Painkili (2025) Sinhala Subtitle ඉතින් සාදරයෙන් පිළිගන්නවා තවත් අළුත් මලයාලම් ෆිල්ම් එකකට. ෆිල්ම් එක ගැන කිව්වොත්නම් මේක පට්ට ආතල් ෆිල්ම් එකක්. කොමඩි රොමෑන්ස් ෆිල්ම් බලන්න කැමති අය බලන්නම ඕන ෆිල්ම් එකක් මේක. ඉතින් ඔයාලටත් බලන්න කියල ආරාධනා කරන ගමන්, සුපුරුදු විදියට මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ ස්…

Painkili (2025)  Sinhala Subtitle

ඉතින් සාදරයෙන් පිළිගන්නවා තවත් අළුත් මලයාලම් ෆිල්ම් එකකට. ෆිල්ම් එක ගැන කිව්වොත්නම් මේක පට්ට ආතල් ෆිල්ම් එකක්. කොමඩි රොමෑන්ස් ෆිල්ම් බලන්න කැමති අය බලන්නම ඕන ෆිල්ම් එකක් මේක. ඉතින් ඔයාලටත් බලන්න කියල ආරාධනා කරන ගමන්,

සුපුරුදු විදියට මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ ස්‍රිජීත් බාබු විසින්. ප්‍රධාන චරිතෙ රගදක්වන්නේ අපි කවුරුත් දන්න සජින් ගෝපු, ( සුකූ සුජිත්කුමාර් ලෙස). ඉතින් මේකෙ ප්‍රධාන නිළිය විදියට රන්ගනයෙන් දායක වෙන්නේ අනස්වරා රාජන්. ( ශීබා බේබී ). ඉතින් අනස්වරා රාජන්ගේ අවසානෙට නිකුත් වුන රේකාචිත්‍රම් ෆිල්ම් එක බලන්න ඇති කියල හිතනවා. බලල නැත්තන් ඒකත් බලන්න කියල ආරාධනා කරනවා. ඉතින් තව මේ ෆිල්ම් එකේ, ජිස්මා විමල්, අබු සලිම්, චන්දු සලම්කුමාර්, රොශාන් ෂනවාස්, වගේ නළු නිළියන් රැසක් රන්ගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්, සුකූ සුජිත්කුමාර් කියන්නේ ප්‍රින්ට් අවුට් කඩයක් කරගෙන යන කොල්ලෙක්. මෙයාගෙ හොදම යාළුවෝ දෙන්න එක්ක තමයි කරගෙන යන්නේ. හදිස්සියේම මේ කඩේට අවශ්‍ය බඩු වගයක් ගේන්න සුකූට යන්න වෙනව තමිල්නාඩු වලට. මෙහෙදි සුකූ අතින් කෙනෙක්ව ඝාතනයට ලක් වෙනවා. වැරදීමකින් තමයි වෙන්නේ. මීට එහා මොනවත් කියන්න බෑ ඔයාලම බලල දැනගන්නකෝ, කලින් කිව්ව වගේම මේක කොමඩි රොමෑන්ස් ෆිල්ම් එකක්.

ඉතින් තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු. සුබ දවසක්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

2,192 downloadsDownload Painkili-2025.zip71 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Painkili (2025)  Sinhala Subtitle Sinhala Subtitle

Subtitles by

චතුර සංදීප

Subtitles

2,192 downloadsDownload Subtitles71 KB

3 comments

  1. Kavi

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

  2. Buddhika laKMal

    ස්තූතියි චතුර සහෝ උපසිරැසියට

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