Watch Trailer

Deja Vu (2006) | අතීතය වර්තමානය හා අනාගතය! [සිංහල උපසිරැසි සමගින්]

අපි ජීවිතයේ කරපු ලොකුම වැරැද්ද නැවත අතීතයට ගොස් එතනදීම නිවැරදි කර ගන්න ලැබෙනවනම් කොයි තරම් නම් ජීවිතයේ වෙනසක් වෙයිද?….. කතාව ගැන මම කෙටියෙන්ම කියන්නම්. නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ නාවික හමුදා විසිර යෑමකදි භටයන් සහ තම පවුල් වල සාමාජිකයින් සිටින නැවක් පුපුරා යනවා එහි සිටින මිනිසුන් 543 ද සමඟ. ATF පරීක…

අපි ජීවිතයේ කරපු ලොකුම වැරැද්ද නැවත අතීතයට ගොස් එතනදීම නිවැරදි කර ගන්න ලැබෙනවනම් කොයි තරම් නම් ජීවිතයේ වෙනසක් වෙයිද?…..

කතාව ගැන මම කෙටියෙන්ම කියන්නම්. නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ නාවික හමුදා විසිර යෑමකදි භටයන් සහ තම පවුල් වල සාමාජිකයින් සිටින නැවක් පුපුරා යනවා එහි සිටින මිනිසුන් 543 ද සමඟ. ATF පරීක්ෂක ඩග් ක’ලින් සොයා ගන්නවා පිපිරීමට පැය 2කට කලින් ගං ඉවුරට ගොඩගැසූ මළසිරුරක් ගැන. මේ ගැන සොයාබලන ඔහුට එම සිදුවීම එකම අපරාධකරු විසින්ම කර ඇති බව සැක කරනවා. ඒ සමඟම නිවාඩුවක් සඳහා පිටත් වූ තම සහයකයා මෙම නැවේ සිට මිය යාමත් අභිරහසක් බවට පත් වෙනවා. මෙම විස්තර එම පිපිරුම ගැන පරීක්ෂා කරන FBI කණ්ඩායමට භාර දෙනවිට ඔවුන් ඔහුට ආරාධනා කරනවා මෙම පරීක්ෂනයට ඔහු හා සමඟ එක් වන ලෙස. ඔවුන් ඒ සඳහා යොදා ගන්නේ තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින කාල කවුළුවක්. මෙතන ඉඳලා කතාව ටිකක් අමුතු විධියට තමයි ගලාගෙන යන්නේ.. ඇත්තටම ඔයාලට මේ ලිපිය කියෙව්වම තේරෙනව ඇති මේක එළම ෆිල්ම් එකක් කියල..ඒ බවට සැකයක් තියෙනව නම් ඒකත් නැති කරගන්න..මොකද මේක IMBD වලත් 7.1/10ක් ලබාගත් චිත්‍රපටයක්.. කතාව ගැන ඇති. මෙන්න පම්පෝරිය. මම මේකට සිංහල උපසිරැසි ලිව්වා. ලොකු කමකට කිව්වා නෙවෙයි මම ඇත්තටම කැමතියි ඕගොල්ලන්ගේ අදහස් දැන ගන්න. වැඩේ කොහොමද කියලා. මේක මම තනියම කල නිසා වැරදි ගොඩක් ඇති.. වැරදි පෙන්නලා දෙන්න. ඒක මම උදව්වක් කරගන්නම් ඊලඟ එක මීට වඩා හොඳට කරන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

136 comments

  1. chamila

    මේක මම බාන්න දානවා. උපසිරැසි එක බෑවා එකේ සමහර උපසිරැසි අයින් කරලා තියෙනවා වගෙයි මට පෙන්නේ. කොහොම වුණත් හැම ලයින් එකක්ම සිංහලට හරවන්න අමාරුයි කියලා මේ වැඩේ කරන්න උත්සහා කරපු මමත් දන්නවා. කොහොම වුණත් තනියෙන් කරපු මේ වැඩේට මේක බලන්න කලින්ම මම සුබ පතනවා....වැඩක් කරන්න ගත්තම තමයි වැරදි වෙන්නේ ඒ නිසා මේකේ වැරදි ගැන හිතන්න එපා. ඊ ළඟ වැඩේ එළට දෙන්න.....

