Watch Trailer

Pagadi Aattam (2017) with Sinhala Subtitles | ආදරණීය පවුලක්, සොහොන් පිටියක් බවට පත්කළ අනංගයා [සිංහල උපසිරැසි සමඟ]

සල්ලි…හරි පුදුමාකාර දෙයක්. මේ ලෝකේ, සමහර අයට සල්ලි ගොඩාක් තියෙනවා. තවත් සමහර අයට, සල්ලි ඇත්තෙම නැහැ. මේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැයි කිව්වොත්, ඒක බොරුවක් නම් නෙමෙයි. මේ සල්ලි වල උපකාරයෙන්, බලය අතට ගන්නාවූ ධනවතුන්, සල්ලි නැති දුප්පතුන් තලා පෙලා දමනවා. සියලු දෙනාටම සාධාරණත්වය යැයි කියාගන්නා නීති…

Pagadi Aattam (2017)සල්ලි…හරි පුදුමාකාර දෙයක්. මේ ලෝකේ, සමහර අයට සල්ලි ගොඩාක් තියෙනවා. තවත් සමහර අයට, සල්ලි ඇත්තෙම නැහැ. මේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැයි කිව්වොත්, ඒක බොරුවක් නම් නෙමෙයි. මේ සල්ලි වල උපකාරයෙන්, බලය අතට ගන්නාවූ ධනවතුන්, සල්ලි නැති දුප්පතුන් තලා පෙලා දමනවා. සියලු දෙනාටම සාධාරණත්වය යැයි කියාගන්නා නීතිය පවා, සල්ලි හමුවේ නිහඬ වෙනවා. කෙතරම් අමිහිරි වුනත් මේ තමයි සත්‍ය.

මම කලින් කිව්වා, සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඔව්, ඒක ඇත්ත. පුංචිම පුංචි දෙයකින් පටන් අරගෙන, මහා විනාශයක් සිදුකිරීම දක්වාවූ ඕනෑම දෙයක් කිරීමට තරම් මේ සල්ලි බලවත්. ඔබට ඕනේ තරම් සල්ලි තියෙන්න පුළුවන්…ඒ නිසාම බලය තියෙන්නත් පුළුවන්…නමුත්, එසේ වුනා යැයි කියකා, අසරණ ජීවිත සමගින් සෙල්ලම් කිරීමට ඔබට අයිතියක් නැහැ. ධනයෙන් මත්වූ ඔබගේ පහත් ආශාවන් ඉෂ්ඨ කරගැනීමට, ආදරණීය පවුලක් විනාශ කරමින්, අසරණ ජීවිතයක් බිල්ලට ගැනීමට, ඔබට කිසිඳු අයිතියක් නැහැ. ඔබ හිතාවි, ඔබගේ සල්ලි බලයෙන් සියල්ලම වසන් කරන්න පුළුවන් වේවි කියා. ඔබගේ සල්ලි බලය නිසා, නීතිය ඔබ දෙසට ඇඟිල්ල දිගු නොකරාවි කියා. ඔබ හරි වෙන්න පුළුවන්. ඒත්, මතක තියාගන්න…කල් ගතවී හෝ, ඔබ කල පව් වෙනුවෙන්, වන්දි ගෙවීමට සිදුවෙනවාම තමයි…ඔබ සිදුකල පාපයේ තරමට, ඒ හා සමානවම, කවදා හෝ ඔබට වන්දි ගෙවීමට සිදුවෙනවාම තමයි. එදාට, ඔබේ ඔය සල්ලි වලින්, කිසිඳු ඵලක් නැති වේවි. එයයි, ලෝක ධර්මතාවය…

