මේ වසරේ පෙබරවාරි මස 10 දින Amazon Prime ඔස්සේ නිකුත් වුන මේ චිත්‍රපටයේ මේ වනවිට IMDb අගය 8.2ක්. වැඩි විස්තර පස්සට තියලා මුලින්ම කතාව පැත්තට හැරෙමු. ගාන්ධි මහාන්ගේ තාත්තා, සීයා නිදහස් අරගල සටන්කාමීන්. ඒ වගේම මෙයාලා ‘මහත්මා ගාන්ධිගේ’ අනුගාමිකයින්(Gandhian). ගාන්ධිව පොඩි කාලේ ඉඳන්ම ගාන්ධි අනුගාමිකයෙක්…

මේ වසරේ පෙබරවාරි මස 10 දින Amazon Prime ඔස්සේ නිකුත් වුන මේ චිත්‍රපටයේ මේ වනවිට IMDb අගය 8.2ක්. වැඩි විස්තර පස්සට තියලා මුලින්ම කතාව පැත්තට හැරෙමු.
ගාන්ධි මහාන්ගේ තාත්තා, සීයා නිදහස් අරගල සටන්කාමීන්. ඒ වගේම මෙයාලා ‘මහත්මා ගාන්ධිගේ’ අනුගාමිකයින්(Gandhian). ගාන්ධිව පොඩි කාලේ ඉඳන්ම ගාන්ධි අනුගාමිකයෙක් විදිහටයි වැඩුනෙ. ඒත් ගාන්ධිට මීට වඩා නිදහසක් උවමනා වුණා. ගාන්ධි සූදු සෙල්ලම් කරන්නත් පුරුදු වෙලා හිටියා. දවසකදී ගාන්ධිගෙ තාත්තට මේක අහුවෙනවා. එදා ගාන්ධිට එයාගේ තාත්තා ‘මහාන්’ කෙනෙක් විදිහට ජීවත් වෙන්න කියලා අවවාද කරනවා. ගාන්ධිත් මහාන් කෙනෙක් වෙන්න තාත්තට පොරොන්දු වෙනවා. මෙහෙමම අවුරුදු ගතවෙලා ගාන්ධිට 40ත් ලබනවා. ගන්ධිගෙ ජීවිතය පොඩිකාලේ වගේම තමයි. ගෙදරට හොරෙන් ඉංග්‍රීසි චිත්‍රපටි බලන්නත් යන්න පුරුදු වෙලා තිබුණා. ගාන්ධිගෙ අනුගාමිකයෙක් වුණත් මේ ගාන්ධි බොරු කියන එක සිරිතක් වෙලා. කොහොමින් හරි දවසක් ගාන්ධිගේ නෝනා නාචියි, පුතයි නිවාඩුවට වන්දනා ගමනක් යනවා. හොඳම වෙලාව කියලා බලලා ගාන්ධි බාර් එකක් ඇතුලට රිංගනවා. බාර් එකේදි ගාන්ධිට, ගාන්ධිගෙ ගෝලයෙක්ව හමුවෙනවා. මේ ගෝලයා ගාන්ධි එදා දවසේ ඇතිවෙනකල් බොන්න දෙනවා. ගාන්ධි වෙරි වෙන්නම බොනවා. පහුවදා නැගිටිනකොට දවල් 1ත් පහුවෙලා තිබුණා. වන්දනා ගමන ගියපු නාචි උදේ 7ට ගෙදර ඉන්නවා කියලා තිබුණා. නෝනා ගෙදරට යන්න කලින් ගාන්ධිට ගෙදරට යන්න බැරි වුණ නිසා, ගෙදර යන්න පරක්කු වුණ නිසා කලබලෙන් ගෙදරට දුවනවා. ගෙදර ගාන්ධි නැති නිසා ලොකු කලබලයක් ඇති වෙලා තිබුණා. ගාන්ධිගෙ නෝනා නාචි, ගාන්ධි බීලා ඇවිත් කියලා හොයාගන්නවා. නාචිත් මත්ද්‍රව්‍ය