Watch Trailer

Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | පැරණි සතුරන් සමග නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සෑහෙන කාලයකට පස්සේ නැවත ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. චිත්‍රපටියේ කැමරා කොපියක් නිකුත්වෙලා ටික කාලයක් ගතවෙලා තිබුනා වුනත් හොද කොපියක් එනකන් සබ් එක කරගන බලාගන හිටියා. මේ අන්තර් ජංජාලයට හො…

Mission Impossible - Rogue Nation 2015 -Surni100

ඔන්න සෑහෙන කාලයකට පස්සේ නැවත ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. චිත්‍රපටියේ කැමරා කොපියක් නිකුත්වෙලා ටික කාලයක් ගතවෙලා තිබුනා වුනත් හොද කොපියක් එනකන් සබ් එක කරගන බලාගන හිටියා. මේ අන්තර් ජංජාලයට හොද කොපියක් නිකුත් වූ වහාම තමයි ඔබේ රස වින්දනය පිණිස උපසිරැසිය නිකුත් කරන්නේ.. ෆිල්ම් එක පිළිබද තොරතුරු පැත්තට හැරෙමුකෝ දැන්.

MI කිව්වොත් එක පාරම මතක් වෙන්නේ ටොම් කෘස්ව, ටොම් කෘස් කිව්වම එක පාරටම මතක් වෙන්නේ මිෂන් ඉම්පොසිබල් 😀 ඒ දෙක ඒ තරම් තදින් බැඳිලා තියෙනව 1996 ඉඳලම. ඒ බැඳීම කොතෙක්ද කියනවා නම් 2018 මේ මොහොත වෙනකොට නිකුත් වෙලා තියෙන MI : 6 තියෙන්නේ වසරේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම දිනාගත්ත සිනමාපට අතර 8 වෙනි ස්ථානයේ. ඒ ඩොලර් මිලියන 720 + ආදායමක් උපයාගනිමින්. ඒ විතරක් නෙමේ. මේ සිනමාපටය IMDB Top 250 අතරින් #221 වෙනි ස්ථානය දිනාගන්නේ 8.1 ක් වැනි ඉහළතම අගයක් ලබාගෙන. මෙවර අධ්‍යක්ෂණය Christopher McQuarrie විසින්. ඔහු ටොම් එක්ක සැහෙන්න වැඩ කරපු කෙනෙක්. මම හිතන්නේ ඒ සහ සම්බන්ධයත් මේ සිනමාපටයේ සාර්ථකත්වයට බලපාන්න ඇති. ඒ වගේම කතාවත් Christopher McQuarrie සහ Bruce Geller දෙන්නගෙන් තමා ලැබෙන්නේ.

