මියුරු සත්සර රටා අතරින් ඔවුන්ගේ මනරම් ලොවට පිය නඟන්නට, ඒ මනරම් ලෝකය තුළින් ඔබේම වූ ලොව හෙළිපෙහෙලි කර ගන්නට, සොවින් තැවුන ඔබේ සිත සුමිහිරි ගී නදින් සන්තුෂ්ටියෙන් පුරවා හරින්නට, මිනිත්තු 105 ක කාලයක් හොඳටම ප්‍රමාණවත්! මෙය අතිශයෝක්තියක් නම් නෙවෙයි, ඔබ සංගීතකාමියෙක් නොඑසේ නම් කලාකාමියෙක් නම්, ඔබේ දෑසට,…
මියුරු සත්සර රටා අතරින් ඔවුන්ගේ මනරම් ලොවට පිය නඟන්නට, ඒ මනරම් ලෝකය තුළින් ඔබේම වූ ලොව හෙළිපෙහෙලි කර ගන්නට, සොවින් තැවුන ඔබේ සිත සුමිහිරි ගී නදින් සන්තුෂ්ටියෙන් පුරවා හරින්නට, මිනිත්තු 105 ක කාලයක් හොඳටම ප්‍රමාණවත්! මෙය අතිශයෝක්තියක් නම් නෙවෙයි, ඔබ සංගීතකාමියෙක් නොඑසේ නම් කලාකාමියෙක් නම්, ඔබේ දෑසට, ඔබේ දෙසවනට, ඔබේ මනසට මේ සිනමා සිත්තමේ ආශ්වාදය ආශිර්වාදයක් ම වනු ඇති. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න, මේ සුමියුරු සත්සර රටා ඔබේ රෝම කූප කෙලින් කරන්නට සමත් වනු ඇති, එය ඔබේ රුධිර නාලයක් පාසා සැරිසරමින් ඔබේ රිදුම් සැනෙකින් සුවපත් කරන්නාක් මෙන් දැනෙනු ඇති.
The Greatest Showman 2017 ඇමරිකානු සිනමා සිත්තම දැනට IMDb දර්ශකය 8.0 ක ඉහළ අගයක් දිනා ගන්නට සමත් වී ඇති, Michael Gracey ගේ අධ්‍යයක්ෂණයෙන් අපූරුවට හැඩ වෙමින්, Hauh Jackman එහෙමත් නැත්නම් කවදාවත් වයසට නම් නොයන ලෝගන් අයියාගේ අසමසම රංගනයත්, Zac Efron ගේ උන්මාදනීය කඩවසම් බවත්, Michelle Williams ගේ සුන්දරත්වයත් හරි අපූරුවට මුසු කරමින්, පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි, ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු සිනමා සිත්තමක්!
සත්‍ය කතාවක් ඇසුරින් වන මෙම සිනමා සිත්තම ගෙතෙන්නේ P.T.බර්නම් නම් ඇමරිකානු අසහාය සංදර්ශන කරුවාගේ ජීවිත කතාව අලලායි. බර්නම් (Hauh Jackman), තම ආදරණීය බිරිඳ චැරිටි (Michelle Williams), දියණියන් දෙදෙනා සමඟ එක්ව ගෙවන සරල, විනෝදකාමි දිවිය, සන්දර්ශන ශිල්පියෙක් බවට පත් වීමත් සමඟ පෙරලියකට භාජනය වන ආකාරයයි. ආදරය, විරහව, සිනහව, කඳුල, ජය, පරාජය යනාදි සියලු දෑ සපිරි, මේ සිනමා සිත්තම, සන්දර්ශනයෙන් ලොවක් වසඟ කළ ඒ අපූරු මිනිසාගේ ජීවන ගීය ඔබට සමීප කරාවි. එහෙමනම්, බර්නම් ප්‍රමුඛ අපූරු ශිල්පී කණ්ඩායම සමඟ ඔවුන්ගේ සංදර්ශනය හා ඒකාත්මික වන්නට මෙතැන් පටන් ආදරයෙන් ආරාධනා!
