Watch Trailer

Pamali: Tumbal (2025) Sinhala Subtitles | නිධන් යක්ෂයා [සිංහල උපසිරසි]

Pamali: Tumbal (2025) Sinhala Subtitles හොරර් ෆිල්ම් වලට කැමති අයට මගහරින්න නැතුව බලන්න පුළුවන් සුපිරි ඉන්දුනීසියානු චිත්‍රපටයක් තමයි Pamali: Tumbal කියන්නේ. මේක රිලීස් උනේ 2025 අගෝස්තු මාසයේ කතාව පටන් ගන්නේ පුත්‍රි, එයාගේ අම්මා අම්බර් සහ පොඩි මල්ලි අජී ගෙවන බොහොම සාමාන්‍ය ගැමි ජීවිතෙන්. හැබැයි මේ…

Pamali: Tumbal (2025) Sinhala Subtitles

හොරර් ෆිල්ම් වලට කැමති අයට මගහරින්න නැතුව බලන්න පුළුවන් සුපිරි ඉන්දුනීසියානු චිත්‍රපටයක් තමයි Pamali: Tumbal කියන්නේ. මේක රිලීස් උනේ 2025 අගෝස්තු මාසයේ

කතාව පටන් ගන්නේ පුත්‍රි, එයාගේ අම්මා අම්බර් සහ පොඩි මල්ලි අජී ගෙවන බොහොම සාමාන්‍ය ගැමි ජීවිතෙන්. හැබැයි මේ ගමේ මොකක්දෝ අමුතු සාපයක් තියෙනවා. එකපාරටම ගමේ ගෑණු අය අතුරුදහන් වෙන්න පටන් ගන්නවා වගේම, හේතුවක් නැතුවම මිනිස්සුන්ගේ සල්ලිත් අතුරුදහන් වෙනවා. පුත්‍රි තමන්ගේ පවුලේ බර සැහැල්ලු කරන්න නැව් රස්සාවකට යන්න හැදුවත් අම්මා ඒකට කැමති වෙන්නේ නෑ.

මේ අතරේ අම්බර්ට එයාගේ රස්සාවත් නැති වෙනවා. කරකියාගන්න දෙයක් නැතුව ලොකු පීඩනයකින් ඉන්නකොට, අම්බර්ට පාරේ අතහැරලා දාපු සල්ලි බෑග් එකක් හම්බෙනවා. මුලින් මේක ගම්මුලාදෑනිට බාරදෙන්න හිතුවත්, තියෙන අගහිඟකම් නිසා එයා ඒක තියාගන්නවා. හැබැයි එයා දන්නේ නෑ ඒ එයා ගෙදර ගෙනාවේ නිකන්ම සල්ලි නෙමෙයි කියලා.

එතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නේ. අම්බර් රෑට රෑට නින්දෙන් ඇවිදින්න ගන්නවා. ගෙදර පොඩි මල්ලි අජීට රෑට ගෙදර පුංචි ළමයෙක් වගේ කෙනෙක් ඇවිදිනවා පේන්න ගන්නවා. අන්තිමේදී දවසක පුත්‍රිගේ අම්මත් අතුරුදහන් වෙනවා.

අම්මව හොයාගෙන පුත්‍රි එයාගේ යාළුවො දෙන්නා, කිකී සහ සෙප් එක්ක යන ගමන ලේසි වෙන්නේ නෑ. භයානක කැලෑවක්, අතහැර දාපු රසායනික ෆැක්ටරියක් හරහා අන්තිමේදී එයාලා යන්නේ පාලු ගෙදරකට. හැබැයි ඒ ගෙදර තනියම නෙමෙයි තියෙන්නේ. එතන ටූයුල් (කුඩා දරුවන්ගේ වෙස් ගත් යක්ෂයෝ) සහ පළිගන්න බලාගෙන ඉන්න භයානක කළු කුන්තිලානක් වාසය කරනවා.

ඇත්තටම මේ ගමේ මිනිස්සු යක්ෂයෝ එක්ක කරපු පරණ ගිවිසුමක් තියෙනවා. අම්බර් අහුලගත්ත සල්ලි නිකන් සල්ලි නෙමෙයි, ඒ බිල්ලට දෙන සල්ලි (Tumbal). නොදැනුවත්වම අම්බර් අහුවෙන්නේ ඒ මරණයේ ගිවිසුමට.

පුත්‍රිට එයාගේ අම්මව මේ යක්ෂයන්ගෙන් බේරගන්න පුළුවන් වෙයිද? ගමේ හැංගිලා තියෙන අඳුරු රහස මොකක්ද? කුතුහලය සහ බය උපරිමයෙන්ම විඳගන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.

Pamali: Tumbal (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

990 downloadsDownload Pamali-The-Little-Devil-2025.zip24 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pamali: Tumbal (2025) Sinhala Subtitles

Subtitles by

මිලින්ද සුභාශ්

Subtitles

990 downloadsDownload Subtitles24 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූථියි සහෝ සබට

  2. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