  2. chamila

    මේක මම බාන්න දානවා. උපසිරැසි එක බෑවා. ඒකේ සමහර ලයින් අයින් කරලා තියෙනවා වගේයි මට පෙන්නේ. කොහොම වුණත් හැම ලයින් එකක්ම සිංහලට හරවන්න අමාරුයි කියලා මේ වැඩේ කරන්න උත්සහ කරපු මමත් දන්නවා... කොහොම වුණත් මේක බලන්න කලින් මම ඔයාට සුබ පතනවා. වැඩක් කරන්න ගත්තහමයි වැරදි වෙන්නේ ඒ නිසා මේකේ වැරදි ගැන එච්චර හිතන්න එපා. ඊ ළඟ වැඩේ එළට දෙන්න...

  3. පොතේ ගුරා

    @chamila ! හැම ලයින් එකම සිංහලට හැරෙව්වොත් කියවගන්න වෙලාව මදි වෙනව මචන්..ඒ නිසා බොහොම සුළු තැන් ටිකකදි විත‍රක් ලයින් දෙකක් එකක් ලෙස සකස් ක‍රල ඇති..බොහොම ස්තූතියි මචන් අදහස් දැක්වීම ගැන,රොයිලි සහෝද‍රයට ඒක ගොඩක් වටිනව..

  4. charitha

    මගේ සුභ පැතුම් පිලිගන්න. මමත් මේක බනවා. බලලා ඉවර වෙලා තව comments දාන්නම්.

  5. Dewage55

    mamath banda damma, sub title ekata nam godak thanks, adu padu passe hada ganda puluwan. passe thawa comments dannam. balala.

  6. sana

    i have a prob, im using VLC, although its playing subs not showing sinhala (only showing ????)donno why -i have sinhala unicode.

  7. chinthaka

    hodai dload karalama balmuko!

  8. Anonymous

    niyamayine

  9. charitha

    ඔන්න මම film එකත් බාලා ඉවර උණා. උඩින් පල්ලෙන් බැලුවා. වැඩේ නම් එළම තමා. දිගටම මෙ විදියට කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. අපිත් පුලුවන් help එකක් දෙන්නම්. පොඩි පොඩි අඩුපඩු ඇති. (සම්පූර්ණයෙන්ම බැලුවෙ නැති නිසා හරියටම කියන්න අමරුයි. ගෙදර ගිහින් බලලා ආපහු comments දාන්නම්.) අඩු පඩු මගහැරගෙන ඉදිරියටම යන්න ධෛර්්‍යය ශක්තිය ලැබේවා කිය ප්‍රාර්ථනා කරනවා.

  10. රොයිලි

    @ chamila

    ස්තූතියි මචං සුබපැතුමට.

    ඇත්තටම මම මචං කතාකරන ඔක්කොම වගේ මම පරිවර්තනය කලා.
    මම අයින් කලේ පසුබිම් ශබ්ද ගැන තිබුනු ඒවා පමණයි. උදා. වෙඩි තියෙන තැන්වල (Firing) වගේ වැටෙන්න තිබුනු ඒවා අයින් කලා.

    එකම එක තැනක විතරක් කාල කවුළුව තුල වෙච්ච කතා බහ අයින් කලා මොකද ඒකෙන් ඒ වෙලාවෙදි ප්‍රධාන කතාබහ හා මිශ්‍ර වෙන කොට පැටලිලි සහගත තත්වයක් ඇතිවෙයි කියලා හිතපු නිසා. english එක කියවද්දිත් ඒක මට උනා. මගේ වැරද්දක්ද දන්නේ නැහැ. :D

    ඒත් අඩුපාඩුත් ඇති.නැත්තේ නැහැ. මම පොඩි ආරාධනාවකුත් කරන්නම්.
    නිදහස් වෙලාවක් හොයා ගන්න පුලුවන්නම් කට්ටිය සෙට් වෙලා එකක් කරන්න උත්සහ කරමු. මොකද කට්ටිය ඉන්නවනම් ඉක්මනට ෆිල්ම් එකක් ඉවර කලහැකි.

