බයිස්කෝප් සිංහල උපසිරැස සහශ්රක සැමරුම දවසේ මතකද මනාප තරඟයක් පටන් ගත්තා.. එකේදී මුලින්ම ඔබට මනාපයෙන් අගයන්න අවස්ථාව ලැබුනේ හොලිවුඩ් සිනමාවේ ශ්‍රේෂ්ඨ රංගධරයකු වන “Leonardo DiCaprio”. මතකනේ… එකේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වුනානේ… එකෙන් වැඩිම මනාප දිනාගෙන Catch me if you can චිත්‍රපටය ජයග්‍රහණය කළා.. ඒ අනු…

බයිස්කෝප් සිංහල උපසිරැස සහශ්රක සැමරුම දවසේ මතකද මනාප තරඟයක් පටන් ගත්තා.. එකේදී මුලින්ම ඔබට මනාපයෙන් අගයන්න අවස්ථාව ලැබුනේ හොලිවුඩ් සිනමාවේ ශ්‍රේෂ්ඨ රංගධරයකු වන “Leonardo DiCaprio”. මතකනේ… එකේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වුනානේ… එකෙන් වැඩිම මනාප දිනාගෙන Catch me if you can චිත්‍රපටය ජයග්‍රහණය කළා.. ඒ අනුව එකේ සිංහල උපසිරැසිය අපේ වීමා සහෝ බොහොම මහන්සි වෙලා අපට අරගෙන ආවා..
ඉතින් දන්නවනේ ඡන්ද වල හැටි.. තව මනාප ගත්තු අනෙක් පක්ෂ වලටත් අවස්ථාව තියනවනේ.. ඉතින් අද මම ගෙනාවේ ඒ මනාප තරඟයේ අඩුම මනාප අරන් පස්වන ස්ථානයේ රැඳී සිටින Whats Eating Gilbert Grape චිත්‍රපටය… ඒත් මේකෙ සුවිශේෂතා ටිකක් තියනවා.. එකයි මේ නිර්මාණය වැදගත් වෙන්නේ.. අනිත් චිත්‍රපට පහත් එක්ක බලද්දී ඩිකැප්‍රියෝගේ ලාබාලතම රංගනය තියන්නේ මේකෙ.. ඒ වගේම මේකෙ එයා රඟන්නේ බුද්ධිය මන්ද දරුවෙකුගේ චරිතයක්.. ඩිකැප්ගේ ඉතාම විශිෂ්ට රංගනයක් මේකෙ තියනවා.. අනිත් දේ තමයි Catch me if you can චිත්‍රපටය හැරුනහම අනිත් චිත්‍රපට හතරෙන් වැඩිම IMDb අගයක් ලබාගෙන තියන්නේ මේ චිත්‍රපටය.. ඒ මනාප 108724 සමගින් 7.7/10ක අගයක්..
අනිත් දේ තමයි මේක මගේ දෙවන උපසිරැසි නිර්මාණය.. මගේ පළවෙනි උපසිරැසියට කොමෙන්ටු දාපු බයිස්කෝප් යාලුවන්ට මුලින්ම මම ස්තුති වෙනවා.. මේ චිත්‍රපටය ගැන මාව දැනුවත් කලේ අපේ වාසල සහෝ.. එයාටත් ස්තුතිවන්ත වෙන්නොනි අපි වගේ ආධුනික උපසිරැස නිර්මාණකරුවන්ට අත දීම සම්බන්ධයෙන්.. ඉතින් මේ ෆිල්ම් එකත් බලල ගුණදොස් කොමෙන්ටුවකින් දාල යනවා නම් ඒක ලොකු හයියක්..
