මොකද කියන්නේ යමුද හොලිවුඩ් පැත්තේ රවුමක්…. බෑ බෑ වගේද… ඒ මොකද…. ඇයි දැන් තියෙන හොලිවුඩ් කලින් තිබ්බ තරම් කොලිටි නැද්ද… “ඔව් අනේ, ඒ කාලෙනේ හොලිවුඩ් වල නියම රසය තිබ්බේ…” ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් බලන්න ආසද…අලුත්ම එකක්… “ඈ…ඒ කොහොමද..ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් කොහොමද අද සිනමාවෙන්…” සහෝදරයා…ඔබ හොලිවු…

මොකද කියන්නේ යමුද හොලිවුඩ් පැත්තේ රවුමක්….
බෑ බෑ වගේද… ඒ මොකද….
ඇයි දැන් තියෙන හොලිවුඩ් කලින් තිබ්බ තරම් කොලිටි නැද්ද…
“ඔව් අනේ, ඒ කාලෙනේ හොලිවුඩ් වල නියම රසය තිබ්බේ…”
ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් බලන්න ආසද…අලුත්ම එකක්…
“ඈ…ඒ කොහොමද..ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් කොහොමද අද සිනමාවෙන්…”
සහෝදරයා…ඔබ හොලිවුඩ් කියන වචනේ අවතක්සේරු කරලා…
Once Upon a Time … in Hollywood එකමත් එක කාලෙක හොලිවුඩ් වල..
ඔබෙන් ඇහුවොත් හොලිවුඩ් වල ස්වර්ණමය කාලය මොකද්ද කියලා මොකද්ද ඔබ දෙන උත්තරේ?
ඔබ හොලිවුඩ් ඩයි හාඩ් ෆෑන් කෙනෙක් නම් ඔබේ පිළිතුර නොඅනුමානයි 1920- 1970 කාලය වෙයි.
ආසද 1960 දශකයට පැය තුනකට ආසන්න කාලයක් පිය නගන්න.
Classical හොලිවුඩ් සිනමාපටයක් නැතූව හෙම්බත් වෙලාද හිටියේ.
ආසද ඒ කාලෙට රවුමක් යන්න… ඒ සිනමාවේ තිබ්බ Classical ගතිය බලන්න.
මෙන්න ඒකට කියාපු භාණ්ඩය Once Upon a Time … in Hollywood

ඒ ක්ලැසිකල් ගතියේ කිමිදෙන්න.
ඒ ක්ලැසිකල් සංගීතයේ මිහිරෙන් කන් පුරව ගන්න.
ඒ ක්ලැසිකල් ගතියට ආදරණීය ලෙස ඇබ්බැහි වෙන්න.
ඒ ක්ලැසිකල් දර්ශන සියල්ලෙන්ම දෙව් ලොව රස විදින්න.
ඒ ක්ලැසිකල් විලාසිතාවන්ගෙන් පරණ මතකයන් අවුස්ස ගන්න.
ඒ ක්ලැසිකල් ආදරණීය මොහොතවල් වල ආදරයෙන් වෙලෙන්න.
ඒ ක්ලැසිකල් සිනමාරූපකරණයේ සුන්දරත්වයෙන් දෑස් පිනවා ගන්න.
ඒ ක්ලැසිකල් ගතිය මොකද්ද කියන්න නොදන්න සමාජයට ඉගෙන ගන්න.

