හින්දි සිනමාව තුළ මා නැරඹූ සිනමාපට අතුරින් අමතක නොවන, එමෙන්ම කුතුහලයෙන් යුතුම නිර්මාණය ලෙස මෙම සිනමාපටය හැඳින්වීමට මා කැමතියි. ඒ නිසා මේ පිටුවට පැමිණෙන සියලු දෙනාටම මෙය නැරඹීමට මා ආරාධනා කිරීමට කැමතියි. මෙම සිනමාපටය සඳහා අන්තර් ජාලයේ ඉංග්‍රීසි උපසිරසි ගොණුවක් නොමැති නිසා මෙම උපසිරැසිය නිර්මාණය කිරී…
හින්දි සිනමාව තුළ මා නැරඹූ සිනමාපට අතුරින් අමතක නොවන, එමෙන්ම කුතුහලයෙන් යුතුම නිර්මාණය ලෙස මෙම සිනමාපටය හැඳින්වීමට මා කැමතියි. ඒ නිසා මේ පිටුවට පැමිණෙන සියලු දෙනාටම මෙය නැරඹීමට මා ආරාධනා කිරීමට කැමතියි. මෙම සිනමාපටය සඳහා අන්තර් ජාලයේ ඉංග්‍රීසි උපසිරසි ගොණුවක් නොමැති නිසා මෙම උපසිරැසිය නිර්මාණය කිරීමට මා හට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුවිය. “සබ් ටයිටල් එඩිට්” හරහා ටයිම් ලයින් නිර්මාණය සිදු කරන ආකාරය ගැන මට උපදෙස් ලබා දුන්නේ “අසංක ප්‍රදීප් රණතුංග” සොයුරා විසින් බව ගෞරවයෙන් යුක්තව සිහිපත් කළ යුතුය. එමෙන්ම උපසිරසි නිර්මාණය කිරීම, ඒවා බාගත කරගත හැකි ස්ථාන පිළිබඳවද ඉතාමත් වැදගත් තොරතුරු එම සොයුරා විසින් මට නිරන්තරයෙන්ම ලබාදෙයි. ප්‍රථමයෙන්ම එයට මාගේ අවංක ස්තුතිය පුද කරන්නෙමි!
මෙය ෆිල්ම්ෆෙයාර් සම්මාන දෙකක් ඇතුළු සම්මාන ගණනාවක් දිනූ “බී.ආර්. චොප්රා” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, අහිමිවන විවාහ සම්බන්ධතාවයක් ගැන කියවෙන, සුනිල් දත්, රාජ් කුමාර්, වීමි රංගනයෙන් දායක වි සිටින, ඉතාමත් කුතුහලයෙන් යුතු සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙහි හින්දි තනුවක් ආශ්‍රයෙන් “දැන් මතකද” සිංහල චිත්‍රපටයට ජෝතිපාලයන් ගැයූ “මේ සීත සුවදෙන රැයේ” ගීතය ලංකාවේ අදටත් ඉතාමත් ජනප්‍රිය ගීතයකි.
මෙහි ප්‍රධාන චරිත වන්නේ කුමාර්, රාජේශ් සහ මීනාය. හමුදා නිලාධාරියෙක් වූ රාජේශ් සමඟ ආදරයෙන් බැඳෙන මීනා හොර රහසේ විවාහ වෙයි. මව අහිමිව සිය පියා සමඟ ජීවත් වූ ඇයගේ මේ සම්බන්ධයට පියා විරුද්ධ වූ නිසා, ඔවුන්ට මෙසේ විවාහවීමට සිදුවිය. නමුත් දෙදෙනා එක්ව වාසය නොකළ නිසා සමාජයට මේ විවාහය ප්‍රසිද්ධ නොවීය. මේ අතර යුධ ගැටුම් පවතින ප්‍රදේශයට සේවයට යාමට රාජේශ්ට සිදුවේ. මෙහි දී සිදුවූ ගැටුම් වලින් ඔහු ඇතුළු හමුදා පිරිසක් මියගිය බව ප්‍රකාශයට පත් කරයි. මීනාට රාජේශ් නිසා දරුවෙකු ලැබීමට සිටින බව හෙළිවීමෙන් පියා අධික ලෙස සිත්තැවුලට පත්වේ. පසුව දියණියක ප්‍රසුත කළත් මීනාගේ පියා විසින් ඇයව ළමා නිවාසයකට හොර රහසේ භාර දී උපතේ දී දරුවා මියගොස් සිටි බව මීනාට පවසයි.
