කොහොමද යාළුවනේ. අද මම අපේ පොඩ්ඩන්ට සහ පොඩ්ඩන්ගෙ චිත්‍රපටිවලට කැමති ලොක්කන්ට ලස්සන චිත්‍රටියක් අරන් ආවා. චිත්‍රපටිය තමයි පැඩිංග්ටන්. මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන මේ චිත්‍රපටිය IMDb 7.5/10 අගයක් අරන් තියනවා. මුලින්ම, චිත්‍රපටියෙ කතාවට හැරෙන්න කලින් මම කියන්නම් කවුද මේ පැඩිංග්ටන් කියලා. ඔයාලා ද…
කොහොමද යාළුවනේ. අද මම අපේ පොඩ්ඩන්ට සහ පොඩ්ඩන්ගෙ චිත්‍රපටිවලට කැමති ලොක්කන්ට ලස්සන චිත්‍රටියක් අරන් ආවා. චිත්‍රපටිය තමයි පැඩිංග්ටන්. මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන මේ චිත්‍රපටිය IMDb 7.5/10 අගයක් අරන් තියනවා.
මුලින්ම, චිත්‍රපටියෙ කතාවට හැරෙන්න කලින් මම කියන්නම් කවුද මේ පැඩිංග්ටන් කියලා. ඔයාලා දැකලා ඇති රතු තොප්පියක් දාගෙන, නිල් කෝට් එකක් ඇදගෙන, සූට්කේස් එකක් අතේ අරන් ඉන්න වලස් පැටියෙක්ගෙ ස්ටිකර් එහෙම. ඒ තමයි පැඩිංගටන්. පැඩිංග්ටන් කියන්නෙ ළමා සාහිත්‍යයේ එන චරිතයක්.එයා ඉපදෙන්නෙ 1958 ඔක්තොම්බර් 13 වෙනිදා Michael Bond කියන ළමා කතා රචකයා අතින්.මෙයා ගැන ලියවුන කතා පොත් විස්සක් විතර විවිධ භාෂා වලට පරිවර්ථනය වෙලා ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙලා තියනවා. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ මේ පොත් අතරින් පළවෙනි පොත. පැඩිංග්ටන් කොහොමද අපි අතරට එන්නෙ කියලා තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. දැන් බලමු චිත්‍රපටිය ගැන. පැඩිංග්ටන් ජීවත් වෙන්නෙ පේරු වල කැලේක එයාගෙ නැන්දායි මාමයි එක්ක. ඒත් භූමිකම්පාවකින් එයාට එයාගෙ ගෙයත් මාමාත් අහිමි වෙනවා. ඊටපස්සෙ එයාගෙ වයසක නැන්දා කියනවා මුලින්ම එයාලව හොයාගත්ත ගවේශකයාව හොයාගෙන ලන්ඩන් වලට යන්න කියලා. එහෙදි එයාට හොද ගෙයක් ලැබෙයි කියලා. එයා යන්නෙ පැඩිංග්ටන් දුම්රියපළට. එතෙන්දි එයාට මුණගැහෙනවා බ්‍රවුන් පවුල. එයාලා තමයි එයාට එයාගෙ නමත් දෙන්නෙ. පැඩිංග්ටන් අහිංසක වුනත් එයා හැමවෙලේම කරදරරේ වැටෙනවා.ඒ නිසා හරි හරි වැඩ තමයි වෙන්නෙ. මේ නිසා බ්‍රවුන් පවුලෙ බ්‍රවුන් මහත්තයා නම් පැඩිංග්ටන්ට එතරම් කැමති නෑ. පැඩිංග්ටන්ට ගවේශකයාව හෙව්වාට මුණගැහෙන්නෙ නෑ. ඒත් එයාට ගවේශකයාගෙ දුවව මුණගැහෙනවා. ඒත් එයා හරිම නපුරු කෙනෙක්. එයා හදන්නෙ පැඩිංග්ටන්ව මරලා පුළුන් පුරවලා කෞතුක වස්තුවක් කරන්න. එයා කොහොමද එතනින් බේරෙන්නෙ, බ්‍රවුන් පවුල කොහොමද එයාට එයාගෙ පවුල කරගන්නෙ ලැබෙන්නෙ කියලා බලන්නකො එහෙනම්. යාළුවනේ මේ චිත්‍රපටියට තවම නිවරදි ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වෙලා නෑ. ඒ නිසා අහලා තමයි කරන්න වුනේ. ඒ නිසා අඩුපාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන. එහෙනම් තව කතාවක් අරගෙන ඉක්මනින්ම එන්නම්. ජය….
