Watch Trailer

Parallel Lines (2021) AKA Kayamai Kadakka Sinhala Subtitles | පිරිසිදුකම පටන් ගන්නෙ ගෙදරින්. [සිංහල උපසිරසි]

සන්තෝෂ් ස්ත්‍රී දූෂණ වලට එරෙහිව සමාජ මාධ්‍යවල හඬ නඟන තරුණයෙක්. සමාජ මාධ්‍යය ඔස්සේ සන්තෝෂ්ව හඳුනා ගන්නා සන්තෝෂ් නම් පුද්ගලයෙක් ඔහුව හමු වීමට ආරාධනා කරනවා. ඒ පුද්ගලයාද දඬුවම් නොලැබ නිදහසේ සැරිසරන ස්ත්‍රී දූෂකයින්ට දඬුවම් ලබා දීමට වෙහෙසෙන අයෙක්. සන්තෝෂ්ගෙ(1) අදහස වුණේ ස්ත්‍රී දූෂකයින්ව ගිනි තබා අමු අම…

සන්තෝෂ් ස්ත්‍රී දූෂණ වලට එරෙහිව සමාජ මාධ්‍යවල හඬ නඟන තරුණයෙක්. සමාජ මාධ්‍යය ඔස්සේ සන්තෝෂ්ව හඳුනා ගන්නා සන්තෝෂ් නම් පුද්ගලයෙක් ඔහුව හමු වීමට ආරාධනා කරනවා. ඒ පුද්ගලයාද දඬුවම් නොලැබ නිදහසේ සැරිසරන ස්ත්‍රී දූෂකයින්ට දඬුවම් ලබා දීමට වෙහෙසෙන අයෙක්. සන්තෝෂ්ගෙ(1) අදහස වුණේ ස්ත්‍රී දූෂකයින්ව ගිනි තබා අමු අමුවේ පුච්චා දැමීමයි. සන්තෝෂ්(2), සන්තෝෂ්වත්(1) එක්කරගෙන තැනකට යනවා. කාර් එකෙන් පිටතට යන සන්තෝෂ්(2) තවත් පුද්ගලයෙක් එක්ක කාර් එක ලඟට එනවා. කාර් එක ඇතුලෙ හිටිය සන්තෝෂ්(1) පිටුපසින් ඇසුන වෙඩි හඬින් මහත් බියකට පත් වෙනවා. සන්තෝෂ්(2) ඔහුත් සමඟ ආ පුද්ගලයාට වෙඩි තබා මරා දමා, කර් ඩිකිය ඇතුලට දමා ගන්නවා. මින් සන්තෝෂ්(1) මහත් බියකට පත් වෙනවා. සන්තෝෂ්(1), සන්තෝෂ්ගෙන්(2) ගැලවිලා යන්න උත්සාහ කලත් තර්ජනය කර ඔහුව කාර් එක ඇතුලට නග්ගවා ගනු ලබනවා. සන්තෝෂ්(2) මරා දැමූ පුද්ගලයා දඬුවම් නොලැබූ ස්ත්‍රී දූෂකයෙක් බව ඔහුට පැහැදිලි කරලා දෙනවා.

හිතට ආව කේන්තියට, මේ ස්ත්‍රී දූෂකයින් මරලා දාන්න ඕනේ කිව්වත් සන්තෝෂ්(1) ඇත්තටම එහෙම අදහස් කලේ නැහැ. තමන් පිස්සෙක්ට අහුවුණා කියලා සන්තෝෂ්ට හිතන්න වුණා. සන්තෝෂ්(2) කාර් එකට නග්ගවා ගත්තා ඇරෙන්න, කිසිම බල කිරීමක් කලේ නැහැ. ටික දුරක් යද්දි සන්තෝෂ්ගේ(2) හැසිරීම වෙනස් වෙන්න ගත්තා. සන්තෝෂ්(2) කාර්තික් කියන අලුත් නමකින් තමන්ව සන්තෝෂ්ට(1) හඳුන්වා දුන්නා. තමන්ගේ ඇඟ ඇතුලෙ ඉන්න සන්තෝෂ්(2) කියන අනෙක් පුද්ගලයා මේ වෙනකොට මිනීමැරුම් 6ක් කරලා තියෙනවා කියලා කාර්තික් හෙලි කරනවා. කාර්තික් සන්තෝෂ්ට(1) පැනලා යන්න උදවු කරන්න ලැහැස්ති වෙනවා. කාර්තික් මළ සිරුර පොලිසියට බාර දී, තමන්ද බාර වෙන්න ලැහැස්ති වුණා. ඒත් පොලිස් ස්ථානය ඉදිරිපිටදි ම ආයෙමත් කාර්තික්, සන්තෝෂ්(2) විදිහට මාරු වුණා. පොලිස් ස්ථානයෙන් පිටවුණ සන්තෝෂ්(2) මළ සිරුර විනාශ කර දමන්න පුළුවන් තැනක් හොයාගෙන යන්න වුණා.