ඉතින් අපි කතාවට බහිමුකො… මේ ෆිල්ම් එක ගලා යන්නේ අර්නිගේ චරිතයත් එක්ක..මේකෙ අර්නිගේ චරිතය රඟපාන්නේ DiCaprio. අර්නි කියන්නේ මන්ද මානසික දරුවෙක්.. එයාගේ ඒ මන්ද මානසික තත්වයේ ස්වරූපය තමයි එයා උස තැන්වලට නගින්න කැමතියි.. මේ චිත්‍රපටයේ ප්‍රධාන කථකයා තමයි ගිල්බට් ග්‍රේප්.. අර්නිගේ සහෝදරයා.. ගිල්බට් කියන්නේ පුදුමාකාර චරිතයක්.. මම මොකද එහෙම කිව්වේ කියල මේක බලද්දී තේරෙයි.. මේ පවුලේ සියලු බර කරට අරගෙන ජීවත් වෙන්නේ ගිල්බට්.. ඒ වගේම එමී සහ ඇලන් කියල සහෝදරියන් දෙන්නෙකුත් මේ පවුලේ ඉන්නවා.. ඇත්තටම එමී තමයි මේ ගෙදර අම්ම වගේ සියලු කුදුමහත් කටයුතු ඉෂ්ඨ කරන්නේ… හැම අවුරුද්දකම වාහනවල ගෙවල් හයිකරගත්තු කඳවුරුකරුවන් යනවා බලා ඉන්න එක ගිල්බට්ගෙයි අර්නිගෙයි පුරුද්දක්.. ඉතින් මේ අවුරුද්දෙත් ඒ වගේම කඳවුරු කරුවන් දිහා බලා ඉන්නවා.. ඒත් එක වාහනයක් කැඩිලා ඇන්ඩෝරා නගරයේ නවතිනවා.. මුලින් මේක එතරම් වැදගත් නොවුනට මේ හරහා ගිල්බට්ට බෙකී කියල ගැහැණු ළමයෙකුගෙන් අවංක ආදරයක් උරුම වෙනවා.. ඒ වගේම කියන්න ඕන ගිල්බට්ට ඉන්නවා ටකර් සහ බොබී කියල අවංක යහළුවෝ දෙන්නෙක්.. අවංක යහළුවෝ ලැබීමම වාසනාවක්නේ..
මේ ගෙදර හිටපු තාත්ත මීට අවුරුදු 17 කට ඉස්සෙල්ල එල්ලිලා මැරෙනවා.. ඒ අවුරුදු 17 ම කම්පනයෙන් ඒක තැනට වෙලා හිටපු මේ පවුලේ අම්ම (මමා) මිනිසෙකුට උහුලන්න බැරි තරම් තරබාරු වෙනවා.. එයා අවුරුදු හතකින් ගෙයින් එලියට ගිහිල්ල නෑ.. දවසක් අර්නි නගරයේ වතුර ටැංකියට නගිනවා.. ඒක එයාගේ මන්ද මානසික තත්ත්වයේ පුරුද්දක්.. හැමදාම කියන දේ අහන්නේ නැති හින්ද අර්නිව පොලිස්සියට අරන් යනවා.. වෙන කරන්න දෙයක් නැති නිසා මමා අවුරුදු හතකට පස්සේ එලියට බහිනවා අර්නිව බේරාගෙන එන්න… ඒත් නගරයේ අයගේ උසුළු විසුළු නිසා මමා තවත් කම්පනයට පත් වෙනවා.. ඒ වගේම මේ පවුලේ අය අර්නිගේ 18 වන උපන් දිනය වෙනුවෙන් ලොකු උත්සවයක් සංවිධානය කරනවා.. ඒ උත්සවය අවසානයේදී අවාසනාවන්ත විදිහට මමා සියලු දෙනා අතහැරලා අවසන් නින්දට වැටෙනවා.. එතන ඉඳන් ගිල්බට් ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා.. ඒ තමයි මිනිය එලියට ගන්න ක්‍රමය මොකද්ද කියලා.. ඒගොල්ලෝ පොලිස්සියට කියනවා.. ඒත් ඒගොල්ලෝ මේක ප්‍රතික්ෂේප කරනවා.. මම මේකට “අතීරණය” කියලා නම දැම්මේ ඇයි කියලා දැන් ඔබට තේරේවි..
