ ලස්සන මූවි එකකට තමයි සබ් එක කරන්න තෝරගත්තෙ, චුට්ටක් විතර වැඩේ සාර්ථකයි කියල මම හිතනව, මොකද කිවුවොත් මම ඇත්තටම දෙමළ අකුරක්…

 

ඉතින් සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! සෑහෙන දවසකින් තමයි උපසිරැසියක් අරගෙන ආවෙ, පුංචි වෙනසකටත් එක්ක දෙමළ ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුන, ඔයාල බලපු ධනුෂ්ගෙ ලස්සන මූවි එකකට තමයි සබ් එක කරන්න තෝරගත්තෙ, චුට්ටක් විතර වැඩේ සාර්ථකයි කියල මම හිතනව, මොකද කිවුවොත් මම ඇත්තටම දෙමළ අකුරක්වත් දන්නෙ නෑ, ඉංග්‍රීසි සබ් එකේ තිබුනු විදිහට තමයි සබ් එක කරන්න උත්සාහ කෙරුවෙ, ඒක නිසා වැරදීම් එහෙම තිබුනොත් සමාවෙන්න කියලත් මේ වෙලාවෙ මතක් කරනව, ඒත් එක්කම චුට්ටක් විතර දෙමළ භාෂාව ඉගෙන ගන්නත් ලැබුන කියල මම හිතනව, ඒ වගේම මේ ෆිල්ම් එක විස්තර කරන්න ඕනෙත් නැති වෙයි කියල තමයි මට නං හිතන්නෙ, මොකද මේ ෆිල්ම් එක නොබලපු කෙනෙක් ඉන්න විදිහක් නෑ, එච්චරටම ලස්සන ෆිල්ම් එකක්, ලස්සන ආදර කතාවක් තමයි විස්තර වෙන්නෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 අවුරුද්දෙ, දෙසැම්බර් 15වෙනිද, IMDB අගය 6.2ක් කියල තමයි සඳහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Boopathy Pandian කියල කෙනෙක්.

බැරි වෙලා හරි ෆිල්ම් එක නොබලපු අය ඉන්නව නං, එයාල වෙනුවෙන් පුංචි විස්තරයක් කරන්නම්, සිද්ධිය වෙන්නෙ මෙහෙමයි, ෆිල්ම් එකේ හැටියට ධනුෂ්ට කියන්නෙ තිරු කියල, එයා අග හිග කම් තියෙන චරිතයක් තමයි ෆිල්ම් එකේ මුලදි රඟ දක්වන්නෙ, කොහොම හරි යම් හේතුවක් නිසා එයාට එක රැයක් කෝවිලක නිදාගන්න සිද්ධ වෙනව, පසු දා උදෙන්ම තිරු ලස්සන ගෑනු ළමයෙක් දකිනව කෝවිලේදි, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ ප්‍රියා කියල, ඉතින් තිරු ට ප්‍රියා ගැන ආදරයක් ඇති වෙනව, තිරු ලොකු උත්සාහයක් ගන්නව ප්‍රියාගෙ හිත දිනා ගන්න, මුලදි නම් ප්‍රියා තිරු ට කැමති වෙන්නෙ නෑ, කොහොම හරි අන්තිමේදි ලොකු උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තිරු, ප්‍රියාගෙ හිත දිනා ගන්නව, ඉතින් ෆිල්ම් හැටියට මේ ප්‍රියා ලොකු ධනවත් පවුලක කෙනෙක්, එයාට ඉන්නව අයිය කෙනෙක්, එයා මේ සම්බන්ධයට කොහෙත්ම කැමති වෙන්නෙ නෑ, ප්‍රියාගෙයි තිරුගෙයි ආදරේට සෑහෙන විරුද්ධත්වයක් එයා ප්‍රකාශ කරනව, එයාට අවශ්‍ය ප්‍රියාගෙ විවාහය ලොකු ධනවත් පවුලකින් කරල දෙන්න, අන්තිමේදි එයාට තේරෙනව තිරුගෙයි ප්‍රියාගෙයි සම්බන්ධය නතර කරන්න අමාරුයි කියල, ඊට පස්සෙ එයා තිරුට යම් තැනකට එන්න කියනව, එන්න කියල එයා තිරු ට කියනව ඒ සම්බන්ධය නතර කරන්න කියල, නමුත් තිරු එකඟ වෙන්නෙ නෑ, ඉන් පසු එයා තිරු ට තර්ජනය කරනව ඒ සම්බන්ධය නතර කළේ නැත්නම් තිරු ව මරනව කියල, ඊට පස්සෙ තමයි දෙන්න එකඟත්වයකට පැමිනෙන්නෙ, ප්‍රියාගෙ අයිය ලක්ෂ 25ක් තිරු ට දෙනව ප්‍රියාව අමතක කරන්න කියල, තිරුගෙ ජීවිතේ අගහිගකම් මැද්දෙ එයාට විසඳුමකට කියල තියෙන්නෙ ලක්ෂ 25 බාර එක විතරයි, තිරු ඒ ලක්ෂ 25 අරගෙන, එයාගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්නව, එයා ලොකු දියුණුවක් ලබනවා එම ව්‍යාපාරයෙන්, නමුත් තිරුගෙයි ප්‍රියාගෙ අයියගෙයි අතර තියෙන වෙනස්කම දිගින් දිගටම පවතිනව, ඉතින් අපි බලමු තිරුගෙ ආදර ගැටලුව කොහොමද විසඳගන්නෙ කියල,

මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, හැමදෙයක්ම හොඳින් සිද්ධ වේවා කියන ගමන්ම සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

 

Thiruvilaiyaadal Aarambam (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Thiruvilayadal Arambam 2006 ~AsaL~TeamTT~

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත  පිටපත සඳහා අදාළ වේ.

7,718 downloadsDownload Thiruvilayadal-Arambam-2006.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,718 downloadsDownload Subtitles74 KB

24 comments

  1. Dilip

    thnq mchn patta film ekak

  2. Prasad

    pattama film ekak meka download karaganna thanak kiyanawada

  3. Isuru

    Thanks patta film ekak puluwannam minnal film ekata sub denna

  4. tsm

    niyamai bnzz elazz

  5. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  6. samee

    ela machan

  7. charli

    Thanks bn

  8. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  9. කෞෂාන් පියුමන්ත

    පහරක් වගේ.තෑන්ක්ස් බොක්ක

  10. හේමන්ත

    මලයාලම් එකක් නම් අත ඇරල කොහොමද..?
    ස්තුතියි මල්ලි...

  11. හේමන්ත

    ස්තුතියි මල්ලි...
    මලයාලම් කතාව වැරදීමක්.

  12. Chalana

    thnx bro...

  13. Kulanjana Maduranga

    niayamai…parana unath patta filumak...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. jinji

    Dhruva film ekata subtitle dennako.

  16. Indrajith

    thanks for the subtitle

  17. KAVINDA GAMAGE

    thank you

  18. Chalana

    thnx bro... seed thamai naththe

  19. Pushpa Keerthi

    ThankS MachO HoyA HoyA HitapU FilM 1K.....ThankS A LotS.....

  20. කෞෂාන් පියුමන්ත

    උඹ දෙමළ දන්නේ නෑ කිව්වට සබනම් සුපිරියටම තියනවා.දිගටම සබ් දෙමු

  21. pradeep

    mchn supreme movie ekatat sub diyn.... thx...

  22. Gayan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  23. Gayan

    ඔන්න තියනවා Hash එක කැමති කෙනෙක් බාගන්න. 2728E06F7AC4964DADEB3B57D09DFED2D47E98C1

  24. dd

    cgnc

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.