දේවරාජ් චිත්‍රපටයක් අධ්‍යක්ෂකවරයෙකු කිරීමේ බලාපොරොත්තුවෙන්, තිර පිටපතක් නිර්මාණය කර, නිෂ්පාදකවරයෙක් හමුවීමට යනවා. එහිදී දේවරාජ් ව්‍යාපාරිකයෙකු හමුවනවා. ඒත් ව්‍යාපාරිකයා දේවරාජ්ගේ පිටපත මිලදී ගෙන ඒ වෙනුවෙන් මුදල් ලබා දෙන්න සූදානම් වුණා. දේවා කිසිසේත්ම එයට කැමැත්තක් දැක්වුවේ නැහැ. දිගින් දිගටම ඇතිවූ…

දේවරාජ් චිත්‍රපටයක් අධ්‍යක්ෂකවරයෙකු කිරීමේ බලාපොරොත්තුවෙන්, තිර පිටපතක් නිර්මාණය කර, නිෂ්පාදකවරයෙක් හමුවීමට යනවා. එහිදී දේවරාජ් ව්‍යාපාරිකයෙකු හමුවනවා. ඒත් ව්‍යාපාරිකයා දේවරාජ්ගේ පිටපත මිලදී ගෙන ඒ වෙනුවෙන් මුදල් ලබා දෙන්න සූදානම් වුණා. දේවා කිසිසේත්ම එයට කැමැත්තක් දැක්වුවේ නැහැ. දිගින් දිගටම ඇතිවූ අපහසුතා නිසා චිත්‍රපට පිටපත ව්‍යාපාරිකයාට දෙන්න දේවා කැමති වෙනවා. දේවාගේ පිටපත විකිණීමට ව්‍යාපාරිකයා කී ස්ථානයට දේවා ඇතුලු වනවා. විකිණුම සිදු කිරීමට ආසන්නව තිබියදී දේවා පසුපසින් ආ සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එතැනට කඩා වදිනවා. පොලිසිය හා අනෙක් පාර්ශවය වූ සාගාවරම් අතරේ වෙඩි හුවමාරුවක් ඇති වනවා. කොහොමින් හරි පාර්ශව තුනම ආරක්ෂිත ස්ථානයකට වනවා. එකිනෙකා අතරේ වාද ඇතිවෙද්දි දැනගන්නට ලැබුණේ පොලිසිය දේවාව ලුහුබැඳ ආවේ දේවා ලඟ තිබුණ ගිනි පෙට්ටියක් අරගන්න කියලා. ඇත්තම හේතුව ඒ ගිනි පෙට්ටිය ඇතුලෙ තිබුණ බෙහෙත් කරලක්. ඒ වගේම බෙහෙත් කරල් තුනක් ගැනත්, රත්තරන් ඌරු පිළිමයක් ගැනත් ඔවුන්ගෙන් දේවාට දැනගන්න ලැබෙනවා. බෙහෙත් කරලේ වටිනාකම ඉතා ඉහළයි කියලා වැටහුණ දේවා ඒ කරල අරගෙන එතැනින් පැනගන්නවා. එතැනින් පැනගත් දේවා ආයෙමත් සාගාවරම් අතට අහුවෙනවා. වාසනාවකට තුවක්කුවක් අතට ලැබුණ දේවා ආයෙත් සාගාවරම්ගෙන් ගැලවෙනවා. තමන්ගේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් තරම් මුදලක් රැගෙන යන්නට දේවා පෙරදී හිතුවත් සාගාවරම් හා පොලිසියේ කරදර වලට හසුවීම නිසා ඔහුගේ තීරණය වෙනස් කරනවා. දේවා තර්ජනය කරමින් පොලිස් නිලධාරින්ගෙන් සහ සාගාවරම්ගෙන් ඉල්ලීමක් කරනවා. තුන් ගොල්ලො එකතුවෙලා ඒ කෝටි ගණනක රත්තරන් ඌරු පිළිමය හොයාගෙන වටිනාකම තුනට බෙදාගන්න. අනිත් පාර්ශව දෙකත් වෙනත් විකල්පයක් නැති නිසාම දේවාගේ යෝජනාවට කැමති වෙනවා. මේ කල්ලි තුන පිළිමය හොයාගත්තද කියන එකයි කතාව. හොයාගත්තත් තුනටම බෙදාගනීවිද? කොහොම වුණත් මේ කතාවේ මුල ඉඳන්ම ඌරෙක් ඉන්නවා. මේ ඌරා කවුද? ඌරට ස්තූති කරන්නෙ කවුද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්.

බාලා අරන් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටය Black Comedy (කළු ප්‍රහසන) චිත්‍රපටයක්. මෙහි මේ වන විට Imdb අගය 8.1ක්. මේ චිත්‍රපටයේ නමට පාදක වන්නේ 2006 වර්ෂයේදී නිකුත් වූ වඩිවේළුගේ Imsai Arasan 23am Pulikesi චිත්‍රපටයේ එන වඩිවේළුගේ ජනප්‍රිය දෙබසක්.

