Postmen in the Mountains (1999) Sinhala Subtitles “ජීවිතය අමාරු වෙන තරමටම, හීනවල වටිනාකම වැඩියි.” මාගේ තුන්වන සිනමා පර්වර්තනය ලෙස ගෙන එන්නේ චීන සිනමාවේ අතිශය සුන්දර සහ සන්සුන් සිනමා කෘතියක් ලෙස සැලකෙන “Postmen in the Mountains” (Naoshan naoren nagou) චිත්‍රපටයයි. එය හුදෙක් කතාවකට එහා ගිය ගැඹුරු ජීව…

Postmen in the Mountains (1999) Sinhala Subtitles
“ජීවිතය අමාරු වෙන තරමටම, හීනවල වටිනාකම වැඩියි.”
මාගේ තුන්වන සිනමා පර්වර්තනය ලෙස ගෙන එන්නේ චීන සිනමාවේ අතිශය සුන්දර සහ සන්සුන් සිනමා කෘතියක් ලෙස සැලකෙන “Postmen in the Mountains” (Naoshan naoren nagou) චිත්‍රපටයයි. එය හුදෙක් කතාවකට එහා ගිය ගැඹුරු ජීවන අත්දැකීමකි. අධ්‍යක්ෂ Huo Jianqi විසින් නිර්මාණය කරන ලද මෙම සිනමා සිතුවම තුළින් දිග හැරෙන්නේ, චීනයේ අති දුෂ්කර කඳුකර ගම්මාන වෙත පයින් ගොස් ලියුම් බෙදන මහලු පියෙකු සහ ඔහුගේ රස්සාව භාර ගැනීමට පැමිණෙන තරුණ පුතුගේ දින තුනක චාරිකාවයි.
මෙම චිත්‍රපටය දිග හැරෙන්නේ 80 දශකයේ මුල් භාගයේ, එනම් චීනයේ පශ්චාත්-සංස්කෘතික විප්ලව සමයේ (Post-Cultural Revolution) හුදෙකලා කඳුකර ගම්මාන පසුබිම් කරගනිමිනි. එකල චීනයේ දුෂ්කර පළාත්වල ජීවත් වූ මිනිසුන්ට බාහිර ලෝකය සමඟ සම්බන්ධ වීමට තිබූ එකම සහ ශක්තිමත් ම පාලම වූයේ මේ ‘කඳුකර තැපැල්කරුවන්’ ය. රජයේ නිලධාරියෙකුට එහා ගිය සමීප හිතවතෙකු ලෙස ගම්මුන් තැපැල්කරු දෙස බැලුවේ එබැවිනි. නවීන තාක්‍ෂණය චීනය වෙලා ගැනීමට පෙර පැවති ඒ අව්‍යාජ මිනිස් සබඳතා සහ ස්වාභාවික පරිසරය සමඟ මිනිසා පැවති දැඩි බැඳීම මෙම නිර්මාණය හරහා ඉතාමත් කලාත්මකව ප්‍රතිනිර්මාණය කර ඇත. එය හුදෙක් චීන ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් පමණක් නොව, මානව ශිෂ්ටාචාරය තුළ අපට අහිමි වෙමින් පවතින “සැබෑ මනුෂ්‍යත්වයේ” ඉතිහාසය ද අපට මතක් කර දෙයි.
මෙහි ඇති හුදෙකලා කඳුකර පරිසරය සහ ඒ මැද හුදෙකලා වූ කුඩා ගම්මානවල මිනිසුන්ගේ ජීවිත මේ චිත්‍රපටය පුරාම අපූරුවට විදහා දක්වයි. වසර ගණනාවක් තිස්සේ මේ ගම්මාන අතර ඇවිදිමින් අනුන්ගේ පණිවිඩ සහ සතුට බෙදා දුන් පියා, තම වගකීම පුතුට පවරන්නට යන මේ තැපැල් චාරිකාව හුදෙක් රැකියාවක් ගැන ඉගෙනීමක් නොවේ. එය මිනිසුන්ව තේරුම් ගැනීම, දුෂ්කරතා හමුවේ නොසැලී සිටීම සහ සොබාදහම සමඟ බැඳෙමින් තමන් කරන කාර්යයට සැබෑ අරුතක් එක් කරගන්නා ආකාරය පිළිබඳව කෙරෙන හදවතට සමීප වන ගවේෂණයකි.

“කඳුකරයේ ජීවිතය හරියට සෙරෙප්පු දෙකක් දාගත්ත කකුල් දෙකක් වගේ. ඒක හරිම සුවපහසුයි.”
අතිශය සුන්දර දර්ශන තල සහ අව්‍යාජ රංගනයන්ගෙන් පිරි මෙම සිනමා කෘතිය, වේගයෙන් දුවන ලෝකයක අපට මඟහැරුණු මනුෂ්‍යත්වය සහ සැබෑ සතුට ගැන නිහඬව කියා දෙයි. ඔබ හදවතට දැනෙන, ජීවිතය ගැන අලුතින් හිතන්න පොළඹවන සිනමා නිර්මාණවලට ලැදි අයෙකු නම්, මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම සිනමා නිර්මාණයකි.
මෙම සිනමාපටය විදේශ සිනෙමා උළෙල 5කදි ඇගයීමට පත්වන ලදී.
- ගෝල්ඩන් රූස්ටර් සම්මාන (Golden Rooster Awards – 1999): හොඳම චිත්‍රපටය සහ හොඳම නළුවා (ටෙන්ග් රුජුන්) යන සම්මාන දිනා ගන්නා ලදී. මීට අමතරව හොඳම අධ්‍යක්ෂණය (හුවෝ ජියෑන්කි) සහ හොඳම තිර රචනය (සි වූ) සඳහා ද නිර්දේශ විය.
- මොන්ට්‍රියල් ලෝක සිනමා උළෙල (Montréal World Film Festival – 1999): ප්‍රේක්ෂක මනාපය මත පිරිනමන (People’s Choice Award) සම්මානය දිනා ගන්නා ලදී.
- ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙල (International Film Festival of India – 2000): රිදී මොනර සම්මානය (Silver Peacock Award) දිනා ගන්නා ලදී.
- මයිනිචි සිනමා උළෙල (Mainichi Film Concours – 2002): හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය.
- ජපන් ඇකඩමි සම්මාන (Awards of the Japanese Academy – 2002): හොඳම විදේශීය චිත්‍රපටය සඳහා නිර්දේශ විය.
මෙවැනිම ඉංග්‍රීසි නොවන වෙනත් භාෂා චිත්‍රපටයකින් නැවත හමුවෙමු.ස්තුතියි. (yts වෙබ්අඩවියෙන් ඔබට මෙය බාගත කරගත හැක)
නගරබද ජීවිතවල යතාර්ථය පෙන්වන මා විසින් පරිවර්තනය කල පළමු සිනමා නිර්මාණය වන Dog Days(2001) සිනමාපටයද බයිස්කෝප් වෙබ් අඩවියෙන් ඔබට නැරඹිය හැකියි.
Postmen in the Mountains (1999) Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
490 downloadsDownload Postmen-In-The-Mountains-1999.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසී එරත්න (Hasi Erathna)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Postmen in the Mountains (1999) Sinhala Subtitles
Subtitles by
හසී එරත්න (Hasi Erathna)
Subtitles
2 comments
Buddhika laKMal
Ravindu Yasanga
මේක නම් ලස්සන ෆිල්ම් එකක්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූථියි සහෝ උපසිරැසියට