Watch Trailer

Paparazzi (2004) | සුපිරි පලිගැනීමක්..!

මේ කියන්න යන චිත්‍රපටය 2004දී තිර ගත වුනු මෙල් ගිබ්සන් නිශ්පාදනය කරපු කෝල් හූසර් කියන කඩවසම් නලුවා ප්‍රධාන චරිතය රගපාන මුල ඉදන් අගට කිසිම කම්මැලි කමක් නැතුව එක දිගට ලස්සනට ගලාගෙන යන . . . මගේ රෑන්කිං වලට අනුව නම් “කූල් ඇක්ෂන්” වර්ගයේ ෆිල්ම් එකක්. . . කතාව මෙන්න මෙහෙමයි . . “බෝ ලැරමි” කියන […]

මේ කියන්න යන චිත්‍රපටය 2004දී තිර ගත වුනු මෙල් ගිබ්සන් නිශ්පාදනය කරපු කෝල් හූසර් කියන කඩවසම් නලුවා ප්‍රධාන චරිතය රගපාන මුල ඉදන් අගට කිසිම කම්මැලි කමක් නැතුව එක දිගට ලස්සනට ගලාගෙන යන . . . මගේ රෑන්කිං වලට අනුව නම් “කූල් ඇක්ෂන්” වර්ගයේ ෆිල්ම් එකක්. . .

කතාව මෙන්න මෙහෙමයි . .

“බෝ ලැරමි” කියන ප්‍රසිද්ධ හොලිවුඩ් නලුවා හොද වර්ගයේ ප්‍රසිද්දියක් සමාජයේ ඇතිකරගෙන නැහැ වෙනත් වචනවලින් කිවහොත් ඔහු ගන වැරදි ආකල්පයක් තමයි සමාජයේ තිබෙන්නේ . . දිනක් ඔහු ඔහුගේ පුංචි පුතාගේ ඡායා රූප ගන්න සැරසෙන ටැබ්ලොයිඩ් පුවත් පත් වල ඡායා රූප ශිල්පියෙක් (පැපරාසියෙක්) සමග ගැටෙනවා ඔහු පවසනවා ඡායා රූප ශිල්පියාට තමාගේ ඡායා රූප අවශ්‍යනම් ගන්න ලෙස . . . . මේ වචන හරබය දුර දිග ගොස් බෝ විසින් ඡායා රූප ශිල්පියාට පහර දෙනව.

එම සිදුවීම එම පැපරාසියා විසින් ඇත්තෙන්ම “බෝ”ගේ ප්‍රතිරූපය විනාශ කිරීම සදහා සංවිධානාත්මක ලෙස සකක් කර ඔහු ලවා පහර දී ගැනීමක් බව හෙලිවෙනවා පැපරාසියාගේ මිතුරන් පිරිසක් එම සිදුවීම වීඩියෝ කරගැනීම නිසා . .

මේ පහර දීමේ සිදුවීම නිසා “බෝ” ට විශාල අපහසුකම් රැසකට මුහුන දෙන්න සිදු වෙනවා. .

මින් පසු දිනෙක ඉහත සදහන් පැපරාසි කන්ඩායම විසින් බෝ ඔහුගේ බිරිද සහ පුතා රාත්‍රී ගමන් ගන්නා විටෙක ඔවුන්ව ලුහුබැද ගොස් එක දිගට ඡායාරූප ගන්නවා . . මින් කලබලයට පත්වෙන බෝ ගේ කාරාය් දරුනු අනතුරකට පත්වෙනවා. . බෝ සහ බිරිද සුලු තුවාල ලබුවත් පුතා දිගුකාලීන සිහිනැති (කෝමා) තත්වයකට පත්වෙනවා. . . .

“බෝ”ට මොවුන්ගෙන් කෙලින්ම පලිගැනීමට හැකියාවක් නැහැ සියලු දෙනාගේ ඇස් බෝ වෙත යොමුවී ඇති නිසා. . .

සමාජයේ ඇස් වසා දමා ඔහුගේ සහ පවුලේ සතුට විනාශ කල පැපරාසින්ගෙන් පලිගැනීමට බෝට හැකි වෙයිද. . .

ඔහුගේ පුතා කෝමා තත්වයෙන් මිදී සුවපත් වේද. . .

“බෝ” ට සමාජයේ යහපත් ආකල්පයක් ඇතිකර සුපුරුදු ජනප්‍රියත්වය ලගාකරගත් හැකි වෙයිද. . .

මේ සියලු දේවලට ඔබට පිලිතුරු ලබේවි මේ චිත්‍රපටය නැරඹූ පසු . . .