මේ හැම දෙයක්ම පිටිපස්සේ ටොම් කෘස් කියන අසහාය ක්‍රියාදාම රංගධරයාගේ මහා කැපකිරීම් රැසක් තියෙනවා. youtube එකේ Tom Cruise Stunt Injury on ‘Mission: Impossible කියල ගහල බලන්නකෝ. කි වතාවක් මෙයා මේ සිනමාපට පෙළ වෙනුවෙන් අතපය කඩාගෙන තියෙනවද කියල. එහෙම වෙන්න හේතුව ඕනෑම අවධානම් රුගත කිරීමක් උනත් ආදේශක නළුවෙක් නැතුව තමන් විසින්ම රග දැක්වීම. එහෙම තැනකදී ටොම් කෘස් තමන්ගේ පදයේ වළලුකර බිඳ ගන්නවා. එත් මිනිහගේ උනන්දුව කොච්චරද කියනවා නම් ඒ ෂොට් එක දිගටම රග පානවා කකුල කැඩිලම තියෙද්දිත්. Christopher McQuarrie වතාවක් සම්මුඛ සාකච්චාවකදී මේ සිද්දිය ගැන කියනව. ඒ අදාල දර්ශනයේදී ටොම්ට කලන්තේ දානකම් දුවගෙන ගියා කියල කැඩුන කකුලක් එක්ක. වීඩියෝ එක youtube එකේ බලපු අයට ඒක නෝට් වෙයි. මොකද ඒ දර්ශනය එහෙම්ම ෆිල්ම් එකේ තියෙනව කියල කියනවා. ඒ තුවාල වීම නිසා වැඩේ සති අටකින් කල් ගිහින්. එන වගේම skydive සීන් එකත් ටොම් අයියම තමා කරලා තියෙන්නේ. ලෝකේ ලොකුම හුලං උමඟ හදල තියෙනව මේකට පුහුණු වෙන්න. ඒත් ඇත්තටම පස් හය පාරක් skydive කරලා පුහුණු වෙලා තමා ඒ ෂොට් එකත් අරගෙන තියෙන්නේ. මිනිහත් ජැකී චෑන්ට දෙවැනි නැහැ බලන් යනකොට. බෙන්ජිට රගපාන Simon Pegg කියනවා එක තැනකදී.” ෆිල්ම් එක රුගත කරන අතරතුර හැමෝම වගේ ඉන්නේ ස්ට්‍රෙස් එකෙන්, මොකද මේ යකා කොයි වෙලේ බෙල්ල කඩාගෙන මැරෙයිද කියල කියන්න බැහැ.” කියල. හිතාගන්නකෝ ඉතිං 😀 ඒ වගේම මේකේ තියෙන නාන කාමරයක් ඇතුලේ කරන සටනක්. ඒක සැලසුම් කරලා තිබිල තියෙන්නේ දවස් හතරකින් ඉවර කරන්න. ඒත් වැඩේ ඉවර වෙනකොට සති හතරක්ම ගිහිල්ලා. ඒ වගේම මේ ෆිල්ම් එක රුගත කරද්දී Rebecca Ferguson ගැබිනියක්. එහෙම තත්වයක ඉද්දිත් එයා ගේම අත් ඇරලා නැහැ. ඉතිං ඔය වගේ දේවල් එක්ක කියන්න තියෙන හොඳ ආරංචිය තමා මෙතැනින් වැඩේ නවතින්නේ නැහැ කියල ආරංචිය දීලා තියෙන එක. ඒ කියන්නේ තව MI ෆිල්ම් එනවා අපිට බලන්න 😀

ඉතිං මේකට ටොම් කෘස් එක්ක මෑන් ඔෆ් ස්ටිල්, ඔව් ඔව් WB ල එක්ක ලව් එක බ්‍රේකප් උන හාදයා Henry Cavill, Ving Rhames,Simon Pegg,Rebecca Ferguson,Sean Harris ඇතුළු තවත් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. හොඳම වැඩේ කියන්නේ අධ්‍යක්ෂ Christopher McQuarrie ඉන්ස්ටග්‍රෑම් කමෙන්ට් එකක් හරහා තමා Henry Cavillට මේ චරිතය බාරදීලා තියෙන්නේ. ඒ වගේම මේක තමා MI ෆිල්ම් වලින් දීර්ඝතම ධාවන කාලයක් සහිත ෆිල්ම් එක වෙන්නේ. ඒ වගේම MI ෆිල්ම් මාලාවෙන් F අකුරේ වචනය තියෙන පළවෙනිම ෆිල්ම් එක මේක.ඒ වගේම Henry Cavill කියල තිබ්බ සුපර් මෑන්ට රගපානකොටවත් මේ තරම් ත්‍රාස ජනක දර්ශන වලට පෙනී ඉන්න වෙලා නැහැ කියල. ඉතිං කියන්න නම් විස්තර ගොඩක් තියෙනව ඒවට වඩා එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලාගෙන සබ් එක ගන්න යමු 😀.

ඔයාලා හැමෝටම මතක ඇතිනේ ඊතන්ගේ බිරිද ජුලියා. එයාව අපිට 4වන ෆිලුම ඒ කියන්නේ Ghost Protocol එකෙන් හමුවුනාට පස්සේ එයාට මොනවා වුනාද කියලා දැනගන්න ලැබුනේ නැහැනේ. ඉතිං මේ සැරේ ෆිලුමේදී අපිට එයාව දැකගන්න ලැබෙනවා. ඒ වගේම Rogue Nation කතාවේ දුෂ්ටයාම තමයි මේකේදී අපිට දැකගන්න ලැබෙන්නෙත්. මේ සැරේ කතාවේදී ඊතන් ඇතුළු පිරිස ප්ලූටෝනියම් ටිකක් හොයාගන යන කතාවක් තමයි තියෙන්නේ. ඒ ප්ලූටෝනියම් ටික ලබාගන්න තිබුන පළවෙනි අවස්ථාව ඊතන් අතින් ගිලිහෙන්නේ එයා එයාගේ කණ්ඩායම බේරගන්න ඕන නිසා ඒ ටික සතුරන් අතට ලබාදෙන නිසයි. මේ ප්ලූටෝනියම් ටික ඊතන් ඇතුළු කණ්ඩායම අරගන යන්නේ එයාලා කවදාවත් හිතපු කෙනෙක් ළගට නම් නෙවෙයි. ඒ වගේම මේ සැරේ කතාවෙත් Rogue Nation එකේදී අපට හමුවුන ඉල්සා ඉන්නවා. හොදයි එහෙමනම් බලන්නකෝ කතාව. නැවත උපසිරැසියකින් හමුවෙමු.
.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

