කොහොමද කට්ටියට? ආයෙත් කාලෙකට පස්සේ කොමඩියක් අරගෙන ආවා ඔන්න. කලින් ඉදලා ඇහැ ගැටිලා තිබුන එකක් වුනත් කලින් බාරගත්තේ නෑ. පස්සෙ කවුරුහරි කරයිද කියල බලල බලලා කෙරෙන පාටක් නැති නිසා අරගෙන ආවා එහෙනම්. මං කලින් දුන්න උපසිරැසියට අදහසක් එකතුකරලා දෙතුන් දෙනෙක් මේකත් දෙන්න කියලා ඉල්ලලත් තිබුනානෙ. ඉතින් මෙන්න ත…

කොහොමද කට්ටියට? ආයෙත් කාලෙකට පස්සේ කොමඩියක් අරගෙන ආවා ඔන්න. කලින් ඉදලා ඇහැ ගැටිලා තිබුන එකක් වුනත් කලින් බාරගත්තේ නෑ. පස්සෙ කවුරුහරි කරයිද කියල බලල බලලා කෙරෙන පාටක් නැති නිසා අරගෙන ආවා එහෙනම්. මං කලින් දුන්න උපසිරැසියට අදහසක් එකතුකරලා දෙතුන් දෙනෙක් මේකත් දෙන්න කියලා ඉල්ලලත් තිබුනානෙ. ඉතින් මෙන්න තව හොද කොමඩි භාණ්ඩයක්.
පහුගිය මැයි මාසෙ 04වෙනිදා නිකුත්වුන චිත්‍රපටිය ලබාගෙන තියෙන imdb අගය 5.9ක්. අගයන් ටිකක්විතර අඩුවුනත් මේක ආදායම් අතින් ඉතාමත් සාර්ථක වුනා. තිරගත කල පලවෙනි සතියේදීම මුළු පිරිවැය ආවරණය කරගන්න සමත්වුනා වගේම සමස්තයක් විදියට වියදම වගේ හත් අට ගුණයක ආදායමක් උපයාගන්න සමත්වෙලා තියෙනවා. ප්‍රදාන චරිත වශයෙන්, ලියනාඩෝ විදියට Eugenio Derbez සහ කේට් විදියට Anna Faris රංගනයෙන් දායක වෙනවා. Comedy,Romance කියන කාණ්ඩ දෙකට තමයි මේක අයිතිවෙන්නේ. මෙන්න මෙහෙමයි කතාව.
ලියනාඩෝ කියන්නෙ සරලවම කිව්වොත් සල්ලිකාර තාත්තෙක්ගෙ නාස්තිකාර පුතෙක්. එසේ මෙසේ සල්ලිකාරයෙක් නෙමේ ලෝකෙ ලොකුම සල්ලිකාරයින්ගෙන් කෙනෙක් තමා එයාගෙ තාත්තා. ඉතින් මිනිහගෙ ජොබ් එක තමා තාත්තගෙන් උපන්දිනේට තෑග්ගක් විදියට ලැබුන නැවක් වගේ විශාල සවාරි බෝට්ටුවේ කෙල්ලොද, කෑමද බීමද, හැම මගුලම දාගෙන ලෝකෙ වටේම සවාරි ගහන එක. වෙන මිනිහෙක්ගෙ ප්‍රශ්න ගැන, අනිත් දේවල් ගැන වගේ වගක් නෑ. තමන්ම තමා පොර කියලා තාත්තගේ සල්ලි වලින් රජ සැප විදින චරිතයක් කිව්වම කට්ටියට පැහැදිලි ඇතිනෙ මිනිහ ගැන.
එතකොට, කේට් කියන්නෙ සරලවම කිව්වොත් සැමියත් නැතුව දුවලා තුන්දෙනෙක් තනියම රැකබලාගන්න මහන්සි වෙන තරුණ මවක්. මොකක්හරි හේතුවක් නිසා සැමියා අකාලේම සමුඅරන් නිසා දුවලා තුන්දෙනාත් එක්ක ජීවිතේ ගැටගහගන්න කට්ට කන කෙනෙක්. පොඩි පොඩි ජොබ් දෙක තුන කරන ගමන් නර්ස් කෙනෙක් වෙන්නත් ඉගෙනගන්න ගමන් ඉන්නෙ.