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
971fc58caefc755581e78fd092cb54d39c2f4b16751 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
6419775CCBF3833859449C940C2E2357DD7F26131.46 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
97449FC6BB80DA4FC3B584BAA79AFC07589EC164 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,995 downloadsDownload Paddington-2014-BR-UPDATE1.zip125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
46 comments
එල්.සී. දමැල්
Namal
මෙන්න බානවා.
සබට තුති... :-)නලින්
ස්තුතියි නිර්මාණි..
බලමු එහෙනම්. ජය වේවා!
me
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!pathum chathuranga
බොහොම ස්තුතියි අක්කා උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)සසිනිකා
උපසිරැසියට ස්තූතියි සහෝදරී..
ඔයා දෙන්නෙ මාත්
බලන්න කැමති විදියෙ චිත්‍රපටි..Tharindu
Thank you very much nirmani sahodari..:)
Sam
thnkss sis..waiting for this..elzzzzzzzz....//
D.Chamara
niyamai niyamai kathawa hodai wage thanks
ප්‍රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:DKulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
tnxxx sub ekata hoda katawak wage balama balamu
Jack
නියමයි අක්කේ...
අසා ලිවීමක් කියන්නේ ලේසි වැඩක් නෙමෙයින්..
ගොඩක් ස්තුතියි උපසිරැසියට...
ජයවේවා.prabhath
thanks
රවිඳු නිපුන්
එල එල...
තැන් යූ සබ් එකට...sahan
Thank you very much...
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vihanga
great job :) :) :) :)
Keep it up...........හේමන්ත
උපසිරැසියට Thank you very much.
Nelson
Good Post Friend Thanks
බ්ලැක් පැන්තර්
හම්මේ... දනිමි අසා ලිවීමක් කොරන්ඩ කොච්චර අමාරුද කියලා...
එහෙනම් සබට තුති අක්කේ...
ජය...!!!එල්.සී. දමැල්
බාගත වෙමින්...
තෑන්ක්ස්...
ස්තූතියි...
නන්රි...lakshan
උපසිරසියට බොහෝම ස්තූතියි
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
isthuthyi obata...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අනිවා බලනවා.
සබට තැන්ක්ස්.
ජය වේවා. !අසිත
ඔයා ඉතින් කවදත් අපි වගේ පොඩි ඈයෝ බලන ෆිල්ම් වලට එකෙන්ම සබ් දෙන කාටුන් අක්කි නෙ.ගොඩක් පින්.ජයවේවා!!
Sam
thank u sooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo much akkaaaaaaa
kalana
thanks sahodariiiiiiiiiiiiiii
Amalka
තැන්ක්ස් ඇනී අක්කෙ මේක වෙලාවක බාගන්නම්
ආ අක්කත් දැන් අසා ලියන්නියක් වෙලා නේද නියමයි වැඩේ
පොඩි කොපියක් නැද්දVilochan Sanjee
godak sthuthiy... jaya wewa
Vilochan Sanjee
sub ekata sthuthiy... jaya wewa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P :P ජය
“චූටී මල්ලි”
balanawa aniwa
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Supitha
Paddington 2 ekatath sub ekak
subodha
Thanks
Ishan Madusha
බොහොම ස්තූතියි
Viraj
sub ekata thanks sis.. jaya wewa!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!aks
thanks...
Mahesh ruwan
බොහොම ස්තුතිය
Gayan Chathuranga
ලස්සන ෆිල්ම් එක, සබ් එකට තුති !!
pasanMihidu1
balannama oni.. thanks for sub good luck bs
sana
සබ් එකට ගොඩක් ස්තූතී උම්ම්ම්මා❤️❤️❤️❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Paddington (2014) | කතා කරන වලස් යාළුවා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Paddington-2014-.jpg)
මම 1ක...
උපසිරසට තුති...
ජය...