හොඳයි එහෙනම් 100 වෙනි කඩයිම් සපුරන මේ වෙලාවේ ඒ වෙනුවෙන් මම මේ චිත්‍රපටය තෝරා ගත්තා කියලා කියන්න විදියක් නෑ. මොකද, 100 ට හොඳ චිත්‍රපටයක් හොයද්දි ඇඩ්මින් සිසිල ප්‍රසාද් සහෝදරයා තමයි මේක කරමුද කියලා ඇහුවේ. චිත්‍රපටයේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුනත්, ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා තිබුනේ නැහැ. ඔන්න ඔහොම ඉන්න අතරෙදි තමයි ඇඩ්මින් මණ්ඩලයේ සමීර සහෝදරයා Dutch වලින් තිබුන උපසිරැසියක් ඉංග්‍රීසියට හරවලා එව්වේ. ඉතින් අද 100 වෙනි කඩයිමට මේ අපූරු සිනමා සිත්තම ඔබේ අතට තිළිණ කරන්න මට හැකි වුනේ විශේෂයෙන්ම සිසිල සහෝගෙයි, සමීර සහෝගෙයි උදව්වෙන්! ඒත් එක්කම බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මණ්ඩලයේ අනික් සාමාජිකයන්වත් මතක් කරන්න ම ඕන. නම් වශයෙන් මතක් කරනවනම් බයිස්කෝප් සිංහලෙන් නිර්මාතෘ ඉසිර සහෝදරයා, අපි වගේ අංකුර ශිල්පීන්ට අතහිත දෙන රොයිලි සහෝ, අපේ ඇවිදින පුස්තකාලේ අසංක (ලෝගන්) සහෝ, කාටත් එක හැන්දෙන් බෙදන අපේ නිහතමානි හසන්ත සහෝ, හින්දි කින් ආසිරි සහෝ, හිත හොඳ විමා සහෝ, හරිම අහිංසක සමන් සහෝ, වෙලාවට කලාවට තිතට වැඩ කරන සුධීර සහෝ, ඒ වගේම ඇඩ්මින් නලින් සහෝ, සීක්‍රට් සුපර් ස්ටාර් යශෝධ සහෝ ගැන කියන්නම ඕන. ඇඩ්මින් මණ්ඩලයේ එකම කාන්තා නියෝජනය නිර්මාණි අක්කව මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරනවා.

ඔන්න දැන් තමයි අමාරුම වැඩේ. බයිස්කෝප් සිංහලෙන් සොඳුරු වෙබ්පළේ සාමාජිකාවක් වෙලා ආ ගමන් මඟ ගැන කෙටියෙන් හරි වචනයක් නොකීවොත් ඒක අඩුවක් වෙයි කියලා හිතනවා. හා හා පුරා කියලා 2017. 02. 02 වෙනිදා Thank you(2011) හින්දි චිත්‍රපටයට සිංහල උපසිරැසි මේ අඩවියේ මගේ නමින් පළ වෙද්දී මට දැනුන සතුට 100 වෙනි උපසිරැසිය ගෙන එන මේ මොහොතේ ඇති වෙන සතුටට වඩා වැඩියි. ඊට අමතරව හින්දි චිත්‍රපට වලින් ගත්තොත් Hungama(2003), Kismat Konnection (2008), Lage Raho Munna Bhai(2006), Mom (2017) , 100 Days (1991) චිත්‍රපටත්, Run Lola Run (1998) ජර්මානු චිත්‍රපටයටත්, Men and Chicken (2015) ඩෙන්මාර්ක්, ජර්මානු චිත්‍රපටයත්, Your Name (2016), To the forest of Firefly Lights (2011) කියන ජපන්, ඇනිමේෂන් චිත්‍රපට වලටත්, The Shape of Water (2017) ඇමරිකානු චිත්‍රපටයත්, Voldemort; Origins of the Heir (2018) ඉතාලියානු Fan made prequel එකටත් උපසිරැසි ගෙන එන්න මට වාසනාව ලැබුනා.
