මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, පැරණි රජ කතාවක් ගැන කියවෙන, රාජේන්ද්‍ර කුමාර්, වෛජන්ති මාලා ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි…

Suraj (1967) මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, පැරණි රජ කතාවක් ගැන කියවෙන, රාජේන්ද්‍ර කුමාර්, වෛජන්ති මාලා ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී.  මෙහි ප්‍රධාන චරිත වන්නේ ගෝපාල්, අනුරාධා කුමරිය සහ ප්‍රතාප් ය. ප්‍රතාප් රජ කුමරෙකු ලෙස හැදී වැඩෙන අතර ගෝපාල් සොරෙක් ළඟ හැදී වැඩෙයි. නමුත් කුඩා කාලයේදී මොවුන් දෙදෙනාව මාරු කිරීමකට ලක්වේ, ඒ රජතුමාගෙන් පළිගැනීමට සොරාට අවශ්‍යවන නිසාය. නමුත් රජ කුමරියක් වූ අනුරාධා ආලයෙන් බැඳෙන්නේ ගෝපාල් සමඟය. මෙතැන් සිට පටන් ගන්නා ගැටළු කෙසේ විසඳේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!           මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති  “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්” යන පැරණි හින්දි සිනමාපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය සතියේ මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත  අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!     යූ ටියුබ් හි මෙම වීඩියෝව නොමැති නිසා, මෙය මා විසින් අප්ලෝඩ් කළ වීඩියෝවකි. ඒ නිසා මා දක්වා ඇති මෙම ලින්ක් එකෙන් බාගත කිරීම කළ හැකිය.https://drive.google.com/file/d/0B3BxOq2-_xCDNUMzZUJPbVFNMVk                    මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන දහසයවන සිංහල උපසිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි! 

 

 

Suraj (1966) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් යු ටියුබ් පිටපත සඳහා අදාළ වේ.

 

107 downloadsDownload Suraj-1966.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

107 downloadsDownload Subtitles41 KB

25 comments

  1. Kulanjana Maduranga

    niayamai…good work..thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Withanage Priyantha Dayakeerthi

    මෙහි උපසිරසි නිර්මාණය කරන අයෙක් ලෙස මා විශේෂ කරුණක් උපුටා දැක්වීමට අදහස් කළා. එනම් මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය සතියේ මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා!

    පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!

    එමෙන්ම මෙම සිනමාපටය බාගත කරගෙන නරඹන ඔබ සැමගෙන් මා ඉල්ලා සිටින්නේ, මෙම උපසිරැසිය වෙනුවෙන් පුංචි අදහස් දැක්වීමක් හෝ කරනවානම් එය ලොකු දිරිගැන්වීමක් බවයි. ස්තුතියි!

  3. කෞෂාන් පියුමන්ත

    ලයින් ගගහ සබක් කරන එකට ෆිල්ම් එකක් හදන්වටත් වඩා කට්ටක් කන්න ඕන.respect මචන්

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. Chamal Perera

    ස්තුතියි අයියේ.... මේවා තමා පිල්ම්... ආසාවේ බෑ

  6. වජිර රත්නායක

    හිතවත් ප්‍රියන්ත,
    ඔබේ උපසිරැසියට බොහොම ස්තූතියි. සුරජ් චිත්‍රපටය මම මෙතෙක් නරඹලා නැති චිත්‍රපටයක්. ඔබේ උපසිරැසිය සමග නරඹන්න පුළුවන්. ශාරදා, සුමන් කල්‍යාන්පූර් සහ මොහමඩ් රාෆිගේ ලස්ගීසන ගීත ගණනාවක්තතියෙන චිත්‍රපටයක්.

  7. කසුන් හර්ෂණ

    මේවගේ ෆිල්ම් වලට දිගටම Sub කරන්න අයියෙ.DvD වලට ඔයාගෙ සබ් ගන්නව කියන්නෙත් ලොකු දෙයක්නෙ.ඒක ඔයාටත් ආඩම්බරයක් ඔයාගෙ sub එක ලංකාවෙ හැමෝම බලන නිසා."ගීත්" ෆිල්ම් එකටත් ඉදිරියේදි සබ් එක දෙන්න සහෝ.ඇත්තෙන්ම මං DvD මිලදී නොගැනීමට හේතුවත් එහි රූප රාමු වල ඇති අපහැදිලි භාවයයි.එසේම ඇතැම් කොටස් ඉවත් කර තිබෙනව. මේ නිසා කතා රසයට ඉතා විශාල හානියක් ඉන් සිදුවනව.DvD සඳහා චිත්‍රපට ඇතුලත් කරන පුද්ගලයින් හුදෙක් ව්‍යාපාරික අරමුණ සඳහා පමණයි කටයුතු කරන්නෙ.චිත්‍රපට නරඹන්නන් ගැන ඔවුන් සිතන්නේ නැහැ.කෙසේ නමුත් ඔබේ උත්සහය නම් ප්‍රශංසනීයයි.ඔබ ලබා දුන් උපසිරැසිවල සමහරක උපසිරැසි වල අර්ථය වෙනස් තැන් සහ උපසිරැසි නොයෙදූ තැන් සහ උපසිරැසි අඩුවෙන් යෙදූ තැන් මා දුටුවා. එම දෝෂත් නිවැරදි කරගනිමින් විශිෂ්ට උපසිරැසියක් ලබා දෙන්නේනම් මැනවි. මා එසේ කීම ගැන අමනාප නොවන්න සොයුර.එසේ උපදෙස් දුන්නේ ඔබ මේ දෙන චිත්‍රපට අති විශිෂ්ට ගණයේ සම්මාන විශාල වශයෙන් ලබාගත් එදා මෙදා තුර බිහිවූ අග්‍රගන්‍යම සිනමා කෘති වීමයි.මෙවැනි සිනමා කෘතීන් තවත් විශාල ප්‍රමාණයක් තියෙනව. නමුත් ඒවාට උපසිරැසි යෙදීමට කෙනෙක් නැහැ. ඔබ සහ තවත් අතේ ඇඟිලි ගණනටත් අඩු කිහිපදෙනෙකු පමණයි මෙවන් චිත්‍රපට සඳහා සිංහල උපසිරැසි ලබාදෙන්නේ. මා අනෙක් උපසිරැසිකරුවන්ගෙන් ඉල්ලා සිටිනව මේ සඳහා දායක වීමට ඔබ නිර්මාණය කරන නව චිත්‍රපට උපසිරැසි අතරට ආලෝකයක් වශයෙන් මෙවැනි එක් පැරණි භාරතීය චිත්‍රපටයක්ද ඇතුලත් කරන ලෙස. ස්තූතියි.