“Pandrikku Nandri Solli Kundril Mel Eri Nindral Vindridalam Kulasekaranai”. ඌරට(වරහා දෙවියන්) ස්තූතියි කියලා ඒළුමළෛ කන්ද උඩ නැග සිටියහොත් ජය ගත හැකියි කුලසේකරන්ව(කුබේරන්). විශ්නු දෙවියන් ලක්ෂ්මි දේවියව කසාඳ බඳින්න කුබේරන්ගෙන්(කුලසේකරන්) ණයක් අරගෙන තියෙනවා. පොලිය ගෙවන්න කාලය ලං වෙනකොට වරහ දෙවියන්(ඌරු මුහුණක් ඇති) විශ්ණු දෙවියන්ට උපකාරයක් විදිහට ඒළුමළෛ ප්‍රදේශය ලබා දෙනවා. මේ කතාව තමයි වඩිවේළු ඒ විදිහට කිව්වෙ කියලා අන්තර්ජාලයයේ තිබුණෙ. ඒ විතරක් නෙවෙයි, මේ චිත්‍රපටයේ එන ගීතයක එන තවත් පදයක එන “Karadiye Kaari Thuppirchu” දෙබසත් මේ 23වන පුලිකේසි චිත්‍රපටයේ එන හාස්‍යජනක කොටසක්. ඒ වගේම පුලිකේසි චිත්‍රපටයේ “Ka Ka Ka Po” දෙබස වගේම වඩිවේළුගේ බොහෝ දෙබස් පසු කාලයේ චිත්‍රපට නම් වලට යොදා ගැනුනා.

වළහා පුලිකේසි රජුට කෙළ ගහන අවස්ථාව.

නිෂාන්ත්, ජෝ මල්ලූරි, විජේ සත්‍යා, චෙල්ලා, බාස්කර්, වියන් යන අය රංගනයෙන් දායක වනවා. මෙහි බොහෝමයක් මුහුණු එතරම් චිත්‍රපට වල දකින්නට ලැබුණු නොවෙයි.

Sony Liv ඔස්සේ පෙබරවාරි මස 04 නිකුත් වූ මේ චිත්‍රපටය ඉවර වෙනකල්ම කිසි කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක්. Black Comedy ගණයට අයත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකගේ උත්සාහය ඒ තරම්ම සාර්ථක නොවුණත් Flashback ඔස්සේ වෙනස් අත්දැකීමක් ලබාදීමට සමත් වෙනවා. මෙහි ඇතුලත් ගීතවලට ජනප්‍රිය විකට දෙබස් ද එකතු කරලා තියෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය විචාරකයන්ගේ මධ්‍ය ප්‍රතිචාර ලබාගන්නවා.

වෙනදා වගේම අදහස් දක්වන හැමෝටම ස්තූතිය පුද කර සිටිනවා. ආයෙමත් උපසිරැසියකින් හමුවෙමු.

බුදු සරණයි! සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,506 downloadsDownload Pandrikku-Nandri-Solli-2022.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

3,506 downloadsDownload Subtitles44 KB

20 comments

  1. Kushan

    Sub akta thanks

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Anonymous

    මීට වඩා සුපිරි ෆිල්ම් සෙට් එකක්ම ඇවිත් තියෙන්නේ සහෝ ...
    ඒවටත් සබ් දීලා මේවට දුන්න නම් එල

    1. Naveen Mbr

      මේක ලඟදි කරපු එකක් නෙවෙයි සහෝ. අලුත් ඒවා ඉස්සරහට කරලා දෙන්න බලන්නම්. ස්තූතියි!

  4. Samith

    Thanks brother

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. dulan

    ස්තුතියි !

  7. Naveen

    උපසිරසියට තුති

  8. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Naveen Mbr

    හැමෝටම ස්තූතියි !

  10. bunny

    Thanks buddy

  11. Anonymous

    තෑන්ක්ස් වේවා

  12. Dineth de silva

    Thanks brother

  13. Niro

    Badva rascal
    Love you rachchu sub denna puluwn nm

  14. Anonymous

    Film ganna be baicopedownlod eka weda nene

  15. Dammika

    01) Marma vazhakku 2022

    02) badava racl 2022

    03) vilangu S01 2022

    මේ ෆිල්ම් 3 උපසිරැසි දෙන්නකෝ......

    1. Naveen Mbr

      Marma vazhakku කියන්නෙ Cold Case. විලංගු කියලා සීරීස් එක දීලා ඇති. බඩවා රාස්කල් නම් සයිට් එකේ නැහැ.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. chamika

    adavallu meeku joharlu meke sinhla subtile eka dennakooo....

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!