ඔන්න එහෙනම් ජන්ද උණුසුම අස්සේ හිනාවෙලා බලන්න පුලුවන් එකක් අරගෙන ආවේ මේ වසරේ නිකුත් වුන ලස්සන ජන්ද සීන් එකක්ම තියෙන ෆිලුමක් එක්ක. මේ දවස් වල ජන්ද වැඩ අස්සේ මේකත් ඒකටම හරින්නම් කියාපු බඩුවක් තමයි. මොකද අපේ රටේ ජන්දෙන් දිනන්න ගන්න කරන දේවල් දැක්කම ඉන්දියාවෙත් ජන්දෙ කියන එක අපේ රටේ වගේම කරන දේවල් ටිකක්…

ඔන්න එහෙනම් ජන්ද උණුසුම අස්සේ හිනාවෙලා බලන්න පුලුවන් එකක් අරගෙන ආවේ මේ වසරේ නිකුත් වුන ලස්සන ජන්ද සීන් එකක්ම තියෙන ෆිලුමක් එක්ක. මේ දවස් වල ජන්ද වැඩ අස්සේ මේකත් ඒකටම හරින්නම් කියාපු බඩුවක් තමයි. මොකද අපේ රටේ ජන්දෙන් දිනන්න ගන්න කරන දේවල් දැක්කම ඉන්දියාවෙත් ජන්දෙ කියන එක අපේ රටේ වගේම කරන දේවල් ටිකක් ලගින්ම යනවා. ඉතින් ජන්ද වැඩ අස්සේ දන්නවනේ පක්ෂ වලට බෙදිලා කර කියාගන්න දේවල් කොච්චරද කියලා. එහෙනම් පළමුවෙන්ම මම මෙම සිනමාපටය උපසිරසි ගන්වන්න මා හට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ටීම් එකටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා. වැඩ අස්සේ ඉවර කරේ ජන්දෙ දවසට දෙන්නම් කියල හිතන් , මේකෙ ටයිම් ලයින් ගහල කරපු නිසා පොඩි පොඩි අඩුපාඩුනම් ඇති, ඉතින් මීට කලින් මම උපසිරසිය ලබාදුන් ShathamanamBhavathi (2017)චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දක්වපු, නරඔපු සැමට ස්තූතිය පල කරනවා. විමල් (Vimal), කිව්වම එයාගෙ ඇක්ටින් ගැන දන්නවනේ ඉතින්… මේ සැරේ කලවානි 2 චිත්‍රපටය හරා විමල් තමා රංගනයෙන් දායක වෙන්නේ මැතිවරණ අපේක්ෂකයෙක් විදිහටයි. කලවානි කිව්වම නමෙන් නම් තේරුම ‘හොරා’ කියන එකයි. අරිකි (විමාල්) සහ මහේෂ්වරී (ඕවියා) රංගනයෙන් දායක වන, මෙහි කතාව දසෙට පොඩ්ඩක් හැරුනහොත්, විමල් යනු එයාගේ යහළුවන් සමග හොර වැඩ කරන චරිතයකි.මැතිවරණයට සභාපති තනතුර සදහා ඔහුගේ මාමා තරග වැදීමට ඉදිරිපත් වේ. දිනක් අරිකි හට මහේෂ්වරි මුණ ගැහෙන්නේ එළු පැටියෙකු සොරාගෙන යන විටයි. ඉන් පසු අවස්ථා කිහිපයකදී අරිකි හට මහේෂ්වරි මුණ ගැසෙනුයේ මාරම අවස්ථාවන් කිහිපයකදීය. එක් අවස්ථාවක ඔහුට ඇය ගැන සිතා ගැනීමටත් නොහැකි වන්නේ ඇයගේ ක්‍රියා කලාපය නිසාය. කොහොමෙන් හෝ මහේෂ්වරිගේ හිත දිනා ගන්නා අරිකි ඇය සමග ආදර සම්බන්ධතාවයක් ඇති කර ගනී. අරිකිදේශපාලනයට පිවිස ජන්ද අපේක්ෂකයෙකු වීමට සැලසුම් කරයි. ඒ සැලසුම් කරන්නේ තමන්ගේ යහළුවන් සමග තම මාමාගෙන් ජන්දය ඉල්ලන මුමාවෙන් මුදල් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. ඉතින් මහේෂ්වරිගේ වචනය නිසා අරිකිට මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තමා සභාපති වන බව සිතාගනි. සභාපති වෙනවා කියලා හිතාගත්තට මොකද ගමේ අරිකිටය ජන්දයක් දෙන්න කෙනෙක් ඉදීවිද..? අරිකිට එයාගේ තාත්තගෙවත් ජන්දෙහම්බ වෙන්නනෙ නෑ. ජන්ද කීයක් හමුබ වෙයිද කියලා බලන් යනකොට අම්මගෙ ජන්දෙත් එක්ක යන්තම් ජන්ද 04 ක් අරිකිට ලැබෙවා. ඒ අරිකිගෙ එකයි, යහළුවන් දෙනොගෙයි, අම්මගෙයි ජන්ද…අරිකි කියන්නෙ ඉතින් හීන් නූලෙන් ගේම ගහන හොරෙක්නෙ. මෙයාට ඉතින් මේ මැතිවරනෙන් මෙයාගේ මාමාව පරද්දන්න තිබ්බනම් ඇති කියන තැන තමයි ඉන්නේ. හිතන් හිටයට මොකෝ බලන් යද්දී ගමේ ජන්ද ඔක්කොම තියෙන්නේ මෙයාගේ මාමාට. මෙයා මේකටනම් නියමම ගේමක් දෙන්නේ, සභාපති වෙන්න ඉල්ලන ජන්දෙට අපේක්ෂක අරිකිටනම් ගමේ හොද ප්‍රථිචාරයක් නැතිම තරම්, කොහොමින් හරි අරිිකි ජන්දෙ දවසෙ මාරම ගේමක් දෙනවා දිනන්න, ජන්ද හතරක් විතරක් වැටෙන මේ අපේක්ෂක අරිකි මේ ජන්දෙන් දිනයිද..? නැත්තම් පරදියිද කියලා බලන්නම ඔයාලටම භාර කරනවා. හිනා වෙවී බලන්න පුලුවන් එහෙනම්..
.චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
කාණ්ඩය : Comedy, Drama, Romance
අධ්‍යක්ෂණය : A. Sarkunam
නිෂ්පාදනය : A. Sarkunam
රංගන ශිල්පීන් : Vimal, Oviya, RJ Vigneshkanth
ධාවන කාලය : 2h 21min
තිරගත කල දිනය : 5 July 2019 (India)
සංගීතය : V. Ronald Regan, Natarajan Sankaran
IMDB අගය : 4.3/10

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
3,495 downloadsDownload Kalavani-2-2019.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
9 comments
Pasindu16022
gihan perera
ස්තුතියි සහෝ....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
D.Chamara
bohoma sthuthi saho
Nilush Angana
Sub ekata thanx
gayanmagee
thanx
D.Chamara
bohoma sthuthi sahoo
කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි උදය අයියේ!
විමල්ගේ චිත්‍රපටියක් නම් ඉතින් ලේසියකට අතෑරෙන්නේ නෑ!!
බාන්න හදන්නේ එහෙනම්
බොහොම ස්තූතියි නැවතත්... ජය වේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Advertisement
![Kalavani 2 (2019) Sinhala Subtitles | හොරාට ජන්දෙ දිනන එකත් මහලොකු වැඩක්ද..? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/Kalavani-2-2019.jpg)
Thanks for sub