ෆැන්ටසි, ඇඩ්වෙන්චර්, ඇක්ෂන් බලාපොරොත්තුවෙන්ද ආවේ…
ආ එහෙනම් යන්න මේක වැඩක් නෑ, මේක ඔයාලට ගැලපෙන්නේ නැ කියයි කියලද හිතන්නේ.
ඒ තීරණය ඔබ සතුවයි. කිමද ඔබ මග හැර යන්නේ ජීවිතයේ වටිනාම හොලිවුඩ් නිර්මානයක්.
ජීවිතේට ක්ලැසිකල් තාලේ හොලිවුඩ් නිර්මාණ බලලා නැද්ද?
නිකමට මේක අරගෙන බලන්න, හොය හොය බලයි ක්ලැසිකල් හොලිවුඩ්.
එහෙමත් නැත්තම් තවත් කල්පනා කරනවද අපරාදේ මගේ ඩේටා ටික කියලා.
එහෙනම් ඉතින් මෙන්න යන්න ඔබට ඉඩ…. හැබැයි මම ඔබට පොරොන්දු වෙනවා මෙන්න මේක.
අද ඔබ යයි මේ මොන ජරාවක්ද කියල, හැබැයි සිනමාවට ආදරේ කරන කෙනෙක් නම් ඔබ….
ඔබේ ජීවිත කාලේ ඇතුලත මේක ඔබට බලන්න වෙනවාම තමා. මොකද මේක දෙකයි පනහේ සීනි බෝල කතාවක් නෙමෙයි.
හොලිවුඩ් වල සත්‍ය නිර්මාණ ශීල්පීය ක්‍රම වලින් ඔබව මුසපත් කරන අති දැවැන්ත සිනමා නිර්මානයක්.
හොලිවුඩ් සිනමාවේ අති දැවන්ත චරිතාංග නළුවෙක්. Titanic, Shutter Island, Inception, The Departed, Body of Lies, The Revenant වැනි අද්වීතීය සිනමාවන් වල එකිනෙකට වෙනස් අද්වීතිය රංගන ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කල ඔහු, The Revenant සිනමා පටය වෙනුවෙන් Academy Awards හොදම නළුවා සම්මානය ලබා ගෙන, තවත් Academy සම්මාන පහකට Nominated වුන ඔහු. ඒ අතරම විවිධ සම්මාන උළෙලවල් වල සම්මාන 54ක්, නිර්දේශ වීම් 163ක්, දෙවැනි ස්ථාන 4ක් ලබා ගත් ඔහු Leonardo DiCaprio.

රංගන ශිල්පියෙක් මෙන්ම සිනමා නිශ්පාදයකයෙක්ද වෙන මොහු, Troy, World War Z, 12 Years a Slave, 12 Monkeys වැනි නිර්මාණ හරහා ඔබේ සිත් ගත් ඔහු. සිනමා කර්මාන්තයේ Academy Awards ඇතුළු සිනමා උළෙලවල් වල සම්මාන 61 සහ නිර්දේශ වීම් 148ක් ලද ඔහු Brad Pitt.

ඕස්ට්‍රෙලියානු රංගන ශිල්පිනියක වෙන සුරූපි ඇය, ලෝකයේ වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පිනියන් අතර ඉහලම ස්ථානයට සිටින ඇය, Suicide Squad තුලින් ඔබේ සිත් සතන් වසග කරගත් සුරුපිනිය, පැමිණීමට නියමිත Bird of Prey සිනමා පටයෙන් දැක ගැනීමට පෙරුම් පුරන ඇය. Margot Robbie.

ඒ විතරක් නෙමෙයි තවත් හොලිවුඩ් සිනමාවේ Emile Hirsch, Margaret Qualley, Timothy Olyphant, Julia Butters, Austin Butler, Dakota Fanning වැනි දක්ෂ රංගන ශිල්පීන් මෙහි ඔබගේ සිත් සතන් පිනවීමට පැමිණෙනවා.
The Hateful Eight, Django Unchained, Inglourious Basterds වැනි නිර්මාන සිනමාවට ගෙන ආ ඔහු, Once Upon a Time … in Hollywoodහී අධ්‍යක්ෂකරයා වගේම තිර රචකයා. විශෙෂත්වය මොහුට මෙම සිනමා පටයේ තිර පිටපත් ලියා අවසන් කිරීමට අවුරුදු හතරක් ගත වී තිබීමයි. ඔහු Quentin Tarantino.

