Watch Trailer

Pailwaan (2019) Sinhala Subtitles | මල්ලවපොර සටන් කරුවා..? [සිංහල උපසිරසි සමඟ]

එදත් අනිත් අය වෙනුවෙන් සටන් කරා, අදත් ඔයා ඒකම කරන්න යනවා කියලා කියනවා. ‘ඔයා මගේ පුතා.’ ‘ඔයා මගේ පුතා කියලා කියන්න , මම ආඩම්බරවෙනවා.’ ‘බලය වෙනුවෙන් සටන් කරන කෙනා මැරයෙක්’. ‘ඒත්, හේතුවකට සටන් කරන කෙනා…’ ‘…වීරයෙක්’ ඔබ ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම්, පයිල්වාන් මඟ හැර නොගන්න……. හැමෝම මග බලන් හිටපු තවත…

එදත් අනිත් අය වෙනුවෙන් සටන් කරා,
අදත් ඔයා ඒකම කරන්න යනවා කියලා කියනවා.
‘ඔයා මගේ පුතා.’
‘ඔයා මගේ පුතා කියලා කියන්න , මම ආඩම්බරවෙනවා.’
‘බලය වෙනුවෙන් සටන් කරන කෙනා මැරයෙක්’.
‘ඒත්, හේතුවකට සටන් කරන කෙනා…’
‘…වීරයෙක්’

ඔබ ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම්, පයිල්වාන් මඟ හැර නොගන්න…….

හැමෝම මග බලන් හිටපු තවත් පට්ටම ෆිලුමක් අරගෙන තමයි අද ඇවිත් ඉන්නේ. කන්නඩ සිනමා කර්මාන්තය විසින් මෙතෙක් නිෂ්පාදනය කරන ලද හොඳම ,ක්‍රීඩා ,ක්‍රියාදාම චිත්‍රපටය ලෙස මේ වනවිට පත් වී හමාර Pailwaan (2019) සිනමා සිත්තමයි මේ විදිහට අද බයිස්කෝප් වාසි සියළු දෙනා වෙත මෙලෙස ගෙන ආවේ . කෙතරම් ජනප්‍රිය වූවාද කියනවනම් මෙය බහු භාෂා චිත්‍රපටයක් ලෙසට කන්නඩ, හින්දි, තෙළිඟු, දෙමළ සහ මලයාලම් භාෂාවලින් ද නිකුත් විය.

‘…පඩි 999 ක් නැග්ග කෙනෙක්ට තව පඩියක් නගින එක අමාරු නෑ. ‘…
ඒත්, ඒ එක පඩිය නගින්නේ නැතුව,
අරමුණ ඉටු කරගන්න බෑ.

එහෙනම් පළමුවෙන්ම මම මෙම සිනමාපටය උපසිරසි ගන්වන්න මා හට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ටීම් එකටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා. ඉතින් මීට කලින් මම උපසිරසිය Kalavani 2 (2019) චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දක්වපු, නරඔපු සැමට ස්තූතිය පල කරනවා. මෙය මල්ලවපොර ක්‍රීඩකයෙකු වන පයිල්වාන් ක්‍රිෂ්ණා නම් චරිතය වටා ඇති චිත්‍රපටයකි. ඔහු විවිධ තත්වයන්ට හා අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය සහ ඔහු සාර්ථක ලෙස ඉස්මතු වන්නේද නැද්ද යන්න කතාවේ ඉතිරි කොටසයි

විශේෂයෙන් කියන්න ඕනි මෙම සිනමා සිත්තම හින්දි, දමිළ හා තෙලෙගු භාෂා ත්‍රිත්වයෙන්ම හඩකවාද තිරඟත විය. ඒකට හේතුව තමයි, මේ චිත්‍රපටයේ ඒ සෑම භාෂාවකම නළු, නිඵියන් මෙයට රංගනයෙන් දායක වීම…. හින්දි සිනමාවේ දැවැන්ත චරිතයක් වෙන Suniel Shetty (සර්කාර්) පවා මෙහි රංඟනයෙන් දායක වෙනවා.

