Watch Trailer

Bumblebee (2018) with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 [සිංහල උපසිරැසි සමඟ]

මේ 1987 වසරයි. චාලි කියන්නේ තාත්තා එක්ක ගොඩක් සමීපව හිටපු දක්ෂ කිමිදුම් කාරිනියක්. නමුත් ඇය එතරම් ආදරය කල තම පියා ඇගෙන් වෙන් වෙලා මේ ලෝකය හැර ගිහින්. නමුත් චාලි තවමත් ඇය ආදරය කල තමන්ගේ තාත්තගේ සිහිවටන මතක එක්ක දුකින් කල් ගෙවනවා. ඇයගේ එකම හීනය තමයි තාත්තා එක්ක එකතු වෙලා හදපු කාර් එක නැවත පණ ගන්වන […]

මේ 1987 වසරයි. චාලි කියන්නේ තාත්තා එක්ක ගොඩක් සමීපව හිටපු දක්ෂ කිමිදුම් කාරිනියක්. නමුත් ඇය එතරම් ආදරය කල තම පියා ඇගෙන් වෙන් වෙලා මේ ලෝකය හැර ගිහින්. නමුත් චාලි තවමත් ඇය ආදරය කල තමන්ගේ තාත්තගේ සිහිවටන මතක එක්ක දුකින් කල් ගෙවනවා. ඇයගේ එකම හීනය තමයි තාත්තා එක්ක එකතු වෙලා හදපු කාර් එක නැවත පණ ගන්වන එක. ඒ වෙනුවෙන් ඇය නොගන්න මහන්සියක් නැති තරම්. ඒ හීනය හැබෑ කරගන්න උත්සහ කරන අතරේ තමන්ගේ 18 වෙනි උපන්දිනයේදී ඇයට නොහිතපු දෙයක් හම්බෙනවා. ඉතින් මේ ආරම්භ කරන්නේ  2007 වසරේ මයිකල් බේ විසින් ඔබට මුලින්ම දකින්න සැලැස්වූ චිත්‍රපට මාලාවේ ප්‍රධාන රොබෝ චරිතය වෙනුවෙන් නිර්මාණය උන නවතම චිත්‍රපටය Bumblebee හෙවත් අර කහපාට කාර් එකක් වෙන්න පුළුවන් රේඩියෝ එකෙන් කතාබහ කරන රොබෝ හාදයාගේ කතාවයි මේ. මේ සමඟ මේ කතා මාලාවේ චිත්‍රපට හයක් සම්පුර්ණ කෙරෙනවා. ඒ හයටම අපෙන් උපසිරසිත් ඔබට ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපට 6 ඔන්න පහතින් තියෙනවා මීට කලින් එකක් හරි මග ඇරුනා නම්, 

  1. Transformers (2007)
  2. Transformers: Revenge of the Fallen (2009)
  3. Transformers: Dark of the Moon (2011)
  4. Transformers: Age of Extinction (2014)
  5. Transformers: The Last Knight (2017)
  6. Bumblebee (2018)

 

