Zootopia 02 (2025) Sinhala Subtitles දවස් 365 ක් ගත වෙලා අලුත් දවස් 365 ක් පටන් ගත්ත මේ වෙලාවේ ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරන්න මම මේක අවස්ථාව කර ගන්නවා. ඇත්තටම අවුරුද්දක් සුබ වෙන්නේ අපි හිතන සහ කටයුතු කරන විදිහ අනුවයි. ඒ නිසා ඔයාලා හිතන සහ කටයුතු කරන විදිහ සම්බන්ධයෙන් මේ අවු…

Zootopia 02 (2025) Sinhala Subtitles
දවස් 365 ක් ගත වෙලා අලුත් දවස් 365 ක් පටන් ගත්ත මේ වෙලාවේ ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරන්න මම මේක අවස්ථාව කර ගන්නවා. ඇත්තටම අවුරුද්දක් සුබ වෙන්නේ අපි හිතන සහ කටයුතු කරන විදිහ අනුවයි. ඒ නිසා ඔයාලා හිතන සහ කටයුතු කරන විදිහ සම්බන්ධයෙන් මේ අවුරුද්දේ ගොඩක් කල්පනාකාරී උනොත් මම මේ කරපු ප්‍රාර්ථනාව අනිවාර්යෙන්ම ඉෂ්ට වෙයි.
ඉතින් එහෙම කියන ගමන්ම මේ අවුරුද්දෙත් බයිස්කෝප් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලන්න කැමතියි. ඒ අපි හැමදාමත් ඔයාල වෙනුවෙන් අවංකව මහන්සි වෙලා ගුණාත්මක බැවින් ඉහල උපසිරැසි අරන් එන්න උත්සහ කරන නිසයි.
අද මමයි රුකා මල්ලියි මම ඔයාලට අරන් එන්නේ 2025 වසරේ ආපු, මුළු ලෝකයම වගේ පිස්සු වට්ටපු සුපිරිම ඇනිමේෂන් චිත්‍රපටයක්. නමින් Zootopia 2. චිත්‍රපටය මුලින්ම තිරගත උනේ 2025 නොවැම්බර් 26. සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් සබ් එක පරක්කු වැඩි ඇති කියලා. ඔව් එහෙම හිතන එකේ වරදක් නැහැ. හැබැයි මේ වගේ චිත්‍රපටයක් කැම් කොපි වලින් බලන එක එක අතකට අපරාදේ. ඒක නිසා මේ අරන් එන කැම් කොපි එක අවශ්‍යම අය ඉන්නවා නම් විතරක් බලන්න. නැත්නම් අපි ඉස්සරහට වෙබ් ආපු ගමන්ම ඒ කොපියට හරි යන එකක් දෙන්නම්.
2016 වර්ෂයේ නිකුත් උන Zootopia පලවෙනි චිත්‍රපටය ඔයාලා බලලා ඇති. එහෙම නැත්නම් කරුණාකරලා ඒක මුලින්ම බලන්න. මොකද මේ කතා දෙක අතර එහෙම සෘජු සම්බන්ධයක් නැති උනත් කතා දෙක එකට ගලාගෙන යනවා යම් සම්බන්ධයක් ඇතුව.
කතාවේ ප්‍රධානම චරිත දෙක ඔයාලා දන්නවනේ.. ජුඩී හොප්ස් (Ginnifer Goodwin) කියන හාවා සහ නික් වයිල්ඩ් (Jason Bateman) කියන නරියා. පලවෙනි කොටසේ මේ දෙන්නා Zootopia පොලීසියට බැඳිලා කරන වික්‍රමයක් ගැන කියවෙනවා ඔයාලට මතක ඇති. එතකොට දෙවෙනි කොටසේ මොකද වෙන්නේ? ම්ම්.. ඒ ගැන කෙටි සටහනක් තමයි පහලින් තියෙන්නේ.
ඔයාලා දන්නවා Zootopia ව කියන්නේ එක එක ජාතියේ සත්තු ජීවත් වෙන ලස්සන නගරයක්. හැබැයි ඔයාලා මතක් කරලා බැලුවොත් ඔයාලට හිතෙයි මේ නගරයේ උරගයන් නැහැ නේද කියල. ඔව්.. ඒකට හේතුවක් තියනවා. ඒ මීට කාලයකට කලින් ලින්ක්ස් නමැති කැලෑ බළලුන් විශේෂය කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකුයි. ඉතින් උරගයන්ට වෙච්ච ඒ අසාධාරණය වෙනුවෙන් ගැරී (Ke Huy Quan) කියලා සර්පයෙක් නැගී සිටිනවා. එයාට ඕන ආපහු උරගයන් Zootopia වේ ජීවත් වෙනවා දකින්න. ඒකට ප්‍රධානතම හේතුව Zootopia ව නිර්මාණය කරේ එයාගේ මී මුත්තිය වීමයි. ඉතින් මේ සර්පයාගේ අහිංසක බලාපොරොත්තුව සහ අයිතිවාසිකම වෙනුවෙන් ජුඩී සහ නික් මොන වගේ සහයෝගයක් ද දෙන්නේ කියලා Zootopia 2 චිත්‍රපටයෙන් ඔයාලට බලා ගන්න පුළුවන්.
මම මුලින්ම කිව්වා නේ Zootopia 2 මුළු ලෝකයම වගේ පිස්සු වට්ටපු සුපිරිම ඇනිමේෂන් චිත්‍රපටයක් කියලා. ඒකෙ ප්‍රතිඵල තමයි පහලින් සාරාංශ කරලා තියෙන්නේ.
