ඔන්න ඉතින් හුඟ කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් ගෙනාවා. ගිය අවුරුද්දේ O/L ලිව්ව නිසා මේ දවස් වල කරන්න වැඩි දේකුත් නැහැ. හිටි ගමන් බයිස්කෝප් මංසලට නම් ලිපි කීපයක් දානවා. ඒත් නිකං ඉන්න එකේ කාටුන් එකකටවත් සබ් දාන්න ඕන කියල හිතුණා. ඉන්ටර්නෙට් එකේ සර්ච් පාරක් දාල බැලුවම මේ Movies දෙක හම්බවුණා. මෙතන කාටූන්…

ඔන්න ඉතින් හුඟ කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් ගෙනාවා. ගිය අවුරුද්දේ O/L ලිව්ව නිසා මේ දවස් වල කරන්න වැඩි දේකුත් නැහැ. හිටි ගමන් බයිස්කෝප් මංසලට නම් ලිපි කීපයක් දානවා. ඒත් නිකං ඉන්න එකේ කාටුන් එකකටවත් සබ් දාන්න ඕන කියල හිතුණා. ඉන්ටර්නෙට් එකේ සර්ච් පාරක් දාල බැලුවම මේ Movies දෙක හම්බවුණා. මෙතන කාටූන් චිත්‍රපටි දෙකක් තියනවා, ඒත් එකක් Short Film එකක්. අනිත් එක ඔය වෙන ෆිල්ම් වගේ සාමන්‍ය එකක්.
Ozzy (2016) – නිදහස සොයා, යළිත් නිවහන කරා…
මේක කරන්න බාර ගත්තට මොකද උපසිරැසිය හදන්න පටන් ගත්තම මම වැටුණේ හද්ද අමාරුවක. 🙂 ඒකට හේතුව මේකෙ ඉංග්‍රීසි උපසිරැසියේ තිබුණු වචන චිත්‍රපටියේ කියන ඒවා නෙවෙයි. ඒක මට තේරුණේ වැඩේට බැස්සට පස්සේ. ඒකේ තිබුණෙ අවස්ථාවට ගැළපෙන වෙනිං සමාන අදහස් දෙන වචන. ඒත් ඉතින් එහෙම හරියන්නෑනේ. ඒ මදිවට සමහර Time Lines පවා අවුල් තැන් තිබුණා. ඒත් ඉතින් බැඳගත්තු බෙරේ ගහන්නත් එපැයි. ඉතින් මට සිද්ධ වුණේ අසා ලිවීමක් කරන්න. බයිස්කෝප් එකේ සමහර අයියලා මීට කලින් උපසිරැසි කරද්දි ‘අසා ලිවීම්’ කරපු අවස්ථා දැක්කම මම හිතුවා ඒක අමාරු ඇති කියලා, ඒත් දැන් තමයි තේරෙන්නෙ ඒක සෑහෙන්න අමාරුයි කියලා.:) මේ ෆිලුමේ භාෂාව ඉංග්‍රීසි වුණාට මේක Spain-Canada මූවි එකක්. ඒක හින්දා ගොඩක් දෙබස්වල වචන උච්චාරණයත් තේරුම් ගන්න බැරි තරමට වෙනස්. පරිවර්තනය කරන්න කලින් කීප වතාවක් හොඳ අවධානයෙන් ඇහුම්කන් දෙන්න වුණා. ඒක නිසා මට මේ වැඩේ බොහෝම ඉවසීමෙන් කරන්න සිද්ධ වුණා. ඉක්මනට ඉවර කරනවා කියල හිතං බාරගත්තු වැඩේ ටිකක් පරක්කු වෙන්න හේතු වුණේ මේ සිද්ධිය තමයි.
හොඳයි, මේ Animation Movie එක 2016 නොවැම්බර් වල නිකුත් වෙච්ච පැය 01යි මිනිත්තු 30ක ධාවන කාලයකින් යුත් Animation, Adventure, Funny ගණයට අයත් වන ඩොලර් මිලියන 10ක වැය ශීර්ෂයකින් යුතු වුණු, කාටත් බලන්න පුළුවන් නියම මූවි එකක්.
මේ කාටූන් චිත්‍රපටය Best Animated Film(Cinema Writers Circle Awards,Spain 2017),Best Animated Feature(Gaudí Awards 2017) කියන සම්මාන ද්විත්වය ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියනවා. ඒ වගේම Best Sound – Goya Awards 2017 සහ Best Animation Film – Goya Awards 2017 කියන සම්මාන සඳහා මෙහි නාමයෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා.
කතාව ගැන ටිකක් කිව්වොත් මෙහෙමයි, මේකෙ ප්‍රධාන චරිතය තමයි ඔසී කියන බල්ලා. මෙයා බොහොම මිත්‍රශීලී සාමකාමී බල්ලෙක්. මෙයා ඉන්න ගෙදර පවුලේ අයට පිටරට ව්‍යාපාරික සංචාරයකට යන්න ලැබෙනවා. ඒත් එහාට බල්ලව ගෙනියන්න විදියක් නෑ. ඉතින් එයාලට දුකෙන් උනත් ඔසීව බල්ලෝ බලාගන්න තැනක දාල යන්න වෙනවා. ඒත් ඒ තැන එයාල හිතන විදියෙ තැනක් නෙවෙයි. ඒක ටිකක් අමුතු ප්ලේස් එකක්. 😉 පස්සේ එතනින් එයාව හිර කඳවුරක් වගේ තැනකට ගෙනියනවා. එයා විතරක් නෙවෙයි, එහේ තව අරන් ඇවිත් බලෙන් තියන් ඉන්න බල්ලෝ ගොඩක් ඉන්නවා. එතන පාලනය ගෙනියන්නෙත් බල්ලො ටිකක්ම තමයි. ඔසීට මරු යාළුවෝ දෙතුන් දෙනෙකුත් හම්බවෙනවා. ඉතින් කතාව ඉදිරියට යන්නේ ඔන්න ඔය කඳවුරේ වෙන සිදුවීම් මාලාවත් එක්ක. ඔසීට ගොඩක් දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. ඔය අතරේ නියම විහිළු සෙට් එකකුත් තියනවා. 😆 ඉතින් ඔසීට මොනවගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද? එතන මොනවද සිද්ද වෙන්නේ? ඔසීට එතනින් බේරිලා ආපහු ගෙදර යන්න ලැබෙයිද? ඒත් එතකොට අනිත් අයට මොකද වෙන්නේ?