  මේ චිත්‍රපටය ඇත්තටම කරලියට ආවේ වර්තමානයේ තවමත් බොක්ස් ඔෆිස් වාර්තා එකින් එක කඩමින් යන Aquaman චිත්‍රපටය හා සමගාමීවයි. හැබැයි වෙනත් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටයකට වඩා spin-off  චිත්‍රපටයක් වූ කහපාට රොබෝ වීරයාට ලොකු පිළිගැනීමක් ප්‍රේක්ෂකයන් සහ විචාරකයන්ගෙන් ලැබුනා. මොකද අභාවයට යමින් තිබුන ට්‍රාන්ස්ෆෝමර්ස් කතමාලවට යලි පණක් ලැබුනා වගේ ප්‍රතිචාර මේ චිත්‍රපටය හරහා ලැබෙන්න ගත්තම ගොඩ දෙනෙක් හිතුවේ DC රසිකයන්ගේ 2018 වසරේ ලොකුම බලාපොරොත්තුව උන ඇක්වාමෑන් චිත්‍රපටයට මේ නිසා පහරක් එල්ල වේවි කියල. නමුත් වෙනස් කතා මාලාවන් දෙකක් නිසා බම්බල්බී නිසා ඇට්ලන්ටිස් වීරයාට හානියක් නොවුන ගානයි. නමුත් ට්‍රාන්ස්ෆෝමර් කලින් චිත්‍රපටයට වඩා මේ චිත්‍රපටය සංවේදී කතාවක් උන නිසාම ළමුන් අතර සහ පවුලේ කතාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් මේ වෙනුවෙන් නැඹුරු කරගන්න සමත් උනා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය සිද්ධ උනේ මේ චිත්‍රපට මාලාවට අලුත් කෙනෙක් විසින්. ඔහු නමින් Travis Knight. මීට කලින් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් හමුවුනේ Kubo and the Two Strings නමැති ඇනිමේෂන් චිත්‍රපටය හරහායි. ඇනිමේෂන් චිත්‍රපට වල ආභාෂය වැඩියෙන් ඇති කෙනෙක් හැටියට ඔහු විසින් භාරගත් මේ අභියෝගය ඉතාමත් සාර්ථකයි කියල ආදායම් වාර්තා ගැන බැලුවොත් ඔබට පෙනී යාවි. මේ චිත්‍රපටය සඳහා නිෂ්පාදන පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක් වැය කරනකොට අද දින වනවිට ඩොලර් මිලියන 412.3ක් උපයාගෙන අවසානයි.  ඒවගේම මේ චිත්‍රපටය ට රංගනයෙන් දායක වන්නේ අපි දන්නා කියන පිරිසක්. රෙස්ලින් බලන කෙනෙක් නම් ජෝන් සීනා නොදන්නවා වෙන්න බැහැ. ඔහු මේ චිත්‍රපටයේ හමුදා චරිතයක් නිරුපනය කරනවා. ඒ වගේම The Edge of Seventeen  සහ Pitch Perfect 3 යන චිත්‍රපටවල රංගනයෙන් දායක උන Hailee Steinfeld මෙහි ප්‍රධාන චරිතයක්චි රඟපානවා. ඒ වගේම මේ චිත්‍රපටය රූගත කර තිබෙන්නේ ලොස්ඇන්ජලීස් සහ කැලිෆෝනියා ප්‍රාන්ත වලදී. ඒ වගේම කලින් ට්‍රාන්ස්ෆොර්මර්ස් රසිකයෙක් නම් මේ චිත්‍රපටය අවසානයේ ඔයාල පළමුවෙන් 2007 දැකපු චිත්‍රපටය සමග මේ කතාව සම්බන්ධ කරලා තියෙනවා දකින්න ලැබේවි. ඒක නිසා පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක මග ඇරගන්න එපා. ඒ වගේම මේ චිත්‍රපටය සහ කලින් චිත්‍රපට වල බම්බල්බී චරිතය ගැන මතක නම් ලාස්ට් නයිට් චිත්‍රපටයේ බම්බල්බීගේ අතීත සිදුවීම් එක්ක බැලුවම මේ මේ බම්බල්බීගේ අතීතය හාත් පසින්ම වෙනස් බව දකින්න ලැබේවි. ඒ වගේම මෙතරම් වේලාසන බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙයි කියල බලාපොරොත්තු උනේ නැහැ. අන්තර්ජාලයේ හරි හමන් උපසිරසක්ව නොතිබුනු නිසා පොඩි කට්ටක් කාල අමුතුවෙන්ම කාල රාමු සකසමින් අසා ලිවීමක් කරලා තමයි මේ විදිහට උපසිරස ලබා දෙන්නේ. එහෙනම් නැවත උපසිරසකින්  මුණ ගැහෙනකන් ගිහින් එන්නම් හැමෝටම  ජය! 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB සහ BR පිටපත් සඳහා ගැලපේ.

63,583 downloadsDownload Bumblebee-2018-BR.zip111 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

63,583 downloadsDownload Subtitles111 KB

260 comments

  1. pandadhanatrox

    issellama gaththe mn..niyama film eka thnks a lot for sub,good luck !

