I AM KATHALAN 2024 Sinhala Subtitles ආයුබෝවන්. මෙන්න අදත් ලස්සන ෆිල්ම් එකක්. මේකත් අළුතෙන්ම රිලීස් උන එකක්. මේ කාලෙ වඩාම ජනප්‍රිය යොවුන් නළුවා නස්ලන් කිව්වොත් නිවැරදියි. ඔහුටම ආවේණික ඒත් අනිත් තරුණ නලුවන්ට වෙනස් රංගන ඉදිරිපත් කරන නස්ලන්ගෙ ජනප්‍රිය තාව ගිය වසරෙ හිණි පෙත්තටම නැග්ගෙ ප්‍රේමාලු මගින්. ඒ…
I AM KATHALAN 2024 Sinhala Subtitles
ආයුබෝවන්. මෙන්න අදත් ලස්සන ෆිල්ම් එකක්. මේකත් අළුතෙන්ම රිලීස් උන එකක්. මේ කාලෙ වඩාම ජනප්‍රිය යොවුන් නළුවා නස්ලන් කිව්වොත් නිවැරදියි. ඔහුටම ආවේණික ඒත් අනිත් තරුණ නලුවන්ට වෙනස් රංගන ඉදිරිපත් කරන නස්ලන්ගෙ ජනප්‍රිය තාව ගිය වසරෙ හිණි පෙත්තටම නැග්ගෙ ප්‍රේමාලු මගින්. ඒක අධ්‍යක්ශණය කල ගිරිෂ් ඒ. ඩී ගැනත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. තන්නීර් මාතන් දිනංගක්, සුපර් සාරන්‍යා වගේ යොවුන් චිත්‍රපට අධ්‍යක්ශණය කරපු එයාගෙම වැඩක් තමයි මේකත්. මෙන්න ඔහුගෙ නවතම චිත්‍ර පටය. මම තමයි කාදලන්.
කතාව කෙටියෙන් කිව්වොත් දුප්පත් කොල්ලෙක් පෝසත් කෙල්ලෙක් එක්ක ලව් කරනව. උන් ඉන්නෙ පරිගණක ඉංජිනේරු විද්‍යාලයක. කොල්ල රිපීට් වෙනව. රස්සාවල් හොයා ගන්න කට්ට කනවා.ඒ උනාට ඌ වැඩ්ඩෙක් කියල කියන්න පුළුවන්. කෙල්ල තාත්තගෙ ෆිනෑන්ස් කොම්පැනියෙ අයි ටී හෙඩ් හැටියට රස්සාව බාර ගන්නවා. සාමාන්‍ය විදිහටම වෙන දේ වෙනවා. කෙල්ල බූට් එක තියෙනවා. කෙල්ල හම්බ වෙන්න එන කොල්ලව තාත්ත ගහල පන්නනවා. ඉතිං කොල්ල මොකද කරන්නෙ? සාමාන්‍ය ප්ලොට් එකක් හැටියට පෙනුනට මෙතනදි තමයි සුපුරුදු විදිහට මලයාලියො වෙනම පැත්තකට කතාව අරන් යන්නෙ.ස්පොයිල් කරන්න හොඳ නෑ. ඒ නිසා නවතිනවා.
මේ ටිකත් කියන්නම්කො. අද කාලෙ I T Security ඕනෙම ආයතනයකට පුද්ගලයෙකුට ඉතාම වැදගත්. ඒ ගැන පොඩි පණිවිඩයක් මේ කතාවෙ තියෙනවා.හැකිං ගැන අද කාලෙ අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනෙ. මේ කතාවෙත් හරිම අහිංසක හැකරයෙක් ඉන්නවා. ටිකක් විතර ස්පොයිල් වෙන්න ඇති.කතාව බලන්නකො.
