කොහොම හැම කෙනෙක්ටම. පෑඩ් මෑන් දෙන්නේ නැද්ද කියල තමා පහුගිය ටිකේ ගොඩක් අය මේල් එව්වේ මැසේජ් කලේ. මේ වෙනකම් නොදෙන්න වුණ හේතුව උනේ හරි හමන් උපසිරසියක් ආවේ නැති එක. ඇවිල්ල තිබ්බේ මහා කාසි කබල් උපසිරසියක්. බයිස්කෝප් වෙබ් අඩවියෙන් හින්දි සිනමාපටයක් උදෙසා මම ලබා දෙන පළමුවන සහ අවසන් හින්දි උපසිරැසිය වේවි ම…

කොහොම හැම කෙනෙක්ටම. පෑඩ් මෑන් දෙන්නේ නැද්ද කියල තමා පහුගිය ටිකේ ගොඩක් අය මේල් එව්වේ මැසේජ් කලේ. මේ වෙනකම් නොදෙන්න වුණ හේතුව උනේ හරි හමන් උපසිරසියක් ආවේ නැති එක. ඇවිල්ල තිබ්බේ මහා කාසි කබල් උපසිරසියක්. බයිස්කෝප් වෙබ් අඩවියෙන් හින්දි සිනමාපටයක් උදෙසා මම ලබා දෙන පළමුවන සහ අවසන් හින්දි උපසිරැසිය වේවි මොකද ඇත්තටම මට වඩා සුදුසුකම් තියෙන හින්දි බාශාව ගැන හසල දැනුමක් තියෙන උදවිය ඉන්නවා අපේ අඩවියේ. මේක ඇවිල්ලා දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා වගේ සිදුවීමක් නිසා ප්‍රේක්ෂක ඔබගේ මනාපයෙන් සෙනසුරු දසාව හේතුවෙන් මට ලැබුන එකක්. මතක ඇති කියල හිතනවා අපේ වෙබ් අඩවියේ දෙවනියට තියපු මනාප විමසුම. එකෙන් කොහෙවත් උන්න මට මේ ෆිල්ම් එකට උපසිරසි කරන්න පැවරුණා. මතක ඇතුව ආයේ වෝට් කරනකොට මේ වගේ වින්නැහි නම් කරන්න එපල්ලා. මේ ෆිල්ම් එකට පසුබිම් වෙච්ච සවිස්තරාත්මක සත්‍ය කතාව මෙතනින් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකේ එන සිංදු ටිකට සබ් කරලා දුන්නේ වගේම සැහෙන්න උදව් කලේ ගයේෂා සත්සරණී, එයාටත් ඒ වෙනුවෙන් බොහොම ස්තුතියි කියන ගමන් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමු.
ඉතිං මේ සිනමාපටය IMDB 8.3, කුණු තක්කාලි දර්ශකයේ 100% වැනි ඉහල අගයන් වාර්තා කළා වගේම ඉන්දියානු රුපියල් බිලියන 1.2ක ඉහල ආදායමක් ලබාගත්ත. මේ නිර්මාණය අක්ෂේ කුමාර්, රාධිකා ආප්තේ, සෝනම් කපුර්. (සෝනම් නම් ඊයේ පෙරේදා දවසක විවාහ උනා ඒ දුක තාම තියෙනව 🙁 ) ආදීන්ගෙන් හැඩවෙලා තියෙනවා. එහෙමනම් ඉතිං මං ගැන විස්වාසය තිබ්බ හැමෝටම බොහොම ස්තුතියි, උපසිරසිකරණයේදී උදව් වෙච්ච ගයේෂා සත්සරණීටත් බොහොම ස්තුතියි, කලින් කිව්වා වගේ සිංදු ටික එයා තමයි කරල දුන්නේ. ඉතිං මේක හැම දෙනෙක්ම බැලිය යුතු ඉතාම වැදගත් කතාවක්, තමන්ගේ උපන් බිමට ආදරය කරන, මිලියන ගානක් හොයන්න පුළුවන්කම තියාගෙන ඉතාම අඩු මුදලකට තමන්ගේ මිනිස්සුන්ට විතරක් නෙමේ ලෝකේ රටවල් 6ක මිනිසුන්ට තමන් දුක් විඳලා හොයාගත්ත නව නිර්මාණයෙන් පිහිට ලබාගන්න හයියක් වෙච්ච දිරිය මිනිසෙකුගේ කතාවක්. ඒ විතරක් නෙමේ හැම විශිෂ්ඨ මිනිසෙකුගේම පසුපස බිරිඳක් ඉන්නවනම් ඒ බිරිඳ මහා කැපකිරීමක් කල ගැහැනියක් කියල කියනවනේ. ඒත් මේ කතාවේදී නම් ඒ දේ හරියටම එහෙම වෙන්නේ නෑ.කාන්තාවන් වෙනුවෙන් කැපවුණු පිරිමියෙකුට ඔහුගේ බිරිඳ විසින්ම උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් වෙන්නත් බෑ ඉතිං එක අතකට.ඒත් ඉතිං හැම කන්තවම එහෙම නෑ. එහෙම නොවන කෙනෙක් නිසා තමා අද මේ විදියට ලෝකය ඉදිරියේ කතා කරන්න පුළුවන් මිනිහෙක් බිහිවෙලා තියෙන්නේ. ඉතිං මේ වෙනුවෙන් ඔවුන් හරි අපුරු ප්‍රචාරක ව්‍යාපාරයක් අරගෙන ගියා. ඒ තමා සැනිටරි පෑඩ් එකක් එක්ක තමන්ගේ චායාරුපයක් පලකරන්න කියල එකිනෙකාට අභියෝග කරගැනීම. ඉතිං ඒ අභියෝගය බාරගත්ත පිරිසකගෙන් කොටසක් තමයි මේ ඉන්නේ.