කොහොම වුනත් ගිල්බට් කල්පනා කරනවා මෙතන අවමංගල උත්සවයක් සංවිධානය කලොත් මමාව විහිළුවක් වෙන වග… ඉතින් එයා එකට තීරණයක් ගන්නවා… ඒ තීරණය මොකද්ද? එකෙන් ග්‍රේප් පවුලට කොහොම ඉරණමක් අත්වෙයිද? බෙකීගේ ප්‍රේම කතාන්දරය මෙතනින් අවසන් වේවිද? මේ ඔක්කොම දැනගන්න ෆිල්ම් ඒක බලන්නම වෙනවා.. බය නැතුව බාගෙනම බලන්න.. ලස්සන ෆිල්ම් එකක්.. ඒවගේම අවසානේදීත් කියන්නේ සබ් ඒක බාල කොමෙන්ටුවක් දාල යන්න.. නැත්තන් බාල බලල ඉවර වෙලා හරි කොමෙන්ටුවක් දාල යන්න කියලා.. ඉතින් එහෙනම් සුබ දවසක් ඔබ සියලු දෙනාට.. ආයිත් දවසක තුන්වන උපසිරැස නිර්මාණයෙන් හමුවෙමු.. ජය..!

2,006 downloadsDownload Whats.Eating.Gilbert.Grape_.1993.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-05-30
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුර සුපුන්
Subtitles
107 comments
Suenth
චතුර සුපුන්
අදහසට ස්තුතියි සහෝ.. ඔය අදහස් හින්ද තමයි අපි ජීවත් වෙන්නේ..
ස්තුතියි.. දිගටම රැඳිල ඉන්න..
Deema
මෙන්න මම මනාපය දුන්න එකත් දාලා.. ගොඩාක් ස්තූතියි සහෝ..
චතුර සුපුන්
ඔන්න එහෙනම් ඡන්දයෙන් පරාජය වුනත් ඕගොල්ලන්ගේ මනාප වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කළා.. ස්තුතියි අදහසට සහෝ..
Dickson
Thanks saho. mekath baanna daanawa.
puluwannam beach ekatath denna. ekath mama balanna inna ekak.
චතුර සුපුන්
බීච් එකත් ළඟදීම දෙන්න හිතන් ඉන්නේ සහෝ..
ස්තුතියි අදහසට..
kalana
patta patta machan
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
ccnp
Thanks
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
upali
ela ela ela
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
tharanga
ජය වේවා මැක්සා මේකත් බලනවා... සුපිරි
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
Bandula
maxxxa :) tx
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
kalinga
ආසම නළුවෝ දෙන්නෙක් එකම ෆිල්ම් එකක..නොබලා ඉදියිද අපි.
ජය!
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
බලලා කියන්නකෝ..
chami
thnxxxxxxxxxxxxxxxxxx
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
wow
wow,,, maru :D
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
chamath cafe
පහරක් නේ අනිවා බැලිලක් මේක.
චතුර සුපුන්
ඕක නියමයි.. ඔය මරා ගන්න ෆිල්ම් වලට වඩා ඔයවගේ ෆිල්ම් මාර රහයි..
ස්තුතියි සහෝ අදහසට..
shann
බාන්න දැම්ම,බලල කියන්නම් කෝ. ජය
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
බලලා කියන්න..
ශාන් විමුක්ති [වීමා] 〠
වාව් මෙන්න කොල්ලො..
චන්දෙන් පරාද උන එව්වටත් උපසිරසි අරන් එනව ;)
බොහොම වටින වැඩක් සහෝ
ජොනී ඩීප් අයියත් ඉන්නෙ මේකෙ
මම කලින් බලල නම් නෑ සහෝ මෙක. :D
පුලුවන්නම් මේකෙ අනිත් ඒවත් නිවාඩුව අරන් එන්න බලන්න
මේ සිනමාපට පහම ගොඩක් ලස්සනයි. විශේෂයෙන්ම The aviator 2004, The beach 200
මේවටත් උපසිරසි අරන් එන්න බලන්න, ගොඩක් දෙනෙක් ඉල්ලලත් තිබුන සහෝ,
එකිනෙකට වෙනස්ම කතාවන් තියෙන්නෙ
මම අනිවා බලනව සහෝ මෙන්න බාන්න දැම්මා
ජය බන්!චතුර සුපුන්
බොහොම ස්තුතියි විමා සහෝ... ඔය ෆිල්ම් පහම මාර ල්ලස්සනයි.. බීච් එකත් දාන්න පටන් ගත්තා.. ළඟදීම ඉවර කරනවා.. ස්තුතියි සහෝ අදහසට..