Hacking කියන්නේ බාල මහලු අපි කවුරු වුණත් යන්තමින් හෝ අහල තියෙන දෙයක් නේ. වෙන කෙනෙකුගේ පරිගණකය / ජංගම දුරකථනය වැනි smart device එකකට අන්තර්ජාලය ඔස්සේ අනවසරයෙන් ප්‍රවේශ වීම තමයි hacking ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඉතින් අද බන්දුල අයියා ගෙනැල්ලා තියෙන ෆිල්ම් එකත් මේ හැකින් සම්බන්ධ ෆිල්ම් එකක් නිසා ඒ පිළිබඳ පොඩි හැඳින්වීමක් සහ ඒකෙන් ආරක්ෂා වෙන්න අපට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැනත් පොඩි විස්තරයක් කරන්න කියලා අපේ රවිඳු අයියා මගෙන් ඉල්ලීමක් කළා.
ලෝකේ තියෙන කිසිම system එකක් 100%ක් perfect නැහැ. ඒ හැම system එකකම කොතනක හරි දුර්වලතාවයක් තියෙනවා. Hackers ලා කරන්නේ මේ දුර්වලතාවය හොයාගෙන ඒකෙන් අයුතු ප්‍රයෝජන අරන් අනවසරයෙන් ඒ දෙය තමන්ගේ පාලනයට ගැනීමයි. හැකර්ස්ලා ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් ජාති දෙකක් ගැන කතා වෙනවා. ඒ තමයි “white hat hackers” සහ “black hat hackers”. වයිට් හැට් හැකර්ස්ලාව විවිධ ආයතනවලින් තමන්ගේ සේවයට බඳවා ගන්නවා එයාලගේ පද්ධතිවල තියෙන දුර්වලතා හොයාගෙන ඒවා හරිගස්සන්න. බ්ලැක් හැට් හැකර්ස්ලා තමයි “හැකර්” කියන නම ඇහුන ගහන් ඕන කෙනෙක් ගේ ඔලුවට එන්නේ. එයාලා තමයි හොරෙන් අනුන්ගේ දත්ත හොරකම් කරන ජාතිය. මීට අමතරව “gray hat hackers” කියල කට්ටියකුත් ඉන්නව. එයාලා නීති කැඩුවට ඒක කරන්නේ කෙනෙක්ට අයහපතක් කරන චේතනාවෙන් නෙමෙයි. උදාහරණයක් විදියට තමන් වැඩ්ඩා කියල පෙන්නන්න කෙනෙක් තමන්ගේ යාළුවගේ පරිගණකයට හොරෙන් ඇතුළුවෙලා පෙන්නන එක. මේ අවස්ථාවෙදී එයාව grey hat hacker කෙනෙක් විදියට අඳුරගන්න පුළුවන්.
අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක්ට විවිධාකාරයේ hacking types දකින්න ලැබෙනවා. මේ අතරින් ජනප්‍රියම ටිකක් ගැන කෙටි විස්තරයක් කරන්නම්.
- Malware: අපි සාමාන්‍යයෙන් පරිගණක වෛරස් කියලා හඳුන්වන්නේ මේවායි. මේවයේ ප්‍රධාන අරමුණ තමයි ඩිජිටල් උපාංගයකට හොරෙන් ඇතුළු වෙලා ඒ කෙනාගේ දත්තවලට හානි කරන එක හෝ හොරා ගන්න එක. Pirate කරපු ගේම්ස් සහ software දාගන්න හදල තියෙනව නම් සමහර විට මේවා හම්බවෙලාත් ඇති.
- Ransomeware: මේකත් malware වගේ තමයි. වෙනස තියෙන්නෙ මෙතනදී හැකර් අදාළ කෙනාගේ files ඔක්කොම encrypt කරලා ඒ ටික decrypt කරල දෙන්න යම්කිසි මුදලක් ඉල්ලනවා.
- Phishing Attacks: ෆිෂින් ඇටෑක්ස් කියන්නේ ඇත්ත, විශ්වාස කළ හැකි පාර්ශවයක් වගේ පෙනී ඉඳිමින් කෙනෙකුගේ සංවේදී දත්ත (password, login information වගේ දේවල්) හොරකම් කරන එකට.
