Veera Dheera Sooran: Part 2 (2025) Sinhala Subtitles පාර්ට් 2 බලන්න ආවේ පාර්ට් 1 බලලද? නැහැ නැහැ, තවම මේ චිත්‍රපටයේ පාර්ට් 1 ආවේ නැහැ. මේ තමයි පලවෙනි චිත්‍රපටය. සුපුරුදු විදියටම කතාව පැත්තට යමුකෝ. මදුරෛ පෙදෙසේ එක්තරා ගම්මානයක කෝවිලේ සැනකෙළිය දිනයේ කාන්තාවක් හා දැරිවියක් අතුරුදහන් වෙනවා. ඊට වගකිව යු…

පාර්ට් 2 බලන්න ආවේ පාර්ට් 1 බලලද? නැහැ නැහැ, තවම මේ චිත්‍රපටයේ පාර්ට් 1 ආවේ නැහැ. මේ තමයි පලවෙනි චිත්‍රපටය. සුපුරුදු විදියටම කතාව පැත්තට යමුකෝ.
මදුරෛ පෙදෙසේ එක්තරා ගම්මානයක කෝවිලේ සැනකෙළිය දිනයේ කාන්තාවක් හා දැරිවියක් අතුරුදහන් වෙනවා. ඊට වගකිව යුත්තේ ගමේ පෙරියවර් නැමැති රවී බව කියමින් එම කාන්තාවගේ සැමියා පොලිස් ස්ථානයට FIR ඉදිරිපත් කරනවා. රවී එක්ක අවුරුදු 8ක කෝන්තරයක් තිබුණ පොලිස් අධිකාරීවරයා, ඒ වෙනුවෙන් පළිගන්න මේ වගේ අවස්ථාවක් ලැබෙන කල් බලන් හිටියෙ. ඒ අනුව සැනකෙළිය දවසේ උපරිම ඵල නෙලාගන්න, ඉහළ නිළධාරීන්ගෙන් ආයාචනා කරලා අවසර ගත්තා. ඒ අනුව පෙරියවර් රවීව සහ කන්නන්ව මරා දමන්න සැලසුමක් දියත් කළා. මෙවන් සැලැස්මක් ක්‍රියාත්මක වන බව දන්නා පෙරියවර් රවී, ඔහුගේ පුතාගේ ජීවිතය රැකගන්න කන්නන්ට කොහේ හෝ සැඟවෙන්නට කියා නිවසින් පිටත් කර හැරියා. ඔහුද නිවසෙන් බැහැර වුණා. ඒත් මේ නීතිය බල්ලට දැමූ රාත්‍රියේ රවීට එකම එක බලාපොරොත්තුවක් තිබුණා. ඒ කාලි. යම් කරදරකාරී සිදුවීම් කිහිපයක් නිසා කාලි බොහෝ කාලයක් ගමෙන් ඈතට වී පාඩුවෙ ජීවත් වෙමින් හිටියා. රවී කාලිගේ ගෙදරටම ගොස් හමුවෙලා කන්නන්ව බේරලා දෙන්න කියලා බැගෑපත් වෙලා ඉල්ලනවා. අතීතයේ වුණ සිද්ධීන් නිසා කාලිගේ නෝනා රවීගේ පවුලෙ ආශ්‍රයක් වත් තියාගන්න කැමැත්තක් තිබුණෙ නැහැ. රවීව විශ්වාස කරන්න එපා කියා කලෛ කාලිට අවවාද කළා. ඒත් රවීගේ දැඩි ඉල්ලීම කාලිට අහක දමන්න හිතක් දුන්නෙ නැහැ. ඒ නිසා කාලි තමන්ගේ පවුලෙ අය සැනකෙළිය නරඹන්න ගිය අතරෙදි හොර රහසේම පාරට බැස්සා. රවීගේ ඉල්ලීම වුණේ පොලිස් අධිකාරී වරයා මරා දැමීමයි. ඒ වෙද්දි පොලිස් අධිකාරීවරයා රවී සහ කන්නන් සොයා තම සහචරයන් සමඟ නිදැල්ලේ යමින් සිටියා. තවද ඔහුගේ සහයට සහය බළඇණියක් පොලිසියට ළඟා වෙමින් තිබුණා.
චියාන් වික්‍රම් ප්‍රධාන චරිත මවන මේ වීර ධීර සූරන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ SU අරුන් කුමාර්. 2023 වසරේ දැඩි කතාබහකට ලක් වුණ Chiththa (2023) චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේද මොහුයි. චිත්තා චිත්‍රපටයේ එන “අමුද කඩල් උනකු දාන්” ගීතය ලංකාවේ පවා ප්‍රබල ලෙසින් සමාජගත වූවා. ඒ වගේම එම ගීතයේ සිංහල අනුවර්තන ගණනාවක්ද අහන්නට ලැබුණා. ඒ විතරක් නෙවෙයි මේ වීර ධීර සූරන් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ “කාත්තු මේල” ෂෝර්ට්ස් වීඩියෝවේ සිටි හුරුබුහුටි තරුණ නිෂ්පාවකවරිය රියා ෂිබූයි. එම වීඩියෝවෙන් ඇය තවත් ප්‍රසිද්ධියට පත් වුණා.