ඒ වගේම රූපවාහිනි කතා මාලා කීපයකටත් උපසිරැසි නිර්මාණය කරන්න මට පුලුවන්කම ලැබුනා. මගේ මුල්ම කතා මාලාවකට කළ සිංහල උපසිරැසි ගැන්වීම Pinnochchio (2014) කොරියානු කතා මාලාව. ඒ වෙනුවෙන් ඔබ ලබා දුන් අසීමිත යහපත් ප්‍රතිචාර නිසාම Healer (2014-2015), The girl who sees smells (2015), The King 2 Hearts (2012) කොරියානු කතා මාලා සම්පූර්ණ කරන්නට මට හැකි වුනා. එතැනින් නොනැවතී ඇමරිකානු කතා මාලාවකටත් අත ගහන්න මට ඇති වුන ආසාවේ ප්‍රතිඵලයක් විදියට Fringe කතා මාලාවේ දෙවන සමයේ කොටස් 10 කට උපසිරැසි ගැන්වූවා. ඉන්පස්සේ මවිසින් උපසිරැසි නිර්මාණය කළ Harley and the Davidsons ඇමරිකානු මිනි සීරිස් එක මට ලැබුන වටිනාම නිර්මාණයක් විදියට සලකන්න කැමතියි. ඒ වෙනුවෙන් ලෝගන් සහෝට විශේෂ ස්තූතිය! ඔහොම ඔහොම ගිහින් රවිඳු රුක්ෂාන් සහෝගෙ ඉල්ලීමකට The Brave කතා මාලාවේ එක කොටසකටත් උපසිරැසි ගෙන එන්න මට පුලුවන් වුනා.
හින්දි චිත්‍රපට වලින්, කොරියානු කතා මාලා වලට, එතැනින් ජර්මානු, ඉතාලියානු, ඇමරිකානු චිත්‍රපට සහ කතා මාලා වලට, එතනිනුත් ජපන් ඇනිමේෂන් චිත්‍රපට දක්වා ගිය මගේ ගමනේ දන්නෙම නැතුව 100 වෙනි කඩයිමටත් ඇවිත්. 50 වෙනි කඩයිමෙන් පස්සේ තමයි මට බයිස්කෝප් සිංහලෙන් යාලුවෝ ගොඩක් ම දැන හඳුන ගන්න ලැබුනේ. ඒ අතරේ කළු ලැයිස්තුවේ වීරවරිය සුරේනි අක්කා, මගේ ආදරණීය පූර්ණි අක්කා, හින්දි ක්වීන් මුතුඅමා අක්කා, අපේ සුදු නංගි ගයේෂා, අපේ චූටි නංගි සොනාලි මතක් කරන්නම ඕන. ඒ වගේම තාමත් මට කතා කරන්න බැරි වුන කොරියන් ක්වීන් කනිෂ්කා අක්කාවත් මතක් කරන්න ම ඕනේ. බයිස්කෝප් පවුලෙන් මට හමුවුන අයියලා, මල්ලිලා ටිකත් මේ ගමන්ම මතක් කරන් යන්නම්. අපේ සහෝදර බයිස්කෝප් මංසල ඇඩ්මින් තිසර නියෝ, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියෙ ඇඩ්මින් සඳුන් ධනුෂ්ක, මයුර සුරාජ්, දසන් බුද්ධික, චන්දිම අමරසිංහ, සමීර චතුරංග, දිල්ෂාන් කාලිංග, උශාන් පියුමාල්, තාරක නුවන්, දේවක සඳරුවන්, තරිඳු පෙරේරා, දිල්ෂාන් මධුරංග, චමල් අතපත්තු, ප්‍රනීත් මධූ, නවීන් නිසල්, රසිත ප්‍රදීප්, ළහිරු චානක, ඉසුරු සම්පත්, අයියලා සෙට් එකත්, ඉමේෂ් කුමාර, රවිදු රුක්ෂාන්, ප්‍රනීත් චින්තක, චාමර සම්පත්, ප්‍රබුද්ධ කේසර, සොහාන් ජයසූරිය, යසිරු කපුරුසිංහ, දිල්ෂාන් සචින්ත, සෂිත් සඳරුවන්, ඉසුරු දිල්ෂාන්, නිලුපුල් මධුකප්‍රිය, අචින්ත උදයංග, එල් සී.ද. මැල්, රංග ප්‍රසන්න, රශීන් මන්සිල්, රඛිත රණතුංග, අදීත ප්‍රවීන් මල්ලිලා සෙට් එකත් ආදරෙන් මතක් කරනවා. කාගෙ හරි නමක් අමතක වුනා නම් සමාව අවසර!