විරෝධී, ගාන්ධි අනුගාමික පවුලක් කෙනෙක් නිසා බීගෙන ආව ගාන්ධිව දාලා දරුවත් එක්කගෙන නාචිගෙ ගෙදර යනවා. ගාන්ධි කීප සැරයක් නාචිගෙ ගෙදරට ගියත් ආයේ ගාන්ධි එක්ක ඉන්න කැමති වෙන්නෙ නැහැ. ගාන්ධිගෙ කරදරේ නිසාම නාචිලගෙ පවුල ගමෙන් යනවා. එදා ඉඳන් ගාන්ධිට නාචිවයි, දරුවවයි හොයාගන්න පුළුවන් වුණේ නැහැ. මේ අතරෙදි ආයේ කවදාවත් බොන්නෙ නැහැ කිව්ව ගාන්ධි අරක්කු කර්මාන්තශාලාවක් පටන් ගන්නවා. නාචියි, පුතායි ගාන්ධිගෙන් ඈතටම යයිද? ගාන්ධිව හොයාගෙන ඒවිද?
කාර්තික් සුබ්බුරාජ් Pizza, Jigarthanda, Iraivi කියන චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ක්ෂේත්‍රයේ නමක් හිමි කර ගත්තා. ඒ වගේම කාර්තික්ගේ Pizza චිත්‍රපටය භාෂා තුනකින්, Jigarthanda චිත්‍රපටය භාෂා 2කින් ප්‍රතිනිර්මාණය කෙරුණා. ඉන් Gaddalakonda Ganesh (2019) තෙළිඟු චිත්‍රපටය ඉතාමත් ඉහළින් සාර්ථක වුණා. 2019 වසරේදි තිරගත වූ Petta චිත්‍රපටයේ සාර්ථකත්වයත් එක්ක කාර්තික් වෙනම තලයකට පිවිසෙනවා. කාර්තික් රජිණි වෙනුවෙන්ම රචනය කර අධ්‍යක්ෂණය කල චිත්‍රපටය Petta (2019) එම වසරේ එක් බ්ලොක්බස්ටර් එකක් වුණා. කාර්තික්ගේ ඊලඟ චිත්‍රපටය වුණ Jagame Thanthiram 2021 වසරේ වැඩි බලාපොරොත්තුවකින් ඇවිත් වර්ෂයේ අසාර්ථකම චිත්‍රපටය බවට පත් වුණා. ජගමේ තන්දිරම් සිනමාශාලාවලට නිකුත් කිරීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒ විදිහම මේ මහාන් චිත්‍රපටද Amazon Prime ඔස්සේ OTT මාධ්‍යයෙන් නිකුත් කෙරුනා.
කාර්තික් චිත්‍රපට රූගත කිරීම් අඩු කාලයකින් නිම කරන අධ්‍යක්ෂක වරයෙක්. මහාන් දවස් 64කින් රූගත කිරීම් නිම වුණා කියලයි කාර්තික් කියන්නෙ. වික්‍රම් වෙනුවෙන් කාර්තික්ට කතාවක් තිබුණත් කතාවේ ගැටළුවක් නිසා ඒක සාර්ථක වුනේ නැහැ. කොහොමින් හරි සුබ්බුරාජ්ගේ හිතේ තිබුණ තාත්තා-පුතා අතරෙ කතාවක් තමයි මහාන් විදිහට නිර්මාණය වෙලා තියෙන්නෙ. ශංකර් ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත රාම් චරන් රඟන චිත්‍රපටයට සුබ්බුරාජ්ගේ කතාව සැපයීමට නියමිතයි.