ඉතින් වැඩි විස්තර දැනගන්න නම් මේක බලන්නම වෙනවා. Animation Films බලන්න කැමති අයට පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා හිනාවෙවී විනෝදයෙන් බලන්න පුළුවන් කුතුහලය පිරි ලස්සන කතාවක්. හැමෝටම මේ සුපිරි කාටූන් චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරනවා.
අදාළ පිටපත්
Ozzy.2016.720p.BluRay.x264-[YTS.AG]
Ozzy.2016.1080p.BluRay.x264-[YTS.AG]
Stick Man (2015) – කෝටු මිනිහා
2015 වසරේ නිකුත් වෙච්ච කෙටි චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. මේක Television එකේ ගියපු එකක්. මේකේ ධාවන කාලය ආසන්න වශයෙන් මිනිත්තු 26 යි. මේක වර්ගීකරණය කරල තියෙන්නේ Animation, Short, Family විදියට. IMDB දර්ශකයේ 7.1ක අගයක් ලබාගන්න මේ ඇනිමේශන් මූවි එක සමත් වෙලා තියෙනවා. Rotten Tomatoes හි 69%ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දැක්වෙනවා. එහෙනම් දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
මේ කතාවෙදි අපිට මුණගැහෙනවා ස්ටික් මෑන්, එහෙමත් නැත්නම් කෝටු මිනිහා සහ එයාගෙ පවුල. ස්ටික් මෑන් කියන්නේ බොහොම ගුණ යහපත් පුද්ගලයෙක් නිසා සත්තු හුඟ දෙනෙක් මෙයාව අඳුරනවා. මෙයාල බොහෝම සතුටින් තමන්ගේ ගෙදරට වෙලා ඉන්නවා. එදා තමයි නත්තල් දවස. ඉතින් ස්ටික් මෑන් උදේ පාන්දර ටිකක් දුවන්න යනවා. ඔන්න ඔතනින් පස්සේ තමයි කරදර සේරම පටන්ගන්නේ. එයාට මුහුණ දෙන්න වෙන සිදුවීම් නිසා ස්ටික් මෑන්ව ටිකෙන් ටික එයාගේ ගෙදරින් ඈතට යැවෙනවා. ඒත් එයා කොහොමින් හරි ආපහු තමන්ගේ පවුල හොයාගෙන එයා එන්න උත්සාහ කරනවා. ඔය අතරෙදි එයාට විශේෂ පුද්ගලයෙකුත් මුණගැහෙනවා. ඉතින් එයා කෝටු මිනිහට උදව් කරයිද? අන්තිමේදි කෝටු මිනිහට තමන්ගේ ගෙදරට නත්තල් දවසේ ඉවර වෙන්න කලින් ආපහු එන්න ලැබෙයිද?
එහෙනම් කැමති අය බලන්නකෝ.මේක කෙටි චිත්‍රපටියක් නිසා අඩු MB ගානක් තියෙන්නේ. ඒ නිසා නිකමට හරි කමක් නෑ බාගන්න. 😉
එහෙනම් හැමෝටම සුබ පතනවා, නැවත හමුවෙමු. ඔයාල හැමෝටම බුදු සරණයි..! ජය වේවා…!!
අදාළ පිටපත්
Stick.Man.2015.720p.BluRay.x264-GUACAMOLE
Stick.Man.2015.720p.BluRay.x264-[YTS.AG]
Stick.Man.2015.1080p.BluRay.x264-[YTS.AG]
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,229 downloadsDownload Ozzy.2016.Stick_.Man_.2015.Baiscopelk.com_.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/හෂාන්-මධුවන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුවන්ත – හෑෂ් [#]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෂාන් මධුවන්ත
Subtitles
19 comments
Kantha_DLA
එල්.සී. දමැල්
ස්තුතියි උපසිරසවලට...
ඊළඟ උපසිරසෙන් ඉක්මනට හමුවෙමු!Sajith Anthony
නියමයි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!chamalkalum
thanks mchn
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!mindika
Thanks !!!!!!!!!
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Chalana Rukshan
thnx malli....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasitha147
bohoma sthuthie saho obla siyalu denama me karana sewaya wenuwen. jaya
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara damith B/k
Ela kiri adama balanawa
Akalanka
Thnx..........
thilina
lassana kathaawak, niyamai
Sameendra Senarathne
මෙි කතාව බාගන්න link එක කියන්න
ashan lankanath
Thanks ..................good luck .....
Hashan M. Priyadarshana
Thank you
rockz2020
තද තද සහෝ ✌ නවත්තන්න එපා තව කාටුන් ඕනේ ✌ ;)
බොහොම ස්තූතියි උපසිරැසිය වෙනුවෙන් ✌❤
සියළු යහපත් වැඩ සාර්ථක වෙන්න ජය ප්‍රාර්ථනා කරනවා!
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)Wayantha Sandaruwan
supiri wadak saho. godak sthuthiy sub ekata.. jaya wewa!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......