HD/WEB/BR

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

72,836 downloadsDownload Mission-Impossible-Fallout-2018-BR.zip144 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

72,836 downloadsDownload Subtitles144 KB

279 comments

  1. Lasa_Sadaru

    ela

  2. ගෝස්ට් පන්ක්

    Elama

  3. Jumanji

    Tnx.

  4. Soori

    බෝම ස්තුතියි සුරේනි නංගො උපසිරැසියට....
    සබ ගන්නම්. ඒත් බීආර් එනකම් ඉවසනවා...
    ජය...!!!

  5. Suresh Madhusanka

    Lot of thanks sis.......for sub....excellent....

  6. Shansenarathne

    Tnx

  7. දමිත් රත්නායක

    හොඳයි. පැහැදිලි විස්තරයක් කරලා තියෙනවා.
    උපසිරැසියත් ගුණාත්මකව දෙනෙ කෙනෙක්.
    සිංහල උපසිරැසියටට බොහොම ස්තුතියි සුරේනි.
    ජයෙන් ජය.

  8. dsdkavishka

    Thenks akki, niyamai

  9. Anuruddha421

    Thank You...!!!

  10. lakshithaprasad

    thank you

  11. Mayura

    ස්තූති අක්කේ.. ජයවේවා!

    1. .comDevinda

      Sub eka ganne kohomada

    2. Mayura

      උඩ තියෙන කොලපාට බටන් එක ඔබන්න

  12. kapilakumara

    Thanks sis

  13. Buddi

    Thanks...........

  14. Sherlock holmes

    Thanks sis..
    දැනට මෙහෙම බලල Br ආපුවම ආයෙත් බලනව :-)
    ජය වේවා..

  15. ravin89

    All the best !

  16. Bobby

    Thank you very much

  17. anurangas iroshan

    me camer copy ekak neda

  18. thanula D

    තෑන්ක්ස් sis සබ් එකට.ජයවේවා......

  19. Avindu Umesh Gunasinghe

    Tnx sis!!

  20. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  21. DUMINDA PRADEEP

    THAKS

  22. upul asanka

    machan tiyana ekek link eka diyanko

    1. rumesh

      machan baiscopedownloads.com ekata palayan ;)

  23. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  24. dumidu gamage

    බොහොම ස්තුතියි

  25. Amila max

    thanx sis sub ekata.....

  26. randima Isuru

    thanxxx

  27. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටියේ.

  28. sanuranjana

    Thank you so much my friend...

  29. Malinda

    BR enakamma inno.

  30. nike_11

    Thx sis

  31. Kaushan Rasanga

    තෑන්ක්ස් ❤️

  32. Maalan

    Tnxxx Brooo ජය වේවා i

  33. dinesh hapuarachchi

    Thank you Very much

  34. sk kanishka

    thanx sis..

  35. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  36. Nimach273

    Thanks sub akta jaya wewa.....

  37. Ayesh Prashan

    Thank You.Blu Ray Ekakma Balano

  38. sasala

    thanks sis sub ekata

  39. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ......

  40. dilshan1234@

    thanks............

  41. Osanda

    බොහොම ස්තූතියි

  42. Panther

    Thanx sub akta

  43. Dina

    සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න ක්ලික් කරන්න ඕන බටන් එක පෙන්නන්නෙ නෑ....
    ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැද්ද...

  44. supershiwa

    thanks for your job

  45. wathilak

    thanx for sub

  46. aicmi

    hi

  47. aicmi

    yaluwana , mama dana comment aka basiscop aka awni makanawa

  48. gihan perera

    ගොඩක් ස්තුතියි sis....මේක දානකන් තමයි හිටියේ....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....

  49. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති සුරේනි අක්කේ.සදා ජය.

  50. akalankagayan

    Thnx........

Load more comments