ඉතින්, බයිස්කෝප් පවුල ජීවිතේට ආවත් එක්කම මගේ පවුලේ අම්මා, තාත්තා, අක්කා, ප්‍රබුද්ධ අයියා ඒ වෙනුවෙන් ලබා දුන් සහය අනන්තයි, අප්‍රමාණයි. ගොඩක්ම වෙලාවට මම නිවාඩුවක් ලැබුනම ගෙදර දුවන් එන්නේ ෆිල්ම් එකක්, දෙකක් කරන්නම බලාගෙන. බොරුවට නෝක්කාඩු කිය කියා, මගේ අහිංසක ආසාවට ඉඩ දෙන පවුලක් ලබන්න මම වාසනාවන්තයි කියලා මට හිතෙනවා. චිත්‍රපටයක් බලනවා වගේ නෙවෙයි උපසිරැසියක් නිර්මාණය. කරලා ම බලන්න ඒ අත්දැකීම කොහොමද කියලා. එක්කෝ ඔයාට වැඩේ එපාම වෙයි, නැත්නම් ඔයා ගලව ගන්න බැරි විදියටම වැඩේට ඇබ්බැහි වෙයි. මටත් වෙලා තියෙන්නේ ඇබ්බැහි වීම. ඒ නිසයි විශ්ව විද්‍යාලීය වැඩ කන්දරාවක් අස්සේ කොහොමහරි මේ වැඩෙත් කරන්නේ.
විශේෂයෙන්ම මේ වෙලාවේ මම අධ්‍යාපනය ලබන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආදරණීය සහෝදර සහෝදරියෝ මතක් කරන්න ඕන. ඒ හැමෝගෙම නොමඳ ප්‍රතිචාර මේ ගමන මේ තාක් දුරට එන්න මට මහා ශක්තියක් වුනා. මගේ රූමිලා තුන්දෙනාට විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනෙ. මොකද, එයාල තමයි මගේ උපසිරැසි නිර්මාණ මුලින්ම රස විඳලා ගුණ දොස් විචාරය කරන්නෙ.
ආදරණීය බයිස්කෝප් රසික සහෘදත්වය, මම මේ වෙලාවෙ කොහොම නම් අමතක කරන්නද! ඔයගොල්ලෝ දාන එක කමෙන්ට් එකක්, එක වෝට් එකක් ගානේ මට දැනෙන්නෙ පුදුම සතුටක්. ඒ සතුටට තියන ලෝබකමටද මම ඇබ්බැහි වෙලා තියෙන්නෙ කියලත් වෙලාවකට හිතෙනවා.
දන්නෙම නැතුව ලිපිය දිග වැඩි වුනාද මන්දා! එහෙනම් ආයිත් හමුවෙමු.
”The noblest art is that of making others happy.”
-P.T.Barnum-
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR/WEB පිටපත් සඳහා අදාළ වේ.
12,636 downloadsDownload The-Greatest-Showman-2017-BR.zip155 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
238 comments
Mayura
Helili Hemamali
බොහොම ස්තූතියි මයුර අත්තේ. උඩ වැරදිලා අයියලගෙ ගොඩට වැටුනේ.