* සිනමා ඉතිහාසයේ අඩුම දින ගනනකින් ඇ.ඩො. බිලියනයෙ සීමාව පසු කර ගියපු ඇනිමේශන් චිත්‍රපටය ලෙස Zootopia 2 වාර්තා අතරට එක්වුණා.
* මෙම වාර්තාව පිහිටුවීමට Zootopia 2 චිත්‍රපටයට ගතවුනෙ දින 17 ක් විතරයි.
* මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිව්වෙ දින 19 කින් බිලියනයෙ සීමාව පසු කර ගියපු Inside Out 2 චිත්‍රපටය සහ Ne Zha 2 චිත්‍රපටයයි.
* 2025 වසරෙ ඇ.ඩො. බිලියනයෙ සීමාව පසු කරගියපු තුන්වන චිත්‍රපටය තමයි Zootopia 2 චිත්‍රපටය. 2025 වසරෙ ඇ.ඩො.බිලියනය පසු කරගියපු දෙවන ඩිස්නි චිත්‍රපටයත් මේක තමයි.
* චිත්‍රපටයක් පළමු සතියෙ ලබාගත් හතරවන දැවැන්තම ආදායම හිමිත් මෙයටයි.
* චීනයේ එක් දිනයක් තුළ හොලිවුඩ් චිත්‍රපටයක් ලබා ගත් ඉහළම ආදායම (ඇ.ඩො.මිලියන 100+) මෙය සතුයි.
* චීනයේ පළමු සතියෙ හොලිවුඩ් චිත්‍රපටයක් ලබා ගත් ඉහළම ආදායම (Infinity War සහ Endgame චිත්‍රපටය පසු කර ගියා).
* චීනය තුළ හොලිවුඩ් චිත්‍රපටයක් වාර්තා කෙරූ හත්වන ඉහළම ආදායම (දින පහක් තුළ ඇ.ඩො.මිලියන 270+) Avatar The Way Of Water චිත්‍රපටය චීනයේ ලබාගත් සමස්ථ ආදායමද පහු කරල ඉවරයි.
ඔන්න ඔය විදියට තමයි Zootopia 2 චිත්‍රපටය වාර්තා අලුත් කරල තියෙන්නෙ. දැන් කට්ටියට හිතාගන්න පුළුවන් ඇතිනේ කොච්චර ලොකු ජයග්‍රහණ ටිකක්ද මේ චිත්‍රපටය අත්කරගෙන තියෙන්නෙ කියලා.
Walt Disney Studios හරහා නිකුත් උන Zootopia 2 අධ්‍යක්ෂණය කරන්නේ Jared Bush සහ Byron Howard යන දෙදෙනායි. ඒ වගේම කියන්න ඕන Zootopia 2 හඬ දායකත්වයට මම මුලින් කියපු අයට අමතරව Fortune Feimster / Andy Samberg / David Strathairn / Shakira / Idris Elba / Patrick Warburton / Quinta Brunson / Danny Trejo / Ed Sheeran සහ Home Alone චිත්‍රපටයේ ප්‍රධාන නළු Macaulay Culkin දායක වෙලා තියනවා.
චිත්‍රපටයේ බජට් එක ඇ.ඩො. මිලියන 150යි. අද දවස වෙනකොට (ජනවාරි 1) මේ චිත්‍රපටය ඇ.ඩො. බිලියන 1.588 මුදලක් උපයාගන්න හැකිවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රේක්ශක ප්‍රතිචාරත් ධනාත්මක ලෙස ඉහල අගයක් මෙය ලබාගෙන තියෙනවා. එනම්, IMDb දර්ශකේ 7.6 විශාල අගයකුත්, කුණු තක්කාලි 91% ඉතාම නැවුම් අගයකුත්, letterboxd දර්ශකේ 3.8/5 ඉහල අගයකුත් ලබාගනිමින්.
එහෙනම් දැන් ලිපිය කියවපු අයට මහන්සි ඇති නිසා, තවත් වැඩි කතා නැතුව මේ චිත්‍රපටය රස විඳින්න කියලා මම සමු ගන්නවා. අවසාන වශයෙන් ලිපිය ලියන්න උදව් කරපු සහෝදර උපසිරැසිකරුවෙක් වෙන ඔලිව මල්ලිවත් මතක් කරන්න කැමතියි.

හැමෝටම ජයග්‍රාහී නව වසරක් වේවා!
Zootopia 02 (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray/HD CAM/INTERNAL WEB/Original WEB පිටපත් සඳහා ලබා දි ඇත.
12,435 downloadsDownload Zootopia-2-2025-Bluray-updated.zip192 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සහ රුක්ෂාන් ඛාන් (රුකා) සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Zootopia 02 (2025) Sinhala Sub
- #Zootopia 2 (2025) Sinhala Subtitles
- #උපසිරැසි
- #චාමිකර විදානගේ
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika laKMal
Anonymous
sub ekata thank you
එල්. සී. දමැල්
කමෙන්ටුවක් දාන්න ප්‍රමාද වීම ගැන සමාව බාජනේකට දාන්න... :(
සබට තුති ඩබලටම...!
ජය!Buddhika laKMal
අලුත් අප්ඩේට් එකට තෑන්ක්ස් දෙන්නටම
Sahan Gayantha
thanks a lot sahola sub ekata
Buddhika laKMal
අප්ඩේට් එකට තෑන්ක්ස් මචංලා
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි සහෝ මාව Zootopia 2 එකට උපසිරැසි ගන්වන්න එකතු කරගත්තට. මොකද මං ආසම ඇනිමේෂන් මූවි එකක් මේක. ඉතිං ජය වේවා කිව්වා ඕන් ❤️
Lahiru
උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තුතියි
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූථියි දෙන්නටම මේකට සබ් දුන්නට