Watch Trailer

102 Not Out (2018) Sinhala Subtitles | ජීවිත දෙකක් වෙනස් කල පිය සෙනෙහස…. [සිංහල උපසිරසි සමඟ]

තමන්ගෙ එකම පුතාව මහලු නිවාසෙකට යවන්නෙ මොන වගේ තාත්තෙක්ද? මේ කතාවෙ ඉන්නෙ ඒ වගේ තාත්ත කෙනෙක්. දට්ටත්‍රේ වකාරියා. වයස අවුරුදු 102යි. ඒ උනාට මනසින් 26 කොල්ලෙක් වගේ. ලෝකෙ වයසම මනුස්සයා විදිහට වාර්තා පොත් අතරට එකතු වුනු අවුරුදු 118ක චීන ජාතික ඔන්ග් චොන්ග් ටුන්ග් පෙන් ගෙ ලෝක වාර්තාව බිඳින්න තමයි හිතාගෙන…

 

තමන්ගෙ එකම පුතාව මහලු නිවාසෙකට යවන්නෙ මොන වගේ තාත්තෙක්ද? මේ කතාවෙ ඉන්නෙ ඒ වගේ තාත්ත කෙනෙක්. දට්ටත්‍රේ වකාරියා. වයස අවුරුදු 102යි. ඒ උනාට මනසින් 26 කොල්ලෙක් වගේ. ලෝකෙ වයසම මනුස්සයා විදිහට වාර්තා පොත් අතරට එකතු වුනු අවුරුදු 118ක චීන ජාතික ඔන්ග් චොන්ග් ටුන්ග් පෙන් ගෙ ලෝක වාර්තාව බිඳින්න තමයි හිතාගෙන ඉන්නෙ. ඒකට තව අවුරුදු 16යි තියෙන්නෙ. ඒ අවුරුදු 16 ගොඩක් සතුටින්ඉන්න ඕනෙ, නාකි කම්මැලි එපා කරපු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න ඕනෙ. දට්ටත්‍රේට ඒ රෙකෝඩ් එක කඩන්න තියෙන එකම බාධාව තමයි එයාගෙ පුතා.

දට්ටත්‍රේ ගෙ පුතා, බාබුලාල් දට්ටට්‍රේ වකාරියා. වයස අවුරුදු 75යි. ගතින් වගේම මනසිනුත් 75යි. ගිය අවුරුද්දෙ එක දවසක බාබුලාල් තීරනය කලා එයා විනාඩි 15කට වඩා නෑවොත් එහෙම එයාට හෙම්බිරිස්සාව හැදෙයි කියල. එදා ඉඳන් හැමදාම එයා නාන්න විනාඩි 14කට කලින් එලාම් එක තියෙනවා. සාමාන්යෙන් බාබුලාල් කවදාවත් කිසිම දෙයක් අමතක කරන්නෙ නෑ. ඒත් එයා හැම වෙලාවෙම කලින් පරිස්සම් වෙනවා. කොහොමත් එයා හිතන්නෙ එයාගෙ වයසට එයා එක පාරක් නෙවෙයි දෙපාරක් පරිස්සම් වෙන්නම ඕනෙ කියල. එයාගෙ ප්‍රෙශර් එක නෝමල් වෙන්න ඕනෙ. සීනි නෝමල් වෙන්න ඕනෙ. හැමදාම ඩොක්ටර් මෙහ්තගෙ ක්ලිනික් එකට ගිහින් චෙකප් එකක් කර ගන්නවා. කෙටියෙන් කියනවනම්, බාබු කියන්නෙ නාකියෙක්. නාකියෙක් කියන්නෙ කවුද කියල දන්නවනෙ? ජීවත් වෙන්නත් බය මැරෙන්නත් බය මිනිහෙක්.

බාබුලාල් කියන්නෙ එයාගෙ තාත්තගෙ සම්පූර්නයෙන්ම අනිත් පැත්ත. දෙන්න ලෝකෙ දකින්නෙ දෙවිදිහකට. ගෙදර මෙයාලට වෙනම ෆ්රිජ් දෙකක් තියෙනවා. බාබුලාල්ගෙ එපා කරපු ෆ්රිජ් එකෙන් කන එක එපා කරපු දට්ටත්‍රේ වෙනම ෆ්රිජ් එකක් ගෙනාවා. නෑ නැ, එයා ඒකෙ තියෙන ඔක්කොම කන්නෙ නෑ. සෞඛයම හේතු නිසා ඒව කන නොකන එක වෙනම කතාවක්. ඒත් ෆ්රිජ් එක අරින එකම හෙන ආතල් වැඩක්නෙ. හැබැයි එයාට දර්ශනයක් තියෙනවා.

