Watch Trailer

Over the Moon (2020) Sinhala Subtitles | සත්‍ය ප්‍රේමය වෙනුවෙන් සදට ගමනක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ අද ඉතින් මං මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට උපසිරැසිය තමයි මේ ගෙනැල්ලා තියෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටය ගත්තොත් හරි ලස්සන චිත්‍රපටයක්. විද්‍යා ප්‍රබන්ධ, මිථ්‍යාවලට සම්බන්ධ දේවල් මේ චිත්‍රපටයෙන් දැකගන්න පුලුවන්. ඉතින් චිත්‍රපටය ගැන බැලුවොත්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Glen Ke…

කොහොමද යාළුවනේ අද ඉතින් මං මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට උපසිරැසිය තමයි මේ ගෙනැල්ලා තියෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටය ගත්තොත් හරි ලස්සන චිත්‍රපටයක්. විද්‍යා ප්‍රබන්ධ, මිථ්‍යාවලට සම්බන්ධ දේවල් මේ චිත්‍රපටයෙන් දැකගන්න පුලුවන්. ඉතින් චිත්‍රපටය ගැන බැලුවොත්, මේක අධ්‍යක්ෂණය  කරලා තියෙන්නේ Glen Keane විසින්. කතාව ලියලා තියෙන්නේ Audrey Well විසින්. සංස්කරණයෙන් සහයෝගය දීලා තියෙන්නෙ Edie Ichioka. මේ චිත්‍රපටය නිර්මාණය කිරීමෙන් දායක වෙලා  තියෙන්නෙ Dentsu Entertainment හා Netflix ආයතනය විසින්. මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ 2020 ඔක්තෝබර් 23 වෙනිදා. මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 6.6 ක අගයක් ද කුණු තක්කාලි දර්ශකයේ 79% ක අගයකුත් ලබාගෙන තියෙනවා. හඩකැවීමෙන් දායකත්වය දීලා තියෙන්නෙ Cathy Ang( ෆෙයි ෆෙයි), Robert G Chiu(චින්), Philipa Soo (චන්ගා) යන පිරිස. ඉතින් මේ චිත්‍රපටයේ කතාව ගැන බැලුවොත් ෆෙයි ෆෙයි, ඒ කියන්නෙ මේකේ ප්‍රධාන චරිතෙ.එයයි එයාගෙ පවුලෙ පිරිසයි සතුටින් ඉන්නවා.ඔය අතරෙ ෆෙයි ෆෙයිගෙ අම්මා මිය යනවා. අම්මා ඉන්නකොට ෆෙයි ෆෙයිට හදට වෙලා තමාගෙ සත්‍ය ආදරය එනකන් බලාගෙන ඉන්න චන්ගා කියලා කෙනෙක් ගැන කියනවා. ඒත් ඒක මිථ්‍යාවක් විතරයි.පස්සෙ තාත්තා අම්මා නැති හින්දා වෙන කාන්තාවක් විවාහ කරගන්න හදනවා. ඉතින් ඕකට ෆෙයි ෆෙයි එච්චර කැමති වෙන්නෙ නෑ. ඉතින් සත්‍ය ආදරයේ සංකේතය ඒ කියන්නේ චන්ගා ඇත්තක් කියලා තාත්තට පෙන්නන්න ෆෙයි ෆෙයි අභ්‍යවකාශ ගත වෙනවා. ඉතින් මේ ෆෙයි ෆෙයිට ඒක ඔප්පු කරගන්න පුලුවන් වෙයිද? චන්ගා කියන්නෙ මිථ්‍යාවක් විතරමද? කියලා, චිත්‍රපටයෙන්ම බලන්නකෝ…… 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-Rip පිටපත් සඳහා අදාළ වේ.

7,241 downloadsDownload Over-the-Moon-2020.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

7,241 downloadsDownload Subtitles63 KB

10 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. indika75

    thanks..

  3. chanu mikhail

    ස්තූතියි!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  6. Sandeep

    Thanx saho sub ekata.. supiri

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Kavi_madushan

    Bohoma sthuthi sub ekata,puluwnnm jiang zia,beauty water,wolfwalkers animation movies waltath sub dennko,jayawewa,budusarnai !!!

  9. mindika

    Thanks!!!

  10. lakshan

    thanks .....................