  8. udaya saman

    ඔබගේ 16 වන උපසිරසියට මාගේ සුබ පෙතුම් එක් කරමි.මෙම සිනමා පටයද මාගේ ‍රසවිදිය යුතුම සිනමා අතරට එක්කසු කර ගනිමි.ඔබට ජය.තවත් මෙවෙනිම රසබර සිනමා පටයක් ඔබගෙන් බලාපොරොත්තු වෙමින් ඔබට ජය පතමි

  9. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  10. දහරා මුතු අමා

    මන් ආසම සිංදුවක් තියෙන්නෙ මේ චිත්‍රපටියෙ. (බහාරෝ පූල් බර්සාවෝ) ඒ වගේම කතාවත් ලස්සනයි.
    බොහොම ස්තූතියි අයියෙ උපසිරැසියට.

  11. Shaun Maximus Dissanayake

    අගය කල යුතු අගනාම පුද්ගලයකි ඔබ ප්‍රියන්ත..කරන කාර්යන්ට සිරස නමා ගෞරව කරමි.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Kasun Harshna

    ඇත්තෙන්ම විශිෂ්ට නිර්මාණයක්.උපසිරැසි නිර්මාණකරුවන් අතර දැනටමත් ඔබ නොමැකෙන සලකුණක් තබා අවසානයි.

  14. H.G.NALAKA

    657 mb pamanaye akak youtube wala nene

    1. Kasun Harshna

      විනාඩි 02:35:39 වීඩියෝවේ ඇත්තේ මෙගා බයිට් 657 යි. එය තමා මෙම සබ් එකට ගැළපෙන්නේ. ඔයාගේ කමෙන්ට් එක නිසා, මේ දැනුත් මම ඒක පරීක්ෂා කළා.

    2. H.G.NALAKA

      mb 932 tiyenne aka harineda

    3. Withanage Priyantha Dayakeerthi

      වෙනත් සිනමාපට තිබෙනවා Suraj නමින්ම. ඒ නිසා Suraj 1966 යනුවෙන් You Tube එකේ ටයිප් කර ලැබෙන වීඩියෝවේ කාලය 02:35:39 සහිත 657 mb එක ඩවුන්ලෝඩ් කරගන්න. එසේ නොහැකිනම් ඔයාගේ ඊ මේල් ඇඩ්‍රස් එක කමෙන්ටුවකින් දාන්න. මම ලින්ක් එක එවන්නම්.

    4. jayahiru

      මට මෙය බලන්න බැහැ. නියම ලින්ක් එක එවන්න . ස්තුත්යි.

  15. Tharanga Sandakelum

    බොහොම ස්තූතියි මේ සද් කාර්යයට

  16. jayahiru

    "සුරාජ්" ඉතාමත් ජනප්‍රියවූ චිත්‍රපටියක් මෙය. කාලයක් නොතකා ඕනෑම කාලයකට ඕනෑම වයස් තරාතිරමක කෙනෙකුට සැබෑ විදානයක් ලබෙනෙනවා. එක වරක් නොව කීපවරක්ම බලන්න හිතෙනවා. කළ සේවයට ඉතා ස්තුතියි.

  17. jayahiru

    අගය කල යුතු අගනාම පුද්ගලයකි ඔබ ප්‍රියන්ත..කරන කාර්යන්ට සිරස නමා ගෞරව කරමි.

  18. jayahiru

    ඔබ කරනා මෙහෙය ඉතා අගේ කරනවා. ඔබගේ කාලය, මහන්සිය ,වියදම ඔබ කැපකරනවා රසිකයින් වෙනුවෙන්. අතිඋදාරයි. ස්තුතියි. ඔබටත් මෙම මෙහෙයට සහය දක්වන සියලු දෙනාටත්, ප්‍රණාම වේවා, නිර්රෝගී සම්පත් සමග ඔබට දීර්ගායුෂ පතනවා. සියලු දෙවි රැකවරණයි

  19. Withanage Priyantha Dayakeerthi

    මා ඉහත දක්වා ඇති ලින්ක් එක කොපිකර ගූගල් වෙත ගොස් පේස්ට් කර සර්ච් කරන්න. එවිට ඉතා පහසුවෙන් ඔබට මෙය බාගත කර ගත හැක.අද 2017/04/08 දින මෙම අදහස දක්වන ලදී. හේතුව මෙම වීඩියෝව යූ ටියුබ් වෙතින් ඉවත්කර තිබුණා.

  20. Withanage Priyantha Dayakeerthi

    Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  21. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.