Once Upon a Time … in Hollywood සිනමා පටය,
International Cinephile Society Awards 2019 සම්මාන උළලේ Best Screenplay සම්මානය දිනාගන්නවා.
Golden Trailer Awards 2019 සම්මාන උළලේ Best Teaser සම්මානය දිනාගන්නවා.
Cannes Film Festival 2019 සම්මාන උළලේ සම්මානයකට ප්‍රාප්ත වෙනවා.
ඒ වගේම තවත් සම්මාන 11කට නිර්දේශ වී තිබෙනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 90-96 අතර වියදමකින් නිර්මාණය වුන Once Upon a Time … in Hollywood
වියදම මෙන් තුන්ගුණයක් ඇමරිකානු ඩොලර් මිලියන 371කට අධික ආදායමක් සපුරා ගන්නවා.
බොක්ස් ඔෆිස් ලේබලය කිසිදු අපහසුතාවකින් තොරව Once Upon a Time … in Hollywood සිනමා පටය දිනාගන්නවා.
2019 ජූලි 26 දින ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කල සිනමා පටය, විනාඩි 161ක් තිස්සෙ ඔබව පුටුවේ අලවා තබනු ඇත යන්න විශ්වාසයි. Sony Pictures යටතේ බෙදා හැරුන Once Upon a Time … in Hollywood සිනමා පටය 228,000+ අධික මනාප සංඛ්‍යාවකින් IDMb මීටරයේ 8/10 දක්වා කරකවන්න සමත් වුනා. ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 85% අගයකුත් Metacritic සිනමා වෙබ් අඩවියේ 83% අගයකුත් හිමි කරගන්නේ ලොව පුරා ප්‍රෙක්ෂක සිත් අමානන්දයට පත් කරමින්.