ශාන් විමුක්ති [වීමා] 〠
එල බන් එල
The aviator 2004 ෆිල්ම් එකටත් පුළුවන්නම් ඔහොමම කොරහන් හොදේ
බලන්ට ඈයො ඕන තරම් ඉන්නව
පරනයි කියල නෙමේ ;)
උබට ජය!චතුර සුපුන්
අනිවා..සහෝ.. මට එහෙම අවුලක් නෑ.. මම දැනට සබ් දාල තියන දෙකම 1992 1993 ෆිල්ම්.. ස්තුතියි සහෝ..
quik
thanks
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
naleen
thnxz lot gr8
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
was
පට්ට බලමි.///
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
ganidu
තෑන්ක්ස් වේවා!
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
Nilanka
පට්ට මචෝ. බොහෝම ස්තුතියි සබ් එකට
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
සබ් එකකට ලැබෙන්න පුළුවන් ඉහලම උත්තමාචාරය තමයි ඔබේ අදහස්..
amilatk
jayen jaya!!
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
zumo man
elazz thnxzzz
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
#ChalinduDeshan (කිනා)
මේකට මොන වොට් ලැබුනත් කමක් නැත.
ජොනී ඩේප් සිටියිනම්,
ඒ චිත්‍රපටිය මගෙ කම්පියුටරේ තිබිය යුතුමය.
එය නීතියකි.
උපසිරැසියට බොහොම ස්තූතියි.
ජයවේවා!චතුර සුපුන්
ඔන්න එහෙනම් නීතියට අවනත වුනා..
බලල කියන්නකෝ කොහොමද කියලා..
uda
මෙන්න වැඩ! මේක තමා දන්න විදිහට මුල්ම වතාවට ඩිකැප්රියෝ ඔස්කා නාම යෝජනා ලද චිත්‍රපටිය. හොදම සහාය නළුවා සම්මානයට මෙහි රංගනය වෙනුවෙන් නාම යොඅජනා ලැබුවා නේද මෙයා?
අනර්ගයි සහෝ. බලලා නෑ. බලන්නම්. තුති. ජය!
චතුර සුපුන්
අනේ සහෝ මම එක දැනන් හිටියේ නෑ.. ලොකු දෙයක් ඒක කිව්ව එක..
ස්තුතියි සහෝ අදහසට.. බලලා කියන්නකෝ අඩුපාඩු තියන ඒවා..
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මචෝ අඩු මනාප ගත්තට මොකද, පට්ටම ෆිල්ම් එකක් වගේ, අනික ඩෙපා අයියයි ලියෝ අයියයි දෙන්නම ඉන්නවා නම් තව මොන කතාද..
මටත් අර ගහමරාගන්න එව්වා නම් හරි යන්නෙම නැහැ..
මෙන්න මෙව්වා තමයි මගේ ටයිප් එකත්..
මේක අනිවා බලනවා මචෝ...
ලස්සන කතාවක්...
අතීරණය කියල දැක්ක ගමන් හිතුවා යකෝ මේ සිංහල සාහිත්‍යයේ තියෙන කෙටි කතාව වත්ද කියලා...
බලමුකෝ ඒකෙයි මේකෙයි ලාවට හරි සම්බන්දයක් එහෙම තියේද කියලත්..
එහෙනම් ජය වේවා මචෝ...
