Watch Trailer

Panjaa (2011) | ප්‍රත්‍යුපකාරය [සිංහල උපසිරැසි සමඟ]

“මිනිසෙකුට කළගුණ සලකන්න කෙනෙක් වැරදි සඳහා උදව් කිරීමත් ප්‍රත්‍යුපකාර අපේක්ෂාවෙන් කෙනෙක් ඔබට උදව් කිරීමත් වරදක්.” අද බයිස්කෝප් අඩවියෙන් ඔයාලට අරගෙන ආවා තවත් සුපිරි තෙලුඟු සිනමා සිත්තමක්. IMDb අගය 6.8/10 ලබාගෙන තියෙන 2011 වර්ෂයෙදි නිකුත් වුන Panjaa චිත්‍රපටිය දැන් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට නරඹන්න ප…

Panjaa (2011)“මිනිසෙකුට කළගුණ සලකන්න කෙනෙක් වැරදි සඳහා උදව් කිරීමත්

ප්‍රත්‍යුපකාර අපේක්ෂාවෙන් කෙනෙක් ඔබට උදව් කිරීමත් වරදක්.”

අද බයිස්කෝප් අඩවියෙන් ඔයාලට අරගෙන ආවා තවත් සුපිරි තෙලුඟු සිනමා සිත්තමක්. IMDb අගය 6.8/10 ලබාගෙන තියෙන 2011 වර්ෂයෙදි නිකුත් වුන Panjaa චිත්‍රපටිය දැන් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට නරඹන්න පුළුවන්. මම බයිස්කෝප් අඩවියට එකතු කරපු දෙවැනි චිත්‍රපටිය cameraman ganga tho rambabu වලින් ඔයාලට හමුවුන සුපිරි තරුව POWER STAR Pawan Kalyan ගෙ රංගනයෙන් තමා මේ සිත්තමත් හැඩවෙන්නෙ. එයාත් එක්කම Sarah-Jane Dias, Anjali Lavania සමඟ ඔයාලා හොඳට දන්න බොලිවුඩ් සුපිරි තරුවක් වන Jackie Shroff රංගනයෙන් දායක වෙලා තියෙන මේ සිත්තම Vishnuvardhan ගෙ අධ්‍යක්ෂණයක්.

ජය කියන්නෙ බගවාන්ගෙ ශක්තිය. එහෙම නැත්නම් හෙවනැල්ල. බගවාන්ගෙ සියළුම වැඩකටයුතු මෙහෙයවන්නෙ ජය. එහෙම නැත්නම් බගවාන්ගෙ Hit man තමා ජය කියන්නෙ. බගවාන්ට ගොඩක් පක්ෂපාති කෙනෙක්. මේ අතරෙ බගවාන්ගෙ පුතා මුන්නා රට ඉඳලා ඉන්දියවට එනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න මුන්නා දඩබ්බර චරිතයක්. මෙයා මොනව කලත් බගවාන් කිසිදෙයක් කියන්නෙනෑ. මේ නිදහස නිසා මුන්නා සීමාව ඉක්මවලා යනවා. මේ හේතුවෙන් බගවාන්ගෙ රාජ්‍ය දෙදරන්න ගන්නවා. බගවාන්ගෙ විශ්වාසවන්තම මිනිස්සු මුන්නාගෙ කෙනෙහිලි කම් දරාගන්න බැරිව බගවාන්ගෙ විරුද්ධවාදියා
වෙන කුල්කර්නිට එකතුවෙනවා. ඉතින් කුල්කර්නි ටික ටික බලවත් වෙනවා.

ජය තමන්ගෙ ජීවිතේම කැප කරලා තියෙන්නෙ බගවාන් වෙනුවෙන්. එත් ලෝකය තුල තමන්ට නොලැබුන ආදරය තමා ජයගෙ ජීවිතේ සිහිනය. මේ අතරෙ තමා ජයට සන්ධ්‍යා මුණගැහෙන්නෙ. ජය ටිකෙන් ටික සන්ධ්‍යාට ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ජයට සන්ධ්‍යාට මේ ගැන කියන්න ශක්තියක් නෑ. මේ
අතරෙ බගවාන්ගෙ විශ්වාසවන්තම පුද්ගලයෙක් වෙන සබාපති කුල්කර්නිට එකතු වෙනවා. හේතුව වෙන්නෙ මුන්නා. බගවාන් ජයට නියම කරනවා සබාපතිව මරන්න.ඒත් ජය කැමති වෙන්නෙ නෑ. ජය කියන්නෙ සබාපතිව එක්ක එන්න එයා යනවා. එයාගෙන් ඇත්තටම සිද්ධවුන දේ දැනගන්න ඕනි කියලා.සබා කියන්නෙ අවුරුදු 20 ක් විශ්වාසවන්තව හිටිය සේවකයෙක් නිසා. මෙතනින් පස්සෙ චිත්‍රපටයට අලුත් මුහුණු වරක් ලැබෙනවා. බාගෙනම බලමු ඒ මොකක්ද කියලා. ජය කුල්කර්නිගෙ මරු කටට ඇතුල් වෙලා සබා ගේන්නෙ කොහොමද? ගේන්න පුළුවන් වෙයිද?ජයගෙ සැලසුම මොකක්ද? සිද්ධවෙන්න යන්නෙ මොකක්ද? මේවා ගැන දැනගන්න නම් බලන්න Panjaa ආදරය. සිනහව, කඳුල, පළිගැනීම, ලෙන්ගතුකම, ප්‍රත්‍යුපකාරය ගැන කතා කරන ලස්සන සිත්තමක්.

විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා. මේ සිත්තම සම්පූර්ණයෙන්ම උපසිරැසි ගන්වලා තියෙන්නෙ ගීතත් එක්කම. ඔයාලා ගීත වලින් මිදිලා චිත්‍රපටිය රස විඳිනව නම්… මෙහි එන අන්තිම ගීතය අතහැරගත්තොත් සිත්තමෙ සිනාහවෙන් වැඩි ප්‍රමාණයක් ඔයාලගෙන් මඟ හැරෙන්න ඉඩ තියෙනවා. මගහැරගන්න එපා එහෙනම් මොකද අන්තිම බිංදුව තෙක්ම වටීනේ.. 😉

තවත් ලස්සන සිත්තමක් සමඟින් හමුවෙන තුරු…ඔබට ජය…!!!

Panjaa (2011) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න e5fab8ce56ed71a07be751288676a107602a5369 1.1 GB (BR) කොපිය මෙතනින් බාගන්න 2178e02e39fb4eebe4fa90b7a4f98e87a59818b2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,457 downloadsDownload Panjaa.2011.zip100 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කැලුම් රණවක

Subtitles

3,457 downloadsDownload Subtitles100 KB

50 comments

  1. charitha

    Thankssss lot

  2. wow

    wow... maru :D

  3. smilee

    digatama mey wage patta awata subs denna :D

  4. geeth

    ජය වේවා

  5. jana

    ඔන්න අරගන්නවා

    ජය වේවා!!!!!!!!!!!

  6. kalinga

    ස්තුතියි “කැලුම් රණවක” සහෝ.

  7. lasidu

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි !!!!!!!!!!!

  8. ccnp

    Thanks

  9. rusuru | රුසිරු

    තැන්ක්ස් මචං ඔහොම යන්

  10. උදාර

    මේක පට්ට කතාවක්

  11. Isuru

    මගේ සුභ පැතුම්!!

  12. pubudu

    ස්තුතියි සහෝ… :) ELAZ

  13. Gayan

    තව බයිස්කෝප් දෙන්ඩ පිං ලැබේවා…

  14. tharanga

    පට්ට බයිස්කෝප් එකන්

  15. h[A]s

    සුපිරි මචං :p

  16. upali

    ela ela ela

  17. f_live

    සිංහල සබ් වලට ස්තූතියි. :) :D

  18. was

    ජයවේවා... Downloading........%

  19. chamath cafe

    එළකිරි මචෝ අනිවා පට්ටම පහරක් වගේ

  20. DANUKA!

    සුපිරි මචං අනිවා බලනවා

  21. ositha

    එලස් ඔන්න ගත්තා ජයවේවා

  22. #ChalinduDeshan (කිනා)

    අම්මටසිරි. සිරාවටම පට්ට. මේක මම කලිං DVD එකකින් බලල තියෙනවා. තෙලිගුනේ. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ෆයිට්, වෙඩිතියාගන්න සීන් තේරුනාට අනිත්ව තේරෙනව කියලයැ. අද බලන්න උදේම පට්ට චිත්‍රපටියක් සෙට් උනා. නියමයි. බොහොම ස්තූතියි. ජයවේවා!

  23. නලින්

    කැළුම් සහෝ තෙලිගු රජා නේව..

    එළට කරලා ඇති..

    ජය වේවා!!

  24. කැලුම් ගුණසේකර

    ස්තුතියි කැලුම් උපසිරැසියට. මාත් ඔන්න ගත්තා.

  25. naleen

    jayama wewa!!!!

  26. rohan

    ela....

  27. dev

    bohoma suti saho... .

