ආයුබෝවන්! සුබ දවසක් වේවා යාළුවො හැමෝටම! ඔන්න ඉතින් පරණ බටහිර, විශේෂයෙන් කලුසුදු සිනමාවට කැමති අය වෙනුවෙන් අදත් පරණ චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන මං ආවා. The Mummy (1932) සහ The Mummy‘s Hand (1940) බලපු ඔයාලට Mummy චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය, නැත්නම් The Mummy‘s Hand චිත්‍රපටයේ දෙවන කොටස ඔයා…

ආයුබෝවන්! සුබ දවසක් වේවා යාළුවො හැමෝටම! ඔන්න ඉතින් පරණ බටහිර, විශේෂයෙන් කලුසුදු සිනමාවට කැමති අය වෙනුවෙන් අදත් පරණ චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන මං ආවා. The Mummy (1932) සහ The Mummy‘s Hand (1940) බලපු ඔයාලට Mummy චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය, නැත්නම් The Mummy‘s Hand චිත්‍රපටයේ දෙවන කොටස ඔයාලට අරගෙන ආවා.
The Mummy‘s Tomb (1942)
ස්ටීව් බැනින් සහ එයාගේ යාළුවා බේබ් ඊජිප්තුවේ පුරාණ අනන්කාගේ සොහොන් ගෙය හාරා එහි ඇති සියළු ආභරණත් එක්ක අනන්කා කුමරියගේ සිරුර අරන් තම මව් රටට එනවා. ඒ දැනට අවුරුදු 30කට කලින්. එහිදී උත්තම පූජකවරයාට වෙඩි වදින නමුත් ඔහු ජීවිතය බේරාගන්නවා. වෙඩි පහරට හා ගින්නට හසුවුනත් කරිස් නම් මමිය විනාශ නොවී බේරගන්න ජූජකයා සමත් වෙනවා. කරිස් භාර පූජකයට පසු කරිස්ව භාරදෙන අළුත් පූජකයට පැවරී ඇත්තේ කරිස් ලවා බැනින් පවුලේ ලේ සබඳකම් ඇති සියළු අය මරාදැමීමටයි. ඒ පුරාණ පූජනීය අනන්කා කුමරියගේ සොහොන් ගෙය කෙලසීමේ පලිය ගන්නයි.
ස්ටීව් බැනින්ගේ පුත් ජෝන්, වෛද්‍යවරයෙක් වන අතර ඔහු ඉසබෙලා නම් යුවතිය හා විවාහවීමට සිටී. මේ අතර මෙහමත් බේ නම් කරිස්ගේ නව භාරකාරයා බැනින් පවුල මරා දැමීමට බැනින් සොයා කරිස් සමඟ එයි.
Neil P. Varnick ගේ කතාවට Griffin Jay සහ Henry Sucher තිර රචනය කල මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Ben Pivar විසිනි. අධ්‍යක්ෂණය Harold Young විසිනි. මෙහි Dick Foran, Wallace Ford සහ George Zucco ට අමතරව ජෝන් බැනින් ලෙස John Hubbard, ඉසබෙලා ලෙස Elyse Knox, කරිස්ගේ නව භාරකරු මෙහෙමත් බේ ලෙස Turhan Bey ඇතුළු නළු නිලියන් රැසක් දායක වී ඇත.
1942 ඔක්තෝබර් 23 වනදා තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටය විනාඩි 61ක ධාවන කාලයකින් යුක්තය.
The Mummy‘s Tomb චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.7ක් සහ Rotten Tomatoes 29%ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 85%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා.
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,441 downloadsDownload The-Mummys-Tomb-1942.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
11 comments
Supun Kaushalya
geeganagamage
සැබෑ වෙනසක්. හොඳ පරණ ෆිල්ම් එකකටත් උපසිරැසි දීලානේ. අළුත්, පරණ කියලා භේදයක් නැතිව ඔන්න ඔහොම තමයි උපසිරැසි දෙන්න ඕනේ. අනිවාර්යෙන් බාමි. සහෝගේ උපසිරැසියට ස්තූතියි!
Anonymous
බොහොම ස්තුතියි රොෂාන්
kavindu
oceans eleven 2001 idala film twelve thirteen film walata sub dennako plzzzzz
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි.
Request...
Murder! - 1930
M - 1931
indika75
thanks..
Udara Damith Dissanayaka
ela ayiya
Priyantha Dayakeerthi
රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
මෙම සිනමාපටය මා නරඹන්නට සිටි එකක්, සිංහල උපසිරැසිය ලබා දුන්නට ඔබට ස්තුතියි,
ඔබගේ වටිනා කාලය වැය කරමින් මේ කරනා මහඟු සේවයට මාගේ ස්තුතිය නැවත පුද කරමි!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Mummy’s Tomb (1942) Sinhala Subtitles | කරිස්ගේ පලිගැනීම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/The-Mummys-Tomb-1942.jpg)
තෑන්ක්ස් සහෝ මේ වගේ පරණ ෆිල්ම්වලට සබ් දෙනවට Jason and the Argonauts 1963 එකටත් සබ් දෙනවද