ඉතින් මෙහෙම පොඩි පොඩි සුළු රැකියාවලට යන අතරේ කේට්ට ලියනාඩෝගේ බෝට්ටුවෙත් සුළු රැකියාවකටඅවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි කාපට් සුද්ද කරන එක. මෙතනදී මේ දෙන්නා මුනගැහෙනවා විතරක් නෙමෙයි,කිව්ව වැඩක් කලේ නෑ කියලා ලියනාඩෝ කේට්ව එලවලා දානවා. ඒ නිකනුත් නෙමෙයි, පඩිත් නොගෙවා කේට්වයි කේට්ගෙ බඩු මුට්ටු සේරමයි බෝට්ටුවෙන් වතුරට තල්ලු කරලා දාල. ඉතින් මේ වැඩේ නිසා බඩු මුට්ටු වලට අතින් ගෙවන්න වෙලා කේට් තවත් අසරණ වෙනවා වගේම ලියනාඩෝ ගැන පුදුම තරහකින් ඉන්නෙ. ඉතින් මීට පස්සෙ දාක රෑ තමයි හරි වැඩක් වෙන්නෙ. හොදට බීලා බීලා ලියෝ බෝට්ටුවෙ උඩ තට්ටුවට එනවා කොන්ඩම් පැකට් ටිකක් හොයාගෙන :-). ඉතින් මිනිහා ඔතන ඩාන්ස් දදා ඉන්න වෙලාවෙ හදිසියෙ බෝට්ටුව ගැස්සුන පාර මූ කෙලින්ම මුහුදට වැටෙනවා. හැබැයි තුවාලයක් මුකුත් නැතුව මිනිහව වැල්ලට ගොඩගහගෙන ඇවිත් තිබුනත් එකම ප්‍රශ්නෙ තමයි මිනිහට උන්හිටි තැන් මතක නෑ. මිනිහා කවුද කියලවත් මතක නෑ. ලියනාඩෝව ගෙදර එක්කරගෙන යන්න ඇවිල්ල හිටිය අක්කත් මේක දැනගත්තම, ව්‍යාපාරවල අයිතිය එයාට ලබාගන්න තාත්තට කියනවා ලියනාඩෝ මෝරා කාලා මලා කියලා :-() අනේ ඉතින් ආතක් පාතක් නැතුව ඉස්පිරිතාලෙක මෙහෙම ඉන්න මනුස්සයෙක් ගැන ආරංචිය පැතිරෙද්දි ඕක දැනගන්න ලැබෙනවා කේට්ට. ඉතින් කේට්ගෙ ලොක්කගෙ උපදෙස් පරිදි ලැබුන අවස්තාවෙන් මහ පුදුම හිතෙන ප්‍රයෝජනයක් ගන්න ලෝක බොරුවක් මූලික කරගත්ත මෙහෙයුමක් එයාල දියත්කරනවා. ලියනාඩෝ තමන්ගෙ කසාද මිනිහා කියලා ඔප්පුකරන්න හොර ලියකියවිලි හදාගෙන කේට් මිනිහව ගෙදර එක්කරගෙන ගිහින් එකී මෙකී නොකී හැම වැඩක්ම ඌට කියලා කරගන්නවා 🙂 පළිගන්න එකෙත් හොදම එකෙන් කරන මේ පලිගැනීමේ රංගනය කොහෙන් කොහොම ඉවරවෙයිද කියන එක ඔයාලටම බාරයි. ලිපිය දිග වැඩිද මන්දා. දිග ලිපි ලියන්න ඒතරම් මනාපයක් නෑ මගේ. පුළුවන් විදියට කිව්වා එහෙනම් කතාව. බලන නොබලන එක ඔබලාට භාරයි. කොමඩියක් වුනත් මං පෞද්ගලිකව සංවේදී වුන තැනකුත් මේකෙ තිබුනා. බැලුවට පාඩුවක් වෙන එකක් නෑ. ගිහින් එන්නම් එහෙනම්! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
6,078 downloadsDownload Overboard-2018.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
35 comments
Ruwan18
sudesh1234
thanks bro..
Mayura
අන්තිම ටිකත් කියන්නකෝ.
isuru dilshan
මේ ටික ට්‍රේලර් එකෙත් තියෙනවා..ඕනෙමනම්, අන්තිමට ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි හොරු ටික අල්ලගන්නවා..
Sajithakalanka
Ela bro
Dewadithya
Thanks for Sub!
MAALnath
Thanks ..................good luck ....................
GayaJ
thank you mcn
kapilakumara
Thanks bro
dumidu gamage
බොහොම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!TharakaWAS
subata thanks bro...!!!
Jaya wewa....!!!Nimach273
Thanks machn sub akta....
Jayasanka
Thanks macho ....
Nilush Angana
Sub ekata thanx
saduhiru1
thanks saho,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,...
Kulanjana Maduranga
subata thanks....
Madusara
ela bn...
jayawewa!Sajithlakshan
thanks .............................
Sajithlakshan
thanks machan .............................
jagath55
Thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
පට්ට කොමඩියක් මේක...Chanmatara
Thanx සහෝ
Buddi
Thanks..........
mindika
Thanks !!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shamal Ranasinghe
Thank you so much bro...!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
neelanethra
ස්තූතියි !!!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Kaveen Gayath
Thanks for the sub bro
Farmchemie_Roshan
Thanks bro...
sampath n perera
thanks
MAALnath
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Overboard (2018) Sinhala Subtitles | මෙහෙමත් බොරුවක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/overbord-2018.jpg)

ela thanks saho