Watch Trailer

Pani (2024) Sinhala Subtitles | අළුත් ඩොන් කෙනෙක් [සිංහල උපසිරැසි]

Pani (2024) Sinhala Subtitles ආයුබෝවන්. අද ඔන්න ඊයෙ නිකුත් උන අළුත්ම චිත්‍රපටයෙ උප සිරැසිය අරන් ආවා. තවත් මලයාලම් ඇක්ෂන් ත්‍රිලර් එකක්.ජෝජු ජෝජ් කියන විශිෂ්ඨ මලයාලි නළුව පහු ගිය දවස් වල වැඩිය දකින්න ලබුනෙ නෑ. මෙන්න එයා එයාගෙම චිත්‍රපටයක් ලියල අධ්‍යක්ෂනය කරනවා. ඉතිං මේ වෙන කොට කෝටි 38ක ආදායමක් මේක හ…

Pani (2024) Sinhala Subtitles

ආයුබෝවන්. අද ඔන්න ඊයෙ නිකුත් උන අළුත්ම චිත්‍රපටයෙ උප සිරැසිය අරන් ආවා. තවත් මලයාලම් ඇක්ෂන් ත්‍රිලර් එකක්.ජෝජු ජෝජ් කියන විශිෂ්ඨ මලයාලි නළුව පහු ගිය දවස් වල වැඩිය දකින්න ලබුනෙ නෑ. මෙන්න එයා එයාගෙම චිත්‍රපටයක් ලියල අධ්‍යක්ෂනය කරනවා. ඉතිං මේ වෙන කොට කෝටි 38ක ආදායමක් මේක හොයල තියෙනවා. එයා වැඩියම ඉන්නෙ එක්කො පොලිස් චරිත නැත්තම් මැර චරිත වලනේ. ඔන්න මේකෙත් එයා එන්නෙ අන්තිම සාධාරණ මැර චරිතෙකින්.

ත්‍රීසූර් නගරයෙ පාතාලයේ අණසක පතුරවා ගෙන ඉන්න මැර කණ්ඩායමකුයි ඊට අභියෝගයක් වෙමින් පාතාලයට අළුතින් එකතු වෙන තරුණයො දෙදෙනෙකුයි අතර තමයි මේ බිහිසුණු කතාව නිර් මාණය වෙන්නෙ. ඉතා සුළු සිද්ධියකින් ඇති වෙන එදිරි වාද කමක් මහ විනාශයක් බවට පත් වෙන හැටි මේකෙ බලන්න පුළුවන්.

දිගින් දිගටම මලයාලි චිත්‍රපට එන්න පටන් අරන් ඒ නිසා වැඩ වැඩි වෙයි. වැඩි විස්තර නැතිව මම නවතින්නම්. ඈන් තෝමස්, සාගර් සූර්‍යා, බොබී කූරියන් වගේ නලු නිළියො තමයි මේකෙ රඟ පාන්නෙ.

ඉතිං තව ලස්සන උපසිරැසි කීපයක් සමග හමු වෙමු!

Pani (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,460 downloadsDownload Pani-2024-Sinhala-Subtitles.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pallotty 90’s Kids (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

9,460 downloadsDownload Subtitles53 KB

11 comments

  1. Kaveen Charuka

    Thank you.

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උසිරැසියට

  3. Pradeep

    බලන්නම් කියලා හිතන් හිටපු එකක් මේක පොරොන්ජූ ජෝජු පට්ට ඩයල් එක. ආරංචි පොර තෙලිගු ෆිල්ම් එකකත් වැඩ බාර අරන් කියල. තැන්ක්ස් සබට

  4. Kasun Widusha

    ස්තුතියි අයියේ සබ් එකට ❤️

  5. Madusha

    තෑන්ක්ස් බොක්ක.ජෝජු සුපියක් තමයි.සබ් එකටත් ස්තූයි බොසා.❤️‍

  6. anupa

    good

  7. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ඉක්මනටම අරගෙන ආවට
    ජය වේවා!

  8. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  9. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  10. Malith samarawickrama

    Thanks sub ekata

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