  28. ශාන් විමුක්ති [වීමා] 〠

    අප්පේ මේන් කැලුම ආයෙත් ඇවිල්ල..
    ඒ කියන්නෙ හෙට අනිද්දටම තවත් උපසිරසක් ලැබෙනව කියලනෙ ඉතින්
    නැද්ද මං අහන්නෙ ;)
    උපසිරසියට බොහොම ස්තූතියි කැලුම් සහෝ :D
    ජය බන්

    1. ශාන් විමුක්ති [වීමා] 〠

      අහ් ම්ම් උබේ අර ෂැවොලින් ‍ෆිල්ම් 1 ඊයෙ බැලුවෙ ඔන්න
      සුපිරි වැඩක් බන්
      ආයෙ කියන්න දෙයක් නෑ
      ජීවිතේට යමක් ගන්න පුළුවන් මේවගේ නිර්මානයක් අපිට අරන් ආවට බොහොම ස්තූතියි බන් උබට
      සිරාවටම මාත් මගේ ජීවිතේදි කරපු සමහර වැරදි ගැන තාමත් පසුතැවෙනව බන්.
      මම බෞද්ධ, මේකෙ තියන ආධ්‍යාත්මික කතාව සිරා බන්
      හැම පෝයකටම මම පන්සල් යනව බන් හිතේ නිදහසින් ඉන්න හොදම තැන ඒක විතරයි බන් මටත්නම්, වැරදි කිව්වට කාටවත් හින්සාවක් පීඩාවක් එහෙම නෙමේ හොදේ, මම කරපු දේවල් හිනද මට නැතිවෙච්ච දේවල් ගැනයි එහෙම කිව්වෙ හරිය
      මම අහිංසකය අපේ අම්මගෙන් අහල බලහන් බොරුනම් ;)
      ජය!

    2. කැලුම් රණවක

      අපි හැමෝගෙ අතින් වැරදි වෙනවා මචන්.වෙලා තියෙනවා.
      මේ ආත්මයෙ ගිය ආත්මවල හරි.ඒවා අපි හැමෝම ගෙවන්නත් ඕනි.
      ඉතින් මොන දේ වුනත් හිනාවෙලා ජීවිතේට මුහුණ දෙන එක තමා වටින්නෙ කියලයි මම හිතන්නෙ..
      අර කතාවක් තියෙනවනෙ හැමදේම වෙන්නෙ හොඳටයි කියලා.. ;)

  29. Nilanka

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!!!!

  30. indika

    thnq machooo,,.,.

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි කැලුමෝ....
    සිංදු වලටත් සබ් දාපු එකනම් එලම තමයි...
    එහෙනම් බාලම බලමුකෝ...

  32. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි කැලුම් සහෝ,ඔන්න මාත් ගත්තා ,ජයවේවා.

  33. friend

    sub wada karanne naha hariya.

    1. කැලුම් රණවක

      මොකක්ද වෙලා තියෙන අවුල යාළුවා.

  34. thilina

    baiscopelk ekata jayen jayama wewa...! mare maru telugu films wadi wadiyen denna ayye. thanks lot....!!

  35. uda

    කැළුම් රණවක බැලින්නම් දන්න කියන තැනකට සම්බන්ධ කෙනෙක් නොව. :D
    හෙහ් හෙහ්. හොදා හොදා අපේ එවුන්ගෙන් එකෙක් දෙන්නෙක්වත් ඉන්නවා හැකි අයුරින් යමක් සමාජයට දෙන්ඩ හිතන නේද :P

    ස්තුති ස්තුති. දිගටම ගෙනෙමු හොද ඒවාම...

  36. Tharindu

    Thanks & Good luck!

  37. “චූටී මල්ලි”

    පහරක් බව පෙන්නුම් කරන නිසා
    බැලීමට ඉටා ගත්තෙමි
    සබ දුන්නට තුති
    ඔබට ජය...............

  38. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Rajitha Abeysinghe

    නියම කතාවක්.කාලෙකට පස්සේ අතරමග නවත්තන්නෙ නැතුව එකදිගට බලපු ‍ෆිල්ම් එකක්.මේකට සබ් ලබාදීපු ඔබට ගොඩක් ස්තූතියි.තවත් මේ වගේ හොද ‍ෆිල්ම් ඉස්සරහටත් ගේන්න බලන්න.

  40. Isuru Mahindarathna

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!

  41. දිනිඳු සම්පත්

    කාලෙකින් තෙලිගු එකක් බලන්න උනේ නෑ කැලුම් සහෝ. මමත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

  42. Eranga

    ෆිල්ම් එක තාම ගත්තේ නෑ. මන් මේ නිකමට වගේ අහන්නේ. කතාව කියවද්දී මට එක පාරටම මතක් උනේ රිතික් රෝශන් රඟපාපූ අග්නිපාත් චිත්‍රපටය. මේ ඒකේ කොපියක්ද??

  43. රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.

  44. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  45. සචිත උදාර

    එල සහෝ, බොහොම ස්තූතියි

  46. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  47. anil

    Thank you