    @ charitha

    ස්තූතියි මචං සුබපැතුමට.

    බලලම කියන්නකෝ කොහොමද කියලා. ඉස්සෙල්ලා ආරාධනාවම මම ඔයාටත් කරන්නම්.

    නිදහස් වෙලාවක් හොයා ගන්න පුලුවන්නම් කට්ටිය සෙට් වෙලා එකක් කරන්න උත්සහ කරමු. මොකද කට්ටිය ඉන්නවනම් ඉක්මනට ෆිල්ම් එකක් ඉවර කලහැකි

    @ Dewage55

    ස්තූතියි මචං. බලලම කියන්නකෝ කොහොමද කියලා....

    @ sana

    vlc එකනම් අලයක් තමයි මචං. Jet audio එක හරි windows media player එක හරි ට්‍රයි කරලා බලහන් මචං.

    @ chinthaka

    ස්තූතියි මචං. බලලම කියන්නකෝ කොහොමද කියලා...........

    @ නිර්නාමික

    ස්තූතියි මචං. බලලම කියන්නකෝ කොහොමද කියලා...........

  11. tissa

    Elakiri wede nam. mama files dekama baagaththa. den balannai yanne.

  12. kasunsurendra

    ela machan uba me karana wade.....
    digatama karagena yanna wish karanava...

  13. රොයිලි

    අෆොයි මට අමතක උනානේ. මේ වැඩේ මගේ ඔලුවට දාපු පොතේ ගුරා සහෝදරයට ස්‍තූති කරන්න. සමාවෙන්න ඕනා. :D

  14. namal

    එල ෆිල්ම් එක..මුලදි පොඩ්ඩක් තෙරෙන්නේ නැ වගේ යනවා..ඒ වුනාට එල...

  15. Dewage55

    film eka nam baluwa, ela.. sinhala sub title ekath hondata karala thiyenawa,apita fonts wenas karanda barida machan,kohoma unath mama suba pathanawa.

  16. zoniczz

    මචන් මම මෙ ෆිල්ම් එකනම් කොහෙ හරි බලලා තියෙනවා....අව්ලක් නෑ අයෙ පාරක් බලමු....මොනා උනත් ඔන්න මගෙනුත් රොයිලි සහෝදරයට සුබපැතුම්!! :D

  17. AkilaDJ

    සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් උප සිරැසි හදන්න පුලුවන් ක්‍රම මොනවද?
    කොහොමද ඒ වැඩේ ක‍රන්නෙ?
    පහසු විධි මොනවද?

  18. රොයිලි

    @ Dewage55

    ස්තූතියි මචං. ඇත්තටම ඕක normal යුනිකෝඩ් එකෙන් ටයිප් කලේ. ඇත්තටම පොතේ ගුරෝ මේ style ඇරෙන්න වෙනත් ඒවා යුනිකෝඩ් වල නැද්ද? මමත් ඕක අහන්නමයි උන්නේ.

    @ zoniczz

    ස්තූතියි මචං. බලලම කියහන් කෝ. වැරදි එහෙම පෙන්නලා දෙන්න සතුටින් බාර ගන්නවා

    @ AkilaDJ

    මචං ඒක ගැන හොඳ විස්තරයක් මේ සයිට් එකේම තියෙනවා පොතේ ගුරා සහෝදරයා ලියපු. කියවලා බලන්න.

  19. gani01

    Machan Subtitle ekka film aka balanna hoda Player akak keyapan machan.

  20. පොතේ ගුරා

    @Uraj! සිංහල සබ්ටයිට්ල් දුන්නම අහනව ඉංග‍්රීසි ඒව ගැන.. www.subtitlesource.org තමයි මචන් හොද.. :D

    @රොයිලි ! වෙන ඒව නම් නෑ මචන් මම දන්න ත‍රමින්..විජේසේක‍්ර විදියට ගියොත් නම් වැඩ ගොඩක් දාන්න පුලුවන්..ඒත් ඒක ක‍රද‍රයි..