හසන්ත වික්‍රමරත්ත
සුබ පැතුම් හෙළිලි නංගි! 100ක් කරලා පුදුම ඉක්මනට. ඒකෙන්මා පේනවා තියෙන ඇබ්බැහිවීම. මේ ඇබ්බැහිය දිගටම එහෙමම තියෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා! ඉස්සරහට මේ වගේම සෑම විදිහකම නිර්මාණ වලින් නැවත නැවත දකින්න ලැබේවා වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගනන ලැබේවා! ජය !!
Helili Hemamali
බොහොම ස්තූතියි හසා අයියේ. විරාමයක් ගන්නයි හිතුවේ, කොහෙද ඔහොම කියද්දි එහෙම කරන්න බෑ වගේ. ඉඩ තියෙන තියෙන විදියට බලන්නම්කෝ සබක් දෙකක් කොටන්න.
THE NEW FOLDER
thanks & good luck
Helili Hemamali
Thank u friend!
එල්.සී. දමැල්
100වන උපසිරස නිමැවුම වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම්...
ඉතින් හෙළිලි අක්කේ (දැන් 100 ආච්චි :p) මෙතනින් නොනැවතී මේ වගේම උපසිරස කිරීමේ හැකියාව ඔයාට ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා.... අධ්‍යාපන කටයුතුත් සාර්ථකව කරගන්න පුලුවන් වේවා කියලත් ප්‍රාර්ථනය කරනවා...
එහෙමනම් 101වෙනි උපසිරස තුළින් හමුවෙමු...Helili Hemamali
බොහොම ස්තූතියි මලේ!
widuranga
thank u for this sub and other 99 subtitle... hope for another 100 subtitle...
Helili Hemamali
Thank u so much bro!
Hard Rock
thanx
Helili Hemamali
Thanks bro.
Gathsara Umesh
Hmme...
Akka kohoma hri 100 guw neda...me gmn 500n wath nwaththanna hithnwath epaa...
Subapathnawa hdwathinm akkt...
Ikmnim 150n hmu wemu neda...aaa...
Jayawewaa..!!!❤❤Helili Hemamali
ඒකනේ මල්ලි. බොහොම ස්තූතියි.
ශසිත් සඳරුවන්
100 වෙනි උපසිරැසියට සුභපැතුම් හෙළිලි. අවුරුද්දකින් 100 ක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. තවත් උපසිරැසි කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මාවත් මතක් කරාට ස්තුතියි.(මල්ලිලා ගොඩට දැම්මට අවුලක් නෑ. පුතාලා වගේ අයත් මල්ලි කියන එකේ ඕක මොකක්ද :P)
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
Ravindu Rukshan
සුභ පැතුම් අක්කෙ 100 වෙනි උපසිරැසයට.....
ඒවගේම තමයි බ්‍රේව් කතාමලාව කරන්න කෙනෙක් නැති වෙලේ ඔයා තමයි ඉදිරිපත් වෙලා කරල දුන්නෙ.ඇත්තටම ඒකට ගොඩක් ස්තූතියි වන්ත වෙනවා මේ වෙලාවේදී..
එහෙනම් ඉතින් මෙතනින් නවත්තන්න බැහැ.තව දිගටම යමු.
150/200 තව ඉදිරියටම යන්න ලැබෙන්න කියා පාර්ථනා කරනවා....Helili Hemamali
බොහොම ස්තූතියි මලේ.
MuthuAma
100 ට සුබ පැතුම් නංගි.
තව තවත් උපසිරසි කරන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවාHelili Hemamali
බොහොම ස්තූතියි අක්කේ.
Prashan
Good Luck sis and I wish you all best for your future works.Keep it Up.Thank you for the service what you are providing to us.
Helili Hemamali
Thank u bro!
sumed
100 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Helili Hemamali
බොහොම ස්තූතියි!
