Watch Trailer

Padi Padi Leche Manasu (2018) Sinhala Subtitles | ආදරයම ජීවිතේ කරගන්නම්… [සිංහල උපසිරසි සමඟ]

ලඟකදී ඉදන් මගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා.. මං හිතන්නේ ඒකෙ රිද්මය අවුල් වෙලා.. වෙලාවකට ඒක වේගෙන් ස්පන්ධනය වෙනවා… තවත් වෙලාවකට ඒක හෙමින් ස්පන්ධනය වෙනවා… ඒක හරිම භයානක රෝගී තත්වයක්… හරියටම වෛශාලිව දැකපු දවසේ ඉදන්… මෙහෙම වෙනවා… ඔන්න කවුරුත් බලාගෙන හිටපු ඒ ලස්සන ආදර කතාව අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. අ…

ලඟකදී ඉදන් මගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා..
මං හිතන්නේ ඒකෙ රිද්මය අවුල් වෙලා..
වෙලාවකට ඒක වේගෙන් ස්පන්ධනය වෙනවා…
තවත් වෙලාවකට ඒක හෙමින් ස්පන්ධනය වෙනවා…
ඒක හරිම භයානක රෝගී තත්වයක්…
හරියටම වෛශාලිව දැකපු දවසේ ඉදන්…
මෙහෙම වෙනවා…

ඔන්න කවුරුත් බලාගෙන හිටපු ඒ ලස්සන ආදර කතාව අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ කොල්ලන්ගේ ටීචර්, එහෙමත් නැත්නම් මලර් ටීචර් නොහොත් සායි පල්ලවී අක්කිගේ අලුත්ම තෙලුගු නිර්මාණය තමයි මේ දිග හැරෙන්නේ. Padi Padi Leche Manasu සිනමා නිර්මාණය තිරගතවීම ආරම්භ කරන්නේ ගිය වසරේ සිනමා ලෝලීන්ට ගත වූ ලස්සනම දවස වුනු දෙසැම්බර් 21 වැනිදා. ඒ සායි පල්ලවීගේම මාරි 2 ඇතුළු තවත් හොලිවුඩ්, බොලිවුඩ්, ටොලිවුඩ්, කොලිවුඩ් සිනමා නිර්මාණ රැසකට සමගාමිව. ඉතින් මෙහෙම තිරගතවීම ආරම්භ වෙලා ධනාත්මක විචාරක ප්‍රසාදය හා ආකර්ශනීය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ තිරගත වු අතර ඔන්න පහුගිය දවසක හදිසියේම අන්තර්ජාලයට හොඳ කොපියක් නිකුතු වී තිබුනා. ඉතින් දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ ඔබ වෙත උපසිරැසිය අරගෙන එන්නට හැකිතාක් උත්සහ ගත්තද වෙනදාට වඩා ඉක්මනින් ගෙනෙන්නට නොහැකිවීම පිලිබඳ සමාව මුලින්ම ඉල්ලා හිටින්නම්. විශේෂයෙන්ම ආදර කතාවක් නිසා ටිකක් වෙලාව අරගත්තා. ලස්සනටම වැඩේ වෙන්න ඕන නිසා. ඉතින් ඔන්න එහෙනම් දිග අරිනවා..

මං මුලින්ම කිව්වනේ ඉන්නේ කවුද කියලා දකුණු ඉන්දියානු සිනමාවේ මෑත කාලයේ ඇති මහත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නට සමත් වුනු සායි පල්ලවී තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය හැඩ කරන්නේ. Premam 2015, Kali 2016, Fidaa 2017, Middle Class Abbayi 2017, Diya (2018), යනු සායි පල්ලවී රඟපෑ චිත්‍රපටි ලයිස්තුවයි. නම් දුටු පමණින් ඔබට තේරෙනවා ඇති ඇය රඟපෑ චිත්‍රපටි සියල්ලම කොතරම් ප්‍රේක්ෂක හද බැඳ තබාගෙන ඇති බවට. සමහරුන්ගේ පරිඝනක තුල මේ චිත්‍රපටි තවමත් නොමකා තබාගෙන තිබෙන බව විස්වාසයි. ඉතින් අමුතුවෙන් පවසන්නට දෙයක් නෑ ලොවෙත් අරගන්න කියල එකෙම්ම කියන්නේ මෙවන් ආදර කතාවක් ඔබට දකින්නට ලැබෙන්න බොහොම කලකින් නිසාවෙන්. පල්ලවී එක්ක ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Sharwanand විසින්. IMDB 6.6/10 අගයක් ලබාගන්නට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. බොහොම පොඩි බජට් එකකින් නිපදවුණු මේ චිත්‍රපටිය හොඳ අදායමක් උපයා ගනිමින් වසරේ තවත් සාර්ථක සිනමා නිර්මාණයක් වන්නට සමත් වෙලා තියෙනවා.

