Watch Trailer

Pallotty 90’s Kids (2024) Sinhala Subtitles | ඒ දවස් වල අපි [සිංහල උපසිරැසි]

Pallotty 90’s Kids (2024) Sinhala Subtitles ආයුබෝවන්.අද මම එක් කරන්නෙ නිකුත් කරල මාස දෙකක් විතර ගිය මලයාලමක්.මේ වෙන කොට කට්ටියක් මේක බලල ඇති. පහු ගිය කාලෙ මම විදේශ ගත වෙලා හිටපු නිසා අත ඇරුන චිත්‍රපටි කීපයක්ම තිබුනා. ඒව අනාගතයෙදි බලන්න බයිස්කෝප් සංචිතයෙ තිබිය යුතුම චිත්‍රපට නිසා ඒ වැදගත් කම සලකලා ම…

Pallotty 90’s Kids (2024) Sinhala Subtitles

ආයුබෝවන්.අද මම එක් කරන්නෙ නිකුත් කරල මාස දෙකක් විතර ගිය මලයාලමක්.මේ වෙන කොට කට්ටියක් මේක බලල ඇති. පහු ගිය කාලෙ මම විදේශ ගත වෙලා හිටපු නිසා අත ඇරුන චිත්‍රපටි කීපයක්ම තිබුනා. ඒව අනාගතයෙදි බලන්න බයිස්කෝප් සංචිතයෙ තිබිය යුතුම චිත්‍රපට නිසා ඒ වැදගත් කම සලකලා මෙහෙම එක් කරනවා. ඒ වගේම නොබලපු අයට බලන්න ආරාධනා කරනවා.

ඉතිං මේ චිත්‍රපටයත් බලපු ගමන් හදවතට දැනුන චිත්‍රපටයක්. බොහෝ විට ඔයාල 90 දශකයේ නැත්තම් 80. 70 දශකයෙ උපන් ළමා කාලය ඒ යුගයෙ ගෙවපු කෙනෙක් නම් මේ චිත්‍රපටය ඔයාගෙ ඒ කාලය මතක් වෙනව නොඅනුමානයි. කතාවෙ කියන හැටියට ඔයාල ඒ කාලෙ අය නම් මේක බලන්නම ඕනෙ. ඒත් දන් කාලෙ කෙනෙක් නම් ඒත් මේක බලන්නම ඕනෙ ඒ කාලෙ ළමයින් විඳපු සුන්දරත්වය බලා ගන්න. ලංකාවෙ කේරළේ කියල දෙකක් නෑ දෙකම අති සමානයි. ගමේ ගොඩේ එලිමහනෙ සෙල්ලම් කල කාලයක් අපේ තිබුන සුන්දර ලෝකෙ ඒ විදිහටම මේකෙ තියෙනවා. ඉතා ලෙන්ගතු මිතුරො දෙන්නෙක්ගෙ කුඩා කාලෙ තිබුන සුන්දර බැඳීම තමයි මේ කතාවට පාදක වෙන්නෙ. මෙම චිත්‍රපටය 2023 කේරළ චිත්‍රපට උළෙලෙ හොඳම ළමා චිත්‍රපටය, හොඳම ළමා නළුවා ඇතුළු සම්මාන කීපයක් දිනා ගත්තා.

සයිජු කුරුප්, අර්ජුන් අශෝකන්, බාලු වාර්ගීස් මෙහි රඟන ප්‍රසිද්ධ නළුවො උනත් ප්‍රධාන චරිත දෙක නම් අති දක්ෂ ලෙස රඟ පාන්නෙ ඩාවින්චි සංතෝශ් (කේරළ චිත්‍රපට උළෙලෙ හොඳම ළමා නළුවා), සහ නීරාජ් ක්‍රිශ්ණා නම් දරුවන් දෙදෙනායි. ජිතින් රාජ්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂනය උන මේක ළමා චිත්‍රපටයක් කිව්වත් ඇත්තටම ඒ කාලෙ ළමා කාලය ගෙවපු වැඩිහිටියන්ට නම් ගොඩක් හිතන වදින එකක් වෙයි.

ඉතිං තව ලස්සන උපසිරැසි කීපයක් සමග හමු වෙමු

Pallotty 90’s Kids (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,671 downloadsDownload Pallotty-90s-Kids-2024.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pallotty 90’s Kids (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,671 downloadsDownload Subtitles44 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි මචං උපසිරැසියට

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