දිගටම මේ වගේ එව්වා ගේන්න...චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට.. ඔයත් මගේ ටයිප් එකේ එහෙනම්.. මමත් කැමති ඔය නිකන් බොරුවට ගහ මරාගන්න ඒවාට වඩා මේවගේ රසවත් ෆිල්ම් වලට.. කේ ජයතිලකගේ කෙටි කතා සංග්‍රහයක් තියනවා තීරණය කියලා.. එකට මේක සම්බන්ධයක් නෑ.. හැබැයි මේකෙත් ගිල්බට් චරිතය අතිරණයට පත් වෙනවා.. ෆිල්ම් එකේ ලස්සන තියන්නේ එතන.. ඒක බලලම දැනගන්නකෝ... හැබැයි මේකේ කෙටි කතාවක වගේම හොඳ කතා වින්‍යාසයක් තියනවා.. හුඟක් තැන් වල සංකේත තියනව.. හොඳ ජීවන දෘෂ්ටියකුත් තියනවා.. නියමයි..
ඉස්සරහටත් රැඳිල ඉන්න සහෝ..ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ආයෙත් අහල සහෝ...
නියමම තමයි, බලල ආයේ අදහසක් දාන්නම්..
දිගටම මේ වගේ එව්වට දෙන්න...
බීච් එකත් කරනවා කිව්ව එක ගැන නම් සතුටුයි...
මොකද ඒකත් මැක්සම ෆිල්ම් එකක්....
ජය වේවා!!චතුර සුපුන්
එකනම් ඇත්ත සහෝ.. එකත් පට්ට ෆිල්ම් එකක්..
ස්තුතියි..
dimuthu තරංග ඉලුක්කුඹුර
නියමයි මේ වගේ දෙයක් කරන්න හිතපු එකනම් ගොඩක් වටිනවා,හැකිවිට අනික්වත් ගේන්න උත්සහ කරන්න,ජයවේවා.
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
ඉක්මනටම තුන්වෙනි එකත් ගේනවා සහෝ..
Menu1024
Wow!
මං මේකට තමයි මගේ මනාපය දුන්නේ... බොහොම ස්තූතියි සහෝ :)
චතුර සුපුන්
ඔන්න එහෙනම් ඡන්දයෙන් පරාජය වුනත් ඕගොල්ලන්ගේ මනාප වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කළා.. ස්තුතියි අදහසට සහෝ
Menu
:)
gayan
fatta thanaks meka balala naha ada balanna ona
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
Pubudu Supun
මාත් මේක කලින් බලලා නැහැ. බොහෝම ස්තුතියි මේකට සබ් දුන්නට. ඉක්මනටම තවත් මේ වගේ හොඳ එකක් අරගෙන එන්න. :) ජයවේවා සහෝ
චතුර සුපුන්
බලන්නකෝ කොහොමද කියලා..ඩිකැප්රියෝ නියමෙට ඔකේ රඟ පානවා..
ස්තුතියි සහෝ අදහසට..
ප්‍රදීප් ඉරේෂ්
****** ela ela ****
චතුර සුපුන්
ස්තුතියි සහෝ අදහසට..
Dilan Thivanka
මෙන්න මම මනාපය දුන්නු එක.Leonardo DiCaprio එක්ක jhonny depp ඉන්න නිසා සුපිරි ඇති
චතුර සුපුන්
ඔන්න එහෙනම් ඔයාගේ මනාපෙට බයිස්කෝප් වෙනුවෙන් ඔබේ යුක්තිය ඉෂ්ට කළා..
ස්තුතියි සහෝ අදහසට..
නලින්
නියමයි චතුර සහෝ
මෙවගේ අපිට අතහැරුන කථාවන් ගෙනවට
ජය වේවා !
චතුර සුපුන්
අනිවා.. මම කැමති මේවගේ ලස්සන ඒවාට..
තුනත් ළඟදීම දෙනවා..
ස්තුතියි සහෝ අදහසට..