දෘව් Adithya Varma (2019), Varmaa (2020) කියන එකම චිත්‍රපටි දෙකට දායක වුණා. දෘව් මුලින්ම සිනමාවට හඳුන්වා දෙන්න නියමිතව තිබුණේ බාලා අධ්‍යක්ෂණය කල වර්මා චිත්‍රපටයෙන්. වර්මා හා ආදිත්‍යා වර්මා යන චිත්‍රපට දෙකම Arjun Reddy (2017) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. වර්මා චිත්‍රපටිය ගැන විවිධ මතභේද ඇති වීම නිසා වික්‍රම්ගේම මැදිහත් වීමෙන් අර්ජුන් රෙඩ්ඩි චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයාගේ සහය අධ්‍යක්ෂක වරයෙක් යොදවමින් ආදිත්‍යා වර්මා චිත්‍රපටය නිර්මාණය කරනවා. බාලා විශිෂ්ඨ අධ්‍යක්ෂක වරයෙක් වුනත් වර්මා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අර්ජුන් රෙඩ්ඩි පිටපතක් වගේ තිබුනා. කොහොමින් හරි මහාන් හි දෘව්, වික්‍රම්ට අභියෝග කරගන්න තරමට දෘව් ප්‍රබල රංගනයක් නිරූපණය කරනවා. දෘව්ගේ ඉදිරි ගමනට මහාන් විශාල අවස්ථාවක්.
ඉන්දියාවෙන්ම නළුවෙක් වෙන්න වැඩියෙන්ම කට්ට කාපු නළුවා වික්‍රම් වෙන්නෙ වික්‍රම්. දැන් වික්‍රම් ඉන්න තැන ඉහළ වුණත් වික්‍රම් ඒ තැනට එන්න දරුණු විදිහට වෙහෙසුනා. වික්‍රම් උසස් අධ්‍යාපනය හදාරන කාලයේ වික්‍රම්ගේ බයික් එක අනතුරකට ලක් වෙලා වික්‍රම්ගේ දකුණු කකුලට දරුණු විදිහට හානි වුණා. ඔහුට ප්‍රතිකාර වෙනුවෙන් අවුරුදු 4කට ආසන්න කාලයක් ඇඳට වැටිලා ඉන්න වුණා. වික්‍රම්ට නළුවෙක් වෙන්න මුල ඉඳන්ම තිබුණේ පුදුම ආසාවක්. ඒත් ඇඳට වැටිලා හිටිය වික්‍රම්ට අත්වාරු ආධාරයෙන් ඇවිදින්න පුළුවන් වුනත්, ආබාධිතයෙක්, අබ්බගාතයෙක් විදිහට ප්‍රධාන නළුවෙක් වෙනන බැරි වෙනවා. කොහොමින් හරි වික්‍රම්ගේ දෛර්‍යය නිසා ඒ කාලය තුලදී වික්‍රම් ආධාර නැතිව දෙපයින් ඇවිදින්න පුරුදු වෙනවා. ඒ වගේම ඉක්මනින් සාමාන්‍ය විදිහට ඇවිදින්න හැකියාව ලැබෙනවා. ඒත් ඇවිදිද්දි වික්‍රම්ගේ හානි වුන දකුණු කකුල තරමක් නුහුරට යනවා. දිල් චිත්‍රපටයේ ඔහු මුහුණ දුන්න ඒ අභියෝගය වික්‍රම්ගේ ජීවිතය අලලා කොටසක් යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම හොඳින් බලනවා නම් වික්‍රම්ගේ දකුණු කකුල නුහුරට යනවා චිත්‍රපටවලදී දකින්නට පුළුවන්.