ටෝනි සෙබස්තියන් (කබීර් ඩුහාන් සිං) යනු බොක්සිං ක්‍රීඩකයෙකි. මොහු බොහෝ තරඟ වල ජයග්‍රහණය කිරීම සඳහා අපිරිසිදු උපක්‍රම භාවිතා කරයි. එවැනි එක් තරඟයකදී ඔහු අවසානයේදී තම ප්‍රතිවාදියා මරා දමයි. ඉන් අනතුරුව ඔහුගේ පුහුණුකරු ඔහුව තේරුම් ගැනීමට උත්සාහ කළද ටෝනි සවන් නොදීම හේතුවෙන් ඔහු වෙනුවට වෙනත් සිසුවෙකු සොයා ගැනීමට කටයුතු කරයි. ඔහු ගජේන්ද්‍රගර්හි වෙසෙන හිටපු මල්ලවපොර ක්‍රීඩකයෙකු වන සර්කාර්ය (සුනියෙල් ෂෙට්ටි) ය.

දිනක් අනෙක් ළමයින්ට ආහාර ලබා ගැනීමට උදව් කිරීම සඳහා පිරිමි ළමයින් කණ්ඩායමක් සමඟ සටන් කරමින් සිටින ක්‍රිෂ්ණා ව සර්කාර් දකී. මෙය සර්කාර්ගේ සිත් ගත් අතර, ඔහු ක්‍රිෂ්ණා දරුකමට හදාගෙන ඔහු මල්ලවපොර ක්‍රීඩකයෙකු බවට පත් කරයි. පසුව සර්කාර්ගේ හීන සැබෑ කරමින් ඔහු සහභාගී වූ සෑම මල්ලව පොර තරඟයකදීම ජයග්‍රාහකයා බවට පත්විය. ඔහු පේල්වාන් කිච්චා නම් විය.

කිච්චා ජාතික ශූරයකු වන තෙක් ආදරයෙන් බැඳී නොසිටින බවට තම ගුරා හට (සර්කර්) පොරොන්දු වෙයි. දිනක් නොසිතූ ලෙස කිච්චා හට රුක්මනීනම් ධනවත් ගෑණු ළමයෙකු මූණ ගැසේ. ඇයව දැකීමෙන් පසු කිච්චා හට තමා සර්කාර් හට වී තිබූ පොරොන්දුව කඩා බිද දමා ඇය සමග ආදරයෙන් බැදේ. තම පියාගේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය නම් මල්ලව පොර තරඟයකින්ජය ගත යුතුය. මේ අතර, රුක්මිණිගේ පියා ඔවුන්ගේ සම්බන්ධය සදහා විරුද්ධ වේ.

රානා සමඟ අවසන් මල්ලව පොර තරඟයත් , රානාට එරෙහිව සටන් කොට, ඔහුව පරාජය කර, පසුව ඇගේ පියාගේ කැමැත්තට අනුව රුක්මිණි සමඟ විවාහ වීමට අවසර ඉල්ලුවද සර්කාර් එයට අකමැති වූ හෙයින් තමාට උගන්වා ඇති මල්ලව පොර උපක්‍රම සමඟ කිචාට තම බිරිඳ සමඟ නිවසින් පිටව යන්නේ සර්කර්ගේ දැඩි විවේචන මැදය.

වසර ගණනාවක් ගෙවී යන අතර කිච්චා සිය බිරිඳ සහ දියණිය සමඟ සාමකාමීව ජීවත් වේ.රානා තවමත් පරාජයෙන් කම්පනයට පත්ව සිටින අතර කිච්චා සොයා ඔහුගේ නිවසට ගොස් වෙනත් තරඟයකට ආරාධනා කරයි. කෙසේ වෙතත්, තර්ජන නොතකා කිච්චා සාමකාමීව සිටී.