    @gani01! Jet audio තමයි මචන් හොද..ෂෝට් කට් කීස් එහෙම ගොඩක් තියෙන නිසා මම නම් ඒක තමයි ඕන කෙනෙක්ට නිර්දේෂ ක‍රන්නෙ..

  21. chamila

    මචං බයිස්කොප් එක බැලුවා. සිංහල උපසිරැසි නිසා කථාව හොදට තේරුණා. "ඕනා" කියන වචනේ ටිකක් මට නුහුරුයි වගේ දැනුනා. පොඩි තැන් කිපයක වචන හරියට ගැලපෙන්නේ නැ වගෙත් දැනුනා. වේගයෙන් කියවන නිසා ඒක ඇත්තටම තෙරෙන්නේ නැහැ. කොහොම වුණත් මන් මේකට ලකුණු 10 න් 9.99 ක්ම දෙනවා (10 දෙන්න හොඳ නැනේ)ආයිත් මන් මේ වැඩේට සුබ පතනවා. අකමැත්තක් නැත්නම් මන් කැමතියි මචං උඹව පුද්ගලිකව අදුර ගන්න

  22. sana

    Thanx macho- film eka baluwa- godaak pin
    mage nam subtitle wada kare nil paatin (settings wala awulak da danne naa)
    nilpaata hithalama daanna nathuwa athi kiyala hithanawa- pahadili madi

  23. පොතේ ගුරා

    @chamila !එළ කිරි මචෝ..රොයිලි සහෝද‍්රය කොහොම තනියම මේක කළාද මන්ද..මම එපා කියද්දි පොර මේක කළේ..හවස් වෙලා බුවා ඔන්ලයින් එයි..ආවම සෙට් වෙන්නකො.. :)

    @sana !නෑ මචෝ නිල් පාට දාල නම් නෑ..සෙටින්ග්ස් වලින් හදල බලපන්..මේකෙ සම්පූර්ණ ගෞරවය අයිති අපේ රොයිලි සහෝද‍රයට.. :)

  24. දුකා

    සමාවෙන්න ඕන අදහස් ප්රසකාශ ප්රතමාදවීම ගැන . . .
    පහුගිය දවස් දෙකේම ගෙදර නොහිටිය නිසා තමයි ඉතින් . . .

    මුලින්ම මගේ හදපිරි සුභපැතුම් පිලිගන්වන්න ඕන ඔබ දෙදෙනාටම . . . මොකද ඉතා කෙටි කලක් තුල බලාපොරොත්තු වූ අකාරයට මේ උපසිරසි වැඩේ සාර්ථකව එලිදක්වන්න ලැබීම ගැන . . .

    වැඩේ සාර්ථකත්ව ඉටුවුනා කියන එක ගැන ගැන ලැබිල තියෙන කමෙන්ට්ස් වලින් සාක්ෂි දරනවා මම හිතන්නෙ . . .

    එළ එළ ඔහොම යන් ඔහොම යන් . . . .

    ඉදිරි ගමනත් මෙලෙසින් සාර්ථක වේවායි පතනවා . . . !

  25. දුකා

    මේ ෆිල්ම් එකේ ඩීවීඩී එකත් මගේ ලග තියෙනවා මොකද මෙකේ ප්‍රධාන නලුවා වූ "ඩෙන්සිල් වොශිOටන්" මගේ ප්‍රියතම නලුවන්ගේන් කෙනෙක් . .
    එත් මොකද්දෝ හේතුවකට මට මේක කලින් බලන්න ලැබුනේ නැහැ . . . "
    රොයිලි සහෝදරයාට සහ පොතේගුරා සහෝදරයාට සුභපතන්න අවස්තාවක් ලබාදීමටම වෙන්න ඇති
    ඉක්මනට උපසිරසිත් එක්කම ෆිල්ම් එක බාගෙන මැක්සා වින්දනයක් ලබාගන්න ඕන. . .
    ආයේ පාරක් කියන්න තියෙන්න තැන්කූ වෙන්න ඕන ඉතින් . . .