පලවෙනි චිත්‍රපටයෙන්ම වික්‍රම්ට ප්‍රධාන චරිතය හිමි වෙනවා. ඒ වගේම ඉහළ පෙලේ අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපට අවස්ථා ලැබෙනවා. ඒත් වික්‍රම්ගේ චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වුණා. චිත්‍රපටි දිගින් දිගටම අසාර්ථක වුණ නිසා වික්‍රම්ව ‘හරි යන්නෙ නැති’ නළුවෙක් විදිහට අයින් කරලා තිබුණා. සුළු චරිත, හඬ කැවීම් ආදියෙන් වික්‍රම් දිගටම සිනමාව එක්කම රැඳිලා හිටියා. මුල් කාලයේ ප්‍රභූ දේවා, අබ්බාස්, විනීත්, අජිත් යන නළුවන්ටත් වික්‍රම් හඬ ලබා දුන්නා. ඉන් පස්සෙ දමිළ සිනමා කර්මාන්තයෙන් පිට මලයාලම්, තෙළිඟු සිනමාවට පවා ඇතුල් වෙනවා.
මේ අතරදි වික්‍රම්ගේ කැපකිරීම් ගැන අධ්‍යක්ෂක බාලාට දැනගන්නට ලැබෙනවා. බාලාත් සිනමා ක්ෂේත්‍රයට එන්න බොහෝ කැපවීම්, වෙහෙසවීම් කරලා තිබුණා. Sethu (1999) චිත්‍රපටියට බාලා විවිධ නළුවන් යොදාගෙන, විවිධ නිෂ්පාදකවරුන් යොදාගෙන චිත්‍රපටය ආරම්භ කරන්න හැදුවත් සාර්ථක වුනේ නැහැ. මෙ චිත්‍රපටියේ මුල ඉඳන් අවසානය වෙන තාක් බාලා ඇරෙන්න වෙන හිටියේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක ඉලයරාජා. කොහොමින් හරි බාලා, වික්‍රම්ව සේතු චිත්‍රපටියට සම්බන්ධ කරගන්නවා. සේතු චිත්‍රපටයෙන් භාගයක් පමණ දිව යන චරිතයේ වැහැරී ගිය සිරුර වෙනුවෙන්, කිහිප දවසක්ම කෑම සීමා කරලා චරිතයට ස්වාභාවික ස්වරූපයක් ලබාගෙන තියෙනවා. අවසානයේ වික්‍රම් බොහෝ දුක් වින්ද සේතු චිත්‍රපටය වික්‍රම්ව සාර්ථකත්වයට රැගෙන යනවා. සේතු චිත්‍රපටය නිකුත් වෙද්දි, ආසන්නව චිත්‍රපටි 24ක් පමණ ප්‍රමාණයක් වික්‍රම් රංගනයෙන් දායක වී තිබුණා.

2000 අවධියේ රජිණි – කමල් යුගලය තරමට විජේ – අජිත් යුගලය අතරෙ තරගයක් ඇතිවෙයි කියලා වේලපහින්ම බලාපොරොත්තු තියාගෙනයි හිටියෙ. ඒත් විජේටවත් අජිත්ටවත් කියන්න තරම් සාර්ථකත්වයක් අත් කරගන්න ලැබුණෙ නැහැ. බොහෝ අසාර්ථක චිත්‍රපටි නැත්නම් සාමාන්‍ය චිත්‍රපටි විදිහට දෙදෙනාටම බෙදී ගිහින් තිබුණා. මේ විජේ, අජිත් යොදාගෙන චිත්‍රපට තනන්නට නිෂ්පාදක වරුන්ගේ පවා තැතිගැන්මක් තිබුණා.Non-Rajini ආදායම් වාර්ථා හොයාගන්න බැරිම කාලයක දමිළ සිනමාව තිබුනා. Non-Rajini කියන නම ඇති වුණේ රජිණිගේ භාෂා, Muththu, Padayappa, Arunachalam දිගින් දිගටම, රජිණි විතරක් ආදායම් වාර්ථාවල ඉහළින් සිටිය නිසා. වෙන කාටවත්ම රජිණිගේ ආදායම් වාර්ථා කඩන්න බැරි වෙද්දි චියාන්ගේ Dhil, රජිණිගේ Padayappa වාර්තාව බිඳ දමනවා. ඒ වන තාක්ම රජිණිගෙ චිත්‍රපටියක් තියපු වාර්තාවක් තවත් රජිණිගෙ චිත්‍රපටියක් තමයි කඩලා දැමුවේ. දිල් චිත්‍රපටියේ වාර්ථව Jemini, ජෙමිනි වාර්තාව Dhool, දූල් ආදායම් වාර්ථාව Saamy ආදී විදිහට වික්‍රම් ආදායම් වාර්තා බිඳ දමනවා. ඊලඟ සුපර් ස්ටාර් වික්‍රම් කියලා රජිණිකාන්ත් ව්‍යංගයෙන්ම කිව්වා. සාමි චිත්‍රපටියේ සාර්ථකත්වය සැමරීමේ උත්සවයට සහභාගි වුණ රජිණි රජෙක් ගියහම තව රජෙක් එනවා කියලා වික්‍රම්ට සුබ පතමින් කිව්වා.

