Watch Trailer

The Reef (2010) Sinhala Subtitles | බිහිසුණු ලුහුබඳින්නා [සිංහල උපසිරැසි සමග]

දිනය : 1983 ජූලි 25 ස්ථානය : ලෝඩ්ස්ටෝන් ගල්පරය අසල මුහුද, මහා බාධක කොරල් පරය අසල, ක්වීන්ස්ලෑන්ඩ්, ඕස්ට්‍රේලියාව. “ අපෝ මොකක්ද බං, මේකද උබේ මහ ලොකු බෝට්ටුව ? පොඩි රැල්ලක් ගහපු ගමන් පෙරලුනානේ” ඩෙනිස් මර්ෆි, මුහුද මැද පීනන ගමන් තම මිතුරු රේ බවුන්ඩිට අවලාද නැගුවේය. “ලොකු උදම් රැල්ලක් බං ආවේ, නැත්තම් මග…

දිනය : 1983 ජූලි 25
ස්ථානය : ලෝඩ්ස්ටෝන් ගල්පරය අසල මුහුද, මහා බාධක කොරල් පරය අසල, ක්වීන්ස්ලෑන්ඩ්, ඕස්ට්‍රේලියාව.

“ අපෝ මොකක්ද බං, මේකද උබේ මහ ලොකු බෝට්ටුව ? පොඩි රැල්ලක් ගහපු ගමන් පෙරලුනානේ” ඩෙනිස් මර්ෆි, මුහුද මැද පීනන ගමන් තම මිතුරු රේ බවුන්ඩිට අවලාද නැගුවේය.

“ලොකු උදම් රැල්ලක් බං ආවේ, නැත්තම් මගේ බෝට්ටුව ලේසියෙන් පෙරළෙන්නේ නෑ.”
කණගාටුවත්, ලැජ්ජාවත් සඟවා ගෙන රේ බවුන්ඩි, තම මිතුරාට පිළිතුරු දුන්නා.

“ අපි දැන් මොකද කරන්නේ” කැළඹීමටත්, භීතියටත් පත් වූ මර්ෆිගේ පෙම්වතිය ලින්ඩා වතුරේ පාවෙමින් විමසුවාය.

“අපි ගල් පරයට පීනමු, පැය 3කින් විතර අපිට එතනට යන්න පුළුවන් වෙයි. ගැලවීමේ කණ්ඩායමක් ඇවිත් අපිව බේරගනි. “ රේ පිළිතුරු සැපයුවේය.

“රේ, අපි පිටිපස්සෙන් මොකෙක් හරි එනවා.”
පැයක් පමණ පීනමින් සිටියදී පිටුපසින් වතුර කැලතෙන හඬක් ඇසී
ලින්ඩා පැවසුවාය.

“ඔයාට පිස්සු, ඒ ඩොල්ෆින්ලා වෙන්න ඇති”

තම සැකය දුරු කර ගැනීමට නැවත වරක් පිටුපස බැලූ ලින්ඩා දුටුවේ භීතියෙන් මුසපත් කරවන දර්ශනයකි.

“දෙවියනේ රේ, අන්න ……. !!!”

ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම ඔන්න ඉතින් අදත් ආවා ෆිලුමක් අරගෙන. මේක 1983දී ඕස්ට්‍රේලියාවේ සිදු වූ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කල චිත්‍රපටයක්. සැබෑ ජීවිතයේ මේ සිදුවීමට මුහුණ දෙන්නේ රේ බවුන්ඩි, ඩෙනිස් මර්ෆි සහා ලින්ඩා මර්ෆි යන තිදෙනායි. මම සත්‍ය කතාව කියන්නේ නෑ මොකද ඒකෙන් ෆිල්ම් එක ස්පොයිල් වෙන නිසා. නිර්මාණාත්මක අවශ්‍යතාවයන් නිසා සත්‍ය කතාවට වඩා චිත්‍රපටයේ කතාව ටිකක් වෙනස් වෙනවා. මොකද ඇත්ත කතාවේ සිදුවීම අරගෙන වෙනත් චරිත යොදාගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්ත කතාව දැන ගන්න ඕන අය රේ බවුන්ඩි (Ray Boundy) කියලා ගූගල් සර්ච් කරලා බලන්න. එතකොට ඔයාලට මේ සිදුවීම ගැන විස්තර බලා ගන්න පුලුවන්.