  26. අකිල

    එළකිරි සිංහල උපසිරැසි වැඩේ නම් නියමයි.

  27. පොතේ ගුරා

    @දුකා !එළ කිරි කිව්ව..බලල කියන්නකො ෆිල්ම් එකයි උපසිරැසයි කොහොමද කියල..ෆිල්ම් එකත් එළම එළ!

    @අකිල ! ස්තූතියි මචෝ.. :)

  28. rotiya

    මචන් පට්ට..දිගටම සිOහල උපසිරෑසි දාන්න..
    නියම වෑඩක්..

  29. රොයිලි

    ඇත්තටම වැඩේ නැගලා ගිහින් වගේ. ගොඩක් ස්තූතියි. ඇත්තටම දිරි ගන්වන සුලුයි.

    ඉක්මනින්ම තව ෆිල්ම් එකක් උපසිරැසි සමඟ ගෙන එන්නම්.

    මගෙනම් බලාපොරොත්තුව මේ සයිට් එකේ දාන හැම ෆිල්ම් එකකටම උපසිරැසි දාල දෙන්න පුලුවන් තත්වයකට ඉක්මනින්ම ගන්න.

    හැබැයි ඉතින් ඒකට හැමෝගෙම උදව්ව ඕනා වෙනවා.

    මේක හිතන තරම්ම අමාරු දෙයක් නෙවෙයි. යුනිකෝඩ් ටයිපින් ස්පීඩ් එක තියෙනවනම්. උත්සහ කරලා බලමු කට්ටිය එකතු වෙලා.

    හැමෝටම ස්තූතියි කිව්වා එහෙනම්.

  30. උදාර

    රොයිලි ස‍හෝදරයා.... මගේ උණු උණුසුම් සුභපැතුම් මචෝ... උඹ මේ වැඩේ තනියම කරපු නිසා අපිටත් දැන් කරන්න හිතෙනවා... මාත් පුළුවන් තරම් ඉක්මනින් සම්පූර්ණ බයිස්කෝප් එකක් සිංහල උපසිරැසි සහිතව දාන්නම්.. මේ දවස් වල බිසී නිසා කිසි වැඩක් කරගන්න නෑ... ඔයාගේ මේකේ අඩුපාඩු බලන්නවත් වේලාවක් නෑ.. පුළුවන් තරම් ඉක්මනින් බලලා මගේ කමෙන්ට්ස් දෙන්නම්... අපේ පොතේගුරාටත් ස්තූති කරනවා මේ වැඩේට දෙන සප් එකට...

    ජයෙන් ජය...

  31. රොයිලි

    @ උදාර

    ස්තූතියි මචං සුබපැතුමට. එල එල හදිස්සියක් නැහැ. හෙමීට කරමු.

    පොතේ ගුරා නම් නියම සප් එකක් දෙනවා ඇත්තටම.

  32. පොතේ ගුරා

    @rotiya !අපේ රොයිලි ස හෝද‍්රය ලොකු කැප‍වීමක් ක‍්රනව මචෝ ඒකට..
    @උදාර !මේ වැඩේ ගෞරවය සම්පූර්ණෙන් රොයිලි ස හෝද‍්රය සතුයි මචන්..මම එපා කියද්දි එතුමා මේක තනීයම කලේ..
    @රොයිලි ! ;) මේක නම පැහැදිලිවම කින්ඩිය දැමීමක්,මම මෙලෝ සප් ඒක් දුන්නෙ නෑ,හික්z!

  33. Kesara

    වැඩේ නියමයි. අපේ චරිත මටත් එක්කම film එක බාලා තිබ්බා. වැරැද්දක් නම් පේන්න තිබ්බෙ නෑ. සුභ පැතුම් !

  34. Charitha

    ඔන්න මම film එක් බැලුව ඊයෙ රෑ. film එක නම් එළ. subtitle වලත් කියන්න තරම් වරදක් දැක්කෙ නැහැ. සමස්තයක් විදියට ගත්තහම වැඩේ සාර්ථකයි. මගේ සුභ පැතුම් !