අසංක ප්‍රදීප් රණතුංග
දෙවන කඩයිමට සුබ පැතුම් නගෝ. මම හිතන්නේ පළමු කඩයිමේ මතකේ තාම තියෙනවා. මාස කීයක්ද, දෙක තුනයි නේ ගියේ. ඉතින් සුබපතනවා. ඒවගේම දෙයක් කියන්න ඕන. ඔයා කරපු ලිස්ට් එක බැලුවම එක තැනකට කොටුවෙලා නැහැ කියල පේනවා. මල් කතා වගේම සම්බාව්‍ය වැඩසටහන් ඒ අතරේ තියෙනවනේ. ඉතින් දිගටම මෙහෙම කරගෙන යමු. බුදු සරණයි...!
Helili Hemamali
බොහොම ස්තූතියි අයියේ!
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
200ත් ගහමු....
මේකා සබ් දෙනකම් හිටියේ...
වුල්වරින් ඉන්නවනම් ඕන එකක්...Helili Hemamali
බොහොම ස්තූතියි.
kuma.lk
Thank you .........
Helili Hemamali
Thanks.
geeganagamage
100 වෙනි උපසිරැසියට සුභපැතුම්
Helili Hemamali
බොහොම ස්තූතියි
Tharaka Nuwan Dilhara
හදවතින්ම සුභ පැතුම් 100 වෙනි උපසිරසි ගැන්විම වෙනුවෙන්
මෙතනින් නොනැවතී තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා පතනවා
ඒ වගේම ස්තුතියි මාවත් මතක් කලාට.
ඊලඟ කඩයිමටත් ඉක්මනින් යමු..
ජයෙන් ජය...!!!!Ajith Priyantha
100 wani kadaimata unusum suba pathum sis
sub ekata thanks wawaHelili Hemamali
බොහොම ස්තූතියි අයියේ.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!100 වෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා,
Helili Hemamali
බොහොම ස්තූතියි
James DC
100වෙනි උපසිරසියට සුභ පැතුම්. ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින්ම යාමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා...
Helili Hemamali
බොහොම ස්තූතියි.
Tharaka
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි!
100 වෙනි උපසිරසි ගැන්විමටත් සුභ පැතුම්!
ජය වේවා!
බුදු සරණයි!Helili Hemamali
බොහොම ස්තූතියි.
සිසිල ප්‍රසාද්
පනහ කරලා අනිත් පැත්ත බලන්න නැහැ, මෙන්න සීයටත් ඇවිල්ලා. කඩයිම් පහුකරන එක පුරුද්දක් කරගත්ත තවත් උපසිරසිකරුවෙක් බිහිවෙන පෙරනිමිති දැන් දැන් පහල වෙනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, තව මාස දෙක තුනක් යද්දී ඊළඟ කඩයිමටත් යාවි. අධ්‍යාපන කටයුතුත් හරියාකාරව කරගෙන, ඊළඟ කඩයිමටත් බොහොම ඉක්මනින් ලඟා වෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා පතන ගමන්, සියවෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා. ජය වේවා!
Helili Hemamali
බොහොම ස්තූතියි සිසිලයියා!
ඉසුරු සම්පත් සිරිසේන
100 වෙනි උපසිරසියට සුබපැතුම් හෙළිලි..!!
ඉක්මනින්ම අනිත් කඩයිම් සියල්ලක්ම
සපුරාගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ඒ වගෙම Brave සීරීස් එකේ අපි අමාරුවෙ
වැටිල උන්නු වෙලාවෙදි කරපු උදව්වට ගොඩක් ස්තුතියි.
ඔබට ජය!!Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
Sameera_karunaratne
මෙහෙම උදවිය නිසා තමයි සයිට් එකේ සුභ පැතුම් කොටස හැමවෙලේම අලුත් කරන්න සිද්ධ වෙන්නේ, අනේ වාසනාවන් අපරාධේ කියන්න බැහැ තවම 50 සුභ පැතුම තියනවා 4 වැනි තැන. ඔහොමම තිබ්බ දෙන නේද ? 100 සුභ පැතුම එතනින් යන්න කලින් 150 වැන්නේ සුභ පැතුමත් එතනට එක්කාසු කරන්න ලැබුනොත් කාලෙකින් දකින්න ලැබෙන අගේ ඇති දසුනක් වේවි ඒක... ඉතින් සුභ පතනවා ඔබට උපසිරැස 100 ක් වෙනුවෙන්, තවත් මේ වගේ අගනා නිර්මාණ අපි වෙත ගෙන එන්නට, ජිවිතයේ සියලු පැතුමන් සපල වෙන්නට සුභ පතනවා එක හිතින්...!!! සදා ජය !!!