සැබෑ සිදුවීමට මුහුණ දුන් ඩෙනිස් මර්ෆි, ලින්ඩා මර්ෆි සහ රේ බවුන්ඩි

මේ චිත්‍රපටය Horror\Thriller කාණ්ඩයට අයත් වෙනවා වගේම 5.8ක් IMDb අගයකුත් අරන් තියෙනවා. IMDb ලැයිස්තුව අනුව එදාමෙදා තුර මෝරුන් සම්බන්ධ චිත්‍රපට අතර 4වන ස්ථානය ලබාගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා. 2010 වර්ෂයේ නිකුත් වූ මෙය ඩොලර් මිලියන $3.8 ක් වියදම් කර නිපදවා ඇති අතර තිරගත කිරීමෙන් මිලියන $15ක් උපයාගැනීමට සමත් වෙලා තියෙනවා. කතාව ගැන නම් මුකුත්ම නොකියා ඉන්නම්. මේ ෆිල්ම් එක සුදු මෝරෙක් (The Great White Shark) වටා තමයි ගෙතිලා තියෙන්නේ. ඒ නිසා එයාලා ගැන පොඩි විස්තරයකුත් පහලින් දාලා තියෙනවා.

මහා සුදු මෝරා (The Great White Shark)

විද්‍යාත්මක නාමය :Carcharodon carcharias

රාජධානිය : Animalia
උප කුලකය : Bilateria
ගණය :Chondrichthyes
වංශය : Vertebrata
පවුල : Lamnidae
කුලය සහ විශේෂ : Carcharodon carcharias

Chondrichthyes ගණයේ එහෙමත් නැත්තම් කාටිලේජ වලින් සැදුම් ලද ඇටසැකිල්ලක් ඇති මත්ස්‍යයින් වර්ග 400කට වඩා සාගරයේ ජීවත් වෙනවා. ඒ අතරින් මේ ග්‍රේට් වයිට් ශාක් (The Great White Shark ) එහෙමත් නැත්නම් හැමෝම කියන විදියට සුදු මෝරා කියන්නේ සාගරයේ ජීවත් වෙන ඉතා දරුණු ගණයේ විලෝපිකයෙක්. ඒ වගේම විලෝපික මත්ස්‍යන් අතර විශාලතමයා වන මෙම සත්වයා මෝර පවුලේ දරුණුතම හා භයානකම සත්වයා ලෙසත් හැදින්වෙනවා. මෝර පවුලේ මෙන්ම සාගරයේ වෙසෙන විශාලතම ජීවීයා වෙන්නේ තල්මස් මෝරායි (Whale Shark). නමුත් තල්මස් මෝරා මාංශභක්ෂක විලෝපිකයෙක් නොවන නිසා මාංශභක්ෂක විලෝපිකයන් අතර විශාලතම ස්ථානය හිමිවෙන්නේ මේ මහා ධවල මෝරට තමයි. මොවුන්ගේ ආදීමතයා වෙන්නේ මීට අවුරුදු මිලියන 3.6කට පමන පෙර විසූ දැන් වඳ වී ගොස් ඇති Megalodon (මෙගලඩොන්) නම් සත්වයායි. ඔව් එයා තමයි. අර The Meg චිත්‍රපටයේ ජේසන් ස්ටැතම් සමඟ මුහුදේ සටන් කරන මහා රාක්ෂයා තමයි මෙගලඩොන් කියන්නේ. එයා ගැන වැඩි විස්තර දැන ගන්න කැමති අය මේක කියවලා අපේ සිසිල ප්‍රසාද් සහෝ The Meg (2018) චිත්‍රපටයේ මෙගලඩොන් ගැන දීලා තියෙන ලිපිය කියවන්නකෝ.

ලොව වෙසෙන ප්‍රධානතම හා ජනප්‍රිය මෝරන් වර්ග කිහිපයක්

මෝරා යන නම ඇහුන ගමන් අපි ඕන කෙනෙක් බය වෙනවා. මොකද එයාලගේ හපන්කම් ඉතා ජනප්‍රිය නිසා. ඇත්තටම එහෙම බය හිතෙන එක ඉතා සාධාරණයි. මොකද