ශාන්
ගොඩාක් thanks bro..මේකට මුලින්ම sub හම්බෙයි කියල බලන් හිටියේ.දැන් ඒක හරිනේ..ගොඩක් අසාවෙන් බලන් හිටපු movie එකක්.බොහොම ස්තුතියි සහෝ..පුලුවන්නම් Dicap ගේ Romeo Juliet movie එකටත් sub එකක් දෙන්න උත්සහ කරනවද..
චතුර සුපුන්
ඔව් සහෝ.. ඔකේ ඩී කැප්රියෝ නියමෙට රඟ පානවා..
ස්තුතියි සහෝ අදහසට...
ස්තුතියි දැනුවත් කලාට..
සචිත උදාර
ජොනී ඩෙප් ඉන්න නිසා මාත් මේකට මනාප දුන්නේ.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.චතුර සුපුන්
ඔන්න එහෙනම් මනාපයට සබ් එක හම්බ වුනා..
ස්තුතියි අදහසට සහෝ ....
Nelson
Good Works Thanks Brother
චතුර සුපුන්
ස්තුතියි සහෝ.. අදහසට..
“චූටී මල්ලි”
සබ් දුන්න එකනම් බෝම වටිනවා මේකට
මොකද ඩිකැප්රියෝ කියන්නෙ
පට්ටම නළුවෙක්
එහෙව් එකෙ ෆිලිම් එක පට්ට නොවී තියෙන්නෙ බෑනෙ
ඔබට ජය...............චතුර සුපුන්
අනිවා.. සහෝ.. මේක පට්ට ෆිල්ම් එකක්..
ඩී කැප නියමෙට ඔකේ ඇක්ටින් පාර දෙනවා..
ස්තුතියි අදහසට
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. පට්ට එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
සමීර කරුණාරත්න
මේක බලන්නම වෙනව සහෝ ගැලවෙන්න නොහැකි එකකට ඔයා උපසිරැස යොදල තියෙන්නෙ. මට බොහොම ආසයි මේ සුපිරි රංගදරයෝ බොහොම තරුණකාලෙ කොහොම ඉන්න ඇතිද බලාගන්න.... බොහොම අගේ කරනව.
මෙන්න ගත්තා. බොහොම ස්තුතියි...sachith lakshan
machan meke jonny depp ragapanawane... ay oyala e wage wishishta naluwekwa maga erala kata karanne decaprio gena vitarak...???
හසන්ත වික්‍රමරත්න
පලවෙනි එක වගේම දෙවෙනි එකත් නියම චිත්‍රපටියක්. ගොඩක් ස්තුතියි සහෝ උපසිරසට !!
thush
mama beluwa. film eka harima lassanai. ewagema sub hondata karala tiyanawa.... ikmanata tawath me wage lassana film ekak denna....tks...
Nelson
good post thanks
Isuru Mahindarathna
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි! ඔබටත්, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත් ජයෙන් ජයම උදා වේවා!
dulan
patta,,,,hithenawa lassana athi kiyala,,,,balalama balanna oni,,,,bohoma sthuti mahansi wela apita mehema sub ekka film balanna denawata,,,,digatama karagena yanna,,,jaya wewa,,,
dulan
aththama kiwwoth jhonny depp hindamai balanne.... :D
sura
අර්නි උස තැන් වලට නගින්න ආසයි වගෙ අපේ චතුර සහෝදරයත් අමාරැ වැඩ කරන්න හුගක් ආසයි වගෙ.ඒක නිසා තමයි අඩුම ඡන්ද ගත්තු ෆිල්ම් එකට සබ් ගෙනල්ලා තියෙන්නෙ.උත්සාහයට අපේ ආචාරය දිගටම වැඩේ කරන්න අපි සපෝට්............
kasun
godak sththuthi niyami .....jaya wewa
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. කතාව කියෙව්වම බලන්නම ඕන කියලා හිතුනා. ජයවේවා!
රාම් රාජ්
ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara NEO
පට්ට. ස්තුතියි සහෝ.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

wow..! mama meka eka paarak balalaa thiyanawa. aaye banavaa sab ekkama.. me dennagema acting niyamayi meke.
thanks brother..!