Helili Hemamali
අනේ බොහොම ස්තූතියි. 150 නම් ඒ තරම් ඉක්මනට දෙන්න බැරි වෙයි වගේ.
SAjith Anthony
100 වෙනි උපසිරසියට සුබපැතුම් !!!
ජයෙන් ජයම වේවා...!!Helili Hemamali
බොහොම ස්තූතියි මල්ලි.
සුධිර මාලන්
100ට මගෙනුත් සුබ පැතුම්! මාවත් මතක් කලාට ගොඩක් ස්තුතියි! තව තව උපසිරසි කරන්න වාසනාව ලැබේවා කියලා පතනවා!
Helili Hemamali
බොහොම ස්තූතියි අයියේ!
subodha
Thanks
Helili Hemamali
Thank u and welcome.
n m g m senanayaka
i wish u all the best
Helili Hemamali
thank u.
Pravidu Fdo
Congratulations For The 100th Subtitile Akki.. Good Luck For The More Subtitles. Thank You! God Bless You!!
Helili Hemamali
TThank u bro!
gayan215
bohoma sthuthi sahodari awagema suba pethum 100na upasirasata...
Helili Hemamali
බොහොම ස්තූතියි
Anuruddha Leo
සුභ පැතුම් හෙළිලි......ඔය ගැම්මෙන්ම 150ත් ගහමු
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ.
Navodani Thilini Sasanika
100 වෙනි උපසිරසියත් නිර්මාණය කරලා මේ වෙන කැපවීමට ගොඩක් ස්තූතියි වගේම 100 වෙනි කඩඉම පහුකරපු හෙළිලි අක්කට සුභම සුභ පැතුම්!!!
අක්කා කිව්වා වගේ මේකට ගොඩක් ඇබ්බැහි වෙනවා. ඒ වගේම හරිම විනෝදයි, ඒ සතුට මටත් හොඳට තේරෙනවා.
මේ වගේ තවත් ෆිල්ම්, සීරීස් වලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අක්කා කරපු Your Name ඇනිමේෂන් ෆිල්ම් එක බලලා තමයි මටත් සබ් කරන්න ආසාවක් ඇති වුනේ.
ගොඩක් සතුටුයි, ජය වේවා!!!Helili Hemamali
හරිම සතුටුයි නංගි ඒ වගේම ස්තූතියි! තරු පහේ ජැපනීස් කෙල්ලෙක්නේ. තරු පහෙන්ම 50 ට යන්න ලැබෙන්න කියලා ඔයාට මං සුබ පතනවා.
Prabuddha Kulatunga
Congrats 100 ta... :D :D
Helili Hemamali
Thanks dr.
janithhashan
good one
Helili Hemamali
Thank u.
Sureni Athurugiri
100 වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් නංගී.... කිව්වා වගේම මේක ඇත්තටම ඇබැහිවීමක්. ඔයා නම් හොදම විදියට ඇබ්බැහි වෙලා තියෙන බව පේනවා උපසිරැසි කරන වේගය දැක්කම. 150, 200 මීටත් වඩා වේගයෙන් සම්පූර්ණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කාන්තා නියෝජනය ඉදිරියට එනකොට කාටද ආඩම්බර නේහ්...!!!
Helili Hemamali
බොහොම ස්තූතියි අක්කේ! ආයි දෙකක් නෑ, කාන්තා නියෝජනය නැත්නම් බයිස්කෝප් අහස සදා ගනඳුරේ.
chiran
උණුසුම් සුබ පැතුම් good luck for the future
Helili Hemamali
බොහොම ස්තුතියි සහෝ!