  35. රොයිලි

    @ පොතේ ගුරා

    නැහැ නැහැ මචං මම කිව්වේ මම ලිපි පලකරන දා ඉඳන්ම උඹ පුදුම සප් එකක් දුන්නේ හැම වෙලාවෙම.

  36. රොයිලි

    @ Kesara

    ස්තූතියි මචං සුභපැතුමට. මම ඉදිරියට කරන ඒවත් බලලම කියන්න කොහොමද කියලා

  37. රොයිලි

    @ Charitha

    ස්තූතියි මචං. අපි සෙට් වෙලා එකක් කරමු මචං මොකෝ කියන්නේ?

  38. මම මචන්

    <<<<>>>>>

    මමත් ෆිල්ම් එක ඊයෙ රෑ බැලුවා. නියම පාරක් ආ....
    සිංහල උපසිරසි ගැන කියනවනම් මැක්ෂා වැඩක්... නියමෙට වැඩේ කරලා තියෙනවා වෘත්තීය මට්ටමක තියනවා කියන්න පුළුවනි! ඒ සම්බන්ධයෙන් කටයුතු කල රොයලිට මගේ ප්‍රණාමය සහ සුභ පැතුම්!

  39. මම මචන්

    *ලෝකෙ තියෙන වටිනාම දේ කාට හරි කියන්න වෙනවනම් ඒක පිළිගන්නැහැ කියලා දැන දැනම!

    Maxa work Keep it up!

  40. පොතේ ගුරා

    @Royly! :D

    @මම මචන් ! අනිවා මච්න්..ෆිල්ම් එකත් එළ උපසිරැසත් එළ..රොයිලි සහෝද‍රයම තමයි මේ ෆිල්ම් එකත් තෝරගත්තෙ..

  41. rotiya

    @පොතේ ගුරා :කෑපවීමෙන් කරන වෑඩේ තමයි මචන් වටිනා කමක් තියෙන්නේ හුගක් ම..
    තව හුගක් දෙනා අගය කරන්නෙත් කෑපවීමෙන් කරන දේ....
    මO සුබ පතනව මේ වෑඩේට...........

  42. රොයිලි

    @මම මචන්

    ස්තූතියි සුභපැතුමට. තවත් එකක් ඉක්මනටම දෙන්නම් :D

  43. රොයිලි

    @ පොතේ ගුරා

    මොකෝ උඹ සිරික්කිය දැම්මේ????

  44. සරදියල්

    @ Royili & BookMaster (පොතේ ගුරා) ;)

    මට ෆිල්ම් 1 නම් බලන්න බැරි උනා කොල්ලනේ. මොනව වුනත් උබලා දෙන්නා නියම වැඩක් කරල තියෙන්නෙ.
    ජය වේවා

  45. රොයිලි

    @ සරදියෙල්

    ස්තූතියි කිව්වා මචං. බලලම කියන්නකෝ වැඩේ කොහොමද කියලා.

  46. ගාල්ලේ බඩා

    මෙක මම බලල තියනව ඒ උනාට ඩෙන් අයෙත් බලන්න හදන්නෙ . සි0හල උපසිරසි එක්ක

    බොහොම ස්තුතියි රොයිලි සහොදරයටත් - පොතෙ ගුරාටත්

  47. රොයිලි

    @ ගාල්ලේ බඩා

    ස්තූතියි මචං. බලලම කියන්නකෝ..

  48. පොතේ ගුරා

    @rotiya !තෑන්ක්ස් මචෝ..මේකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන අපේ රොයිලි සහෝදරයට..
    @රොයිලි ! :D
    @සරදියල් !තැන්කූ ලොකු උන්නැහේ..ෆිල්ම් එකත් බලන්න..එළ!
    @ගාල්ලේ බඩා !එළ මචෝ..

  49. lawa lawaris

    ela ela

    hoda wadak balala iwara wela comments dannamko

  50. Anonymous

    macho ela wade hoda ohoman yan

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.