  2. gihan perera

    ස්තුතියි සහෝ...මේක දෙනකන් හිටියේ මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....හොඳ copy එකක් ආවම update කරන්න සහෝ...

  3. nisalt

    Congratulations Bro..........
    ඔන්න පළවෙනි Comment එක මං ගානේ......
    waiting for blue ray update

  4. tharidu16

    mama 3

  5. widuranga

    elama broooo thanxxxx

  6. Vanuja

    film eka nane bn

  7. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata lassana film ekak.....!

  8. dsdkavishka

    Thenks for sub

  9. Kingdomd

    Thanks

  10. Isuru996

    Tnx for sub

  11. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේක එනකම් බලන් හිටියේ....
    Bluray copyයක් අවහමම බලනව...
    දිගටම සබ් දෙමු...

  12. thilz

    Thank you

  13. Amilperera

    Thnks broo sub ekata

  14. Dilshan Kelum

    Thanks bro...

  15. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  16. ranga11112

    hoda copy akak awama baamu saho...thanz

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තවත් උපසිරැසි නිර්මානයකින් නැවත හමුවෙමු...
    ජය

    හැකි නම් The Blacklist S06 කරන්න කාටහරි සෙට් කරන්නකෝ....

  18. Lasith_2001

    Sub ekata tnx

  19. Kavishka_JR

    සබ් එකට තෑන්ක්ස් සහෝ..

  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  21. Bandarajbandara

    Thanks jaya wewa

  22. Cavil

    Sub ekata thanx. Baln indapu film ekak.

  23. malith priyankara

    Thanks bro

  24. kasunKT

    yako meka parana 1k neda..

  25. 100

    Sub eakata thanks

  26. darshana100

    thanks yalu

  27. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..ට්‍රාන්ස්ෆෝමර්ස් සීරිස් එක බලපු නොබලපු හැමෝටම කියන්න තියෙන්නේ මේකනම් මිස් කරගන්න එපා කියලා. ඒ තරම් ලස්සනයි කතාව. BR එකක් ආව ගමන් සබ් එක්ක ආයෙත් බලමු..බුදුසරණයි...ජය වේවා!

  28. neelanethra

    ස්තූතියි !!!

  29. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  30. DILEKA

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

  31. Dilina Jananjaya

    thnks bro

  32. Priyadarshani

    ස්තුතිය ...බ්‍රෝ.................

  33. Adithya vimukthi

    Sub ekata thanks

  34. tkchirath86

    Thank u very much

  35. කෞශල්‍ය දුෂ්‍යාන්

    මේක ගන්න තමයි හසා අයියේ අාවේ.එතකොට සයිට් එක නෑ.නැතිවෙලා.ඔන්න දැං ගත්තා.දැනුත් බලලා BR අාපුවාමත් බලනවා.සදා ජය.තවත් සබකින් සෙට්වෙමු. :-D :-D

  36. kayzee

    Thank you very much! hasantha!!

  37. ජනිත් කහගල්ල

    kalekata passe balpu supirima film ekak. 7 weni eka gana balaporoththu thiyaganna puluwanda?

  38. dulakshitha

    thanx bro

  39. කවිශල් රසින්ත (කවී)

    බොහොම තුති අයියේ සබ් එකට.... එනකන් බලාගෙන ඉදපු ෆිල්ම් එකක් තමා... ජය වේවා...........!!!

  40. Nadeesha rox alahakoon

    Tnx bro. Meka enakanmai balan hitiye mara asawalin. Me copya aulak nathnum athi. Aulye me copye update akaka danawada bn

  41. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  42. Panther

    Thanz saho

  43. H_anuru

    Thank you machan, man me film eka enakam balagena hitiye. Thank you

  44. Waruna Dasun

    Thanks Bro..

  45. Dushandc

    me film 1 nobalana das 2 kumakatada , bohoma sthuthi sub 1ta.

  46. cb01

    film eka ganne kohomada?

  47. Ayesh Prashan

    Thank You .. Blu-Ray ekakma balano

  48. Lahiru123

    Thanks bro

  49. Aravinda wickramasinghe

    Supiri elama thawa dapn sub obata jaya

  50. ptcjine

    supiri bro digatama sub daanna

Load more comments