රඟපෑමක්ද, මානසික රෝගයක්ද කියලා හිතාගන්න බැරිව බයවෙලා ඉන්න සන්තෝෂ්(1) නිහඬව සිද්ද වෙන දේවල් බලාගෙන ඉන්නවා. රටේ ස්ත්‍රී දූෂණ ඉහල යද්දී, දූෂකයින් නිදහසේ සැරිසරද්දි, සන්තෝෂ්(2) කරන දේ සාධාරණයි කියලා සන්තෝෂ්ට(1) හිතෙන්න ගත්තා. සන්තෝෂ්(1) එයාට උදවු කරන්න හිතා ගත්තා. මළ සිරුර කාර් ඩිකියෙන් එලියට අරගනිද්දී නොහිතූ විදිහට ආයෙමත් කාර්තික් එලියට එනවා. කාර්තික් ආයෙත් මළ සිරුර පොලිසියට බාර දෙන්න පොලිස් ස්ථානය බලා පිටත් වෙනවා. ගමන යන මගදීම ආයෙමත් සන්තෝෂ්(2) උඩට ඇවිත් කාර් එක හරවා ගන්නවා. තැනක් හොයාගෙන මළ සිරුර පුළුස්සා දමන්න සූදානම් වෙද්දීම පොලිස් නිලධාරියෙක් එම ස්ථානයට පැමිණෙනවා. බඩු පිටින්ම මාට්ටු වුණ සන්තෝෂ්ට(1) මොනවා සිද්ද වේවිද? සන්තෝෂ්(2) කරන්නේ රඟපෑමක්ද?

ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙහි අධ්‍යක්ෂණය, රචනය, නිෂ්පාදනය කිරන් ආර්. විසිනි. කිරන් ඉමහත් ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂක මනි රත්නම්ගේ සහයකයෙක් විදිහට කටයුතු කරපු අයෙක්. 5කට සීමා කල කණ්ඩායමක් සමඟින් ගරිල්ලා චිත්‍රපටි නිෂ්පාදන තාක්ෂණය යටතේ මෙම චිත්‍රපටය නිර්මාණය කරන ලදි. වස්තාන් එම්. නටරාජන්, මසන්ත් නටරාජන්, නාගරාජන් කන්නන් යන නවක නළුවන් මෙහි රංගනයෙන් දායක වනවා.

2020 වර්ෂයේ කැනඩාවේ, මොසෙයික් අන්තර්ජාතික දකුණු ආසියා චිත්‍රපට උළෙලේදී ප්‍රථමයෙන් ප්‍රදර්ශනය කරනු ලැබුවා. මෙම චිත්‍රපටය එහිදී ජූරියේ විශේෂ සම්මාන කිහිපයක්ම හිමිකර ගන්නා ලදි. ඉන් පසුව 2021 වර්ෂයේදි, නිව් යෝර්ක් ඉන්දියානු චිත්‍රපට උළෙල, මෙල්බර්න් ඉන්දියානු චිත්‍රපට උළෙල, චෙන්නායි ස්වාධීන චිත්‍රපට උළෙල, බොස්ටන් කැලඩෝස්කෝප් ඉන්දියානු චිත්‍රපට උළෙල යනාදී උළෙලවල් වලදී තිරගත වනු ලැබීය. මෙහි TOI විචාරක අගය 3.5ක් සහ මේ වන විට Imdb අගය 8.6ක්.

වෙනදා වගේම අදහස් දක්වන හැමෝටමත් ස්තූතිය පුද කරනවා. ආයෙත් ඉක්මනින්ම උපසිරැසියකින් හමු වෙමු. සියලු දෙනාටම ස්තූතියි!

බුදු සරණයි! ජේසු පිහිටයි! දෙවි රැකවරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත සඳහා අදාළ වේ.

2,246 downloadsDownload Parallel-Lines-2021-AKA-Kayamai-Kadakka.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

2,246 downloadsDownload Subtitles30 KB

17 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Maniya

    aadavallu meeku johaarlu මේකට සබ් එකක් දෙනවද අයියේ rashmikage අලුත් movie එක ❤️

    1. Naveen Mbr

      ඒක තාම හෝල් එකේ යන්නෙ බන්.

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    Thanks for sub

  5. Samith

    Thanks brother

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. indika 75

    thanks..

  8. Anonymous

    Ayye thama ai bicecopedownlords eka wada karanne naththe,

  9. Janith

    Ayye thama ai bicecopedownlords eka wada karanne naththe,

    1. Naveen Mbr

      නඩත්තු වැඩක් කෙරෙනවා සයිට් එකේ. ඒකයි. තව ටික දවසකින් හරියාවි. මේ ටිකේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න Tamilyogi, Movierulz සයිට් වලට යන්න. ටොරෙන්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නම් 1tamilmv, tamilblasters සයිට් වලට යන්න. ස්තූතියි!

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Anonymous

    බුදු සරණයි

  13. Malith samarawickrama

    Thanks bn sub ekata

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P