මේ දර්ශනය තේරුම් කරල දෙන කෙනා තමයි දිරූ කියන්නෙ. මොලෙයි කතාවයි අතරෙ තියෙන සම්බන්දෙ දෙවියො මෙයාට දීල නැහැ. එයා මුම්බායට ආවෙ ගුජරාටියෙ පුංචි ගමක ඉඳන්. එයාට හස්මුක් මෙඩිකල් එකේ ඩිලිවරි ජොබ් එකක් ලැබුනා. එයා ෆාමසියෙ වැඩ කලත් තෘප්තිමත් වෙන්නෙ ශාන්ති නිවාසෙ රස්සාව කරලා. අවුරුදු 102ක දට්ටට්‍රේ එක්ක කතා කරන එක හරියට එයාට විටමින් පෙති වගේ. හැබැයි අතුරු ඵලත් නැතුවම නෙවෙයි.

ඉතින් මේ දෙන්නත් තමයි තමයි දට්ටත්‍රේ ලෝක වාර්තාව තියන්න යන්නෙ. බලමු දට්ටත්‍රේට ලෝක වාර්තා පොතට යාවිද කියල.

2018 මැයි මාසෙ 04 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Umesh Shukla. රංගනයෙන් දායක වෙන්නෙ සුපිරි නලු රංගන ශිල්පීන් දෙදෙනෙක්, Amitabh Bachchan සමගින් Rishi Kapoor. සංගීත අධ්‍යක්ශනය Salim–Sulaiman සහ Amitabh Bachchan. මේ චිත්‍රපටියෙ බාබුගෙ චරිතයට මුලින් තෝරගෙන තියෙන්නෙ Paresh Rawal. එහෙත් ඒ චරිතය පස්සෙ Rishi Kapoorට ලැබෙනවා.

ඉතින් මෙ පාර ගෙනාවෙත් ඇති තරම් හිනා වෙන්න පුලුවන් චිත්‍රපටියක්. බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

5,163 downloadsDownload 102-Not-Out-2018.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,163 downloadsDownload Subtitles86 KB

45 comments

  1. prabuddha

    tanx saho sub akata digtama karagena yanna suba pathanawa.oyage weda katayuthuth sarthaka wenna kiyala prarthana kranawa

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui sis sub ekataa.

  3. subodha

    Thanks

  4. D.Chamara

    bohoma sthuthi naga ... jaya ....

  5. harshani11112

    ස්තුති අමා...

  6. nalin.kumara0510

    Thanks bro good luck

  7. Thisal

    thanks

  8. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි..................

  9. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො...

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  11. Chami.S

    Thanks..
    Good Luck..

  12. Kelum chethiya

    Patta

  13. Kanchaka

    Thanks sis

  14. Kulanjana Maduranga

    niayamai…lassana filumak ne...ela...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. indika75

    thanks...

  16. Udaya Saman

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි………………

  17. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  18. N_R

    Thanks.

  19. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පට්ට කොමඩියක් වගේ..

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  21. sandesh

    great.thanks.

  22. Sajiya99

    Ela sis sub ekta

  23. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  24. Viraj

    sub ekata thanks sis.... jaya wewa!!

  25. Niranjan Karunathilake

    ඉක්මනට බලන්න පුළුවන් වෙයි කියා හිතාගෙන හිටි ච්ත්‍රපටයක්. උපසිරැසියට බොහොම ස්තූතියි.

  26. sampath n perera

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  27. ss.sinhala

    thank you very much aaahhh

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.......!

  29. AsithaDilruwan

    Ela saho thanks

  30. Menaka Herath

    ස්තූතියි සබට සහෝ... දිගටම සබ් දෙමු...ජයවේවා......!!!!!!!!!!!!!

  31. Pramukmili

    thanxx....

  32. nishannw

    ස්තූතියි සිස්...................සිගටම සබ් දෙන්න...ජය වේවා. ..

  33. supun bro

    Thank you akki

  34. jagath55

    Thanks

  35. kasun sudangama

    thanks akke

  36. sachithanjana

    thank you

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. shaneesha

    Good Job!!!!!!!!!!!!!!!!!!!!
    October (2018) Sub plzzzzzzz..

  39. Niroshani maduka

    Thank you sis..

  40. Chandima1998

    Thank you!

  41. ශසිත් සඳරුවන්

    සබට තුති..
    ඔන්න ගත්තා.
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  42. yeshu

    tnx

  43. sasala

    thanks nangi

  44. sachinnn

    Sub ekt thanx..niyamai..

  45. Prabodha Jayakody

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.