Animal Planet නාලිකාව විසින් ලොව දරුණුතම සත්වයන් අතර 6වන ස්ථානයට නම්කරලා තිබෙන්නේ මේ මහා ධවල මෝරාව තමයි. මොවුන් විශාල මැකරල් මෝර විශේෂයක් වන අතර මෙම විශේෂය සියලුම ප්‍රධාන සාගරවල වෙරළබඩ මතුපිට ජලයේ ජීවත් වෙනවා. ඕස්ට්‍රේලියාව, යුරෝපය හා මැලේසියාව අවට මොවුන් ප්‍රධාන ලෙස ගැවසෙනවා. සුදු මෝරාගේ ශරීරයේ වර්ණය හා විශාලත්වය නිසා ඔවුන්ව වඩා හොදින් කැපි පේනවා. මොවුන්ගේ පිරිමි සත්වයාට වඩා ගැහැණු සත්වයා විශාලත්වයෙන් වැඩි වෙන අතර හොදින් වැඩුණු ගැහැණු සුදු මෝරෙක්ගේ දිග මීටර් 6.1ක් (අඩි 20) පමණ වෙනවා. බර කිලෝග්‍රෑම් 1,905ක් (රාත්තල් 4,200)එහෙමත් නැත්තම් ටොන් 1කටත් වඩා වැඩි වෙනවා. වැඩුණු පිරිමි මෝරෙක් මීටර් 4ක් (අඩි 13) පමණ වන අතර බර කිලෝග්‍රෑම් 680 පමණ වෙනවා. 2014දී කල අධ්‍යයනයකට අනුව, සුදු මෝරුන්ගේ ආයු කාලය අවුරුදු 70ක් හෝ ඊට වැඩි විය හැකි බවට ඇස්තමේන්තු කර ඇති අතර එය මීට පෙර තිබූ ඇස්තමේන්තුගත කල වයසට වඩා ඉහළ අගයක් ගන්නවා. එම අධ්‍යයනයට අනුව පිරිමි සුදු මෝරුන් ලිංගික පරිණතභාවයට පත්වීමට වසර 26 ක් ගත වන අතර ගැහැණු සතුන් දරුවන් බිහි කිරීමට සූදානම් වීමට අවුරුදු 33 ක් ගතවෙනවා. සුදු මෝරුන්ට පැයට කිලෝමීටර 56ක්(පැයට සැතපුම් 35) පමණ වේගයෙන් පිහිනීමට හැකි අතර මීටර් 1,200ක් (අඩි 3,900)පමණ ගැඹුරට පීනන්න පුළුවන්.

මහා ධවල මෝරෙක්

මොවුන් ආහාර වශයෙන් සාගරයේ වෙසෙන මාළුන්, කුඩා තල්මස් පැටවුන්, මුහුදු සිංහයින්, සීල් මත්ස්‍යයින් හා ඇතැම්විට සාගර පක්ෂීන්ද දඩයම් කරනවා. මෝරන් කෑමට සුදුසු දේ සහ නොසුදුසු දේ තෝරා බේරා ගන්නේ තම දිව ආධාරයෙන් වන අතර මොවුන් දරුණු මාංශභක්ෂකයින් වෙනවා. Jaws, Deep Blue Sea, Bait වැනි චිත්‍රපටවල මෙන්

මොවුන් මිනිසුන් දඩයම් කිරීමට පෙලබෙන සත්වයන් නොවේ. නමුත් මිනිසුන්ගේ නොසැලකිලිමත් කම නිසා මෝරන් ගැවසෙන ස්ථානවල පිහිනීම නිසා මෙම සත්වයන් මිනිසුන්ට පහර දීමට පෙළබී ඇත. 2011 සිට 2019 දක්වා මෝර ප්‍රහාර 200කට ආසන්න ප්‍රමාණයක් මිනිසාට එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් මිනිසුන්ට සිදු වෙන සියළු මෝර ප්‍රහාර වලින් 90% කට පමණ වගකිව යුතු වන්නේ මෙම සුදු මෝර විශේෂයයි. මොවුන් වඩාත් බිහිසුණු වන්නේ මොවුන්ට වතුර ගැළුම් 25ක් (ලීටර් 1000ක්) පමණ ජලයේ දියවෙන කුඩා ලේ බිඳුවක ඉව කිලෝමීටර් 5ක දුර සිට පවා දැනෙන නිසාවෙනි. ඒ වගේම මොවුන්ට තියෙන තවත් සුවිශේෂී දක්ෂ කමක් තමයි වතුර මතුපිටට ඉතා ආසන්නව නමුත් වතුරෙ කිසිම චලනයක් නොවන අයුරින් පිහිනීමට ඇති හැකියාවයි. චිත්‍රපටයේ ඔයාලට දකින්න හම්බවෙයි මෝරා වතුරෙ ඉන්න අයට නොදැනෙන්න ඉතාමත් ආසන්නයෙන් ඔවුන් පසුපස පීනන හැටි. ඒ හැකියාව නිසා මොවුන් කෙතරම් විශාල උනත් ගොදුරේ ළගට එනකන්ම ගොදුරට කිසිම දෙයක් දැනගන්න බැරි වෙනවා. ඒ නිසා සුදු මෝරා කොච්චර භයානකද කියලා ඔයාලට තේරෙන්න ඇති. වාසනාවට අපේ රටේ මුහුද ආශ්‍රිතව සුදු මෝරන් දකින්න නෑ. පහල තියෙන පින්තූරයෙන් ඔයාලට බලාගන්න පුලුවන්න සුදු මෝරෙක්ට සාපේක්ෂව හොදට වැඩුන මිනිසෙකුගේ ප්‍රමාණය කොහොමද කියලා. බැරි වෙලාවත් වතුරෙදි සුදු මෝරෙක් දැක්කොත් ඉතින් ආයේ දෙපාරක් හිතන්නේ නැතුව ගොඩට එන්න.