පහුගිය මැයි 28දා ඔසප් ස්වස්ථතාව පිළිබඳ ජාත්‍යන්තර දිනය ලොව පුරා පැවැත්වුණා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සේවය කරන ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍රනාන්දු මහත්මිය සහ පුෂ්පා ජයවර්ධන මහත්මියගේ සහභාගිත්වයෙන් කලුතර දිස්ත්‍රික්කයේ 10 ශ්‍රේණියේ පාසල් ශිෂ්‍යාවන් අතර කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ පරිදි එම ගැහැණු ළමයින්ගෙන් 44.4%ක් ඔසප් දිනවලදී පාසල් යාම මගහරින බව අනාවරණය වෙලා තියෙනවා. එසේම, ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් තිබුණේ දිස්ත්‍රික්කයේ පාසල් අතරින් 48.9%ක පමණක් කියලත් ඒ සමීක්ෂණයේදී එයාල හොයාගෙන තියෙනව. ඉතිං එදින උත්සවයේ පැවති දේශනය අමතමින් වෛද්‍ය අසන්ති ප්‍රනාන්දු බලපිටිය මහත්මිය පැවසුවේ ඒ පිළිබඳ විවෘතව කතා කිරීම වැදගත් බවයි. එතුමිය කරපු කතාව තමා මම පහලින් සඳහන් කරන්නේ.
“සමාජයේ මිථ්‍යා මත තිබෙනවා. මේ පිට වන්නේ අපිරිසිදු රුධිරය බව කියන එක එවැනි මතයක්. එය වැරදියි. මෙහිදී සිදු වන්නේ ගැබ් ගැනීම සඳහා සූදානම් වුණ ගර්භාෂ බිත්තිය, ගැබ් ගැනීමක් සිදු නොවීම නිසා ගැලවී රුධිරය සමග ඉවත්ව යාම යි. ඔසප් වීම සිදු වන දිනවල පිරිසිදුකම ඉතා වැදගත්. ඔසප් දිනවලදී නාන්නට හොඳ නැහැ වගේ අදහස් තියෙනවා. ඒ වුණාට මේ දිනවල නාලා පිරිසිදු වෙන එක ඉතා වැදගත්. අප කියන්නේ සනීපාරක්ෂක තුවා හෝ රෙදිකඩ පැය හතරකට වරක් මාරු කරන්න ය කියලා යි. එහෙත්, සමහර විට, පාසල් දරුවන්ට එහෙම ඒ සඳහා පහසුකම් නැති නිසා උදේ පාසල් පැමිණ, සවස පන්ති ගොස් එනතුරුත් එක ම සනීපාරක්ෂක තුවාය පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සමාජ වගකීමක්. ඒ වගේ ම, ඒ දිනවලදී ඔවුන් මුහුණ දෙන ශාරීරික, මානසික ගැටලුවලදී ඔවුන්ට විශේෂයෙන් ම සැමියා, දරුවන් ඇතුළු පවුලේ අයගෙනුත්, සමාජයෙනුත් උපකාර අවශ්‍ය යි. ඒ නිසා ඔසප් ස්වස්ථතාව කියන්නෙ කාන්තාවන්ගේ ගැටලුවක් නෙමෙයි. එය සමාජමය කාරණයක්.”
ඉතිං මං පෞද්ගලිකව හිතනවා මේ ස්භාවික සංසිද්දිය ලජ්ජාවට පත්වෙන්න ඕන කාරණයක් නෙමේ කියල. අපි කන බොන හුස්ම ගන්නවා වගේම ඔපස් වීමත් ස්ත්‍රී පාර්ශවයට පමණක් සිදුවන ඉතාම ස්භාවික සංසිද්දියක්. ඒ වගේම එම සංසිද්දිය වෙනුවෙන් පළඳින සෞඛ්‍ය ආරක්‍ෂිත පළඳනාවක් තමා මේ සැනිටරි පෑඩ් එක. ඉතිං වෛද්‍යතුමිය කිව්වා වගේ මේ පිළිබඳව විවෘතව කතා කිරීම කලයුතු දෙයක් වගේම කිල්ලට අහුවෙන දෙයක්වත් පිළිකුල් දෙයක්වත් ලජ්ජාවට පත්වෙන්න ඕන දෙයක්වත් නෙමේ කියන පණිවුඩය හිතේ තියාගෙන එහෙනම් අපුර්ව මිනිසෙකුගේ කතාවක් බලන්න පෙළ ගැහෙමු.