කිච්චාගේ සටන් කුසලතා දුටු පුහුණුකරු බොක්සිං තරගයක් සඳහා පුහුණු වන ලෙස ඉල්ලා සිටී. ත්‍යාග මුදල සමඟ දුප්පත්කම නිසා සිහින සැබෑ කර ගැනීමට නොහැකි දුප්පත් එහෙත් දක්ෂ දරුවන්ට උපකාර කිරීමට තමාට අවශ්‍ය බව කිච්චා සර්කාර්ට පවසයි. බොක්සිං ගහන්න කිව්වට මෙයා කලින් කරේ කූස්ති නිසා සර්කාර් සහ පුහුණුකරු කිච්චාට පුහුණු කිරීම ආරම්භ කරන අතර තරගය පැවැත්වෙන දිනයේ දී කිච්චාට නිසි ලෙස සටන් කිරීමට නොහැකි වන අතර ඇතැම් විට නීති රීති වලට අනුව අවසර නොදෙන මල්ලවපොර ක්‍රම භාවිතා කරයි. කෙසේ වෙතත්, ඔහු ඉක්මනින්ම තම විරුද්ධවාදීන් එකින් එක පරාජය කිරීමට පටන් ගනී, එහි ප්‍රථිපලයක් ලයක් ලෙස ටෝනි සමඟ තරඟයක් පැවැත්වෙන අතර එහිදී ඔහු අපිරිසිදු ලෙස සටන් කරන අතර නීති විරෝධී පියවරයන් මගින් කිච්චාට තුවාල සිදු කරයි. කිච්චා හට තරගය ජයගෙන දුප්පත් ළමුන්ට අවස්ථාවක් ලබා දීමට හැකි වේවිද..? එහෙමත් නැත්තම් ඔහුගේ කූස්ති සිහිනය වගේම බොක්සිං සිහිනයත් බොදවේවිද කියලා බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් කරෙන්ට් එකක් දාගෙන හොද, නරක කියල යන්නත් අමතක කරන්න එපා කියලා ඉල්ලා සිටින ගමන් ආයෙත් ඉක්මනින් දමිළ සලරුවක් ගෙන එනතුරු සියළු දෙනා හට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.වචනයකින් හරි නෑ බෑ නොකියා උදව් උපකාරි කල සියළුම දෙනාම ස්තූතිය පුද කර සිටිනවා.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Action, Drama, Sport
අධ්‍යක්ෂණය : S Krishna
නිෂ්පාදනය : Swapna Krishna , Krishna
රංගන ශිල්පීන් : Suniel Shetty, Aakanksha Singh, Sudeep, Shivgopal Krishna
ධාවන කාලය : 2h 46min
තිරගත කල දිනය : 12 September 2019 (USA)
සංගීතය : Arjun Janya
MDB අගය : 6.7/10

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper WEB පිටපත් සඳහා අදාළ වේ.

10,624 downloadsDownload PAILWAAN-2019.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

10,624 downloadsDownload Subtitles57 KB

17 comments

  1. Ranidu

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ෆිලුම නම් බලලා ටිකක් කල් හැබැයි

  2. Umangamadushan

    Sub එකට tnx සහෝදරයා..

  3. Lahiri

    THANKZ SAHO

  4. wnrodrigo

    good work friend, thanks for the sub!

  5. ඔෂද ධනංජය

    ela macahn ela...jaya

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. ranga11112

    thnxx bro

  8. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ ජය !!

  9. Kanchaka

    Thanks bro

  10. Athula

    Thanks ...

  11. prasanga sanjeewa

    thanks

  12. Lucifer Micky

    Sub ekta thnx bro.. ikmantama me filume sub ekath one..
    Bharaate Kannada HDRip 720p 1.4GB

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ...‍
    දිගටම සබ් දෙමු ආ... ජය!

  15. Anonymous

    Film eka download karanne kohomada

  16. Prabodha Jayakody

    Thanks...

  17. Anonymous

    Good job broo