මම ACP දේවේන්ද්‍ර කුමාර්. ජරා ජීර්ණවී තිබෙන්නාවූ පොලිස් දෙපාර්තුමේන්තුව තුල, ධනයට බලයට හිස පහත නොකරමින්, සත්‍ය වෙනුවෙන් අකුරටම රාජකාරිය ඉෂ්ඨ කරන්නාවූ නිලධාරියෙක්. එක දවසක් මට අමුතු සිද්ධියක් පිලිබන්දව විමර්ශනය කරන්න බාරවෙනවා. හිටිහැටියේම, නව යොවුන් තරුණයෙක් අතුරුදහන් වෙලා. ඔහුව පැහැරගෙන ගිහිල්ලද, මරලා දාලද…මේ කිසිම දෙයක් පැහැදිලි නැහැ. මේ විමර්ශනය ඉදිරියට කරගෙන යන්න කිසිම හෝඩුවාවක් නැහැ. නමුත්, දැඩි ලෙස වෙහෙස මහන්සි වීමෙන් අනතුරුව, තරුණයාගේ ජංගම දුරකථනය සොයාගැනීමට හැකියාව ලැබෙනවා. මාව විශ්වාස කරන්න…තරුණයාගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී, මාව කම්පා වෙලා යනවා. මේ ආකාරයේ සිදුවීමක්, මගේ මුළු පොලිස් ජීවිතය පුරාවටම සිදුවෙලා නැහැ. මෙතෙක් කාලයක් පුරාවට පැටලුණු නූල් බෝලයක් බඳුව තිබුනාවූ අතිශය සංකීර්ණ ගැටළුවක්, ජංගම දුරකතනයෙන් ලැබුණු සාක්ෂි පදනම් කරගනිමින්, පියවරෙන් පියවර ක්‍රමානුකූලව විසඳමින්, මම ඉදිරියටම ගියා. අවසානයේ ප්‍රථිපලය හරිම සංවේදී දායක එකක් වුනා. ඉතාමත් මානුෂීය කාරනාවක් හමුවේ, මාව අසරණ වුනා. නමුත්, හිතට එකඟව, මම අසීරු තීරණයක් අරගත්තා. මගේ කතාව අහලා බලලා, ඔයාලම කියන්න, මම ගත්තේ හරි තීරණයක්ද, නැත්නම් වැරදි තීරණයක්ද කියලා…

Crime කාණ්ඩය යටතේ 2017 වර්ෂයේ පෙබරවාරි මස 17 වෙනි දින, මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වූ දමිළ සලරුවක්…Dhuruvangal Pathinaaru (2016) චිත්‍රපටය තුල විශිෂ්ට රංගන දායකත්වයක් ලබාදුන් Rahman ගේ නවතම සිනමා සංක්‍රාන්තිය…සෑම දෙමව්පියෙකුම, සෑම තරුණ තරුණියක්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු යැයි නිර්දේශ කල හැකි ආදර්ශමත් කතා පුවතක් අඩංගු චිත්‍රපටයක්…සියලුම බයිස්කෝප් රසික රසිකාවියන් වෙත, නැරඹීමට කෙරෙන්නාවූ සුහද ආරාධනාවයි මේ…

 

NEW

Pagadi Aattam (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.mx – Pagadi Aattam (2017)

ලබා දී ඇති උපසිරසි TamilRockers HDRip පිටපත් සඳහා අදාළ වේ.

3,062 downloadsDownload Pagadi-Aattam-2017.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

3,062 downloadsDownload Subtitles48 KB

29 comments

  1. shan s

    thanks,... me wage thriller movies danna . thank//

  2. Kalum Gunasekara

    හොද කතාවක් වගේ. බලන්න ඕන. බොහොම ස්තුතියි සිසිල සහෝ උපසිරැසියට.

  3. Ipsi

    Thank you ayye

  4. කෞෂාන් පියුමන්ත

    ජාති ඈ.සබට තැන්ක්ස්. රොම්බ සන්තෝසම් :p

  5. saliya godakumbura

    Thank u. Bogan 2017 film eketh sub eka denna.

  6. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  7. දහරා මුතු අමා

    කතාව නම් හොඳයි වගේ.
    අරගෙනම බලමු.
    බොහොම ස්තූතියි උපසිරැසියට.

  8. thisal

    බොහොම ස්තූතියි

  9. Chalana Rukshan

    thnx bro... lipiya dakka gaman hithuna oyage ekak wennathi kiyala

  10. අසිත

    elama saho thanks

  11. Kulanjana Maduranga

    niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Amila

    singam 3 original ewilla hugak kal den, thama sinhala sub eka naththe ai bro....?

    1. amila srinath

      singam 3 denna kawadada?

  13. Jack

    පට්ටයි මචන්...
    උබ සබක් දෙනවා කියන්නේ අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකය.
    ජයින් ජය....

  14. Thili

    aiye ouage subak nam patyayak tama.aniwa ballik tama.best og luck aiue.tawa aluth ewa aran enna.

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. Chamal Perera

    බොහොම ස්තුතියි සිසිල අයියේ. වෙලාවක් සෙට් උන ගමන් බලනවා

  17. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  18. samee

    thanx bro

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Palitha de Silva

    thank you verymuch...

  21. Chami.S

    Thanks..
    Good Luck..

  22. Jim Anderson

    thanx brother..well done !

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. Prasad Randunu

    Newathath bohoooooma pin pro

  25. mithun

    සුපිරිම ෆිල්ම් එක බ්‍රො සබ් එක නම් great තැන්ක්ස් යු

  26. -T.L-

    Elz supiriy

  27. malith

    Thank you

  28. චාරුක ලක්ෂිත

    ලස්සන ආදර්ශමත් කතාවක්...
    අරගෙනම බලන්න...