සුදු මෝරා ඉතා දරුණු සත්වයෙක් වුවත් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා මේ වන විට සීග්‍රයෙන් සුදු මෝර ගහණය අඩු වෙමින් පවතිනවා. 2005 ඔක්තෝම්බර මස 1 වෙනිදා සුදු මෝරා වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක් බවට හඳුනාගෙන රතු දත්ත පොතට ඇතුලත් කර තිබෙනවා. දරුණු විලෝපිකයෙකු උවත් මෝරුන්, සාගරයේ මත්ස්‍ය ජනගනය පාලනයට හා පරිසරයේ ජෛව විවිධත්වය පවත්වාගෙන යාමට බෙහෙවින් උපකාරි වන සත්වයන් කොටසක් ලෙස හැදින්විය හැක.

හිතුවටත් වඩා ලිපිය දිග වැඩි උනා. ඒකට සමාවෙන්න ඕන. තවත් මුකුත් නොකිය ඔයාලට චිත්‍රපටිය රසවිඳින්න දෙන්නම්. වෙනදා වගේ ඉතින් කියන්න තියෙන්නෙ බලලා පොඩි හරි කොමෙන්ටුවක් දාලා දිරි ගන්වන්න කියලා තමයි. ඒ වගේම කොහෙවත් නොයා පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. ආයෙමත් මේ වගේ තවත් උපසිරැසියකින් හම්බෙමු. මම දනුවා. තෙරුවන් සරණයි !!!

#STAY_HOME_SAFE

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

3,575 downloadsDownload The-Reef-2010.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,575 downloadsDownload Subtitles20 KB

26 comments

  1. indika75

    ගොඩාක් ස්තූතියි..නොදැන හිටිය කරුනු ගොඩක් ඔයාගෙ ලිපියෙන් දැන ගත්තා.

  2. malithmadhushan45

    අම්මෝ පට්ට යුරාන් සහෝ true story එකක් පට්ට ලිපියකුත් එක්ක දුන්නට. නයිට් එකේ බානවා

  3. Sohan Jayasooriya

    අඩේ ෆට්ට ලිපිය සහෝ.. සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගත්තා.. ෆිලුම කලින්ම ඩව්න්ලෝඩ් කරලා තිබ්බේ.. සබ් එක ගන්නවා එහෙනම් තෑන්ක්ස් සහෝ.. ජය වේවා

    1. Anonymous

      Sub eka set wenne nane

  4. Kavinu

    Jaws බලපු එවුන් අනිවාර්යෙන්ම බලයි!

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. vishwakelum

    Superb bro. We want more movies like this type. Keep it up.

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    Acceleration (2019)
    Time to Hunt (Sanyangeui sigan) (2020)

    PSA

  8. Suranjan

    Thanks jayawewa......!

  9. isuru srinath sjs

    ලිපියත් හොදට ලියලා තියෙනවා.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

  10. Shamal manojan

    බොහොම ස්තූතියි මේ දුන්න උපසිරැසියට.

    තව මේ වගේ සුපිරි ෆිල්ම් තියනවා. වෙලාවක් තියනවා නම් සබ් දෙන්න බලන්න. බයිස්කෝප් අඩවියෙ මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න කැමති සහෝලා ඉන්නවානම් ඒ අයටත් මතක් කරනවද මේ ෆිල්ම් ටික.

    Deep blue sea 2 - 2018
    Megalodon - 2018
    Dark Tide - 2012
    Mosquto Man - 2005
    Snakeman - 2005
    Komodo vs. Cobra - 2005
    Python - 2000
    Pythons 2 - 2002
    New Alcatraz - 2001
    Boa vs. Python - 2004
    Venomous - 2001
    Vipers - 2008
    Snakes on a train - 2006
    Snake Island - 2002

  11. Nipuna Udayanga

    Thanks machn

  12. Udara Damith Dissanayaka

    lipiya maru

  13. ruchiralakmal

    Thanks for the sub!!!!

  14. ruchiralakmal

    sub not sync with the movie

  15. nkrtharinda95

    Film එක BRRIP
    Sub එක Bluray
    Sync වෙන්නැ. Player එකෙන් Sync කරල බලනකොට ටික වෙලාවකින් ආපහු අවුල්

  16. Hiran

    Thank you..

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Madanayas

    Thanks

  19. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  20. Shamal manojan

    සබ් ඒක අවුල්.

    update කරනු මැනවි.

    1. Rasika

      Sub eka aul bro..0

  21. Dewadithya

    Thanks for sub!

  22. Nilu

    Film eka balanna asa hithunath down karaganna thanak ne :( yts eketh neh

  23. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  24. Malith samarawickrama

    Thanks so much saho sub ekatai lipiyatai.