කාලයක් ගතවූ පසුව රටේ ප්‍රසිද්ධ කලාකරුවෙක් වූ කුමාර් සමඟ හිතවත් කමක් ඇතිවී පියාගේ ආශීර්වාදය මැද ඔවුන් දෙපොල විවාහවේ. නමුත් පියාගේ උපදෙස් මත මීනාගේ පෙර විවාහය ගැන කුමාර්ට නොදන්වා, මෙම විවාහය සිදු කරයි. දෙදෙනා ඉතා සතුටින් ජීවිතය ගෙවා දමන අතර මීනා මීට පෙර විවාහ වී සිටි රාජේශ් සතුරන් අතර ප්‍රාණ අපකරුවෙක් ලෙස සිට නිදහස්ව පැමිණි බව මීනාට පමණක් දැන ගන්නට ලැබේ. මෙතැන් සිට පටන් ගන්නා ආදර ගැටළුව කෙසේ විසඳේද? එක් අයෙකුට ජීවිතය පුදන්නට සිදුවේද, මීනාගේ දියණියට කුමක් වේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. එමෙන්ම යු ටියුබ් එකේ ඇති 542 mb ප්‍රමාණයක් සහිත, ධාවන කාලය පැය 2 යි, විනාඩි 51යි, තත්පර 07 ක කාලයක් සහිත වීඩියෝවක් මෙම උපසිරසිය සඳහා ගැළපෙන බව සලකන්න.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන පහළොස්වන සිංහල උපසිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් යු ටියුබ් පිටපත සඳහා අදාළ වේ.
1,476 downloadsDownload Hamraaz-1967.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
25 comments
Udara Damith B/K
එම්. පී. කමල්
පාසල් කාලයේ නැරඹූ සුන්දර චිත්‍රපටයක්, ලස්සන ගීත කීපයක්ම තිබෙනවා, දැන්නම් කථාව හරිහැටි මතක නැහැ, එහෙත් නරඹන්නට ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි.
Withanage Priyantha Dayakeerthi
මෙම සිනමාපටය සඳහා අන්තර් ජාලයේ ඉංග්‍රීසි උපසිරසි ගොණුවක් නොමැති නිසා මෙම උපසිරැසිය නිර්මාණය කිරීමට මා හට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුවිය. “සබ් ටයිටල් එඩිට්” හරහා ටයිම් ලයින් නිර්මාණය සිදු කරන ආකාරය ගැන මට උපදෙස් ලබා දුන්නේ “අසංක ප්‍රදීප් රණතුංග” සොයුරා විසින් බව ගෞරවයෙන් යුක්තව සිහිපත් කළ යුතුය.
Soori
බාගත්තා. උපසිරැසට ස්තුතියි සහෝ.... පැරණි සිනමාව නැවත මතු කිරීමට ඔබ ගන්නා උත්සාහය ද අගයමි.
Chalana Rukshan
thnx bro...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!KAVINDA GAMAGE
thank you
Sisira Hegoda
ඉතාම සතුටින් ස්තූති කරමි. නීල් ගගන් තලේ ගීයේ අර්ථයද හරියටම දැනගතිමි.දිගටම අප වෙනුවෙන් මේ කටයුත්තට දායක වන්නට ඔබට ධෛර්ය, වාසනාව ලැබේවා
JR
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ.
මේ ටික කියවගෙන යනකොට, ඊළඟට හොඳවායින් මවු ගුණ ගායනාවක් තමා බලාපොරොත්තු උනේ. හුඟ දෙනෙකුගෙ ප්‍රතිචාරය මේක නෙවේනෙ. මට පුදුම හිතුනා, ඇත්තටම සතුටුයි ඔබ වගේ අය ඉන්න එක ගැන. අද දවසට ජංජාල ගත උනාට පස්සෙ දැක්ක, කියවපු, ලෝකෙ නැති නිව්ස්, ගොසිප්, වල්පල්, අනං මනං අතරෙ ඒ වචන ටික නම් හරිම ලස්සනයි. ජයවේවා සහො!