සූර්යා නමැති තරුණ කොල්ලට දවසක් අහම්බෙන් ලස්සන කෙල්ලෙක් නෙත ගැටෙනවා. මෙයා වෛද්‍ය ශිෂ්‍යාවක්.නම වෛශාලි හරිම ලස්සනයි. ඉතින් ඒ ගෑණු ලමයව තමන්ගේ කරගන්න සූර්යා තීරණය කරනවා. නමුත් වැඩේ ලේසි වෙන්නේ නෑ. මෙයා උගත් බුද්ධිමත් ගෑණු ළමයෙක් නිසා දැලේ දාගන්න එක හරිම ගේමක්. ඉතින් කොහොමින් කොහොම හරි මෙයාගේ ආදරය වෛශාලිට දනවන්න උත්සහ කරනවා. වරක් දෙවරක් නෙවෙයි දිනපතා වෛශාලිට අලුතින් ආදරේ කරන්න සූර්යාට සිද්ධ වෙනවා. ඒ එක්තරා හේතුවක් නිසා. ඉතින් ඔතනින් එහාට පොඩි වචනයක් වත් කියන්න බෑ. චිත්‍රපටිය අරගෙනම ඉතිරිය රසවිඳින්න ආරාධනා කරනවා. ඒ වගේම ඔබේ අදහසුත් පහලින් එකතු කරන්න කියල ඉල්ලා හිටිනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Hanu Raghavapudi විසින්. නිෂ්පාදනය Prasad Chukkapalli, සහ Sudhakar Cherukuri විසින් සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටිය ලස්සනම ලස්සන ගීත රැසකින්ම අලංකාර වෙලා තියෙනවා. ගොඩක් හොඳ සවුන්ඩ් ට්‍රැක් එකක් තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන් චිත්‍රපටිය බලද්දී. ඉතින් එක ලයින් එකක්වත් නෑර උපසිරැසි ගන්වා ඇති නිසා ඒ හැම එකකම ලස්සන රස විඳින්න ඔයාලට හැකිවේවි. ඉතින් ඒ සුන්දර සංගීත මුසුව මේ චිත්‍රපටියට එක් කරලා තියෙන්නේ විශාල් චන්ද්‍රශේක්ර් විසින්.

ඉතින් එහෙනම් සමුගන්න වෙලාව ඇවිත්. යන්නට කලින් බයිස්කෝප් අඩවියට පිවිසෙන ඔබට මේ වසරේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න හැකියාව ලැබෙන්න කියලත්. බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසිකරුවන් සැමටත් සුභ අනාගතයක් ප්‍රර්ථනා කර සිටිනවා. දශකයක් පුරාවට බයිස්කෝප් අඩවිය එක්ක රැඳිලා ඉන්න ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ වසරේදීත් සිනමාවට සහ ටෙලි කතා අවකාශයට නිකුත් වෙන්නට නියමිත නිර්මාණ සියල්ලම හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න අපේ කණ්ඩායම නොයිවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඒ හැමදේම සාර්ථකව කරගන්න බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසි කණ්ඩායමේ සැමටත් හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් මං එහෙනම් හෙමිහිට විසි වෙනවා.. ඔබ සැමට ජයෙන් ජය…!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  HDRip පිටපත් සඳහා වලංගු වේ.

35,179 downloadsDownload Padi-Padi-Leche-Manasu-2018.zip81 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

35,179 downloadsDownload Subtitles81 KB

105 comments

  1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන් නියම වැඩක් සබ දෙනකන් හිටියේ.!