ලිපිය – සුභාෂ් ගුණවර්ධන

18 comments

  1. Uraj Deemantha

    තවම කලින් දාපු දෙක බාලා ඉවරත් නෑ.........!! මෙයා තව එකක් දාලා.........!! :) අයියෝ...... :P

  2. පොතේ ගුරා

    @Uraj Deemantha ! හික් හික්..අපි එහෙම තමයි..අවුලක් නෑ..හිමීට බලපන්කො..හැබැයි හොද රවුට‍රයකුත් තියෙන එකේ වේගෙන් බාපන්,! :P

  3. රොයිලි

    ඔන්න සුභාෂ් මාත් බාන්න දැම්මා.

    @ පොතේගුරා

    ඒ කියන්නෙ උඹ uraj ට අලුත් රවුටරයක් අරන් දුන්නද? නියමයි. :D

  4. Chinthana

    හොද වැඩක් කරන්නේ. දිගටම කරගෙන යන්න. site ekath odata hadala thiyanawa.

  5. සුභාෂ්

    රොයිලි. . මචන් මට නම් ෆුල් ෂුවර් ඔයා මේ ෆිල්ම් එකට ගොඩක් කැමති වෙනවා කියලා. . . මම බලල තියෙන ඇක්ෂන් ෆිල්ම් වලින් සෙල්‍යුලර් ෆිල්ම් එක ලගට මේක තමයි ඊලගට හොදම ඇක්ශන් ෆිල්ම් එක කියල හිතුනේ. . . ගොඩක් ඇක්ශන් ෆිල්ම් වල අභව්‍ය සිදුවීම්නේ තියෙන්නේ . . හැබැයි මේ ෆිල්ම් දෙකේම මේ ලෝකේ සිදුවිය හැකියි කියල නිකමට හරි අනුමාන කලහැකි ඇක්ශන් තමයි තියෙන්නේ. . . එකයි මම මේ ෆිල්ම් දෙකට ගොඩාක් කැමති . . .

  6. chamila

    මන් නම් මේක බාන්නේ නැහැ. ඇයි කියලා නම් අහන්න එපා...

  7. පොතේ ගුරා

    @රොයිලි ! මේක නම් මැක්සා ෆිල්ම් එක බන්z..අහ්..මම හිතුවෙ උබ ඉතාලියෙන් රව්ටුටයක් එව්ව කියල..

    @Chinthana !එළකිරි මචෝ..තෑන්ක්ස්!

    @සුභාෂ් ! අනිවා..පිළිගන්න පුලුවන් කතාවක්..

    @chamila !අහ් උඹ ෂුවර් එකටම බලල ඇති! හික්z.!

  8. DragonD

    mata alluwe naa !

  9. charitha

    ඕන්න දැන් තමයි බෑවේ. බලලා ඉවර වෙලා විස්තර කියන්නම්.

  10. පොතේ ගුරා

    @DragonD !උබට ඕන බරපතල විදියට බය වෙන හොල්මන් ෆිල්ම් නෙ බන්z..ඉතින් මේව අල්ලල යන එකක් නෑ..

    @charitha!එළ මචෝ..මට නම් ෆිල්ම් එක ගති..

  11. තේජාන් රත්නායක

    මේක මම අවුරුදු 02කට විතර කලින් බැලුවා. එළකිරි movie එක. මේක බලන කොට ඩයනාගේ සිද්ධියත් මතක් කර ගත්තොත් හොඳයි. මේකත් එක්ක එකට බැලුව මම තවත් movie එකක්. ඒක cellular.පුලුවන්නම් හොයලා දාන්න. (older posts වල තියෙනවද බැලුවෙනම් නෑ)

    තව හොඳ films 2ක් තියෙනවා Prestige හා Men of honour කියලා. try 1ක් දෙන්න පුලුවන්නම් හොඳයි.

  12. සුභාෂ්

    ඇති යාන්තම් . . පොතේගුරා ඇරුනාම කූල් ඇක්ශන් ෆිල්ම් වලට කැමති තවත් අය ඉන්නවා කියල දැනගන්න ලැබීම සතුටක් . . .

  13. පොතේ ගුරා

    @තේජාන් රත්නායක ! ඔව් බන්..එළ ෆිල්ම් එක..cellular ගැන කලින් ලිපියක් දාල ඇති මචෝ..අනික් ෆිල්ම් දෙකත් දාන්නම්.. තෑන්ක්ස් මචන්..
    @සුභාෂ් !අනිවා..මේක එළ ෆිල්ම් එකක්නෙ.. :)

  14. අකිල

    අනේ සොරිවෙන්න ඕනේ දවස් ගානකට කලින් බැලුවෙ. කමෙන්ට් කරන්න බැරි වුනා. පට්ටයි!!!

  15. gessy

    මේකනම් බාන්නම වෙනවා..බලලම කියන්නම් හොදද නැද්ද කියලා..

  16. Shashi Fernando

    hapooooo meka wadak naha, jarawak.

  17. Janith Sachintha

    paharakmai

  18. Srimal

    කෝ මේකේ සබ්ටයිටල් එක