වික්‍රම්ට සිනමාව කියන්නෙ පිස්සුවක්. I (2015) චිත්‍රපටියට විකෘති චරිතය වෙනුවෙන් වික්‍රම් බර අඩු කරේ ශංකර්ගෙ උවමනාවකට නෙවෙයි. වේෂ නිරූපණය ගැන හොඳ අවබෝධයක් තියෙන, වික්‍රම් එන්න එන්න චරිතය වයස්ගත වෙද්දි, වික්‍රම් තමන්ගෙ මේකප් ගැන හුඟක් උනන්දු වුණා කියලයි කාර්තික් කියන්නෙ.
මේ චිත්‍රපටයේ මුලින් සංගීතය අධ්‍යක්ෂක විදිහට නම් කරලා තිබුණේ අනිරුද්. මාස්ටර් වගේ පෙළට චිත්‍රපටි තිබුණ නිසා සන්තෝෂ් නාරායනන්ට අවස්ථාව හිමි වෙනවා. සන්තෝෂ් මීට කලිම් ජගමේ තන්දිරම් වෙනුවෙනුත් සංගීතය සපයනවා. චිත්‍රපටයේ එන ‘Miss me’ ගීතය ගායනා කරේ දෘව් විසින්.
පහුගිය අවුරුදු වල තට්ටෙ පෑදෙනකල් Seerum Puli කියන Comedy චිත්‍රපටිය අතේ තියාගෙන ඇවිදින බොබී සිම්හාත් මේ චිත්‍රපටියේ අනර්ඝ රංගනයක යෙදෙනවා. ඊට අමතරව සනත්, සිම්රන්, මුතුකුමාර් යන අයත් දායක වෙනවා. ගිය වසරේ දේශපාලන මතවාද නිසා ජගමේ තන්දිරම් අසාර්ථක වුනා. ඒ වුනත් ඊලාම කියන හූනියම සුබ්බුරාජ්ගේ හිතින් යන එකක් නැහැ. ඉස්සරහට තවත් ඒ වගේ චිත්‍රපටි බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා සුබ්බුරාජ්ගේ කියනවා.
මේ චිත්‍රපටිය කරන්න බාරගෙන තිබුණෙ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) අයියා. කොහොම හරි චිත්‍රපටිය මම ඉල්ල ගත්තා. ඒ පිළිබඳව සඳුන් අයියට ස්තූති පුද කර සිටිනවා. ඒ වගේම මේක මට බාර දුන්න අශාන් අයියටත් ස්තූතියි! වෙනදා වගේම අදහස් දක්වන හැමෝටමත් ස්තූතියි! ආයෙත් උපසිරැසියකින් හමු වෙමු.