- SQL Injection Attacks: SQL ඩේටාබේස් පාවිච්චි කරන සයිට්වල SQL ඩේටාබේස් එකට හානිකර කෝඩ් ඇතුළත් කරලා ඒ දත්ත හොරකම් කරන එක.
- DDoS (Distributed Denial-of-Service) Attacks: DDoS ඇටෑක් එකක් කියන්නේ system එකක server එකකට දරාගන්න බැරි තරම් traffic එකක් පටලවා system down කරන එකට.
අපේ බයිස්කෝප් අඩවියටත් විටින් විට මේ ඇටෑක්වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. කට්ටියට මතක ඇති අපේ Facebook page එක හැක් වුණු විදිය. ඒවගේම එක පාරක් DDoS attack එකක් හේතුවෙන් සයිට් එක සතියක් විතර down වෙලා තිබුණ විදිය. අපට විතරක් නෙමෙයි, Rockstar Games, PlayStation, NASA, Yahoo වගේ ප්‍රධාන පෙළේ සංවිධානවලට පවා මේ වගේ ප්‍රහාර එල්ල වෙලා එයාලගේ දත්ත ලීක් වෙලා තියෙනවා.
ඉතින් මේ hackers ලගෙන් බේරෙන්න අපට කරන්න පුළුවන් දේවල් මොනවද? අපට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා.
- මේ අතරින් හොඳම දෙයක් තමයි 2-factor authentication පහසුකම ලබා දීලා තියෙනවා නම් ඒක on කරගන්න එක. මේකෙන් කවුරුහරි ඔයාගේ account එකකට ඇතුළු වෙන්න හැදුවොත් ඒකට link වෙලා තියෙන, ඔයාට අයිති වෙන device එකකින් එයාට අවසර දෙන්න ඕනේ.
- ශක්තිමත් password එකක් පාවිච්චි කිරීම. ශක්තිමත් පාස්වර්ඩ් එකක් කියන්නේ කැපිටල්, සිම්පල් සහ $,@,* වගේ විශේෂ සලකුණු මිශ්‍ර කරලා හදපු පාස්වර්ඩ් එකකට.
- හොඳ anti-virus software එකක් පාවිච්චි කිරීම.
- නොදන්න කෙනෙක්ගෙන් එන email වල තියෙන link ක්ලික් නොකිරීම.
- Public, free Wi-Fi වලට ලොග් වෙන්නේ නැතුව ඉන්න එක.
- Online footprint හෙවත් තමන් ගැන අන්තර්ජාලයේ තියෙන තොරතුරු ප්‍රමාණය හැකිතාක් අඩු කරන එක.
- තමන්ගේ වැදගත් දත්ත කොහේහරි තැනක backup කරල තියාගන්න එක.
ඔන්න ඔය ටික තමයි hacking ගැන දැනගෙන ඉන්න ඕන මූලිකම දේවල් ටික. එහෙනම්, මට සමුගන්න අවසරයි. පීස් ✌️.
නස්ලන් සමග අනිශ්මා, ලිජොමොල් ජොශ්, විනීත් වාසුදේවන් සහ අනිශ්මා මෙහි ප්‍රධාන චරිත වලින් හමු වෙනවා. ඉතිං තව ලස්සන උපසිරැසි කීපයක් සමග හමු වෙමු.
BANDULA K
I AM KATHALAN 2024 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,562 downloadsDownload I-Am-Kathalan-2024-Sinhala-subtitle.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
I AM KATHALAN 2024 Sinhala Subtitles
Subtitles
10 comments
Anonymous
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට
Anonymous
video not in baiscopedownloads
Tharindu wanigasooriya
Video eka nane
Janitha220
Thanks bro
thushan sandaru
Thanks ayya oya api wenuwen oyage time eka spent karata
Ruchira
Thanks for the sub!!!!!!!!!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Chanaka Sangeeth
Thank you
Advertisement
බොහොම ස්තුතියි මේ කරන සේවයට. පිං ඔයාලට. ජයම වේවා....