මෙන්න ඔබට භාරයි 2019 වර්ෂයෙ බිහි වූ විශිෂ්ඨතම සිනමා පටය, බලන්න, රස විදින්න, හොලිවුඩ් වලට ආදරේ කරන්න. ක්ලැසිකල් ගතිය ක්‍රිස්පි රසේට රස බලන්න. Drama | Thriller රසය විදින්න. හොලිවුඩ් යනු කුමක්ද යන්න නිසැකවම දැන ඉගෙන ගන්න. හොලිවුඩයේ දැවන්තයි දෙදෙනෙකුගේ එක් සිනමා ආගමනය දෝතට ගන්න. එහෙනම් දෙන්න අවසර නික්ම යන්නට.
ලිපිය : කවිෂල් රසින්ත
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HC- HD / WEB / Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
25,688 downloadsDownload Once-Upon-a-Time-in-Hollywood-2019-BR.zip268 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBERS
JOINING DATE – 2012-12-29 & 2009-03-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
95 comments
Madhura prasad
praneeth01
Hariyanne nathi unath balanawa. Mokada Sub karala thiyena doubla aniwa balanna hithenawa. Thanks.
Pasan Udara
baiscopedownloads site eke film download link eka nane.kohomda download karanne
Gathsara Umesh
ප්‍රශ්නයක් අහ්හන්නම විතරක් කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න එපා සහෝදරයා ...පොඩි හරි වචනෙකින් ස්තූතියකුත් කරල යන්න..මේ කරන කැපවීමට..
ඩවුන්ලොඩ් සයිට් එකට මේ මෝවි එක ඉකඅනින් අප්ඩේට් කරාවි..පොඩ්ඩක් ඉවසන්න❤️
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) ..
ජය වේවා.!Gathsara Umesh
මුලින්ම කියන්න ඕනී...ෆිල්ම් එකට වගේම සබ් දෙන්නත් සම්මාන ගනනාවකට පාත්‍රවුන දෙන්නෙක් එකතුවෙලා ඉන්නව දැක්කම පුදුම සතුටක් එන්නේ..බොහෝම ස්තූතියි අයියල දෙන්නටම..❤️❤️❤️❤️
ඩිකැප්‍රියෝ කියන්නේ මන් ආසම බොලිවුඩ් නලුවා..එනකල් ඉදියේ..අනිවාරෙන් බලනව දැන්ම....❤️Shamal manojan
සබ් එකට බොහොම ස්තූතියි
Request -
Contact - 1997
Once Upon Time in China - 1982
Once Upon Time in China 2 - 1991
Once Upon Time in China 3 - 1997Once Upon Time in Brooklyn - 2013
Once Upon Time in London - 2019Thanks....
Shamal manojan
ලංකාවේ පුරෝගාමී උපසිරැසි කරුවන් දෙපළ වෙනුවෙන් ජයවේවා කියා යළිත් පතමි!
Alankara
අප වෙනුවෙන් වෙහෙස වී මෙවැනි නිර්මාණ සඳහා උප සිරැසි ලබා දීම පිලිබඳ ඔබ සැමට මගේ ගෞරවය ..........
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
raviz
Thank you....!
thilz
thank youuu
hansani_sangeeth
Hollywood movies nam maga arinna baa.. Action, Horror, Advanture wage side thamai godakma balanne..namuth Film aka gana Deela Thiina details anuwa nam ahaka daanna ba. classical movie godak kaalekin baluweth na..Sub aka download karanna kalin post aka kiyawapu nisa kohomath balanawa.. mokada post aka nam superb..
Thanks for sub...
PaSindu MaDumal
අම්බෝ ලෙජන්ඩ් දෙන්නා කරලා තියෙන්නේ...එනකම් හිටියේ...ආපු ගමන් දීලා
ස්තූතියි හසන්ත & රොයිලි අයියේ..!sathyajith
Thanks for the sub
wnrodrigo
Good work friends, Thanks for the sub.!
OsandaFdo
MM..leo...❤️❤️❤️
Nilush Angana
Sub ekata thanx
kevinpetersen
Thank you
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
මේකනම් බලන්න බලාගෙන ඉන්නේ....
Bluray ආවහමම බලනවා....nish47
ස්තූතියි සහෝ
Menaka Kariyawasam
Ammata hudu patta dial dekakne sub eka karala thiyenne...Aniwa balanna one....
madhawa_max
සබට ස්තූතියි බලාගෙන හිටපු චිත්‍රපටයක් . දෙන්නටම ජයවේවා!!!
Ayesh Prashan
Thank You
gihan perera
නියමයි මචෝ....පට්ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
bonso
Thanks bros
arawindasunimal
ස්තුතියි උපසිරසියට (හසන්ත වික්‍රමරත්න & රොයිලි ප්‍රනාන්දු ) ජයවේවා ඔබ දෙපලට
Dilruk lahiru
thanks
Panther
Thanz
Shabi & Pavi
ගොඩක් ස්තූතියි ..දිගටම මේ වැඩේ කරන්න ශක්තිය, කාලය ලැබේවා..... ඔබ හැම දෙනාම කරන මේ වැඩේට ජය වේවා..
Sanjeewa2010
Thnxxxxxx
jagath55
Thanks
Hemal
Thanks, guys
LimeGreenSoda
Thanks.
Pramukmili
Thanxx brothers............
thushara_2262
ELa
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Stranger
thanks
ayeshpiumantha
Thankx.....
thuglife1122
පින් සිදධ වෙනවා මහත්තයෝ
Deex
enakan balan hitapu ekak thanks bro
Nirosh C
ස්තුතියි දෙපළටම.ජයවේවා!
Sasindu chamod
Hamme sub eka enakan balan idapu ekak.Decaprio loliyek hatiyata aluth ekak nathuva hitiye.E madivata menna Bradd Pittuth!Hamme ithin Quentin Tarantino.Nama ahena kota mathak venne Kill Bill movie series eka.Oya Hasantha,Roily kiyana mahathvaru dennata pinsidda venava me karapu upakarayata.
Sandeepmadushan
Thanx bros.. superb!!!
shaun_Perera
Chanu mikhail
thanks
sipa22092
Thanks saho..blagena hitapu ekak
harris
Thanks bro sub ekata
Sandunprabath1230
Thnks mchn
Dewadithya
Thanks for Sub!
janith yashoda
Thanks bro
Sajithlakshan
thanks ..................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Once Upon a Time in Hollywood (2019) Sinhala Subtitles | එකමත් එක කාලෙක හොලිවුඩය…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/once-upon-a-time-in-hollywood-2019.jpg)
දැන් ඉතින් බලන්නම වෙනවනෙ.බොහෝම ස්තුතියි දෙන්නටම.මේ වගේ ඒවා බලලම නෑ.අද තමයි හා හා පුරා කියලා බලන්නෙ මෙහෙම එකක්. ජය වේවා!!!