බුදු සරණයි! සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
13,368 downloadsDownload MAHAAN-2022-update.zip87 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
71 comments
Menaka Herath
Naveen Mbr
ස්තූතියි!
oshanda
තෑන්ක්ස් සහෝ... ලොකු විස්තරයක් එක්කම
Naveen Mbr
දැම්මට පස්සෙ තමයි හොඳම ටික මිස් උනානේ කියලා මතක් වෙන්නෙ.:-(
Pasindu Madumal
සබට තුති, ජය ❤️
Naveen Mbr
ස්තූතියි! ස්තූතියි!
යුරාන් ධනුක (දනුවා)
Thanks Bro
Naveen Mbr
ස්තූතියි!
indika 75
thanks..
Chanaka
ඇති යන්තම් මේක දීලා
ගොබ්බ සයිට් එකකින් කුජීත සබ් එකක් දීල තිබුනත් බයිස්කෝප් එකෙන්ම දෙනකන් බලන් හිටියේ මොකද වික්‍රම් ගේ එකක් බලන්න ඕන කොලිටි සබ් එකකින් හින්දා
ජයවේවා සහෝNaveen Mbr
ගොඩක් ස්තූතියි! ;-)
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
තෑන්ක්ස් බන්
අනිත් සුපිරි සෙට් එකටත් සබ් දෙමුNaveen Mbr
හැමෝටම ස්තූතියි! :-) ;-)
Anonymous
Patta
Vishwa sasanka
Thank you
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Samith
Thanks brother
Anonymous
Thanks for sub
ram
Badva Rascal sub plz
also thanks for thisOshada
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!sudarshana
ravindu naveen thank bro sinhala sube ekata [badva rascal kannada] film ekatath sube dannako jayawewa.
Naveen Mbr
කන්නඩ කරන්නෙ නැහැ සහෝ. දෙමළ, තෙළිඟු විතරයි.
Anonymous
Try ekak demu mchn
Supiri kannada film thynowNaveen Mbr
සලකලා බලන්නම්කෝ. ඒත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කියන්න බැහැ.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Achi
බොහොම ස්තුතියි
dulan
ස්තුතියි !
Eranda
Thanks brother
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Naveen
උපසිරසියට තුති
Naveen Mbr
හැමෝටම ස්තූතියි!
Jolly Road
Thank for the such a wonderful effort
Naveen Mbr
ස්තූතියි! ස්තූතියි! :-) :-)
Idunil Weerasinghe
Thanks brother
Anonymous
Writer tamil movie ekata sub dennako
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Nilush Angana
Sub ekata thanx
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Manoj
උපසිරසියට ස්තුතියි
bunny
Thnkz buddy
විමා
සබ් එකට ස්තුතියි ආ..
මරු ෆිල්ම් එක, සෑහෙන කාලෙකින් දෙමල එකක් බැලුවේ.Naveen Mbr
ස්තූතියි! අශාන් අයියා.
Rajitha
උපසිරසියට ස්තුතියි
Anonymous
තැන්ක්ස් වේවා
Nirosh
One of the greatest tamil movies ever
j.d
උපසිරසියට ස්තුතියි
Kevin
Thanks brother ...good work ...keep it up
Prasad Duminda Perera
Thanks bro
Rumesh
එල එල
Gayan
බොහොම ස්තුතියි
Terush
thanks bro
සාරංග ජේ. ලියනගම
Thanks
Dineth de silva
Thanks brother
Anonymous
meka hdrip walata support karanawada?
Anonymous
web dl tiyena serama 5gb walin uda thiyenne. plz reply soon
Naveen Mbr
හැදුවෙ Webdl එකට. Hdrip එකට සපෝට් නැහැ වගේ නම් අප්ඩේට් එකක් දෙන්න බලන්නම්. දැනට නම් විදිහක් නැහැ.
Anonymous
thank you
Naveen Mbr
Hdrip වලටත් මේකම තමයි සහෝ. මම අරන් බැලුවා.
Advertisement
ඔන්න පළවෙනියටම මං තමයි බා ගත්තේ.
බොහෝම ස්තූතියි සබ් එක සහෝ...
ජයවේවා....!!!!!!!!!!!!!