ඔන්න එහෙනම් මේ සැරේ අරගෙන එන්නෙ Horror, Thriller කාණ්ඩ වලට අයත්වන, සුපිරිම ඉංග්‍රීසි චිත්‍රපටයක්.මේක 2014 දී ජර්මනියේ Fantasy Filmfest හිදී ප්‍රදර්ශණය කෙරුවත්, නිළ වශයෙන් සිනමාහල් වල ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2015 වර්ෂයේදී. විශේෂයෙන්ම කියන්න ඕනේ, චිත්‍රපටයේ කැමරාකරණය නම් අති විශිෂ්ට මට්ටමේ තියෙනවා.චි…

ඔන්න එහෙනම් මේ සැරේ අරගෙන එන්නෙ Horror, Thriller කාණ්ඩ වලට අයත්වන, සුපිරිම ඉංග්‍රීසි චිත්‍රපටයක්.මේක 2014 දී ජර්මනියේ Fantasy Filmfest හිදී ප්‍රදර්ශණය කෙරුවත්, නිළ වශයෙන් සිනමාහල් වල ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2015 වර්ෂයේදී. විශේෂයෙන්ම කියන්න ඕනේ, චිත්‍රපටයේ කැමරාකරණය නම් අති විශිෂ්ට මට්ටමේ තියෙනවා.චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ කොලොම්බියාවේ අති රමණීය දර්ශන තලයන්.කොලොම්බියාවේ තිබෙන්නා වූ මනරම් වනාන්තර, දිය ඇලි, ගංගා, ආදී ඉතාමත් සුන්දර පසුබිම් දර්ශන චිත්‍රපටය පුරාම දැකගන්න පුළුවන්.භයංකාර ස්ථාන පවා, ප්‍රේක්ෂකයාගේ සිත් ඇද බැඳ ගන්නා ආකාරයට ඉදිරිපත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයක් වෙනවා.ඒ නිසාවෙන්ම මේ චිත්‍රපටයට, සාමාන්‍ය Horror චිත්‍රපට වලට වඩා සුවිශේෂී ස්ථානයක් නිතැතින්ම ලැබෙනවා.චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ සම්මාන ලාභී නළු දෙපලක් වන, Scott Speedman සහ Julia Stiles විසින්.
කතාව ආරම්භ වන්නේ 1992 වර්ෂයේ සිදුවන සිදුවීමකින්.ලහි ලහියේ, වැදගත් ලිය කියවිලි පුළුස්සා දමමින් නිවසින් පිටවී යාමට උත්සාහ දරණ වෛද්‍යවරයෙකු, කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් මගින් මරා දමනවා.ඉන් වසර ගණනාවකට පසුව, ලන්ඩනයේ ජීවත් වන පවුලක් කොලොම්බියාවට පැමිණෙනවා.පවුලේ සිටින්නෙ මව, පියා සහ සිඟිති දියණිය.කොලොම්බියාවට පැමිණෙන මෙම පවුල, සිය නිවහන බවට පත්කර ගන්නේ, වසර ගණනාවකට පෙර ඉහත කී මරණය සිදුවූ නිවසයි.ඉතා මනරම් භූමි බාගයක පිහිටා ඇති මෙම සුවිසල් මන්දිරයේ පදිංචි වන මොවුනට සැනසිල්ලේ සිටින්නට හැකිවන්නේ දින කිහිපයක් පමණි.හදිසියේම මොවුන්ගේ සිඟිති දියණිය අතුරුදහන් වෙනවා.මෙරට වැසියන් පවසන ආකාරයට මෙය සිදුකරන ලද්දේ, වසර 500 කට ඉහතදී, කැරලිකරුවන් විසින් පන්සලක සිරකොට පණපිටින් ගිනි තබන ලද ළමයින්ගේ ආත්මයන් විසිනි.මොවුන් ශත වර්ෂ ගණනක් මුළුල්ලේම ද්වේශයෙන් සිටින බව එරට වැසියන්ගේ මතයයි.කුඩා ගැහැණු ළමයා අතුරුදහන් වූයේ කෙසේද….වසර ගණනාවකට පෙර වෛද්‍යවරයා එම නිවසේදීම මියගිය හේතුව කුමක්ද…..තම එකම දරුවා බේරා ගැනීමට දෙමවුපියන් කුමන අන්දමේ තීරණයක් ගනීද…..මෙම සුන්දර නිර්මාණය නරඹා, ප්‍රේක්ෂක ඔබම කුතුහලය සංසිඳුවා ගන්න.ඉතාමත් අලංකාර නිර්මාණයක් බවට සහතික කරලා කියනවා. එහෙනම්, තවත් නිර්මාණයකින් හමුවෙනකම්.
සියලු දෙනාටම ජයවේවා…!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Show.
මෙම ලබා දී ඇති උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,279 downloadsDownload Out.of_.the_.Dark_.2014.baiscopelk.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
19 comments
Sisila Prasad
නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. special thank for sub
නිලන්ත
special thank direct link
kavinda
thank you
Anush
වෛරය නං හොදම නෑ ඈ..
හොඳම නෑ..
ඒ උනාට සබට බොහොම ස්තුති ඈ..Asitha
elama thanks
Tharaka
ඕන් බාන්න දැම්මා. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! ජයෙන් ජයම වේවා!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Sajith Anthony
නියමයි සබ් එක දෙනකල් හිටියෙ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Udara Damith B\K
බොහෝම ස්තුතියි
Naveen
Thanks...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
thanks
Amalka Himeshan
Thanks machan sub ekata
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Akashpc
thanks siysiy sub ekata digatma karagana yan
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Direct Link
uptobox.com/upo3dkz5inme
Hash - 2E7F521C9B26EFDA6A9CE479795815BF5016E273