ඇත්තටම චිත්තා චිත්‍රපටයෙන් පසුව අරුන් කුමාර් මීළඟට අධ්‍යක්ෂණය කරන්නට යන චිත්‍රපටය, එහි නළුවා හෝ නිළිය කවුරුන්ද යන්න බොහෝ සිනමා රසිකයින්ගේ අවදානයට ලක් වෙලා තිබුණා. අවසානයේ එය වික්‍රම් සමඟින් සමාප්ත වුණා. මේ සඳහා වික්‍රම් සමඟ දුෂරා විජයන්, රංගනයේ රාක්ෂයා එස්.ජේ. සූර්යා වගේම අති දක්ෂ මලයාලම් නළු සුරාජ් වෙංඥාරමූඩු, තෙළිඟු නළු පෘද්විරාජ්, පාර්වතී සතීෂන් යන අය චරිත මවනවා. ඒ හැරුණු කොට නිතර දකින්න නොලැබෙන මුහුණු ටිකක් දැකගන්න පුළුවන්. මේ සුරාජ් වෙංඥාරමූඩුගේ කුළුඳුල් දෙමළ සිනමාපටයයි. කලක් විකටයෙකු ලෙසින් මලයාලම් සිනමාවේ ඉහළ රැඳුණ ඔහු දැන් චරිත රංගනයෙන් බොහෝ දුර ගිහින් තිබෙනවා.
චිත්‍රපටයට සංගීතය සපයන්නේ GV ප්‍රකාෂ් කුමාර්. වික්‍රම්ගේ Deiva Thirumagal (2011), Thaandavam (2012) සහ අවසන් වරට Thangalaan (2024) චිත්‍රපටයට ඔහු සංගීතය සැපයුවා. ප්‍රකාෂ්, පරවෛ මුනියම්මා Dhool (2003) චිත්‍රපටය වෙනුවෙන් ගැයූ “සිංගපෝල නඩන්දු වරාන්” ගීතය මේ චිත්‍රපටයට යොදාගෙන තිබෙනවා. එකල වික්‍රම් වාණිජ සිනමාවේ කැළඹීමක් ඇති කළ බව රහසක් නෙවෙයි. මෙහි වික්‍රම්ගේ ටයිටල් කාර්ඩ් පත Sethu (1999) චිත්‍රපටයේ ශෛලියෙන් ප්‍රතිනිර්මාණය කර තිබුණා.
ඉ.රු. කෝටි 55ක් පමණ යොදා නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයට තිරගත කිරීමෙන් ඉ.රු. කෝටි 62ක් පමණ උපයාගත්තා. සමස්ථයක් වශයෙන් මීට ඉහළ ධනාත්මක ප්‍රතිචාර හිමි වී තිබෙනවා. කොහොම වුණත් තිරගත වන කාලය අතරතුර නිසි අවදානයක් මේ චිත්‍රපටයට නොලැබුණා. ඒත් OTT වෙත මුදා හැරීමෙන් පසුව බොහෝ දෙනෙකුගේ අවදානයට ලක් වූවා. මෑත කාලයේ සිනමාශාලා හිදී සහයෝගය ලැබිය යුතු චිත්‍රපට කිහිපයකටම මේ ඉරණමට මුහුණ දෙනවා දකින්නට ලැබුණා. මීළඟට එන්නේ Veera Dheera Sooran Part 1 ද, Part 3 ද යන්න හරියටම සඳහනක් නැහැ. කොහොම වුණත් පලමු වැනි කොටසක් නිෂ්පාදනය වේවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොහොම වුණත් Druva Natchathiram චිත්‍රපටයට කලින් වෙනත් චිත්‍රපටයකින් වික්‍රම්ව නැවතත් දැකගන්න පුළුවෙන් වේවි කියලා හිතනවා.
කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Veera Dheera Sooran: Part 2 (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.
9,160 downloadsDownload Veera-Dheera-Sooran-Part-2-2025-Sinhala-Subtitles.zip79 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Veera Dheera Sooran: Part 2 (2025) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #2025
- #Dushara Vijayan
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Must Watch
- #S.J. Suryah
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Suraj Venjaramoodu
- #Veera Dheera Sooran
- #Veera Dheera Sooran: Part 2
- #Veera Dheera Sooran: Part 2 (2025)
- #Veera Dheera Sooran: Part 2 (2025) Sinhala Subtitles
- #Vikram
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Buddhika laKMal
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Chinthaka
Thankyou ❤️❤️❤️❤️
Chinthaka nuwan
Super ❤️❤️❤️❤️❤️
Dasun Lakruwan
Supiri...
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
Welcome back. Missed u alot
අචින්ත
එල..බොහෝම ස්තූතියි මල්ලි සබ් එකට.
Chamara
ගොඩක් ස්තූතියි උපසිරැසියට
Tom Hardy ගෙ අලුත් ෆිල්ම් එක "Havoc" එකට සබ් දෙන්නකොlakmal
sub with movie details thanks & much love bro
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ස්තූථියි රවිදු සහෝ උපසිරැසියට