Chami.S
Thank You...
Kumara
Download Link eka mokakda kiyanawada
Withanage Priyantha Dayakeerthi
ඒ පිළිබඳව උපකාරයක් අවශ්‍ය නම් 0779785608 හෝ 0718222697 කතා කරන්න.
යූ ටියුබ් එකේ Hamraaz යනුවෙන් ටයිප්කර ලැබෙන 542 mb ප්‍රමාණයක් සහිත, ධාවන කාලය පැය 2 යි, විනාඩි 51යි, තත්පර 07 ක කාලයක් සහිත වීඩියෝව මෙම උපසිරසිය සඳහා ගැළපෙන බව සලකන්න. අවශ්‍ය නම් දුරකථනය හෝ ඊ මේල් එකක් හරහා ඩිරෙක්ට් ලින්ක් එක වුවත් දෙන්න පුළුවන්.manjula rathnayaka
hamraaz film eka u tube eken download karanna bane aiye.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වජිර රත්නායක
හිතවත් ප්‍රියන්ත,
මේ චිත්‍රපටිය මම අහලා තිබුණත් තවම බලලා නැති එකක්. උපසිරැසියට ස්තූතියි. ඔබගේ උපසිරැසි සමග දැන් නරඹන්න පුළුවන්. ප්‍රසිද්ධ ඒවගේම ලස්සන සින්දු තියෙන චිත්‍රපටියක්.වජිර රත්නායක
කියන්න කණගාටුයි. හම්රාස් යූ ටියුබ් පිටපත අන්තර්ජාලයෙන් ඉවත් කරලා
Withanage Priyantha Dayakeerthi
වජිර රත්නායක සොයුර,
මම මේ දැන් (2017/02/25 දින පෙරවරු 07.50 ට) එම වීඩියෝව ඩවුන්ලෝඩ් කර බැලුවා. හොඳින්ම ඩවුන්ලෝඩ් වෙනවා. ඒ පිළිබඳව උපකාරයක් අවශ්‍ය නම් 0779785608 හෝ 0718222697 කතා කරන්න.
යූ ටියුබ් එකේ Hamraaz යනුවෙන් ටයිප්කර ලැබෙන 542 mb ප්‍රමාණයක් සහිත, ධාවන කාලය පැය 2 යි, විනාඩි 51යි, තත්පර 07 ක කාලයක් සහිත වීඩියෝව මෙම උපසිරසිය සඳහා ගැළපෙන බව සලකන්න. අවශ්‍ය නම් දුරකථනය හෝ ඊ මේල් එකක් හරහා ඩිරෙක්ට් ලින්ක් එක වුවත් දෙන්න පුළුවන්.
දහරා මුතු අමා
චිත්‍රපටිය නම් කලින් බලල නෑ. ඒත් සිංදු ටික නම් ඇති වෙන්න අහල තියෙනවා.
සිංදු නම් කියන්න බැරි තරම් ලස්සනයි.Thilakarathna
ඔබ කරන්නාවූ මේ මහඟු සේවයට මාගේ ස්තුතිය... ඔබේ උපසිරසි සැපයූ සියලුම චිත්‍රපට මා බැලුවා. නැවතත් මෙවැනිම එකක් ගේන්න.
Kulanjana Maduranga
niayamai…thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharanga Sandakelum Weerathunga
බොහොම ස්තූතියි සොයුර..
Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
nimal dissanayake
ප්‍රියන්ත,
ඔයා ඉතාම අසාවෙන්,කැපවීමෙන්,
රසිකයන්ගේ රස පවස සංසිඳුවන්නටම කැපවෙලා ඉන්න බව
කමෙන්ට්ස් දාන අයට උත්තර දීලා තියෙන එකෙන්ම පෙනෙනවා.
ඒ ගතිය ඉමහත්සේ අගය කරමින් තුති පුදනවා.
හම්රාස් ලස්සනයි!
සබ්ස් ටිකත් හොඳයි!!
ලිපියෙන් කියල තියෙනවා වගේමයි
සිංදු ටික අමරණීයයි!!!Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ජයවේවා විතානගේ සහෝදරයා...බුදුසරණයි .::!!::.
Advertisement

උපසිරසට ස්තූතියි
.....................