Watch Trailer

Outpost: Rise of the Spetsnaz (2013) with Sinhala Subtitles | ඈත මුරපොලේ යලි නැගිටීම… [සිංහල උපසිරැසි සමඟ]

Kieran Parker විසින් අධ්‍යක්‍ෂනය කරන ලද මෙම සලරුව මිනිත්තු 87ක් පුරා ධාවනය වන අතර 2013 June 27 නිකුත්වු අතර මෙය එක්සත් රජධානියේ නිර්මාණයකි. IMDB 5.1 ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටියට Bryan Larkin විසින් Dolokhov ලෙසත්, Ivan Kamaras විසින් Fyodor ලෙසත්, Velibor Topic විසින් Arkadi ලෙසත්, Laurence Poss…

Kieran Parker විසින් අධ්‍යක්‍ෂනය කරන ලද මෙම සලරුව මිනිත්තු 87ක් පුරා ධාවනය වන අතර 2013 June 27 නිකුත්වු අතර මෙය එක්සත් රජධානියේ නිර්මාණයකි. IMDB 5.1 ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටියට Bryan Larkin විසින් Dolokhov ලෙසත්, Ivan Kamaras විසින් Fyodor ලෙසත්, Velibor Topic විසින් Arkadi ලෙසත්, Laurence Possa විසින්  Osakin ලෙසත්, Michael Mckell  විසින් Colonel Strasser ලෙසත් හා නළු නිළියන් විශාල ප්‍රමාණයකගේ දායකත්වයද මිට ලැබී ඇත.

මෙහි පසුබිම වන්නේ දෙවන ලෝකයුධ සමයේ නැගෙනහිර යුරෝපයේ නාසි ක්‍රියාකාරකම් පිළිබඳවයි. එනම් දැනටමත් පරාජයෙ හිනිපෙත්ත මතට යමින් පවතින ජර්මන් හමුදා යුද්ධය ජයග්‍රහනය පිණිස රැසියන් හමුදාවනට පහරදීමට නව ආකාරයක ආයුධයක් අත්හදාබලමින් පවතිනවා. ඉතින් දිනක් මේ පිළිබඳ, මේ සැඟවුණ මුරපොළ පිළිබඳ අහන්න ලැබෙන රුසියන් බට පිරිසක් මේ නාසි කඳවුර හොයායනවා. එහිදී ඔවුන්ව කොටුවෙන අතර, තමන් සමඟ එකම පැත්තේ සටන්කරණ සහෝදර සෙබළුන් කිහිපදෙනා එහිදී මුණ ගැහෙනවා. හැබැයි ඔවුන්ව වෙන්කරල ඔවුන්ව නාසීන් සිය පර්යේෂන වලට ගන්නවා. කොටින්ම කිව්වොත් සොම්බීන් අතහදාබැලීමට රුසියන් සෙබළුන් යොදාගන්නවා. විවිධ පර්යේෂන සිදුකරමින්, අද්භූත යන්ත්‍රයක් ආධාරයෙන් තමයි මොවුන් මේ වැඩ කටයුතු සිදු කරන්නේ. ඔවුන් එය ආලෝකයේ ඇස යනුවෙන් හඳුන්වනවා. නාසීන් රුසියන් සෙබළුන්, සොම්බීන් එක්ක සටන්කරණ හැටි, ඔවුන්ව මරණයට පොළබවන හැටි පිළිබඳ අධ්‍යනයක් සිදුකරනවා. මෙහිදී Dolokhov එතන තියෙන රුධිර පටකමය ද්‍රව්‍යක් ආහාරයට ගන්නවා. එමගින් ඔහුට තරමක අසාමාන්‍ය ශක්තියක් සටන්කරන්න ලැබෙනවා. අවසානයේ සගයන් දෙදෙනෙක් පමණක් ඉතිරි වෙනවා ඒ කණ්ඩායම් නායක Dolokhov හා Fyodor යන දෙදෙනා. ඒත් ෆියොඩෝර් නුත් සොම්බියෙක් බවට පත්වෙනවා. අවසානයේ  Fyodor සිය ජීවිතය මිතුරා වෙනුවෙන් කැපකරණ අතර Dolokhov  ඉන් මිදී පළායාමට සමත් වෙනවා. රුසියන් සෙබළුන්ට අත්වීමට සිදුවන ඉරණම පිළිබඳවත් Outpost කතාමාලාවේ ආරම්භය සිදුවන හැටිත් මෙමගින් නිරූපනය වේ. ඔවුන්ගෙන් කාටද මේ නාසි කඳවුරෙන් දිවිගලවා ගත හැක්කේ යන්න ඔබම බලා තීරණය කරන්න…..

 

 

Outpost: Rise of the Spetsnaz (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Hiran-Senanayaka-e1520270875676.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරාන් සේනානායක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

16 comments

  1. crisdeone

    සබ් එක දුන්නට තෑන්ක්ස්

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් Outpost (2008),Outpost: Black Sun (2012) සබ් දෙන්න
    ජය වේවා!

  3. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. AsithaDilruwan

    elama sah thanks

  7. weerakkodi

    thanks macho

  8. Suranjan

    Thanks machan......jayawewa.......!

  9. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. randymac023

    ගොඩාක් ස්තූතියි සහෝදරයා. පුලුවන්නම් මේකට කලින් ආපු outpost 1, outpost: Black Sun දෙකටත් සබ් දෙමු.

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
    ඔයාගේ සිංහල උපසිරැසි ගොඩක් ලඟ ලඟ බයිස්කෝප් අඩවියේ යනවා වගේ දැක්කා.
    බොහොම ස්තුතියි බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් කරන සේවයට.
    ජයෙන් ජය.

  12. ranga11112

    උපසිරැසියට ස්තුතියි සහෝ.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. gihan perera

    Thanks bro sub ekata...jaya wava....thawa aluth ekak damu....

  15. Madhushanka2069

    sub ekata bohoma sthuthi saho..

  16. [email protected]

    You are doing vary good job .i wish you oll the best!"".......