Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles ආයුබෝවන්, අදත් මලයාලි උපසිරැසියක් ඔබ වෙත ගෙන එනවා. සුන්දර ඉඩුක්කි කඳුකරයේ රූ ගත කරන ලද තවත් ලස්සන පවුලේ කතාවක් තමයි මේක. ලොකු ලොකු තරු නැතත් ප්‍රසිද්ධ දක්ෂ නළු නිළියන් කීප පොළක්ම රැගත් මේ කතාවත් බලන්න ඕනෙ කතාවක්. විජයරාඝවන් කියන්නෙ මලයාලි සිනමාවෙ ඉන්න දක…

Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles

ආයුබෝවන්, අදත් මලයාලි උපසිරැසියක් ඔබ වෙත ගෙන එනවා. සුන්දර ඉඩුක්කි කඳුකරයේ රූ ගත කරන ලද තවත් ලස්සන පවුලේ කතාවක් තමයි මේක. ලොකු ලොකු තරු නැතත් ප්‍රසිද්ධ දක්ෂ නළු නිළියන් කීප පොළක්ම රැගත් මේ කතාවත් බලන්න ඕනෙ කතාවක්.

විජයරාඝවන් කියන්නෙ මලයාලි සිනමාවෙ ඉන්න දක්ෂතම වැඩි හිටි නළුවෙක්. මෑතක තිර ගත වූ Kishkindha Kaandam, චිත්‍රපටයෙ සියළු දේ අමතක වෙන අර මුරණ්ඩු තාත්ත වගේම මේකෙත් ටිකක් මුරණ්ඩු තාත්ත කෙනෙක්ගෙ චරිතයකින් ඔබ හමු වෙනවා. ඒත් ප්‍රධාන චරිත තුන ඔහුගෙ පුත්‍රයින් තුන් දෙනා. දිලීෂ් පෝතන්, කලාභවන් ශාජෝන් සහ හේමන්ත් මෙනන්. ඊට අමතරව ලේනා කුමාර්, කානි කුස්රුති, සරීන් ශිහාබ් වැනි නිළියන් මෙහි රඟපානවා. කුළුඳුලේ මේක අධ්‍යක්ශණය කරන්නෙ සරත් චන්ද්‍රන්.

ඉතිං මේකෙ පියා විශාල දේපලක් හිමි මුරණ්ඩු පුද්ගලයෙක්. වැඩිමහල් පුත්‍රයින් දෙන්නා ගෙන් කෙනෙක් රජයේ සැලකිය යුතු රැකියාවක් කරන අතර අනිත් කෙනා පොලිස් පරීක්ෂක වරයෙක්. බඩ පිස්සා උගත් කමක් තිබුනට තාම හරි හමන් රැකියාවක් නෑ. ලොකු ඩබල එකතු වෙලා බිස්නස් කරල අන්තයටම වැටිල ඉන්න වෙලාවක තාත්තගෙ උදව් බලා පොරොත්තු වෙනවා. පොඩි එකත් තමුන්ගෙ බාප්පගෙ දුවගෙ කසාදෙට තාත්තගෙන් මුදල් ටිකක් ඉල්ලනවා. මේ සේරම එකම දවසෙ වෙද්දි සිදු වෙන හිතපු නැති දෙයකින් තමයි කතාව ගලා ගෙන යන්නෙ. ඉතින් මේකත් බලන්නකෝ

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු 

Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය Malayalam HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,735 downloadsDownload Ouseppinte-Osiyathu-2025.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,735 downloadsDownload Subtitles42 KB

6 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ මේ මූවි එකට සිංහල සබ් දුන්නට

  2. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. Anonymous

    bromance eke sub one

  4. Baiscope Zone

    උපසිරසියට බොහොම ස්තුතියි!

  5. Asela chathuranga

    මම වැඩිය බලන්නේ නම් නෑ මලයාලම්, හැබැයි දුර්ලභ කළුනික වගේ සබ් ලියන කොල්ලෙක් කෙල්ලෙක්ට දිගටම වැඩේ කරන්න මෝටිවේෂන් එකක් විදියට කමෙන්ට් එකක් දානවා,
    සුභ අනාගතයක් මිත්‍රයා

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.