පිරිමියෙක්ගෙන්, පැය භාගයක් ගැහැණියෙකගෙන් වගේ ලේ ගියෝතින්,
ඒ පිරිමියා එතනම මැරිල වැටෙනව.
– Padman (2018) –
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත
39,522 downloadsDownload Padman-2018.zip121 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
180 comments
Prabodha Madhusankha Hettiarachchi
Medmc
බොහොම ස්තූතියි උපසිරැසියට.බලාගෙන හිටපු එකක්✌️
Pradeep Rathnayake
thanks machan sub ekata....
Bandaramudiyansi
තැන්ක්ස් ......... අනිවාර්යයෙන් බලනවා .....
Dewadithya
Thanks for Sub
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
pradeepdvd
Thanks a
ශසිත් සඳරුවන්
උපසිරැසියට බොහොම තුති විමා...
උඹ සබ් එක දෙනකල්ම ෆිලුම බාගෙන හිටියා බලන්නේ නැතුව. සුපිරියක් තමයි ඉතින්.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!daddycloth
LINK EKA NEDDA
Milinda Perera
ela ela sahodaraya.ubata jaya
lahiru madhuranga
Thanks for sub
wmcsubhash
sub ekata godak thanks
Asanke
Thanks for sub bro
kelumchathuranga
thanks bro.
gihan perera
නියමයි මචෝ කියන්න වචන නැ මචෝ.....මේකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලපු කට්ටියගෙන් මමත් එක්කෙනෙක්....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහ ඉල්ලීම සලකා බැලුවට.....තව එකක් තියනවා සහෝ..රන්වීර් සිං ඉන්න sanju film එකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
asankaherath
ඒක හොඳා.
ජයෙන් ජයම වේවා.
asankaherath
මේක එනකල් හිටියේ.
තැනකූ තැන්කූ.
තව තවත් වෙර වීරිය ලැබේවා..dedunu
ෆිලුම බාගෙන හිටියා බලන්නේ නැතුව,
උපසිරැසියට බොහෝම ස්තුතියි....Kovidu
බොහොම ස්තූතියි විමා සහෝ.......... තව තවත් වටිනා කියන ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය වීරිය ලැබේවා.. ජය
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Cj
Thanks bn sub ekata.
Nipuna456
බොහොම ස්තූතියි....!
Lasith Nadisi
Well done Baiscope team. Idea and introduction very good. Thank You very much.
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Chathukandy
thanks bro.
guddaputha
wimaa thankz machan
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ishan007
thanx vima.. balagena hitapu film ekak..
ඒෂාන් කාංචන
Tnx sub ekata ela. Race 3 2018 movie ekatath ikmanata sub denna
sameeradananjaya
thm machan..iwasan hitiya labenakan,, supiri film ekak
Tsc yapa
Thanks bro
Lasa_Sadaru
ela .. tnqq
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයThilina Chamara
ela ban.thanks
subodha
Thanks bro.......
indunil0912
thnks a lot brother..great work and keep it up.....
bgayanfernando
thanks bro
Nuwandika Dil
Godak kal bagena balan hitiye. Baiscope sub denakan thama.epa kollo tnks
gagulinu
Sub download karanakota page not fund kiyala watenawa.
D.Chamara
bohoma sthuthi sahooo .thanks...
harshani11112
ස්තුති සහො .....
Ara N Madhu
There are few main players in your community which I personally like. and you are one of he top bro. Thanks
Subhash13
එලම විමා
Kovidu
ෆිලුම බැලුව, කියල වැඩක් නෑ ෆට්ට ෆිලුමක්, සිසිල සහො කියනව වගෙ මේව බලන් නැති දෑස් මක්කටෙයි.. උපසිරැසිය සුපිරියටම තිබුනා විමා සහෝ, හැම සංගීතයක්ම සිංහලෙන් හැඩගන්වලා බලන්නත් ආසයි, ඒ වෙනුවෙන් සහය උනු සිස්ටත් ස්තූතිය...... ජය ම වෙවා කට්ටියටම!!!
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ
Dhanushka-Suresh
Thank you bokka
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Chami.S
Thanks..
Good Luck..Nilush Angana
Sub ekata thanx
Kanchaka
Thanks bro........
Chandima1998
Thank you biscope...
Kulanjana Maduranga
niayamai…denakam unne...aniwa bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Godak sththui sahoioo sub ekata. Balagena hitapuma movie ekak. Vodka diaries movie ekatath sub demu...