  2. R.chandimal

    ela bn

  3. Kanchaka

    Thanks bro

  4. පැතුම් ඉෂාර

    හම්මේ එනකන් බලාගෙන ඉදපු ෆිල්ම් එකක්... සායි පල්ලවී ඉන්නවා කියන්නේ ආයේ ඒක ගැන කතා දෙකක් නෑ... ස්තූතියි සහෝ උපසිරැසියට... දහසකුත් වැඩ රාජකාරි අස්සේ අපි වෙනුවෙන් කරන මේ කර්තව්‍යයට බොහොම පිං... ඒ වගේම හැමදාම කාටත් කලින් සිංහල උපසිරැසි දෙන්නේ බයිස්කෝප් විතරයි... බයිස්කෝප් අඩවියටත් හැමදාම ආදරෙයි ❤️
    ජය!

    1. SumudithaLansakara

      සිරාවටම

  5. sooriyapatabadige

    Thanks for sub...... ( dwaraka 2017) film eka dennako please.....

  6. pramitha sadaruwan

    thanks broh.....

  7. damith_janaranjana

    Thanks brother

  8. kelumchathuranga

    thanks

  9. chamil madushanka

    thanks machan.........

  10. Ranga Heshan

    ලස්සනයි වෙනස් ආදර කතාවක් සුපිරී...... තැන්කූ වේවා බ්‍රෝ

  11. Pradeepkdisanayaka

    Thans bokka

  12. lahiru sadaruvan

    thank you so much brother

  13. RamudithaDisal

    me film eke link eka tiyanawada bn

  14. shehan prathapasinghe

    thanks brother................

  15. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  16. Ekruwan

    ගොඩක් ස්තූතියි මචන් බුදු සරණයි

  17. Rasal wiranga

    Thnkz machan...

  18. Shehanchathu

    Thanx

  19. Ruvi babah

    Patta bn

  20. gayan215

    bohoma sthuthi saho..

  21. Ruvi babah

    Thanks You Mcn ♥️

  22. kanishkamax12

    thankz machan meka enakan thama balan hitiye.

  23. Gathsara Umesh

    Bhooooom sathutui ❤️

  24. maikee

    Wow patta. Thankyou සබ් එකට. Namaste england හිංදි ෆිල්ම් එකට සබ් දෙන්නකො මචං . හොද කොපියක් ඇවිත් දැන්

  25. Wpm-Wijelath

    Ammooo enakan hitiye godak thanks sub ekata. Nela ticket film ekatath sub eka dennakoo bro

  26. Dineru

    Tnxxx bro

  27. oshanda

    thanx sahoo

  28. Dilanka Sanjeewa

    Ela

  29. nuwanrox

    Ela....

  30. pradeep hashan

    sub ekata tnks bro

  31. Madhura prasad

    තුති වේවා මචන් සබ් එකට

  32. dimuthu lakmal

    thanks bro.elama good luck.digatama yamu.....

  33. Aac3

    ගොඩාරියක් ස්තූති සබට සහෝ.. ජය වේවා !!!

  34. visitdinusha

    thanks for the sub malliye....great work...saakshyam ekatath sub dennako..hdrip 1ta

  35. snak

    mama meka enakanma balan hitapu film ekak balalamai cmnt eka danne me pissuma haduna goda dawasakin mewage film ekak baluwe hithatama wadina adara kathawak kiyalawadak na ewagema sub ekata godak thanks pattama wadak thawa thawa sub denna supiri aa

  36. rangika Kariyawasam

    අම්බෝ බෝම තුති සහෝ.එල වැඩක්.ජය

  37. Amal_indika

    thank you bro
    elaaa....

  38. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  39. Nilush Angana

    Sub ekata thanx

  40. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ.....මරු.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  41. Ayesh Prashan

    Thank You Tharaka

  42. britney sara

    Thanks...

  43. spd

    Thank you soo much for the subtitle Tharaka bro....!!!

  44. lucif3r

    Ela

  45. Jayasanka

    Thanks macho.

  46. palithadesilva

    thank you..

  47. TharakaWAS

    Thanks for sub bro...!!!

  48. Rumesh dhanushka

    Thanks sahooo....

  49. neelanethra

    ස්තූතියි !!!

  50. chathurangi93

    Baiscope eken denakan aasawen balan hitapu film1k. Thank you very much Tharaka Nuwan Dilhara. Niyamai

Load more comments