Nirosh C
ස්තුතියි සහෝදරී.ජයවේවා !
Helili Hemamali
ස්තූතියි සහෝ.
kickass
thx katahari puluwannam beyond tv show ekata sub denna
Helili Hemamali
Thank u.
Sherlock holmes
Thanks sis br ආවම අප් එකකුත් ඕන :-)
Helili Hemamali
අනිවාර්‍යෙන් දෙනවා. ස්තූතියි සහෝ.
Kulanjana Maduranga
Hat off Respect SIS….really appreciate your works..thanks for giving us all of this…Great work & Lot of thanks HELILI Sis.wish u’r great future..
Helili Hemamali
Thank u so much bro!
Kanchaka
Congratz
Helili Hemamali
Thank u!
ලහිරු ප්‍රසාද්
හදවතින්ම සුබ පතනවා 100 කඩයිම වෙනුවෙන්. සෑහෙන ඉක්මනින් ඇවිත් තියෙනවා මෙච්චර දුරක්.
තවත් ඉදිරියට උපසිරැසි කරන්න කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
~ජය වේවා!~Helili Hemamali
බොහොම ස්තූතියි මල්ලි!
ප්‍රබුද්ධ කේසර විතානගේ
සියවැනි උපසිරසියට අපගෙන් උණුසුම් සුභ පැතුම්!
ඉදිරියටත් සතුටින් මේ දේවල් කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
:) :)Helili Hemamali
බොහොම ස්තූතියි මල්ලි!
surendra
100 වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් !!!!
Helili Hemamali
බොහොම ස්තූතියි!
sachintha
සබ් එකට ස්තූතියි අක්කේ
100 වෙනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් !!!!Helili Hemamali
බොහොම ස්තූතියි මල්ලි !
sampath n perera
100 වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් !
Helili Hemamali
බොහොම ස්තූතියි!
Nuwan Manage
100 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝදරී.මේ වගේ තවත් ෆිල්ම්, සීරීස් වලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Helili Hemamali
බොහොම ස්තූතියි සහෝ!
Jerome Valeska
මුළින්ම සමාව ඉල්ලනවා කළින් කමෙන්ට් එකක් දාන්න බැරි වුණාට.
අර කට්ටිය කියන්නා වගේ දැන් නම් වැඩේට හොඳටම ඇබ්බැහි වෙලා කියලා පේනවා සබ් කරන ස්පීඩ් එක දැක්කහම.
එහෙනම් 100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා...!!!
150ත් ඉක්මණටම ගහනවා කියලා දන්නවා මේ ස්පීඩ් එක දිහා බලනකොට
එහෙනම් 150න් හම්බෙමු...
(දැනටම ෆිල්ම් එකක් වෙන් කරලා තියාගන්නවා නම් ලේසි වෙයි )Helili Hemamali
කමෙන්ට් කරපු එකම මදැයි. බොහොම ස්තූතියි සමන්!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හෙලිලි.
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සිංහල උපසිරැසි 100කින් දායකවුනා කියන්නේ ඉහලින් අගය කරන්න වටින කාරණාවක්.
සුබ පැතුම් කඩඉම වෙනුවෙන්. සෑම දෙයක්ම සාර්ථක වේවා!
ජයෙන් ජය.Helili Hemamali
බොහොම ස්තුතියි සහෝ!
Udara Damith Dissanayaka
1.2.3.4.5.6.7.8.9.10.11.12.13.14.15.16.17.18.19.20.21.22.23.24.25............................................................
99.
100...............
150 ????????Helili Hemamali
ඒකට නම් ටිකක් කල් යයි වගේ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි.. 100 ගහල ගෝල්ඩ් මෙම්බර් කෙනෙක් උනාට හදපිරි ශුබාසිංසන. හේමක්කේ ඉක්මනට 150, 200ත් ගහමු. ජය වේවා